IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සාරංග කියන්නේ බොහොම විනෝදකාමී චරිතයක්

2016-12-29-ent-99

මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින්ම ලැබෙන නාට්‍යයක් තමා හිරු TV හි විකාශය වන වස්සාන ප්‍රේමය. වස්සාන ප්‍රේමය කොයි තරම් නම් ජනප්‍රියද ඒ තරම්ම ආදිත්‍ය සහ අස්තා ජනප්‍රියයි. අස්තා ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ශලනි තාරකා. අපේ රටේ ඉන්න තාරැණ්‍යය නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් 2017 මේ නව වසරේ මුලින්ම Hit Couple විශේෂාංගයට සම්බන්ධ කරගත්තේ අස්තා එහෙමත් නැත්නම් ශලනි.

 

Chat With Shalani

 

1. වස්සාන ප්‍රේමයට ලැබෙන ප්‍රතිචාර?

2016-12-29-ent-101ප්‍රතිචාරනම් ගොඩක් හොඳයි. මොකද ෙම් නාට්‍ය අවුරැදු එකහමාරක කාලයක සිට විකාශය වෙනවා. ප්‍රේක්ෂකයින් දැන් මේ කතාව එයාලගෙම කතාවක් කරගෙන තියෙනවා.

 

2. හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා?

මෙහෙමයි පටන් ගනිද්දී නම් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ප්‍රේක්ෂක අවධානය ගන්න පුළුවන් නිර්මාණයක් කියලා නම් අපි දැනගෙන හිටියා.

 

3. වැඩිම ප්‍රතිචාර ආදිත්‍යටද? අස්තාටද,

හ්ම්ම්... ඒක එහෙම කියන්න බැහැ

 

4. ඇයි ඒ?

සමහරැ ආදිත්‍යට රඟපාන සාරංගට කැමතියි. තව සමහර අය අස්තාගේ තියෙන අහිංසකකමට කැමතියි. ඒ නිසා මට කියන්න බැහැ ආදිත්‍යටද අස්තාටද වැඩි ප්‍රතිචාර කියන එක. නමුත් මුල් කාලේ ගත්තොත් අස්තාට වැඩි ප්‍රතිචාරයක් තිබ්බා. මොකද ආදිත්‍ය මුලදී දඩබ්බර චරිතයක් නිසා. දැන් ආදිත්‍ය වෙනස් වෙලා. ඒ නිසා සමබර ප්‍රතිචාරයක් තියෙනවා.

 

5. අස්තාගේ චරිතය මතු වෙන්න ආදිත්‍යගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. හැමදේම සාකච්ඡා කරලා චරිතයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ සහයෝගය නිසා.

 

6. දර්ශන තලය තුළ විවේකයක් ලැබුණාම මොනවද ආදිත්‍ය කරන්නේ?

සාරංග කියන්නේ බොහොම විනෝදකාමී චරිතයක්. විවේකයක් ලැබුණාම ගොඩක් වෙලාවට සාරංග කාව හරි බයිට් කරනවා. එහෙම නැත්නම් විහිළු කතාවක් කියනවා. එහෙමත් නැත්නම් නිදා ගන්නවා.

 

7. ශලනි සාරංගව දකින්නේ කොහොමද?

මම දකින්නේ ඉතාමත් දක්ෂ, ඒ වගේම මේ කලා ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන නිහතමානී රංගන ශිල්පියෙක් විදිහට

 

8. සාරංගගේ දකින හොඳ ගති ගුණ?

යාළුවෙක් විදියට ගත්තම මම දකින ඔහුගේ හොඳම ගුණාංගය තමා සාමූහිකව වැඩ කිරීමේ හැකියාව

 

9. සාරංගගේ වෙනස් විය යුතුයි කියලා හිතෙන දේවල්?

එහෙම වෙනස් විය යුතු කියන්න තරම් දෙයක් නම් නැහැ. හැබැයි එයා ඕනේ එකයි එපා එකයි හැමදේම විහිළුවට ගන්න අවස්ථා තියෙනවා. ඒ දේ පොඩ්ඩක් වෙනස් වුණොත් හොඳයි කියලත් හිතෙනවා. හැබැයි වෙලාවකට ඒකත් හොඳයි, මොකද එයා එහෙම ඉන්නේ සරල නිහතමානී කෙනෙක් නිසානේ.

 

10. වස්සාන ප්‍රේමය ගැන අද ප්‍රේක්ෂකයින්ට මොකද කියන්න තියෙන්නේ?

තව පොඩි දුරයි යන්න තියෙන්නේ අස්තාටයි ආදිත්‍යටයි. ඉතින් ඒ ටික කාලෙත් ප්‍රේක්ෂකයින්ට අපිත් එක්ක ඉන්න කියලා ‍ආරාධනා කරනවා.

 

2016-12-29-ent-100
2016-12-29-ent-102



අදහස් (0)

සාරංග කියන්නේ බොහොම විනෝදකාමී චරිතයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 73 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4929 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4138 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6714 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 939 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1658 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site