ස්විට්සර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 2,3, යන දිනයන්හිදී එම විහාරස්ථානයේදි පැවැත්වීමට යයි.
සුරිච් බෞද්ධ විහාරය ආරම්භ කැර දස වසරක් පිරීම නිමිත්තෙන් සෙනසුරාදා (2) සවස 2 සිට රාත්‍රි 11.30 දක්වා පරිත්‍රාණ ධර්ම දේශණයක් පැවැත්වෙන අතර පසුදින කඨින චීවරය ජුජා කිරීම,සම්බුද්ධ පුජාව,හා දහවල සාංඝික දානය පැවැත්වේ.
එදින සවස කඨිනානිසංස හා සුරිච් බෞද්ධ විහාරයේ අනුශාසක වල්පොල කල්‍යාණ තිස්ස විහාරාධිපති කරුවලගස්වැව අනුරුද්ධ යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පිංකම සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යාව පිළිබදව හිටපු කථිකාචාර්ය වෑතර මහින්ද ,පත්අඩුවන භික්ෂු අධ්‍යාපනාධිපති නැදැගමුවේ විජය මෛත්‍රී ,කැළණිපුර සිරි සුමේදාරාම විහාරාධිපති නැදැගමුවේ විජය මෛත්‍රී කැලණි පුර සිරි සුමේදාරාම විහාරවාසී පුබ්බලියේ මෛත්‍රී මුර්තී යන හිමිවරු ඇතුළු ඉතාලිය හා ජර්මනියේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලා 12 දෙනෙකු වැඩම කර වීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුරිච් පන්සලේ කඨිනේ සති අග
සනත් ගුනවර්දන ස්විස් Wednesday, 30 October 2013 11:26 PM
අපේ අතීත ක්‍රියා නිසා බිහිවූ පන්සල් මේවා (නි)
මොහොමඩ් Thursday, 31 October 2013 11:53 AM
2050 දී ඕකත් අපේ තමා සුනිල් ..එදාට බලා ගමු. (ස)
සුනිල් වෙරෝනා Thursday, 31 October 2013 01:30 AM
යුරෝපයේ මේ වගේ රටක අපේ ආගම ධර්මය වෙනුවෙන් මහින්සි වෙන අපේ අනුරුද්ධ හාමුදුරුවෝ අපිට ලොකු ආඩම්බරයක්. (නි)
ජයන්ත Thursday, 31 October 2013 02:56 PM
සාදු,සාදු,සාදු, සනත් අයියා ඇතුළු සැම දෙනාම කල මෙම පින්කම් නිසා අද බුද්ධ ශාසනය පවතිනවා.පන්සල් කරවීම, මෙම පින්කම් වලට සහබාගි වීම, තෙරුවන් සමගියට උදව් කිරීම නිවන් දකින මොහොත දක්වා ලැබෙනවා.එසේම සියලු දෙනාට පරලොවදී සිටින එකම නෑයා තමා කරගත් පින පමණි.(පුන්ඥානි පර ලෝකස්මින් - පතිට්ටා හොන්තු පනිනා) නමෝ බුද්ධාය. (ස)
ජයන්ත Wednesday, 30 October 2013 08:22 PM
සාදු, සාදු, සාදු නමෝ බුද්ධාය. සියළු සත්වයෝ නිදුක් වේවා! නිවන් දකිත්වා යම් අයෙකු ධර්ම දානයකට කැමති නම් පමනක් කතාකරන්න. 00393341227517(නදී)