IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සරණෙන් සුභ සරණ

වයස අවුරුදු අටේදී පියා මිය යාමත් මව අසනීප වීමත් නිසා අම්පාර උහන සරණ ළමා නිවාසයට අවුත් වසර පහළොවක් එහි හැදී වැඩුණු දැරියක වු නිරෝෂා කුමුදිනී ප්‍රනාන්දු (23)අද වැලිගම කොක්මාදුව නුවන් ප්‍රියංකර (25) සමඟ යුග දිවියට ඇතුළු වුවාය.

මංගල චාරිත්‍ර සියල්ල අනුගමනය කැරිණි.

උසස් පෙළ දක්වා උගෙන පෞද්ගලික ආයතනයක රැකියාවක්ද ලැබු ඇය තම මව සේ සළකනුයේ ප්‍රධාන පාළිකා නිල්මිණි  ජයසිංහ මහත්මියයි.

ළමා නිවාසයේ පාළක මණ්ඩලයේ සභාපති දොස්තර ලංකා තිලක ජයසිංහ  ලේකම් ආර් එම් රත්නායක,භාණ්ඩාගාරික ඩබ්ලිව්  ටී ගලේවෙල,මනෝවිද්‍යා උපදේශක වී එම් පී ආරියරත්න මහත්වරුද මඟුල් ගෙදර පැමිණ සිටි අය අතර වුහ.

 

 

 



අදහස් (0)

සරණෙන් සුභ සරණ

බංඩාර Friday, 13 December 2013 01:35 PM

මල්ලි, ඔබ දෙවියෙක් වගේ මිනිසෙක්. ඔබ බිරිදටත් .දෙවියෙක් වෙන්න. එවිට බිරිද ඔබට දේවතාවියක් වේවි. බුදුසරනයි.(නදී)

:       0       0

සනී Thursday, 12 December 2013 09:31 PM

ඇය ලස්සනයි (නි)

:       0       0

වසන්ති Thursday, 12 December 2013 09:45 PM

අහිංසක ළමයෙක්. ඇයව හොදින් බලාගන්න (නි)

:       0       0

රේණුකා Saturday, 14 December 2013 10:55 AM

කුමාරගේ අදහස ට මාත් එකග වෙනවා (අ)

:       0       0

ශාන්ති Thursday, 12 December 2013 10:32 PM

ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයකට මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ජගත් Thursday, 12 December 2013 11:22 PM

හොද කොල්ලෙක්. සුභ මංගලම්! (නි)

:       0       0

දුමින්ද Thursday, 12 December 2013 11:25 PM

ලංකාදීප, මෙන්න නියම ප්‍රවෘත්ති (නි)

:       0       0

සලීම් Thursday, 12 December 2013 11:31 PM

දෑවැදි පමණක් පතන තරුණයන්ට හොද ආදර්ශයක් (නි)

:       0       0

ටෙනිසන් Thursday, 12 December 2013 11:40 PM

ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 13 December 2013 12:08 AM

ඔබ දෙපලට සුභ අනාගතයක් වේවායි පතමි. (නි)

:       0       0

අප්පුහාමි Friday, 13 December 2013 12:09 AM

හොදට විනෝදයෙන් ඉන්න දුවේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 12:25 AM

ඔබ දෙපළට සුභ මංගලම්! (නි)

:       0       0

චින්තක Saturday, 14 December 2013 02:07 PM

ඔබ දෙපලට ජයෙන් ජයම අත්වේවා.සුබ මංගලම්(දිල්)

:       0       0

චන්දි අලුත්වල Friday, 13 December 2013 01:02 AM

ඔබ දෙපළට දිගාසිරි සමග සුබාසිරි ගෙනෙමි. සතුටින් සිනාවෙනු දුටු විට මේ දැරිය... දෙනෙතට මගෙත් උණු කදුළක් ගෙන දුනිය.. අද දින පා තැබූ නුඹලගේ නව දිවිය.. දරු දැරියන් පිරිවරා හෙට දින හිනැහෙනුය..!!! (නි)

:       0       0

කොඩිතුවක්කු-කොක්මාදුව Friday, 13 December 2013 02:56 AM

ආදරණිය විමුක්ති, ඔයාට සුභම සුභ අනාගතයකට අපේ පවුලේ සියල්ලගෙන්ම උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ශ්‍රීනා Friday, 13 December 2013 03:01 AM

සීදේවි ළමයෙක්. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

මධුෂි Thursday, 19 December 2013 04:21 PM

ඔබ දෙපලට සුභම සුභ මංගලම්! (නදී)

:       0       0

කාන්ති Friday, 13 December 2013 05:41 AM

සිරි සුභ මංගලම්! (නි)

:       0       0

කුමාරි Friday, 13 December 2013 05:46 AM

වත්පොහොසත්කම්, පවුලේ තත්ත්වය, දායාද හොයන බොහෝ තරුණයන්ට වඩා හිත හොඳ කොල්ලෙක්. ඇත්තටම මෙය දුටුවිට මගේ නෙතට කදුලක් ආවා සතුට නිසාම. ඔබ දෙපලට සුභම සුභ අනාගතයක්. (නි)

:       0       0

රසිකා Friday, 13 December 2013 06:58 AM

ඔබ දෙපලට වාසනාවන්ත ජීවිතයකට අසිරි පතනවා. ඔබට තුරුණුවන් සරණයි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 07:00 AM

කලකට පස්සේ ලස්සන දසුනක්! (නි)

:       0       0

ජ. තිසර Friday, 13 December 2013 05:21 PM

හොඳම පරිත්‍යාගශීලී රටවල් අතරින් දසවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන බව පුවත්පතක අද සඳහන් වී තිබුණි. ලෝකයේ රටවල් 135ක් අතරින් දසවැනි ස්ථානයට පැමිණීම අතිශයින්ම සතුට උපදවන්නකි. දෛනික ජීවිතයෙ බාධක නැතිවේවා‍... ජීවන ගමන නිසි අයුරින් සැකසේවා... ආදර්ශවත් ජීවිත දෙව් රැකදේවා.. . ඔබ යුග දිවිය යස ඉසුරින් වැඡඹේවා... (නි)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 07:26 AM

මමත් විවාහ වුණේ මේ මාසයේ (නි)

:       0       0

නීල් Friday, 13 December 2013 07:28 AM

ඔබ අපිට ආඩම්බරයක්.ඔබ දෙපලට සුභ මංගලම්! (නි)

:       0       0

උපාලි Friday, 13 December 2013 07:39 AM

ඇස්වහක් කටවහක් නොවන්න, සිරියාවන්ත මනමාලියක්. ගෙදරකට මිණි පහනක් වගේම තමා. (නි)

:       0       0

රකිත් Friday, 13 December 2013 07:43 AM

තුන් සරණේ සරණයි... හැදු වැඩු දෙමාපියන් සරණයි.... යුවතිපති හට සතරවරම් දෙවි,සරණයි රැකවරණයි.. (නි)

:       0       0

මොහාන් Sunday, 15 December 2013 04:02 PM

සංසාර පතා යන ගමන .සුබ අනාගතයක් ' (අ)

:       0       0

සාරසී Friday, 13 December 2013 08:02 AM

අහන්නත් ආශා හිතෙන දෙයක්. පුතා, ඔබ හොඳ කෙනෙක්. මෙම දියණිය හොඳින් රැකගන්න. සුබ අනාගතයක් වේවා ඔබ දෙපලට. (නි)

:       0       0

ග්‍රේෂන් Friday, 13 December 2013 08:18 AM

නැගණිය, ඔබට සුබ අනාගතයක්. (නි)

:       0       0

කොක්මාදුව Friday, 13 December 2013 08:18 AM

ජය මංගලම්..සුබ මංගලම් ....යුග ජිවිතේ වසනා.. ඔබ අපිට අාඩම්බරයක්,ගමට වාසනාවක්,රටට ආදර්ශයක්. දිව රෑ නොබලා තරාතිරම නොබලා සැමට උදව් උපකාර කරන ඔබට සුභ මංගලම්! (නි)

:       0       0

චානක Friday, 13 December 2013 08:39 AM

අද වගේම සැමදාම එකටම ඉන්න ඔබ දෙපලට සුභ මංගලම් ! (නි)

:       0       0

සැමුවෙල් Friday, 13 December 2013 08:42 AM

පතාගෙන ඇවිත් එක්වී ඇතිය සිතේ... ඉතා වටින මැණිකක් දැන් ඔබට ඇතේ... සිතා කොහෙන් එය මැවුනිද ඉසුරු කෙතේ.... පතා නිවන් මවුවරුනට වඳිනු පුතේ... (නි)

:       0       0

දර්ශන Friday, 13 December 2013 08:43 AM

අසිරිමත් අනාගතයකට ඔබ දෙපලට මගෙනුත් උණුසුම් සුභ පැතුම් (නි)

:       0       0

රූපා Friday, 13 December 2013 09:01 AM

සුන්දර දසුනකිය ඇස ඉදිරියෙ ඇත්තේ... පින්බර මුහුණ එළියක් දෙන හැම පැත්තේ... ළංකර ගන්න පින ලැබූ පුතු දැන යුත්තේ... ගින්දර ගෙදර මිස නොතබනු එළිපත්තේ... (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 December 2013 09:06 AM

අපි බුද්ධිමත් සමාජයක් හැටියට ඇත්ත ඇති සැටියෙන්ම පිළිගෙන අඩුවක් නොවෙන විදියට ඔවුන්ව හොඳින් රැක බලාගෙන යහපත පුද්ගලයින් හැටියට සමාජයට එකතු කිරීමට උදවු උපකාර කරන එකයි කළ යුත්තේ. මනාල යුවලට සුභ මංගලම්. (නි)

:       0       0

ශෂිමාල් Thursday, 19 December 2013 10:12 AM

සුභ මංගලම්! කුමාර ඔය හරි.(නදී)

:       0       0

රණා Friday, 13 December 2013 09:15 AM

සඳුන් ගසක පැටලී ඇති සමන් මලේ... නදුන් උයනෙ විඳ සැප ලෙස බඹර කුලේ... පුතුන් දූන් ලැබ පින්වත් රටට හෙළේ... පහන් සිතින් ඉනු ජීවිත නෙලුම් විලේ. (නි)

:       0       0

විපුල Friday, 13 December 2013 09:20 AM

පිට ගිනි ගෙතුළටත් , ගෙයි ගිනි පිටටත් නොදී සතුටින් ඉන්න නංගියේ. අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සංජු Friday, 13 December 2013 09:20 AM

සුභම සුභ අනාගතයක් ඔබ දෙපළටම (නි)

:       0       0

නිසංසලා Friday, 13 December 2013 09:30 AM

ඉසුරුමත් සසිරිබර අනාගතයකට මගෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

රූපවතී Friday, 13 December 2013 09:43 AM

හරිම සිතට සතුට ගෙනදෙන හැගීම්බර අවස්ථාවක්.තණ්හාවෙන් ,මානයෙන් ,මුදලට හැමදේම පාවාදෙන සමාජයක මේ මහත්මයා උතුම් ස්වාමි පුරුෂයෙක්.ඒ වගේම ආදරණීය වාසනාවන්ත පියෙක් වේවා! ඔබේ පුංචි කුරුළු කැදැල්ල සැමදාමත් ලස්සන වේවායි අපි සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ඔබ දෙපලට සුභ පතමු! (නි)

:       0       0

රොෂාන් Friday, 13 December 2013 09:45 AM

සුභ මංගලම්! (නි)

:       0       0

සාරංග Friday, 13 December 2013 10:09 AM

ලස්සන අක්කා කෙනෙක් අයියත් පින් පාටයි , අපිටත් ලස්සන අක්කා කෙනෙක් හිටියා නම්. එතකොට මගේ නිවස හරි ලස්සනට තියෙයි .. කළුවර කැලයකට හඳ පායලා වගෙයි (දිල්)

:       0       0

අනුෂා Friday, 13 December 2013 10:18 AM

මේකට තමයි නියම පිරිමි කම කියන්නේ. (ත)

:       0       0

ශාන්ත හෝමාගම Friday, 13 December 2013 10:24 AM

නංගියේ , දියණියේ , ,,,,, සුබ මංගලම් , ,,,,,, සතුට සම්පත මැද , සිරිලිය ඔබගේ ගෙට වැද , ආසිරි සලන ලෙද , පැතුම අපගෙන් ඔබටමයි අද (දිල්)

:       0       0

මධූ Saturday, 14 December 2013 08:08 PM

උතුම් හදවතක් ඇති තරුණයෙක් ඔබ දෙපළට සුභ මංගලම් (දිල්)

:       0       0

කුමුදු- Friday, 13 December 2013 11:22 AM

මේ වසරේ දුටු සිත් සනසන විවාහ උස්සවය.(නදී)

:       0       0

රෝහණ Friday, 13 December 2013 11:30 AM

අසිරිමත් ඔබ දෙපලට මගෙනුත් උණුසුම් සුභ පැතුම් ! (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 13 December 2013 11:51 AM

ළමා නිවාස වලින් වැඩි වශයෙන් අහන්න ලැබෙන්නේ සුභදායක පුවත් නොවේ. මේ වගේ වාසනාවන්ත ආරංචි ලැබෙන්නේ ඉඳහිටයි. මේ ළමා නිවාසය පාලනය කරන සියලු දෙනාට බොහොම පින්! තරුණ යුවලට සුබ අනාගතයකට උණුසුම් සුබ පැතුම්. (නි)

:       0       0

කුමාර Thursday, 12 December 2013 07:30 PM

මෙම නිවාසයෙන් ඉටුවන සේවාව ඉතාම හොඳයි.නමුත් මෙවැනි මධ්‍යස්ථාන වලට නම් යෙදීමේදී ප්‍රවේශම් විය යුතුයි කියායි මම කියන්නේ. මොකද දරුවන්ට ඔවුන් ඉන්නේ අනාථ මධ්‍යස්ථානයක යන්න හිතට නොපැමිණිය යුතුයි.එවිට හිතට දුකක් දැනෙනවා. (නි)

:       0       0

ජීවා Thursday, 12 December 2013 07:33 PM

සුබ මංගලම් ඔබ දෙපළට! මේ තරුණයා උතුම් ගති ඇති කෙනෙක්. (නි)

:       0       0

ආරියසේන Thursday, 12 December 2013 07:51 PM

සුබ අනාගතයක්. (නි)

:       0       0

මාලි Friday, 13 December 2013 12:20 PM

දෑවැදි පතන මිනිසුන් අතර ඔබ උතුම් දරුවෙක්. මෙම දරුවා ඇහැක් මෙන් රැක ගන්න. ඔබ දෙපලට සුභ මංගලම්! (නදී)

:       0       0

මාලි Friday, 13 December 2013 12:20 PM

දෑවැදි පතන මිනිසුන් අතර ඔබ උතුම් දරුවෙක්. මෙම දරුවා ඇසක් මෙන් රැකගන්න. ඔබ දෙපළට සුභ මංගලම් (නි)

:       0       0

ගයාන් Thursday, 12 December 2013 07:55 PM

සුභ අනාගතයක්! (නි)

:       0       0

මාලි Friday, 13 December 2013 12:20 PM

දෑවැදි පතන මිනිසුන් අතර ඔබ උතුම් දරුවෙක්. මෙම දරුවා ඇහැක් මෙන් රැක ගන්න. ඔබ දෙපලට සුභ මංගලම්(නදී)

:       0       0

අසෝකා Thursday, 12 December 2013 07:58 PM

ගෙවූ දුක් ගග වියලිලා ගොස් යුගදිවිය සතුටින් පිරේවා! රට බබළවන, ලොවට වැඩ ඇති දුදරු රෑනක් ලැබේවා! සතුට සාමය නිරෝගී බව ඔබ සැමට අත්වැලක් වේවා! උදාවන හැම දිනම නුඹලට වාසනා දිනක්ම වේවා! (නි)

:       0       0

ගුණසේකර Friday, 13 December 2013 12:28 PM

මුදල් පසුපස යන තරුණයන්ට හොද ආදර්ශයක්.ප්‍ රීතිමත් යුග දිවියකට ආ සිරි.(නදී)

:       0       0

කසුන් Friday, 13 December 2013 12:41 PM

අවංක හදවතක්.(නදී)

:       0       0

චමී Friday, 13 December 2013 12:44 PM

මගේ දෑසට කඳුලුත් ආවා. (ස)

:       0       0

ඉන්දික ගාලේවත්ත Friday, 13 December 2013 12:52 PM

මේ තරුණයා උතුම් ගති ඇති කෙනෙක්. සුභම සුභ අනාගතයක්.(නදී)

:       0       0

නලින් Tuesday, 17 December 2013 02:01 PM

සුභ අනාගතයක් වගේම වාසනාවන්ත ජිවිතයක් . හැමෝටම බැහැ මේ වගේ කැප කිරීමක් කරන්න.(නදී)

:       0       0

සන්ධ්‍යා Thursday, 12 December 2013 08:42 PM

ඔබ දෙපළට සුභ පතනවා! (නි)

:       0       0

සේන Friday, 13 December 2013 12:55 PM

සුබ මංගලම් වේවා! මේ ළමා නිවාසයේ පාලක සැමට බොහෝ පින්.(නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 12 December 2013 08:52 PM

සතුට වචනයෙන් විස්තර කළ නොහැක,ඔබ දෙපලට සුභ මංගලම්! (නි)

:       0       0

කළංසුරිය Friday, 13 December 2013 12:58 PM

ඔබ දෙපළට සියලු යස ඉසුරු පිරි සුබ අනාගතයක් වේවා! (නදී)

:       0       0

දයාන් Friday, 13 December 2013 01:18 PM

හද පිරි සුභ පැතුම්...! සමගින්, ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක්. (ස)

:       0       0

චින්තන Thursday, 12 December 2013 08:59 PM

සිරි සුභ මංගලම්! (නි)

:       0       0

නානි Friday, 13 December 2013 01:29 PM

අපේ රටට විහාර මහා දේවි කෙනෙක්, දුටුගැමුණු කුමරුවෙක් බිහි කරන්න දුවේ ........ (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 12 December 2013 09:11 PM

කුමාරගේ අදහසට මමත් එකගයි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 20 December 2013 08:17 PM

සුබ මංගලම් ඔබ දේපලට....!!!ඇසට කදුලක් වගේම,ඇසට සොදුරු දර්ශනයක්.මුදල් පසු පසම,වගේම පරම්පරා විස්තර හොයන අදකාලේ අයට හොද ආදර්ශයක් මේ යුවල.සියලු බාදා ජය ගෙන පවුල් ජීවිතය සරුව සාර්ථක වේවා..!!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 11 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 290 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 286 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 477 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 443 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 425 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site