IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිරිතුංගට බේරුවල යන්න බැරිවේ

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් අළුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ යන්නට ගිය සාම චාරිකාවක් පොලීසිය අද නතර කළේය.

ප්‍රදේශයේ සංඝරත්නය ඇතුළු කණ්ඩායමක් එයට විරුද්ධ වීම නිසා ගැටුමක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙම පියවර ගත් බව පොලීසිය කියයි.

නාරාහේන්පිට සිට වස්කඩුව දක්වා ජයසුරිය මහතා ප්‍රමුඛ පිරිස පැමිණියහ.

එහිදී ගැටුමක් හට ගත් බවත් පොලීසිය එය වැලැක් වු බවත් වාර්ථා වෙයි.

435 436 437 438 439 440 441 442 443 444 445 446

 



අදහස් (0)

සිරිතුංගට බේරුවල යන්න බැරිවේ

බමුණු Sunday, 27 July 2014 01:16 AM

"අදහස් දක්වන සමහරුන්ගේ ඇසින් බැලුවොත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එදා සුද්දගේ කොඩිය බිමදාල කරලා තියෙන්නේ වැරදි වැඩක්." ගුණානන්ද හිමියන්ගේ පානදුර වාදයත් වැරදි දෙයක් නේද ? අනේ මෙහෙම මැට්ටෝ ටිකක්. අපේ හාමුදුරු වරු නොහිටින්න සිංහල ජාතිය නැතිවෙලා බොහොම කල්. (නදී)

:       0       0

මාලි Monday, 28 July 2014 10:32 AM

මංගල හරියටම හරි පිස්සු බමුණු මොනවද මේ දොඩවන්නෙ (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 28 July 2014 01:09 AM

මේ දේවල් බරපතළ ලෙස ගණන් ගන්න එපා. (නි)

:       0       0

සුදෙල්මි Sunday, 27 July 2014 02:31 AM

වින්සන්ට් ඔබ නම් ලංකාවේ වෙන්න බැහැ. මොකද ඔබට හිතන්න ඔලුවක් තියෙනවා. මෙහෙම අය ලංකාවේ දැන් නෑලු. බමුණු තමයි ඉන්නේ. (නදී)

:       0       0

සෑම් Saturday, 26 July 2014 09:01 AM

"සාම චාරිකාවකට " එරෙහි වෙන්නේ මොන ආගමට අයිති සංඝයා වහන්සේලාද දන්නේ නැහැ. බුද්ධාගමේ නම් වෙන්න බැහැ (නදී)

:       0       0

රේමා Saturday, 26 July 2014 09:14 AM

ඇයි මෙච්චර වේලාසන යන්නේ ලබන වසරේ විතර ගියා නම් හරිනේ ජනාදිපති මැතිවරණය කිට්ටු කරලම (නදී)

:       0       0

ලක්විදු Sunday, 27 July 2014 03:33 AM

සම පාගමන් යන්න රතුපාට ෂර්ට් මොකටද? ඒකට හොදම පාට සුදු. මේ කොහෙද යන බඩගෝස්තර කාරයෝ රැලක්. (නදී)

:       0       0

රංජන් ඉන්දියාව Saturday, 26 July 2014 09:22 AM

සෑම්, ඔබගේ අදහසට මම කැමතියි (නදී)

:       0       0

අමාලි Monday, 28 July 2014 11:08 AM

සිරිතුන්ගල ඉස්සර විතරක් නෙවෙයි දැනුත් කොටින්ට කඩේ යනවා. (අ)

:       0       0

සරත් Saturday, 26 July 2014 09:30 AM

දැන් මොකටද සාම පාගමන්. දැන් හැමෝම හොඳට ඉන්නේ ඔය. මෙයාල වවාගෙන කන්න තමයි දඟලන්නේ. (නදී)

:       0       0

සරත් Saturday, 26 July 2014 09:31 AM

සෑම් ඉස්සරවෙලා බොදු බල සේනාවත් කලේ හාමුදුරුවන්ට පහර දීපු එකට විරෝධයක් තමයි. දැක්කේ නැතිද කට්ටිය ගෙවල් උඩ ගල් ගොඩවල් ලෑස්ති කරලා සාමයට කැපවෙලා හිටපු හැටි.(නදී)

:       0       0

නැනී Sunday, 27 July 2014 04:37 AM

මේ දෙගොල්ලම කඩේ යනවා.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 26 July 2014 09:38 AM

ප්‍රදේශයේ සංඝරත්නය සාම චාරිකාවට විරුද්ධ සාමයට අකමැති නිසාද නැත්නම් සාමයක් අනවශ්‍ය නිසාද කියල මට හිතා ගන්න බැහැ. (නදී)

:       0       0

අසම Sunday, 27 July 2014 04:44 AM

ප්‍රජාතාන්ත්රවාදී රටක සාම පාගමනක් යාම නීත්‍යානුකුල මූලික මිනිස් අයිතිවාසිකමක්. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 July 2014 09:40 AM

ප්‍රදේශයේ සංඝරත්නයමද විරුද්ධයි කියන්නේ? එ්ක නම් වෙන්න බැහැ. (නදී)

:       0       0

සෙනරත් Saturday, 26 July 2014 09:41 AM

සෑම් සිරිතුංග ජයසූරිය ගැන දන්නවා නම් ඔහොම කියන්නේ නෑ. යුද්දේ කාලේ එයා කියපුවා අපිට මතකයි පුල්ලි විතරයි අඩු. දැන් බේරුවල ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් එයාල දැන් යන්නේ අායෙත් ප්‍රශ්නයක් හදන්න. එ්කයි හාමුදුරුවෝ විරුද්ධ වෙනවා ඇත්තේ.(නදී)

:       0       0

සලීත් Saturday, 26 July 2014 09:41 AM

ෂාම් ඔය ගොල්ලෝ මොනවද කියන්නේ (නදී)

:       0       0

කුමාරණ Saturday, 26 July 2014 09:48 AM

ඕක සාම පා ගමනක් නොව , බංකොලොත් දේශපාලුවන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් නටන නාඩගමක්. (නදී)

:       0       0

ලාල් Saturday, 26 July 2014 09:48 AM

මෝඞ සෑම්. (නදී)

:       0       0

සිරිපාල Saturday, 26 July 2014 10:10 AM

සැම්, රන්ජන් ඔලුව අතගාල බලන්න අන් ඇවිල්ලද කියල. එහෙම නැතිනම් බලන්න මොලේ උඩද ඉඳගෙන ඉන්නෙ කියල. (නදී)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Sunday, 27 July 2014 06:23 AM

බමුණු, ඔබ නිවැරිදියි. අවස්ථාවාදී බඩගෝස්තරවාදීන් සාම පාගමන් යති. (නදී)

:       0       0

රුහුණු Saturday, 26 July 2014 10:13 AM

පෙරහැර ගිහින් ඉවරයි දැන් මෙයාල අලි බෙටි අහුලන්න යනවද. (නදී)

:       0       0

රිචි බාලසුරිය Saturday, 26 July 2014 10:16 AM

සාම සාකච්චා සහ සාම චාරිකා මුවාවෙන් මේ රතු පැළඳ ගත බොහෝ අය කරන්නේ , රට අස්ථාවර කිරීමත් තවත් ජාතිවාදය වැපිරිමත් සහ ඔවුන්ගේ නැතිවී යන පිරිහී යන නෂ්ටාවසේෂයන් රැක ගෙනිමට මාන බෙලිමක් . ප්‍රදේශයේ සංඝරත්නය ඇතුළු කණ්ඩායම කල දෙය මම අනුමත කරමි (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ Sunday, 27 July 2014 06:50 AM

ලොගේස්වරන් ඔබ හරි ඔය රතුකමිසකාරයෝ කැමති සාමයක් නෑ. එක කළු ජූලියක් ඉවරවෙලා තව එකක් ඇතිවෙන්න ගිහින් නතර වුනා. ඒවා නැතිනම් මෙයාලට පැවැත්මකුත් නෑ. වෙච්ච දේවල් ඇති සාමකාරයෝ කරපු දේවලුත් හොඳටෝම ඇති පව් නොදී ආපහු යන්න කියන්න දෙපැත්තෙන්ම කන්නේ නැතිව. (නදී)

:       0       0

පෝල් Saturday, 26 July 2014 10:37 AM

සෑම්,භික්ෂුත්වයට ගෞරවයක් අවශ්‍යයි. එය ඇතිව ලිව්වොත් විතරයි අපි අපේ ආගමට ගෞරව කරලා තියෙන්නේ. සංඝ රත්නය මොන ආගමට අයත් ද කියා ඔයා අහනවා. සංඝ රත්නය ඉන්නේ බුද්ධාගමට පමණයි. (නදී)

:       0       0

ගාමිණී Saturday, 26 July 2014 10:40 AM

ඕන කෙනෙක්ට ඕන තැනකට යන්ද නිදහස තියෙන්ඩ ඕනා, අන්තවාදය මේ රට විනාසයකර ගෙනියනවා. සිංහල ,උනත් මුස්ලිම් උනත් දෙමල උනත් අන්තවාදය හොඳ නෑ. (නදී)

:       0       0

වීරා Saturday, 26 July 2014 10:41 AM

අලි බෙටි ගාන්න ඔය යන්නේ. ලජ්ජා නැති සිංහලයෝ නේද මේ ? දැක්කද ප්‍රශ්නේ පෙළපාලි නවත්තල තියෙන හැටි? (නදී)

:       0       0

අනුර ලියනගේ Saturday, 26 July 2014 10:46 AM

බොර දියේ මාළු අල්ලන්න වෙන්න ඇති යන්නේ (නදී)

:       0       0

සෞදි නුවන් Sunday, 27 July 2014 08:23 AM

දැන් කැඩුණු ගෙවල් හදල බාර දෙන්නත් යනවා. දැන් වගේ මේ අයට ඇහැරිලා තියෙන්නේ. අඩු පාඩු බලන්න යනවා ඇති (නදී)

:       0       0

චාරු Saturday, 26 July 2014 10:52 AM

හැමෝම ඕනේ ඕනේ විදියට වැඩ කරන නිසා මෙයාලත් හිතන්න ඇති කොටි නැටුමක් දාන්න? කවුද මේ මිනිස්සුන්ට ගෙවන්නේ ? ඇයි හොයන්නේ නැත්තේ ? (නදී)

:       0       0

ගැමුණු Saturday, 26 July 2014 10:52 AM

පොල්,බොහෝ අය‍ට වටහා දිය යුතු අදහසක් ඔයා ලියල තියෙන්නේ. ඇත්තටම සෑම් අතින් ඒ ගෞරවය ගිලිහිලා තියෙනවා වගෙයි පෙනෙන්නේ. (නදී)

:       0       0

වීරා Saturday, 26 July 2014 10:55 AM

පෙළපාලි නවත්තල තියෙන්නේ ප්‍රංශයේ යි (නදී)

:       0       0

අසෝක Saturday, 26 July 2014 11:00 AM

ලංකාවේ පොලිසියේ ඩී අයි ජී ලට ගිය කලක්. මහපාරේ ත්‍රී වීල් තල්ලුකරන්නෙත් ඩී අයි ජී ලා? අනේ අපොයි (නදී)

:       0       0

සෑම් Saturday, 26 July 2014 11:05 AM

පෝල්, මගේ කොමෙන්ට් එකට පක්ෂව සහ විපක්ෂව කොමෙන්ට් මේකේ තියනවා.. නමුත් මම ඔබගේ කොමෙන්ට් එකට පමණක් ප්‍රති උත්තර දෙනවා. භික්ෂුවකට ගෞරවය අවශ්‍ය බව මම ඉත සිතින් පිලිගන්නවා. නමුත් ඒ ගෞරවය අපි ලබා දිය යුත්තේ බුද්ධ ධර්මයේ ඇති පන්සිල්, අටසිල්,දසසිල්,කෝටියක් සංවර සීලය ආදී තමන්ට අදාළ සීලය රකින අයට විනා කාගේ හෝ උවමනාවට කැපී පේන්න උත්සාහ කරන සිවුරු පොරවාගත් අයට නොවෙයි. බුදු දහම අනුගමනය කරන සීලවන්ත හාමුදුරුවරුන් අයිති මොන ආගමටද කියා මම ප්‍රශ්න කරන්නේ නැහැ. (නදී)

:       0       0

කපිල Sunday, 27 July 2014 10:00 AM

රවිඳු, වින්සේන්ට්, හාමුදුරුවෝ කියන්නේ මොකක්ද කියන දේයි මට වැදගත්. ඔහුගේ භාෂාව නෙවෙයි. ආක්‍රමනිකයා පරයෙක් උනත් රටේම ඉපදිච්ච එකෙක් උනත් ආක්‍රමනිකයෙක් මයි. (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Saturday, 26 July 2014 11:44 AM

මේ අලුත්ගම පොලීසියද වෙන්න බැහැ (නදී)

:       0       0

ප්‍රියාන් Saturday, 26 July 2014 11:48 AM

අර බන්දුල පෙරේරා කියන එක්කෙනත් මොනා හරි කියන්න අපිට හිනාවෙලා පොඩි වින්දනයක් ලබන්න. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 26 July 2014 11:51 AM

පෙළපාලි යාමේ නිදහස නොවෙයි ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය වන්නේ නිරාහාරව මිය නොයන්නත්, අපරාධ කරුවෙකුගේ ගොදුරක් නොවී ඉන්නත් සහ මග මරුවෙකුගේ වාහනයකට යට නොවී ඉඳීමේ නිදහසක්, මේකට සමාජවාදී කතාවල් අදාළ නැහැ. ජාති, ආගම් කුල භේදයකුත් නැහැ. (නදී)

:       0       0

සරත් Saturday, 26 July 2014 11:54 AM

ගාමිණි හැමෝටම යන්න අයිතියක් තියෙනවා. ගිහින් බොරදියේ මාළු බාන්න අයිතියක් නැහැ. (නදී)

:       0       0

කිත්සිරි Saturday, 26 July 2014 12:01 PM

සිරිතුංගල කොටි ඉන්න කාලෙ කොටින්ට කඩේ ගියා දැන් එනවා සාම චාරිකා යන්න. නිකන් නෙමෙයි ගහල එලවන්න තියෙන්නේ. (නදී)

:       0       0

සෑම් Saturday, 26 July 2014 12:02 PM

මම තේරුම් ගත්තා මම ගොඩක් වැරදි දෙයක් කිව්වේ කියල. මෙතන ඉන්න සියලුම දෙනාගෙන් මම යටහත් පහත්ව සමාව ඉල්ලා සිටිනවා. (නදී)

:       0       0

රංජිත් සෝමවංශ Saturday, 26 July 2014 12:29 PM

දේශපාලන වාසියට බලයට අපේ සිංහල ජාතිය අපේ ආගම පවා නොදිය යුතුයි (නදී)

:       0       0

රොහාන් Saturday, 26 July 2014 12:49 PM

ප්‍රියාන් ඔයා හරියටම හරි ඒ බන්දුල පෙරේරා කියන දේවල් වලට කේන්ති ගන්න හොද නැහැ ආතල් එකක් ගන්න තියෙන්නේ. (නදී)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍යයා Saturday, 26 July 2014 12:52 PM

ප්‍රශ්න මදිවට තව ප්‍රශ්ණයක් ඇති කරන්නයි ඔය යන්න හදන්නේ (නදී)

:       0       0

සමාධි Monday, 28 July 2014 07:43 AM

පොලිසිය හොඳ වැඩක් කරලා තියෙන්නේ. (නි)

:       0       0

ඇසළ Saturday, 26 July 2014 01:03 PM

කොටින්ට කත් ඇදපු අය දැන් එනවා සාම පාගන් යන්න. ගහන්න තියෙන්නේ අාපු පාර හොයාගන්න බැරි වෙන්න. (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Monday, 28 July 2014 07:48 AM

මම ඔබගේ මතයට විරුද්ධවෙමි. එහෙත් ඔබගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමි. (නි)

:       0       0

සමන්ති Saturday, 26 July 2014 01:32 PM

මෙම පක්ෂයේ අයට පෙළපාලි යාමට සෙනගක් ඉන්නවාද? ත්‍රී වීල් පාටියක් නේද ? (නදී)

:       0       0

දයාන් Saturday, 26 July 2014 01:46 PM

සෑම් ගේ දෙවන ප්‍රතිචාරය වෙනුවෙන් මාගේ ප්‍රණාමය. ඔයා අවංකයි. (නදී)

:       0       0

පෝල් Saturday, 26 July 2014 01:57 PM

මම කියන්න උත්සාහ ගත්තේ දැනුවත්ව හෝ නොදැනුවත්ව භික්ෂුත්වයට සරදම් නොකලයුතුයි කියා. ඔයාගේ අවසන් කොමෙන්ට් එකෙන් ඔයා නිවැරදි වෙලා තියෙනවා. එය මම අගය කරමි.(නදී)

:       0       0

සිරී Saturday, 26 July 2014 02:23 PM

ඔය යන්නේ ආයෙත් මොකක් හරි ගින්නක් අවුලුවන්න (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 27 July 2014 01:54 PM

කුමාරණගේ අදහස හරියටම හරි. මමද එය අනුමත කරමි (නි)

:       0       0

චන්ද්‍රරත්න ජී Saturday, 26 July 2014 02:25 PM

හැමදාම රටට වින කරන්නේ ඔය කියන කට්ටියම තමයි. (නදී)

:       0       0

සමන් Saturday, 26 July 2014 02:47 PM

ත්‍රී වීල් පෙන්නනේ මේ ගොල්ලෝ ඒකෙන් අාපු අය වෙන්න ඇති (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 26 July 2014 02:54 PM

මෙයාල මෙපමණ කල් කොහෙද ඉදල තියෙන්නේ ? මොලේ අමාරුවක් නැතිනම් පිරිස එක්කන් ගිහින් විනාස වෙලා තියෙන වැවක් හාරලා ප්‍රතිසංස්කරණය කලා නම් රටටවත් සෙතක් නේද? (නදී)

:       0       0

දේ සිල්වා Saturday, 26 July 2014 03:07 PM

හාමුදුරුවරු පන්සල්වල නැහැ ඉන්නේ පිකටින් වලද? (නදී)

:       0       0

අරවින්ද Saturday, 26 July 2014 03:15 PM

බන්දුල පෙරේරා ගේ මොලේ අමාරුව වැඩිවෙලා දැන් පිස්සන්කොටුවේ ඉන්නේ.(නදී)

:       0       0

මංගල Saturday, 26 July 2014 03:35 PM

මේ කට්ටිය කිසිම ජාතියක් ජම්මයක් අදහන අය නෙවෙයි. සමාජවාදය ලෝකෙට හදුන්වලා දුන්න රටවල් දැන් ඒ ක්‍රමය සංශෝධනය කරලා තමන්ගේ රට ජාතිය ආගම ගැන වැඩි අවධානයක් දක්වනවා. හොදම උදාහරණය රුසියාව. ඒත් මේ ලංකාවෙ ඉන්න සම සමාජ අය කඩේ යන්නෙම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට. අවාසනාවක මහත කියන්නෙ මුන් දන්නෙ නැහැ මුන් සේවය කරන්නෙ බටහිර න්‍යාය පත්‍රයට සහ එනිසා පහර වදින්නෙ තමන් ඉපදී හැදී වැඩුනු රටට කියලා. එක වචනයයි (නදී)

:       0       0

කපිල Saturday, 26 July 2014 04:02 PM

අදහස් දක්වන සමහරුන්ගේ ඇසින් බැලුවොත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එදා සුද්දගේ කොඩිය බිමදාල කරලා තියෙන්නේ වැරදි වැඩක්. උන්නාන්සේටත් පන්සලට වෙලා සිල් රැකගෙන ඉන්නයි තිබුනේ. (නදී)

:       0       0

අරවින්ද - ඩුබායි Saturday, 26 July 2014 04:52 PM

අනේ සිරි තුංග ඔයා කොහේ යනවද මෙන්න මෙහාට වෙලා ඉන්න (නදී)

:       0       0

කසුන් Saturday, 26 July 2014 07:05 PM

සිරිතුංග ජයසුසිරිය මගේ අදහසේ හැටියට අපේ රටට පිළිකාවක්. ඔය මිනිහ බංකොලොත් දේශපාලනයක් කරන ද්‍රෝහියෙක්. (නදී)

:       0       0

රවිඳු Saturday, 26 July 2014 07:47 PM

අපි දන්නා තරමින් වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට සුද්දාගෙන් රාජ්‍ය ආරක්ෂාව ලැබුනේ නැහැ. අනික කරා බණ කිව්වෙත් නැහැ. හුළු අතු පත්තුකලෙත් නැහැ.(නදී)

:       0       0

චන්දා Saturday, 26 July 2014 08:56 PM

මට තේරෙන විදියට නම්, ලුම්බිණි නමින් අදහස් දමන්නාත් සෑහෙන කාලෙකින් ලක් පොළොවේ පය නොගහපු කෙනෙකු වෙන්න ඕනෑ. (නදී)

:       0       0

සමන් Sunday, 27 July 2014 07:10 PM

අනේ! ආයෙත් නම් ගැටුම් එපා (නි)

:       0       0

චන්ද්‍රසිරි වේවැල්දෙනියා Saturday, 26 July 2014 09:02 PM

කල දුටු කළ වල ඉහගන් නියාමය රතු කමිස කාරයන් පිළිපදින න්‍යායයක්.! ගන්න ගන්න මගේ රූපේ මමත් තද පොරක් // පත්තරේට වැටෙන කල් අනේ.(නදී)

:       0       0

ලෝගේස්වරන් Saturday, 26 July 2014 09:59 PM

සාමකාමී නගරය වනසන්න එපා. (නදී)

:       0       0

වින්සන්ට් Sunday, 27 July 2014 12:12 AM

බොහෝ දෙනා ප්‍රශ්නය පටලවාගෙනය. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සටන් කලේ පර සුද්දන් සමගය. වර්තමානයේ ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නයකි. ජාතින් වසයෙන් ආගම් වසයෙන් ඇන කොටා ගනිමින් ජාත්‍යයන්තර සිගමනෙන් යැපෙමුද? ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිග මුස්ලිම් වරුන්ගේ වහල් සේවයට යවමින් අපි ආගමික වීරයන් වෙමුද? බඩ ගෝස්තරවාදී නොවන සියලුම පුරවැසියන්ට සමාන අයතිවාසිකම් ලැබෙන, වංචාවට දුසනයට,ඉඩක් නොලැබේය සිතිය හැකි දේසපාලන පක්ෂයක් බලයට පත් නොවන්නේ ජනතාවද වැඩි පිරිසක් බඩගෝස්තරවාදී නිසාය. රටක් වසයෙන් ගොඩ නැගෙනවාට වඩා තම තමුන්ගේ පන නල රැක ගැනීම සදහා සිරිතුංග මහතා වගේම තවත් සන්විදානද කටයුතුකරන බව පිළිගත යුතුය. (නදී)

:       0       0

බමුණු Sunday, 27 July 2014 01:12 AM

""සාම චාරිකාවකට " එරෙහි වෙන්නේ මොන ආගමට අයිති සංඝයා වහන්සේලාද දන්නේ නැහැ." මේ සාම චාරිකා කාරයෝ එකපාරටම කොහෙන් පාත් උනාද දන්නේ නැහැ. සාම චාරිකා වලට යටින් තව මොනවා ගෙනියවද කියා දන්නේ කීප දෙනයි. මෙයාලට මේ චාරික කොරන්න සල්ලි කොහෙන්ද? (නදී)

:       0       0

මාලී Monday, 28 July 2014 10:29 AM

හොදම වැඩේ මේ අය තමයි රට කන්නෙ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 901 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4045 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1455 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 693 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2450 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site