ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ජූලි 30 වැනි බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නට යතියි දේශපාලන ආරංචි කියයි.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ෆීල්ඩ් මාෂල්ට සාමාජිකත්වය පිරිනමනු ඇතැයි එජාප ආරංචි පවසයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිරවීමට නියමිතය.
ෆොන්සේකා පාර්ලිමේන්තුවට තෝරා ගැනුණේ එජාප ජාතික ලැයිස්තුවෙනි.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරත් ෆොන්සේකා එජාපයට
සුමිත්‍රා බස්නායක Monday, 27 June 2016 03:02 PM
කෝ අර පහුගිය කාලේ කියපු වීර කතා. (ර)
නිම්මි Monday, 27 June 2016 03:09 PM
මහා වීරයෙක් විදිහට මිනිසුන්ගේ හිත්වල හිටිය පුද්ගලයෙක්. (ර)
විජේසුන්දර Tuesday, 28 June 2016 07:39 AM
දැන් තමයි නියම බුද්ධිමත් තීරණය අරගෙන තියෙන්නේ (නි)
යෙනුර Monday, 27 June 2016 04:20 PM
කොහොඹ ගහට කරවිල වැල ගියා වැනි. (ර)
සමීර Monday, 27 June 2016 04:40 PM
ඔබට මාගේ සුබපැතුම්. (ර)
ඩිලාන් Monday, 27 June 2016 05:00 PM
ප්‍රතිපත්තියක් නැති එක ගැන දුකයි (නි)
උපාලි Monday, 27 June 2016 05:00 PM
මෙයා නැවතුනේ නැවතිය යුතු තැනයි. අපේ දේශපාලනේ මෑත ඉතිහාසය ගත්තොත් මේකේ කිසිම පුදුමයක් නැහැ. ඔහොමද සමහරු ගහන කරනම් දැක්කහම මේ කතා කරන්නේ ඒ කටින්මද, මේ කරනම් ගහන්නේ ඒ මිනිහමද කියලා හිතෙන අවස්ථා කොයිතරම් තියෙනවද? (නි)
සාමා Monday, 27 June 2016 04:59 PM
අපි හිතුවේ දැනටත් යූඑන්පි එකට ගිහින් කියලා. (නි)
ලියනගේ Monday, 27 June 2016 05:25 PM
කොහොම වුණත් එතුමාත් රටට අවශ්‍ය කරන කෙනෙක්. යුද්ධය තියෙනකොට විතරද එතුමාට ගරුබුහුමන්? දැනුත් එතුමාට ඒ ගරුබුහුමන් දෙන්න ඕනෑ අනික් අයට සේවයක් කරපු කෙනෙක් හැටියට (නි)
නන්ද Monday, 27 June 2016 05:53 PM
මේ නිසා එ.ජා.ප.ය නැතිවෙයිද නැත්නම් ඔබතුමා නැතිවෙයිද කියා අපි බලා ඉන්නේ. (නි)
ගාමිණි Monday, 27 June 2016 06:28 PM
මේක මහා මැතිවරණෙට කලින් සිද්ධවුණා නම් කුරුණෑගල දිනන්න තිබුනා. කොහොමහරි අවසානේ ගත් තීරණය හොඳයි. දැන් මෙතුමාට තේරෙනවා ඇති දේශපාලනේ කියන්නේ මොකක්ද කියලා. එක්සත් ජාතික පක්ෂයේ දිගටම හිටියොත් හොඳ තැනක් ලැබෙයි (නි)
සිරි Monday, 27 June 2016 09:17 PM
එජාපය මෙතරම් බංකොලොත්ද? (නි)
විජේ Tuesday, 28 June 2016 09:11 AM
නියමයි. ජයවේවා! (නි)
ටෙනිසන් Monday, 27 June 2016 09:50 PM
සමාන අදහස් ඇති අය එකට සැරිසරනවනේ (නි)
ජනහිත Monday, 27 June 2016 11:08 PM
ඇපත් නැතුව හිටියා මදිවට ඇමති පට්ටමකුත් ලැබුනහම කැපකිරීමකුත් කරන එක යුතුකමක් බව අනාථ වුණ ජනතාව හිතන්න. මින් ඉදිරියට කොහෙවත් යන්නේ නැහැ කියලා කියයි. දැන් එකතුවෙලා අර මනුස්සයට ගහන්න බලයි. (නි)
බමුණුසිංහ Monday, 27 June 2016 11:06 PM
මීට ගොඩක් ඉස්සර මේක වුණා නම් අද එජාපයත් නැත. (නි)
ලලිත් Tuesday, 28 June 2016 12:03 AM
එතකොටවත් දරුවෝ බලන්න යන්න වීසා ලැබෙයිද බලමු (නි)
රන්ජිත් Tuesday, 28 June 2016 12:27 AM
ඔහුට මතක නැතිවෙලා ඔය එජාපය බලයේ ඉන්නකොට මොහුව පැත්තකට දාලා තිබුනේ. තැනක් දුන්නේ නැහැ. එජාපය බලයේ හිටියා නම් ඔහු දැන් ඉන්නේ විශ්‍රාම ගිය සෙබළෙකු වගෙයි. (නි)
ජගත් Tuesday, 28 June 2016 12:49 AM
එජාපයේ සිටින අය දැන් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
ලාල් Tuesday, 28 June 2016 01:05 AM
මුලු ත්‍රිවිධ හමුදාවම තමන් යටතට ගෙන කුරිරු යුද්ධයකින් රට බේරාගත් මෙවැනි වීරෝධාර අභීත පුද්ගලයකු ඕනෑම පක්ෂයකට සම්පතක්. නැද්ද? (නි)
ජනහිත Tuesday, 28 June 2016 01:49 AM
ඔය එජාපය එදා කිවුව දේවල් මතකද? අර මැදවච්චි කතාව එහෙම? පක්ෂයේ මිනිස්සු නැති නිසාද එයාව ගත්තෙ. (නි)
ශානක Tuesday, 28 June 2016 02:21 AM
දැන්තමයි නියම තීරණය අරන් තියෙන්නේ (නි)
ලෙස්ලි Tuesday, 28 June 2016 02:24 AM
ෆොන්සේකා යුධ වීරයෙක් කියලා පිළිගන්න සමහර කුහකයෝ කැමති නැහැ (නි)
චන්ද්‍රා Tuesday, 28 June 2016 02:30 AM
කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩිද තව ඕනෑ කියන්නේ... (නි)
මොහාන් Tuesday, 28 June 2016 03:05 AM
ලාල්, ත්‍රිවිධ හමුදාවම මෙයාගේ යටතේ තිබුනේ මොන කාලේද? (නි)
රංග Tuesday, 28 June 2016 03:06 AM
පක්ෂයකට නායකත්වය දෙන්න බැරි කෙනා කොහොමද රටකට නායකත්වය දෙන්නේ? (නි)
නිශාන්ත Tuesday, 28 June 2016 03:03 AM
අපේ වීරයාට ජයවේවා! (නි)
අරුණ Tuesday, 28 June 2016 03:10 AM
එදා විශ්‍රාම නොයවා සේවයට ගත් මිනිසුන්ට එදා කියපු එ්වයි දැන් කියන එ්වයි බැලුවහම අපිට නම් කියන්න කිසිමදෙයක් ඉතුරුවෙලා නැහැ (නි)
සෙනරත් Tuesday, 28 June 2016 03:57 AM
එතුමා කාලෙකට ඉස්සර කිවුවා තමා දේශපාලනයට අාවොත්, මෙතෙක් බිහිවෙච්ච නරකම දේශපාලකයා වේවි කියලා. එ්ක තමයි මේ වෙන්නේ. ඕනෑම කෙනෙක් දැනගෙන ඉන්නවා නම් තමන්ට කරන්න පුළුවන් මොකක්ද, බැරි මොකක්ද කියලා එ්කෙනුත් රටට ලොකු සේවයක් වෙනවා. මෙයාට තියෙන ලොකුම වැරැද්ද එ්ක දන්නේ නැති එකයි (නි)
වින්සන්ට් Tuesday, 28 June 2016 10:23 AM
සමාජවාදී ධනපති කඳවුරත්, ධනවාදී ධනපති කඳවුරත් අතරින් එහාට ගිය බලය ලැබීමක් තවමත් අප දැක නැත. ඉන් එහා කොතරම් නිවැරදි ගමනක් තිබුණත් ජනතාවගේ හුරුවීම වෙනස් වෙන්නේ නැත. ඒ අනුව මෙතුමාට අනාගතයේ එරෙහිවන බලවේග වලට මුහුණ දීමට හරි හෝ වැරදි හෝ බලයක් වෙත ළඟාවීම ඉතා කාලෝචිතය. සමාජවාදී හෝ ධනවාදී හෝ දේශපාලකයන්ගෙන් අද අපට බලාපොරොත්තු තැබිය හැක්කේ අවංක දේශපාලකයන් ගැන පමණි. (ර)
විජිත Tuesday, 28 June 2016 04:08 AM
අනේ ෆොන්සේකා මහත්තයෝ! (නි)
පද්මිණී Tuesday, 28 June 2016 04:17 AM
සමහරුන්ට වීරයෝ පෙනෙන්නේ කුහකයෝ විදියට. හොරු පෙනෙන්නේ අප්පච්චිලා විදියට. සාමය හා නිතිය මෙතුමාට නැවත බාරදෙන්න. (නි)
රුවන් Tuesday, 28 June 2016 04:30 AM
ඔය තැනැත්තා රාජපක්ෂ පැත්ත ගත්තා නම් මෙතන අදහස් දාන අය කොහොම ලියයිද කියලා හිතලා බලන්න (නි)
බිමල් Tuesday, 28 June 2016 04:32 AM
බඩු මිල අඩු කළහැකි වැඩපිළිවෙලක් ගෙනෙන්න. (නි)
විපුල Tuesday, 28 June 2016 04:41 AM
ෆොන්සේකා යුධ වීරයෙක් වුණේ හමුදාවෙන්. දේශපාලනයෙන් නොවෙයි.නමුත් දේශපාලනයට ඔහු තමන්ගේ බුද්ධිය පාවිච්චි නොකරන බව 2010 පසු ජනතාවට වැටහී තිබේ. එමනිසා ඔහුට ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න සිදු වුණා. නමුත් ජනතාව අතර ඔහු තවමත් යුධ විරුවෙක්. දේශපාලනයේදී ඔහු පරාජිතයෙක් (නි)
සඳරුවන් Tuesday, 28 June 2016 04:46 AM
මෙයාලා යුධ වීරයින් වුණේ ත්‍රිවිධ හමුදාවේම කොල්ලෝ ටිකට පින්සිද්ධ වෙන්න. (නි)
රාමනායක Tuesday, 28 June 2016 04:44 AM
හොඳ තීරණයක්. ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)
කමණි Tuesday, 28 June 2016 04:45 AM
ලෙස්ලි, අපි ෆොන්සේකා යුධ වීරයෙක් කියලා පිළිගන්නවා. ඔහුගේ දේශපාලනය නම් එහෙම නොවෙයි නේද? (නි)
සුසන්ත Tuesday, 28 June 2016 04:51 AM
එක වග් කට්ටිය එකට එකතුවෙනවා කියන්නේ කටකහනවටද? (නි)
ගැමුණු Tuesday, 28 June 2016 05:16 AM
ඔබ නිතරම ප්‍රකාශ කරන සතාගේ ලාංඡනය සමඟින්, වෙනම පක්ෂයක සිටීමෙන් කිසියම් වූ අනන්‍යතාවයක් ඔබට රැකගත හැකියි. (නි)
ධම්ම Tuesday, 28 June 2016 05:29 AM
කෝ යුධ වීරයන්ගේ තිබියයුතු 'කොලිටිය' හෙවත් තත්ත්වය? (නි)
නුවන් Tuesday, 28 June 2016 05:40 AM
ඔබ තමයි ලංකාව බේරාගන්න දැන් ඉදිරිපත් වෙන්න ඕනෑ (නි)
සුරංග Tuesday, 28 June 2016 05:44 AM
ඉතා හොඳ තීරණයක් අරන් තියෙන්නේ. ඔබතුමාව රටේ ජනතාව අමතක කරන්නේ නැහැ. (නි)
කුමාර් (ගල්ෆ්) Tuesday, 28 June 2016 05:46 AM
ඔහු කවදා හෝ ලක්බිමේ ජනපති වියයුතුයි යන්නයි අපේ පැතුම. (නි)
ශානක Monday, 27 June 2016 01:15 PM
මේවා තමයි රටේ ජාතික විහිළු. මෙවාට කොහෙන් හිනාවෙන්නද මන්දා (බ)
තිලක්-ඩුබායි Monday, 27 June 2016 01:16 PM
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා විසින් එතුමාට හිමි ගරුත්වය නැති කර ගන්න වගේ යන්නේ. (බ)
ශානක Tuesday, 28 June 2016 06:12 AM
මිනිස්සු කවුද කියලා දැන් හොඳට තේරෙනවා අපිට (නි)
ඒකනායක මිලානෝ Monday, 27 June 2016 01:20 PM
දැන් ඔක්කොටම සනීපයි නේද (බ)
දිනේෂ් Monday, 27 June 2016 01:34 PM
මම නම් දැනන් හිටියේ මෙයා එහෙ කියල. අනේ මෙහෙමත් මිනිස්සු (බ)
කේ පෙරේරා Monday, 27 June 2016 01:46 PM
මීට ගොඩක් ඉස්සර නේද මේක වෙන්න තිබුනේ (බ)
කවි Tuesday, 28 June 2016 06:48 AM
මෙයාට ජන පදනමක් නැහැ. ගියපාර ඡන්ද 5000 යි ගන්න පුළුවන් වුණේ. ලබන පාර ඇපත් නැතිවෙනවා (නි)
අසංක Monday, 27 June 2016 02:25 PM
රට බේරා දුන් අභීත සෙන්පති සරත් ෆොන්සේකා සෙනවි තුමාට බුදු සරණින් දෙවි රැකවරණින් යහපතක්ම වේවා !!! ඔබතුමාට මුළු රටම ණයගැතියි ..(බ)
හේමන්ත Monday, 27 June 2016 02:23 PM
බොහොම අගෙයි එතුමා වටහාගෙන තිබෙනවා තමා කවුද යන වග. නොලැබෙන ඡන්ද වලට වඩා නිකන් ලැබෙන ටිකට් එක මොන තරම් අගේද. (බ)
තිලක් - නුවර Tuesday, 28 June 2016 06:55 AM
අපේ රට සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලුනේ මොහුගේ සුදු කොඩි කතාව නිසා නේද? ඇයි එහෙම මුළු රටම පාවාදුන්නේ? මොහු හා සම සමව ත්‍රිවිධ හමුදාවේ සියලු සේනාධි නායකයෝ යුද්ධයට නායකත්ව දුන්නා. මොහු ඔලුවේ තියාගන්න මිනිස්සු පොඩ්ඩක් හිතන්න. විශ්‍රාම යන්න ඉන්න කෙනා ගෙනාවේ ඔහු හොඳ නිසා, එය තීරණය කළේ හොඳ ප්‍රබල නායකත්වයක් අපිට තිබුන නිසා. එහෙනම් ඇයි අනිත් නායකයන්ට මොහුගේ සහය අරගෙන යුද්ධය නැවැත්තුවේ නැත්තේ? (නි)
සුසන්ත Monday, 27 June 2016 02:30 PM
ඔය පක්ෂෙන් ඉල්ලලා ජනතාව ප්‍රතික්ෂේප කරලා කුණු කුඩේට දැම්ම කෙනෙක්ට පිනට මන්ත්‍රී කමකුත්, ඇමති කමකුත්, කෝටි 7ක් වටිනා වාහන ඇතුළු අතිසුඛෝපභෝගී සැප පහසුකමුත් දුන්නට පස්සේ ඉතින් වෙන මොනවා කරන්නද දිගටම අලි නැට්ටේ එල්ලෙනවා ඇරෙන්න! (බ)