IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සරත් ෆොන්සේකා යුද්ධ කළ හැටි කියයි

යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ කාරියකගේ ප්‍රහාරයට ලක්වූ තමා ගමන් ගත් කාරය පසුගිය ආණ්ඩු සමයේ වෙන්දේසි කළ බවත්, පැවැති ආණ්ඩුවට නොදැනෙන්නට වෙනත් අයකු ලවා එම කාරය තමාම මිලදී ගත් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික රූපවාහිනියේ හෙළිදරව්ව වැඩසටහනේ දී කීවේය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ තමා රිමාන්ඩ් බාරයේ සිටි කාලයේ අධිකරණයේ බංකුවක් මත සිටිය දී, තමා මරා දැමීමට බෝම්බකාරිය කොළඹට ගෙන ආ කියන පුද්ගලයා ද එහි වාඩිගෙන සිටි බවත්, එම බෝම්බ ප්‍රහාරයෙන් නොමළොත් තමා මරා දැමීමට තවත් බෝම්බ කාරියක රැඳී සිටි බව ඔහු කී බවත් ෆොන්සේකා මහතා පැවසීය.

යුද හමුදා ජීවිතයේ  අත්දැකීම් හා යුද්ධය කළ ආකාරය ගැන ද ඔහු විස්තර කළේය.

(වීඩියෝ ජාතික රූපවාහිනියෙනි)



අදහස් (0)

සරත් ෆොන්සේකා යුද්ධ කළ හැටි කියයි

ප්‍රියන්ත Thursday, 21 May 2015 01:53 AM

ඔබ වැනි සෙන්පතියෙකු අපේ රටට අභිමානයක් (නි)

:       0       0

මලික් Thursday, 21 May 2015 08:43 AM

ඇත්තම නේන්නම් ශ්‍යාමා කුමාරි කල එලි බහින්නේ මැතිවරණයක් කිට්ටුව දේශපාලන කණ්ඩායම් වලට ආඩපාලි කියන්න. (ර)

:       0       0

යමින්ත Thursday, 21 May 2015 02:14 AM

ඔබ ඇත්තෙන්ම නියම වීරයෙක් (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 02:15 AM

තමන්ගේ හමුදා මුලස්ථානය ඉදිරිපිටදී තමන්ට ප්‍රහාරයක් එල්ල වුණා නම් ඒකේ ලැජ්ජාව අපිට නම් නෙමෙයි මහත්තයෝ. (නි)

:       0       0

ශිරන්ති Thursday, 21 May 2015 08:53 AM

ගයාන්,චින්තා කුමාරි යනු ශ්‍යාමා කුමාරිගේ නිවුන් සොහොයුරියයි. තව විදියකින් කිව හොත්,පිවිතුරුගේ සහ බන්දුල පෙරේරාගේ ද නිවුන් සොහොයුරියයි.(නදී)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 02:21 AM

එතකොට නාවුක හමුදාව, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක අය? (නි)

:       0       0

චින්තා කුමාරි රත්නමල්ල Thursday, 21 May 2015 02:24 AM

යුධ විරයාණනි, අභීත රණවිරුවාණනි, ඔබ තුළ ඇති වීරත්වය සහ ජාතික හැඟීම තවදුරටත් අප රටට පළකරන්නට දැන් හොඳම අවස්ථාවක් උදා වී ඇත. ඔබ මන්ත්‍රී ආසනයක් සඳහා සටන් කරනවාට වඩා රට බේරාගැනීම සඳහා නැවත පියවර තබනවා නම් රටේ ජනතාව ඔබට දේවත්වයෙන් ගරුකරාවි. මන්ත්‍රීකමට එහා ගිය නායකත්වයක් ඔබට ජනතා ප්‍රසාදයෙන් ලැබේවි. මට මතක හැටියට යහපාලනය යන වචනය කරළියට ගෙනාවේ ඔබය. එසේනම් උතුරේ සිට දකුණ දක්වා එක රජයක් යටතේ නැවත රට එක්සේසත් කරන්නට ඔබට බැරි නැත. මේ ගැන සළකා බලන්නට යැයි මා වැනි කදෝපැණියෙක් ඔබට කිවයුතු නැති බව මම දනිමි. ඔබම සිතන්න. ඔබට කළ නොහැකි දෙයක් නැත. (නි)

:       0       0

සෑම් Thursday, 21 May 2015 02:25 AM

යුද්ධයට දුන් නායකත්වය වෙනුවෙන් අපි බොහෝ ගෞරව කරනවා. නමුත් ඔබතුමා මේ රටේ ඊළඟ දේශපාලන නායකයා වියයුතුයි කියලා වැඩිදෙනෙක් හිතුවේ නැහැ. එළාරත් එක්ක යුද්ධය දිනුවට පස්සෙ දස මහා යෝධයින්ගෙන් එකෙක් මේ රටේ රජවිය යුතුයි කියලා කිසිකෙනෙක් හිතන්න නැතුව ඇති. යුධ නායකත්වය හා දේශපාලන නායකත්වයේ වෙනස නිවැරදිව තේරුම් ගත්තා නම් ඔබතුමාට සිදුවූ බොහෝ දුක් ගැහැට වළක්වාගන්න තිබුනා. ඒවට වගකිවයුත්තේ ඔබතුමාව වටකරගෙන ලණු ගිල්වූ අයයි (නි)

:       0       0

ශිරන්ති Thursday, 21 May 2015 11:42 PM

පිවිතුරු යහපාල අයියේ,ඔයා ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ.ඔයා දන්නේ නැහැ පිටරට ඉගෙනගන්නා සිසුන් මුදල් හොයන ක්‍රමවේදය මොකද්ද කියලා.මගේ සොහොයුරියත් පිටරටක උසස් අධ්‍යාපනය ලැබුවේ.අපි මධ්‍යම පාන්තිකයෝ.බොහොම අමාරුවෙන් අතමාරුවට සල්ලි හොයාගෙන එම විශ්ව විද්‍යාලයේ පළමු කාර්තුවේ ( ඒක තමයි නීතිය ) ගෙවීම ලංකාවේදී කරනු ලැබුවා.ඉන්පසු මාගේ සොහොයුරිය එම රටට ගොස් තාවකාලික රැකියාවන් කර,මුදල් උපයා විශ්ව විද්‍යාල ගාස්තු වරින්වර ගෙවා උපාධිය සම්පුර්ණ කරනු ලැබුවා.ඒ නිසා අභූත චෝදනා එල්ල කරන්න එපා නොදන්නා දේවල් වලට.ඔබ කියනා විදියට පිටරට ඉගෙනගන්නා සියලු සිසු සිසුවියන්ගේ දෙමව්පියෝ හොරුන් නොවන බවත් කරුණාවෙන් සළකන්න. (නි)

:       0       0

විජිත් Thursday, 21 May 2015 02:51 AM

එළාර දුටුගැමුණු පාලන ක්‍රමයක් අද නැහැ. අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ෆොන්සේකා මහතාට වුණත් ඡන්දයක් සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන් (නි)

:       0       0

සමින්ද Thursday, 21 May 2015 09:26 AM

රටවැසි සියලු දෙනා මෙය බැලිය යුතුයි (නදී)

:       0       0

සමන්ති Friday, 22 May 2015 12:42 AM

පිවිතුරු යහපාල, ලොකු ලොකු අයගේ පුත්තු ඉගෙනගන්න ගියේ කාගේ සල්ලි වලින්ද? (නි)

:       0       0

විමල් Thursday, 21 May 2015 02:53 AM

ෆීල්ඩ් මාර්ෂල් මැතිතුමනි, ඔබගේ කැපවීමෙන් පරාජයකළ බෙදුම්වාදී ත්‍රස්තවාදය නැවත රට තුළට එන්නේ කවුරුත් නිශ්ශබ්දව සිටියදීය. විදේශ අමාත්‍යාංශය රටට ආදරය නම් රණවිරුවාගේ ජීවිත කැපකිරීමෙන් දිනු දේශය රැකගන්නට සුදානම් නම් රණවිරුවාගේ කැපවීම අගය කරනවා නම් ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු කළයුතු බව ඔබද පිළිගන්නවා ඇත. දැවැන්ත හඬක් නගන්න. ඔබේ හඬ වටා දහසක් දෙනා රොක්වනු ඇත. එය රටේ අනාගතයේ උපදින දරුවන් වෙනුවෙන් සදාකාලිකව රැකෙනු ඇත. ඔබට ජය! (නි)

:       0       0

සුදේශ් Thursday, 21 May 2015 03:06 AM

සෑම්, ඔයා හරි. ෆොන්සේකා මහත්තයාට තාම ඕක තේරිලා නැහැ. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියලා කියමනක් තියෙනවා. (නි)

:       0       0

සෙනරත් Thursday, 21 May 2015 03:12 AM

2005 -2010 වනතුරු රජයේ (මහජනතාවගේ) සියලු වරප්‍රසාද ලබා 2010දී කොහොමද එය දූෂිත ආණ්ඩුවක් වුණේ? නාවික හමුදාව, ගුවන් හමුදාව කුමක්ද කළේ යුද්ධයේදී? (නි)

:       0       0

විජේරත්න Thursday, 21 May 2015 03:16 AM

ඔබතුමාට කවුරු මඩ ගැහුවත් ඔබතුමාගේ විශිෂ්ටත්වය සඟවන්න අමාරුයි (නි)

:       0       0

ගාමා Thursday, 21 May 2015 03:21 AM

කසුන් නොදන්නා දේ කතා නොකර ඉන්න (නදී)

:       0       0

කුමාර Thursday, 21 May 2015 04:09 AM

ඔබතුමා ජාතික වීරයෙක් එ්කේ වචන දෙකක් නෑ, එ්ත් මැතිතුමනි ඔබ අදහස් ඉදිරිපත් කරන විලාශය සහ සමහර වචන හසුරුවන ආකාරය ඔබතුමාගේ නිලයට තරම් නොවන බවයි මගේ මුල සිටම හැගීම. අපි එකතුවෙමු එකතු වෙලා අපේ මවු බිම සංවර්ධනය කරමු. එ්ත් ඔබතුමා ජරා දේශපාලනයට එන්න එපා.(නදී)

:       0       0

ගමගේ Thursday, 21 May 2015 04:10 AM

සෑම් ඉතිහාසය හරියට දන්නේ නැහැ වගේ. එළාර එක්ක මුහුණට මුහුණ සටන් කලේ ගැමුණු මහරජතුමා මිස දසමහ යෝධයෝ නෙවි. අපේ හිටපු ජනපති අන දුන් බව ඇත්ත එ්ත් එතුමා ආරක්ෂකයෝ වට කරගෙන හිටියේ. (නදී)

:       0       0

නිතේෂ් Thursday, 21 May 2015 04:13 AM

දුටුගැමුණු රජතුමා අද කාලේ ජනාධිපතිලා එක්ක සම කරන්න එපා. එතුමා දුන්නේ දේශපාලන නායකත්වයක්ම නෙමෙයිනේ. එතුමත් කඩු අරගෙන යුද්දෙට ගියානේ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 21 May 2015 04:15 AM

මෙතුමාව එදා ජනාධිපති කරවන්න නොලැබුන නිසා අද අපි විඳවනවා. ඉදිරි පරම්පරාවටත් විඳවන්න සිද්ද වෙනවා. සදා කල් විඳවන්න සිද්ද වෙනවා. (ස)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 21 May 2015 04:18 AM

මෙතුමා යුද්ද කල හැටි අපි සජිවිව දැක්ක. පස්වරක් ජීවිතය පරිත්‍යාග කරන්න ඉදිරියටම ගිය හමුදා නායකයෙක්. අනුරාධපුරෙන් එහාට නොගිය අයට මොන යුද්ධද? (ස)

:       0       0

මනෝජ් Thursday, 21 May 2015 04:19 AM

ඉහත අදහස් දිහා බැලුවහම මට හිතෙනවා අපේ සමහරක් මිනිස්සු කන්නේ පුන්නක්කුද කියල. එල්ටීටීඊ කාරයෙක්ට ගලකින්වත් ගහපු නැති අයට කිසිම අයිතියක් නැහැ යුද වීරයෙක්ට අපහාස කරන්න. බත් පැකට එකට බෝතලේට දේශපාලනය කරන අය කොහොමද දන්නේ අඩුම ගානේ රටේ යුද්දයක් තිබුනද කියල. ජනරාල් ෆොන්සේකා මහතා විතරයි කිව්වේ මම ඊළඟ හමුදාපතිට මේ යුද්දය ඉතිරි කරන්නේ නැහැ කියල. මහින්ද කලේ එතුමා ඇතුළු ත්‍රිවිද හමුදාව දිනාදුන් සාමය තමන්ගේ නෑ පරපුරත් එක්ක සැපසේ බුක්ති විඳපු එක. (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 May 2015 04:22 AM

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන්නේ ජාතික වීරයෙක්. එතුමාගේ නමවත්/නාම පුවරු පවා ඉවත් කලාට/නොතිබ්බට එතුමාගේ නම සමස්ත ජනතාවගේම සිත් සතන් තුල ජීවමානව තියෙනවා.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 21 May 2015 04:24 AM

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ඉතිහාසයෙන් මකල දාන්න ගිය අය අද වෙනකොට නිකම්ම මැකිලා ගිහින්. (නදී)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 04:31 AM

දේශපාලන නායකත්ව නැති නිසා 30 වසරක් අපිට වැරදුනා .(හේ)

:       0       0

අමල් Thursday, 21 May 2015 04:42 AM

නොදන්නා දේවල් නොකිය ඉන්න .(හේ)

:       0       0

සමන් Thursday, 21 May 2015 04:56 AM

දේශපාලනයට ඕන කෙනෙකුට එන්න පුළුවන්. (හේ)

:       0       0

රේණු Thursday, 21 May 2015 05:18 AM

රෙද්ද අස්සේ සර්පයො දාගෙන කනවෝ කනවෝ කියනව වගේ වැඩක් උනේ. එතුමාව මරන්න උවමනාවක් සතුරාට තිබුන බව සැබෑව. නමුත් තමන් ලඟම ඉන්න විශ්වාසවන්තයන් හරහාම ඒ මාරය පැමිණීම කාගේ දුර්වලතාවයක්ද කියන එක තේරුම් ගන්න ඕන. (ස)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 21 May 2015 05:22 AM

අමතක කරලමු පැරණි කතා එක් වෙමු ජාතියේ දිවුන පතා. (ම)

:       0       0

රේණු Friday, 22 May 2015 03:36 AM

අද කර්නල් ෆොන්සේකා ලෙස විශ්‍රාම දිවිය ගෙවන්න ඉඩතිබුන ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාව එම තැනට අරගෙන අවේ කවුද කෙසේද යන්න මුළු රටම දන්නා දෙයක් අද (ම)

:       0       0

ප්‍රකාශ් Thursday, 21 May 2015 12:32 PM

මෙයා කරපු ලොකුම ද්‍රෝහී කතාව තමයි සුදු කොඩි කතාව.නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති කළ කාර්යභාරය ගැන මොකුත් කියන්නේ නැති එක ගැන කණගාටුයි (නි)

:       0       0

රේණු Friday, 22 May 2015 03:36 AM

සුදුස්සාට සුදුසු තැන දුන්නු පුදගලයා ජනපතිතුමාට අපගේ ප්‍රණාමය (ම)

:       0       0

ජයසිංහ Thursday, 21 May 2015 05:38 AM

අවසානයේදී නියම යුද විරුවාට සවන් දෙන්න අපිට හැකි උනා. ලක්මවට ඔබ නොලැබුණානම් ඇය බෙදී වෙන්වී යාම වලක්වන්න කාටවත් බැරිවෙන්න තිබුණා. එතුමා වැනි වීර පුතෙක් දුන් ලක්මවට අපේ උපහාරය. (ම)

:       0       0

රේණුකා Thursday, 21 May 2015 12:39 PM

මේ පොන්සේකා මහත්තයා යුද්ධය කරපු එකට අපේ ගරුත්වයක් තිබුනා. ඒත් සුදු කොඩි කතාවෙනුත් පසුව කරපු සහ කියපු දේවල් නිසා මොහුගේ ප්‍රතිරූපය කෙලෙසුනා. දේශපාලනයට නුසුදුසු මොහු මහින්ද මහත්මාගෙන් සහ ගෝඨාභය මහතාගෙන් සමාව ගත යුතුයි.(නදී)

:       0       0

ටානියා ෆොන්සියානු Thursday, 21 May 2015 12:46 PM

රේණුකා අක්කේ, දවල්ද...? (නි)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 05:47 AM

අතීතයේ ඇලීම සහ අනාගතය සිහින දැකීමට වැඩිය වර්තමානයේ සිහියෙන් සිටීම වැදගත් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 05:56 AM

දුල දෙන්නෙකුට ඇමෙරිකාවේ යවල උගන්නන්න තරම් වැටුපක් හමුදා නිලධාරියෙකුට ලබෙන්න නම් විදියක් නැහැ. රජයෙන් එහෙම වියදමක් දැරුවා නම් ඒක පොදු දේපල පනත උල්ලංගනය කිරීමක්. මන් හිතන්නේ වැඩේ ඇත්ත නම් ගෝටාභය මහත්තයවත් ඇප නැතුව රිමාන්ඩ් කරවන්න තිබුනා. ඒ වගේ වියදමකට අනුමැතිය දුන්නට. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 05:56 AM

තමන්ගේ හමුදා මුලස්ථානය ඉදිරිපිටදී තමන්ට ප්‍රහාරයක් එල්ල උනානම් එ්කේ ලැජ්ජාව අපිට නම් නෙමෙයි මහත්තයෝ. (නදී)

:       0       0

ලලිත් Thursday, 21 May 2015 05:58 AM

පිවිතුරු යහපාල ලැජ්ජාව ගැන කතා කරනවා. අපිට නම් ලජ්ජා යුද්ධය ජය ගත්තේ එක පවුලක් කියල මේ සළු වඩන නිලමෙලා බෙරිහන් දෙන එක. (නදී)

:       0       0

චතුර Thursday, 21 May 2015 12:53 PM

මහින්ද මෙතුමා නැවත සේවයට ගත්තේ නැත්නම් අද කවුද මේවා ගැන කතාකරන්නේ? (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 21 May 2015 06:16 AM

දිස්නා, ලලිත්, කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)

:       0       0

ජොනී Thursday, 21 May 2015 06:18 AM

මෙතන ඉන්නා කවුරුන් උඩුබිරුවද මහමෙරක් සේ ඉන්නා යුධ විරුවා නොසැළෙනු ඇත. (නි)

:       0       0

නුවන් Thursday, 21 May 2015 06:25 AM

මේ අදහස් දාන ගොඩක් අය කාගෙහරි මතයක් හිතේ තියාගෙනයි ලියන්නෙ. දියුණුවන රටකට එක් ගුවන් තොටකට වඩා 2ක් තිබීම උපාය මාර්ගිකව වැදගත්. මතක නැද්ද අපේ ගුවන් තොටුපළට කොටි ගහපු වෙලාවෙ මෙහේ ලෑන්ඩ් කරන්න නියමිතව පියාසර කරමින් තිබුන යානා ගොඩබැස්සුවෙ ඉන්දියාවෙ හා අසල්වාසී රටවල. ඒ විතරක්ද? ඒ අයට හෝටල් පහසුකම් දෙන්නත් වුණා. ස්වභාවික විපතකදී වුණත් තව එකක් දුරස්ත පළාතක තිබීම ඉතා වැදගත්. මත්තල ගුවන් තොටුපළකට හොඳ නැහැ කියන්න බැහැ. ආර්ථික වශයෙන් වෙනත් දේකට යොදවන්න බැරි ඉඩම් තමයි මේ වගේ දේකට යෙදවිය යුත්තේ. කුරුල්ලන් එළවීමට ලෝකයේ බොහෝ ගුවන්තොටවල වෙනමම අය ඉන්නවා. ලංකාව වගේ රටවල මේක ටිකක් වැඩිවිය හැකියි. සිල්ලර කඩයක්වත් දාපු ගමන් ලාබ ලබන්නෙ නැහැ. (නි)

:       0       0

නුවන් Thursday, 21 May 2015 06:26 AM

ඔබතුමාට සේවා දිගුවක් දීලා නැවත කැඳවලා හමුදාපති කළේ හිටපු ජනපති නේද? ඵ් ගැනත් මතක් කරලා දුන්නා නම් නේද හොඳ? මේ දෙන්නා අතර ප්‍රශ්න ඇතිවුණේ යුද්ධය දිනුවට පස්සෙනෙ. (නි)

:       0       0

සමන් Thursday, 21 May 2015 06:28 AM

පිවිතුරු යහපාල, දිස්නා ඇතුළු ඔය අය කොච්චර දැඟලුවත් නැවත මහරජතුමා බලයට ගෙනෙන්න තරම් මිනිස්සු මේ රටේ නැහැ. (නි)

:       0       0

ඉන්දික Thursday, 21 May 2015 06:29 AM

කෙසේ වෙතත් දැන් අපිට නැවත මහින්ද සහ ගෝඨාභය වැනි නායකයන් අවශ්‍ය කර තිබේ. දැනටමත් උතුරේ කලබල පටන්ගෙන ඇත. (නි)

:       0       0

නුවන් Wednesday, 20 May 2015 04:52 PM

ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාටත් මේ හා සමාන දෙයක් වුණා නේද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 21 May 2015 06:45 AM

තමන්ව ගැළවීමේ හමුදාවකටවත් සුදුසු නැහැ කියපු, යුද්ධය කවුරු මොනවා කිව්වත් අසාර්ථකව ඇදී ඇදී යනවා කියපු, තොප්පිගල කැලෑවක් කියපු, ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු, පාමංකඩ අලිමංකඩ කිලිනොච්චි මැදවච්චි පටළවාගත්, යුද්ධයට හැකි සැම බාධාවක්ම කළ, යුධ ජයග්‍රහණයට අවමන් කළ පිරිසක් එක්ක එකට හිටගත් දවසේ සිට අපිට නම් මෙතුමා ගැන තිබුණු ගෞරවය නැතිවුණා. (නි)

:       0       0

යසස් Thursday, 21 May 2015 06:49 AM

ඔබ අපිට පමණක් නොව මුළු ලොවටම ආඩම්බරයක් (නි)

:       0       0

යහපාල Thursday, 21 May 2015 06:51 AM

ඔය දැන් දේශපාලන පලිගැනීම් කරනවා කියල මොර දෙන අය, මේ සෙන්පතියාගෙන් පළි ගත්ත හැටි අමතකද? දිට්ට දම්ම වේදනීය කර්මය. (නදී).

:       0       0

අවන්ත Thursday, 21 May 2015 07:07 AM

ඕවා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මහත්තයෝ (නි)

:       0       0

ජානක Wednesday, 20 May 2015 05:43 PM

මේ මොකද දැන් මෙයාට වෙන්නේ ? (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 20 May 2015 06:05 PM

සත්‍ය ජයගන්නවා. එ්ක අපි දන්නවා මෙතුමාට කරපු දේවල් දැන් ඒ ගොල්ලෝ විඳවනවා. (නදී)

:       0       0

ටෙනිසන් Thursday, 21 May 2015 07:32 AM

දෙකඩ වෙන්න ගිය රට ඉන් මුදාගැනීමට ඔබත් ප්‍රධාන සාධකයක් වුණා.එහි සම්පූර්ණ ගෞරවය අපි ඔබට දෙන්නම්. ෆීල්ඩ් මාර්ෂල්තුමනි, ටිකක් නැවතී ආපසු හැරී බලන්න. අද රට නැවත ගමන් කරන්නේ කොතනටද? ඇයි ඒ ගැන නිහඬ? එදා ඔබ සටන්කළේ රට ගැන සිතානම් අදත් ඔබ එතන සිටිය යුතුයි. දේශපාලන අසූචි වලට පනින්න පෙර ටිකක් සිතන්න. සදා වීරයකු විය හැකියි එදා මෙන්ම අදත් කොන්ද කෙළින් තිබුනොත්. (නි)

:       0       0

විජයබාහු Thursday, 21 May 2015 07:31 AM

මෙයත් කතන්දර හදනවා වගෙයි (නි)

:       0       0

අරුණ Wednesday, 20 May 2015 07:19 PM

මේවා කියන එක හොඳයි, නොදන්නා අයට දැනගන්න (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 21 May 2015 07:37 AM

රේණුකා, කොටි නැසීමේ මෙහෙයුමේදී කළ මෙහෙවරට ගිය රජයෙන් සම්මාන ලැබූ ඔහු පසුව සුදු කොඩි කතාව කී වරදට ලැබුණු දඬුවම පළිගැනීමක් ලෙස හුවාදැක්වීම කරුණු විකෘති කිරීමකි. (නි)

:       0       0

රිතික් රෝහිත් Thursday, 21 May 2015 07:41 AM

සමන් අයියා, ඕගොල්ලෝ කොච්චර නෑ කිව්වත් ඕගොල්ලන්ට මහින්ද භීතිකාව තදේට තියෙනවා නේද? නැත්නම් ඉතින් පිවිතුරු යහපාල, දිස්නා වගේ අයට වගපල කියාගෙන ඔච්චර වදවෙන්න ඕනෑද? (නි)

:       0       0

සහන් Thursday, 21 May 2015 08:01 AM

මනෝජ් ඔයාගේ කතාව හරියටම හරි, ජනරාල් ෆොන්සේකා මහතා විතරයි කිව්වේ මම ඊළඟ හමුදාපතිට මේ යුද්ධය ඉතිරි කරන්නේ නැහැ කියලා. (ර)

:       0       0

දිස්නා Wednesday, 20 May 2015 07:59 PM

ඒක නෙමෙයි මහත්තයෝ,ඔයාගේ ඔය ගමනට හිටපු ජනාධිපතිතුමා මොනම දෙයක්වත් කරලා නැද්ද?නැහැ, මේ දන්නේ නැති නිසා අහන්නේ.කමක් නැහැ මහත්තයෝ, අපිට මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 20 May 2015 08:32 PM

දැන් යාපනයේ තත්වය ෆීල්ඩ් මාෂල් දන්නේ නැහැ වගේ (නදී)

:       0       0

අංජන Thursday, 21 May 2015 08:11 AM

සමහරුන්ට නම් බොහොම තරහා ගිහින් වගෙයි (නි)

:       0       0

අවන්ත Thursday, 21 May 2015 08:11 AM

මේවා කියන එක හොඳයි දැනගන්නත් එක්ක (නි)

:       0       0

යහම්පත් Thursday, 21 May 2015 08:11 AM

තවත් මොනවට ඕවා කියනවද? (නි)

:       0       0

ප්‍රශාන් Friday, 22 May 2015 01:04 PM

අනේ අපිට මේවා කියන්න එපා (නි)

:       0       0

නිරාන් Thursday, 21 May 2015 08:12 AM

රට බේරාගත් උතුමාට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

යටවත්ත Wednesday, 20 May 2015 10:44 PM

ඔබ සැබෑ වීරයෙක් (නි)

:       0       0

විකුම් Wednesday, 20 May 2015 11:42 PM

ඔබතුමාගේ කැපවීම සහ යුද්ධ කළ ආකාරය හරියාකාරව නොදන්නා අය බොහෝය. (නි)

:       0       0

මර්වින් Thursday, 21 May 2015 08:20 AM

මුළු ලංකාවට ඔබට ණයගැතියි (නි)

:       0       0

ගයාන් Thursday, 21 May 2015 08:25 AM

මේ චින්තා කුමාරි රත්නමල්ල කියන්නේ පසුගිය කාලයේ මායිම් ගම්මානයක ඉන්නවා කියලා මෙතැන මඩ නාගත්ත එක්කෙනා නේද? හැමෝම ඇහුවා පරිගණක භාවිතය ඉගෙනගත්තේ මායිම් ගම්මානයෙන්ද මෙච්චර ප්‍රගතිශීලි අදහස් ගමක අහිංසක කාන්තාවකට ලැබෙන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

සමන්ති Thursday, 21 May 2015 12:55 AM

දිස්නා, කුදලා ඇදගෙන ගිහින් නිල ඇඳුම් ගලවලා දැම්මේ. එහෙම සැලකිල්ලක් දීපු රටක් තියෙනවද?(නදී)

:       0       0

කසුන් Thursday, 21 May 2015 01:10 AM

හිරේට දැම්මෙ පළිගන්නලුනේ. ඒක ඇත්තක් කියලා හිතමුකෝ. එතකොට අර සුදු කොඩි කතාව ආදියට මොනවද දෙන උත්තර? ඒවා හරිද? අනික මහින්ද ගෝඨා මොකුත්ම කලේ නැහැ කියලා හිතමුකො. එතකොට නාවුක ගුවන් හමුදා? (නි)

:       0       0

කරුණාදාස Thursday, 21 May 2015 01:11 AM

මේ ම‍ොනවා කිවුවත් සමහරුන්ට ඇත්ත තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

රේණුක Thursday, 21 May 2015 01:25 AM

දිස්නා හරියට බබා වගේනේ.මේ වගේ උතුම් පුද්ගලයෙක්ව ඇදගෙන ගිහිල්ලා හිරේ දාපු හැටි අමතකද?ඒවායේ පාපය තමයි ඔය කවුරුත් විඳවන්නේ.යුද්ධයේ කුරිරුබව බිහිසුණුබව දන්නේ යුද්ධයට සජීවීව මුහුණ දුන් අය මිසක් කොළඹ ඉඳගෙන පපුවට දෑතින්ම ගහගෙන බොරුවට කිඹුල් කඳුළු හළපු අය නෙමෙයි (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Thursday, 21 May 2015 08:36 AM

රිතික් රෝහිත් (පිවිතුරු යහපාල, දිස්නා) නමැත්තාට ජයවේවා ..! එකම කෙනා. අපි අහුවෙයි. (ර)

:       0       0

තරංග Thursday, 21 May 2015 07:14 PM

යුද්ධය තිබෙන පැත්ත පළාතක නොගිය අය යුද්ධය මෙහෙයවූ මෙතුමාට බනින එක මොන විහිළුවක්ද? (නි)

:       0       0

යාපා Thursday, 21 May 2015 01:32 AM

නොකිවුවට අපි දන්නවා මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 45 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 104 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 193 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 530 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 357 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site