IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සිරීපාදෙ මැද රටද? සබරගමුවේද?

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ආරම්භ වී දිනකට පසු එහි එක් ප්‍රශ්නයකට පිළිතුරු දෙකක් පිළිගනිමින් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

බදාදා (09) ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගැයීම ආරම්භ කළ අතර එදින එක් පිළිතුරකට පමණක් ලකුණු ලබා දුන්නේය. පසුව බ්‍රහස්පතින්දා (10) සිට පිළිතුරු දෙකටම ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තු තීරණය කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළු සහගත ප්‍රශ්නයක් දැමීමෙන් සිසුන්  සහ ගුරුවරුන් අපහසුතාවට පත්වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ශ්‍රීපාදස්ථානය පිහිටියේ කුමන පළාතේදැයි එම ප්‍රශ්නය බවත්, ඊට පිළිතුරු ලෙස සිසුන් සබරගමු සහ මධ්‍යම පළාත් නම් කර ඇති බවත්, ගූගල් සිතියමට අනුව එය මධ්‍යම පළාතට අයත් බවත්, මිනුම් දෙපාර්තමේන්තුවට අනුව එය සබරගමු පළාතට අයත්යැයි විභාග දෙපාර්තමේන්තුව කියන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මෙවැනි ගැටළු සහගත ප්‍රශ්න දැමීමෙන් සිසුන් මානසික පීඩාවකට පත් වන බව කී ස්ටාලින් මහතා නැවත මෙවැනි ගැටළු ඇති නොවීමට විභාග දෙපාර්තමේන්තුව බග බලා ගත යුතු බව ද කියයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියනුයේ ශ්‍රීපාදස්ථානය අයත් වන්නේ සබරගමු දිස්ත්‍රික්කයට බවයි. ගූගල් සිතියමේ එය මධ්‍යම පළාතේ ලෙස සටහන් කර ඇති නිසා මධ්‍යම පළාත ලකුණු කළ සිසුනට ද ලකුණු දීමට තීරණය කළ බව ඔහු පැවසීය.

adams-peak1 adams-peak-2



අදහස් (0)

සිරීපාදෙ මැද රටද? සබරගමුවේද?

සජිත් Friday, 11 September 2015 03:30 PM

පොඩි දරුවන්ගේ පේපර් එකක් වත් හරියට හදාගන්න බැරි මහා ලොකු උගත්තු.!!!(අ)

:       0       0

රහීම් Saturday, 12 September 2015 12:05 PM

ශ්‍රී පාදය සබරගමුව සහ මද්‍යම පළාත දෙකටම මායිම් වෙනවා කුරුවිට සබරගමුවට නල්ලතන්නිය මධ්‍යම පළාතට (නදී)

:       0       0

ඡන්දි Saturday, 12 September 2015 02:44 AM

සමන් පිච්ච මලේ පෙති ගණන දන්නා, එහෙත් සමන් පිච්ච මල දැක හදුනා ගත නොහැකි, රත්මලේ පෙති ගණන ඔත්තේ ද ඉරට්ටේ ද කියා දන්නා නමුත් රත්මල නොදන්නා ළමුන් බිහිකරන, දරුවන්ගේ අභාග්‍යකට පවත්වන විභාගයක් (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 12 September 2015 02:52 AM

මේ වගේ හරයක් නැති ප්‍රශ්න අහන්නේ ඇයි? (නදී)

:       0       0

ගමගේ Saturday, 12 September 2015 04:05 AM

මෙම ප්‍රශ්නයට නිසි පිළිතුර ප්‍රශ්නය හදන අයත් නොදැන සිටි බව මෙයින් තේරුම් ගත හැකිය. (නදී)

:       0       0

නිශාන්ත - අබුඩාබි Saturday, 12 September 2015 04:18 AM

ශිෂ්‍යත්ව විභාගය ගැන චන්දිගේ පැහැදිලි කිරීම ඉතා නිවරදියි "සමන් පිච්ච මලේ පෙති ගණන දන්නා, එහෙත් සමන් පිච්ච මල දැක හදුනා ගත නොහැකි. රත්මලේ පෙති ගණන ඔත්තේ ද ඉරට්ටේ ද කියා දන්නා නමුත් රත්මල නොදන්නා ළමුන් බිහිකරන " අද මේක නේද දරුවන්ට වෙලා තියෙන්නේ (නදී)

:       0       0

චින්තන Monday, 14 September 2015 11:54 AM

මා ළඟ ඇති මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් පොතකත් ශ්‍රීපාදය තියෙන්නෙ මධ්‍යම පළාතෙ (බ)

:       0       0

ධනුෂ්ක Saturday, 12 September 2015 04:26 AM

ලංකාවේ භුගෝල විද්‍යාව කියන විදිහට ළමයි ඉගෙනගන්න ඕනි. නැතුව ඇමරිකානු ගූගල් විදිහට නොවේ. ඒඅනුව විභාග කොමසාරිස් තුමා හරි. ශ්‍රීපාදය සබරගමුවේ. අනික ගූගල් සිතියම් වැරදි අවස්ථා තියනවා. හොඳ ප්‍රශ්නයක්! (නදී)

:       0       0

අරවින්ද Saturday, 12 September 2015 04:38 AM

මධ්‍යම පළාත නිවැරදියි. එත් ඔය ප්‍රශ්නේ නම් මහා මෝඩ එකක්. (අ)

:       0       0

මෙහොමඩ් Saturday, 12 September 2015 05:19 AM

මේවගේ ප්‍රශ්න අහල ළමයින් මොළ නරක වෙන එකයි වෙන්නේ (අ)

:       0       0

දර්ශ Saturday, 12 September 2015 05:37 AM

මේකේ නම "ශ්‍රී පාදය" හෝ "සමනල කන්ද" කියල වෙනස් කරන්න බැරිද ? මොකක්ද මේ ගුගුල් සිතියමේ තියෙන නම ?(අ)

:       0       0

Farzan Samman Saturday, 12 September 2015 05:41 AM

රටේ අනාගත බුද්ධිමතුන් වදකරන මග තමා මේ ශිෂ්සත්ව විභාගය. 1. මෙවන් ගැටලු සහගත ප්‍රශ්න මගින් වැඩිහිටියන් විසින් ළමුන්ට දෙන අධික මානසික පීඩනය නිසා (අ)

:       0       0

ඉෆ්රාන් Friday, 11 September 2015 11:33 AM

උගත් පිරිසක් නේද ප්‍රශ්න පත්තරේ හදන්නේ පොඩි ළමයින්ට කරන වැඩ.. (අ)

:       0       0

දර්ශන Saturday, 12 September 2015 05:50 AM

මේ ප්‍රශ්නයේ කිසිදු අවුල් සහගත කමක් නැහැ .. වැරැද්ද තිබෙන්නේ ගුගුල් සිතියමේ...ගුගුල් සිතියම මෙතනට අදාල කර ගන්නත් බැහැ... මොකද ගුගුල් සිතියමේ තියෙන්නේ "ඇඩම්ස් පීක් " කියල ප්‍රශ්නය අහල තියෙන්නේ "ශ්‍රී පාදය" ගැන ඉතින් ශ්‍රී පදය තියෙන්නේ සබරගමුවේ.. මේ ගුගුල් සිතියමේ තියෙන නම වෙනස් කරන්න (සමනල කන්ද හෝ ශ්‍රී පාදය) අවශයි .. නැතිනම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව නැතුව ගුගුල් දෙපාර්තමේන්තුව විදියට නම වෙනස් කරන්න.. අනේ මෙහෙව් ලංකාවක් !(අ)

:       0       0

චමල් Saturday, 12 September 2015 05:54 AM

දර්ශ, ශ්‍රි පාදයට ඇඩම්ස් පීක් කියන්නේ ලෝකෙම ඉන්න කතෝලික සහ මුස්ලිම් අය පිළිගන්නේ මෙතන තියෙන්නේ බුදුන්ගේ පාදය නොව මෙම ස්ථානය තමයි ලෝකයට පළමුව පහල වුණ ආඩම් නම් පිරිමියා ලෝකෙට ගොඩබැස්ස තැන කියල. එනිසා අනාගතේදී අපිට සිරිපදයක් නැතිවීමට බොහෝදුරට ඉඩ තියෙනවා. කුරගලට වුණා වගේ . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 195 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 238 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 275 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 402 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 386 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 715 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site