IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘සිරිමාවෝ මැතිනිය අද නායකයන්ට ආදර්ශයක්‘

‘1978 ව්‍යවස්ථාව මඟින් නිර්මාණය කරන විධායක ජනපතිධුරය නිසා අනාගතයේ දිනෙක ආඥාදායකයකු බිහිවන බව එදා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සිරිමාවෝ මැතිනිය කීවා. මම ඊයේත් ඒ හැන්සාඩ් වාර්තා කියෙව්වා. ඊට එරෙහිව වීදි බැස සටන් කිරීමට සිදුවනු ඇති බව එදා සිරිමාවෝ මැතිනිය කී අනාවැකිය මට ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවන්න සිදුවුණා‘  යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (7)පැවැසීය.

ලොව ප‍්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ජන්ම ශත සංවත්වරය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ කරුණු කීවේය.

‘රටක් විදියට ගත්තාම, බණ්ඩාරනායක මැතිනියගේ තිබුණු විශිෂ්ට ගුණාංග, කාන්තාවක් ලෙසත් ඇයට තිබූ නායකත්ව, පෞරුෂත්ව ලක්ෂණ ඉතා විශිෂ්ටයි. අද නායකයන්ට ඇය ආදර්ශයක්. ඇය වංචාව දූෂණය පිටු දැක්කා. කිසිවකුටත් ඇයට චෝදනා එල්ල කරන්න බැහැ. අද අපේ රටට එවැනි නායකයන් අවශ්‍යයි. රටක නායකයන් බලය, බලය භාවිත කිරීම, ප‍්‍රබුද්ධ මානව සමාජයක් ගොඩනැගීම කෙරෙහි ඉතා හොඳ අධ්‍යයනයක් කළ යුතුයි‘ යැයි ද ජනාධිපති සඳහන් කළේය.  

sirimavo_201647 sirimavo_201647-2 sirimavo_201647-3jpg sirimavo_2016474



අදහස් (0)

‘සිරිමාවෝ මැතිනිය අද නායකයන්ට ආදර්ශයක්‘

ප්‍රදීප් Friday, 08 April 2016 06:17 AM

පාන් ගන්න පෝලිමේ හිටිය හැටි මතක නැතිව ඇති කාටවත් . (ම)

:       0       0

අජිත් Friday, 08 April 2016 06:45 AM

බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ සුළු ප්‍රමාණයක් සැප විදින විට බහුතරයක් දුක් වින්දා. හාල් පොලු, ආහාර සලාක, හැමදේටම පෝලිම, 1977 ඡන්ද ප්‍රථිපල එයට මනා සාක්ෂියක්. (බ)

:       0       0

කුරුවිට සුනිල් Friday, 08 April 2016 06:56 AM

සෑම් 77 තේ. ජේ . ආර්. ට රට දුන්නේ කවුද කියා අපි දන්නවා (බ)

:       0       0

කුරුවිට සුනිල් Friday, 08 April 2016 06:58 AM

සුගත් ගේ කතාව සම්පුර්ණ ඇත්ත (බ)

:       0       0

කමනි Friday, 08 April 2016 07:24 AM

හැත්තෑවේ ආර්ථික අහේනියේ නියමුවන්ට අද ලංකාවත් සින්ගප්පුරුවත් අතර වෙනෙස නොපෙනෙනේ හැටි. (ම)

:       0       0

ආනන්ද ආර්. Thursday, 07 April 2016 05:08 PM

සිරිමාවෝ මැතිනිය 1977 දී පරාජයවීම මුළුමහත් ජාතියේම පරාජයක් බවට පත්වුණා. අවංකවම එතුමිය ආදර්ශයට ගන්නා නායකත්වයක් ජාතියේ වාසනාව පිණිස වනු ඇත. (නි)

:       0       0

රනිල් Friday, 08 April 2016 07:43 AM

එ්ක ඇත්ත . කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියනවනේ (බ)

:       0       0

සෞදි සරත් Friday, 08 April 2016 07:44 AM

එතුමිය පක්ෂය අත හැර ගියේ නැහැ දැන් ඉන්න නායකයෝ කියා ගන්න අයට හොද ආදර්ශයක් (බ)

:       0       0

සරත් Friday, 08 April 2016 07:46 AM

එතුමියගේ ප්‍රජා අයිතිවසිකම් පවා නැති කළා එකල දුෂ්ට පාලකයෝ (බ)

:       0       1

රාවන් Friday, 08 April 2016 07:59 AM

එතුමියට වැරදුන තැන තමයි ඒකාධිපතියෙකු දේශපාලනයට හදුන්වාදීම. (බ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 April 2016 07:30 PM

කට ඇති වැඩ බැරි ආණ්ඩු වලින් නම් ජනතාවට කිසිදා වුණ යහපතක් නැත (නි)

:       0       0

නුවන් Friday, 08 April 2016 08:34 AM

අපේ රටේ අදායමෙන් 75% කම පිටරටට යන්නේ වාහන ආනයනය නිසා එදා උපාලි විජේවර්ධන මැස්ඩා, ෆියැට් ලංකාවේ එකලස්කරලා පිටරට යවන්න ගත් උත්සාහය ලත් තැනම ලොප් කළේ මෙයා තමයි. එහෙම නොවුනානම් අද අපේ රට කොහි තියේද (බ)

:       0       1

රුවන් Thursday, 07 April 2016 08:42 PM

හැබැයි ඉන්නකොට සමහරු ඇයව නොමරා මැරුවා. ප්‍රජා අයිතිය නැති කළා. යූඑන්පීය නැතිවුණේෙ ඒ වගේ වැඩ කළ නිසා. මහින්දට වුණෙත්, අද එෆ්සීඅයිඩී එක එරිලා ඉන්නේත් ඔය පළිගැනීම කියන අසුචි ගොඩේමයි. (නි)

:       0       0

යසන්ත Thursday, 07 April 2016 08:46 PM

සිරිමාවෝ මැතිනිය වැනි අයගේ අඩුව අද අපිට තදින් දැනෙනවා (නි)

:       0       0

භද්‍රානි Friday, 08 April 2016 09:06 AM

මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් වන්නේ, ආහාර, නිවාස, හා ඇඳුම්, කියන තුනනේ. හැබැයි ඒ කාලේ ඔය කියන තුනෙන් එකක් වත් හරියට තිබුනේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. නමුත් ඉන් පසුව පැමිණි ජේ. ආර් ජයවර්ධන මහත්මයාගේ රජය විශාල සමාජ පෙරලියක් සිදුකළා. නමුත් ජාතියක් වශයෙන් බඩ පිරුනාම මුල අමතක වෙන ස්වභාවයක් අපිට තියනවනේ. බොහෝ ගැටළු වලට එකත් ඒක හේතුවක්. කෙසේ වෙතත් ලොව ප්‍රථම අග්‍රාමාත්‍ය තුමියට නිවන් සුව! හා මාගේ ආචාරය (බ)

:       0       0

වින්සන්ට් Thursday, 07 April 2016 09:46 PM

ඔය කියන ආඥාදායකයා කව්ද? ඔහු බිහිවුණේ කවර දේශපාලන පක්ෂයකින්ද? වංචාව දුෂණය පිටුදකින නායකත්වයක් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ පැවතියේද නැත. මේවා ජනතාවට තේරුම් ගැනීමට පහසු නැත. (නි)

:       0       0

සෑම් Thursday, 07 April 2016 10:00 PM

එතුමියගේ පාලනයේ හොඳකම 1977 ඡන්ද ප්‍රතිඵලයෙන් පේනවා. ජනතාව 5/6 බලයක් ජේ.ආර්. ට දෙන්න වැඩ සිද්ධකළේ කවුද? අද තරුණ පරපුරෙන් ඇහුවොත් අඟහරුවාදායි සිකුරාදායි බත් කන එක තහනම් කළොත් කොහොමද කියලා ඒ අය කියාවි, "ෂෝක්නේ, අඟහරුවාදාට කේ එෆ් සී කාලා සිකුරාදාට මැකා යන්න පුළුවන්නේ" කියලා. නමුත් එකල හෝටල වල ඒ දින දෙකේදී තිබුනේ පාන්, මඤ්ඤොක්කා, බතල වැනි දේවල් පමණයි. දේශපාලන මතවේද කෙසේවෙතත් මම එතුමියට නිවන් සැප පතනවා! (නි)

:       0       0

එරික් Friday, 08 April 2016 12:06 AM

රට ආපස්සට ගිය කාලය ගැනත් අපිට බොහොම හොඳට මතකයි (නි)

:       0       0

උපාලි Friday, 08 April 2016 09:50 AM

මැතිනිය අවංකයි ගුණ ගරුකයි, නමුත් 70-77 කාලයේ ජනතාව ඉතා දැඩි පීඩාවකට පත් වුනා. රෙදි කැල්ලක්, පාන් ගෙඩියක් ගන්න දිග පෝලිම්වල කාලය මරන්න අපට සිදුවුනා. හාල් පොලු මිරිස් පොලු ගැන කියන්න උවමනා නැහැනේ. ළදරු කිරි පිටි ටිකක් ගන්න රෑ 12 ට විතර මම කාර්ගිල්ස් පෝලිමට එකතු වුනේ. නමුත් සමහර ඇමතිවරු කුකුල් කොටුවල ගොඩ ගසා තිබුන කිරි පිටිත් මැතිවරනෙන් පස්සේ හොයා ගන්න යෙදුන. (බ)

:       0       1

හරිශ්චන්ද්‍ර Friday, 08 April 2016 12:49 AM

සිරිමාවෝ මැතිනියගේ අවංකබව සහ ගුණගරුකබව කවදත් අමරණීයයි. (නි)

:       0       0

දිල්ශාන් Friday, 08 April 2016 10:41 AM

එතුමියට අපගේ උත්තමාචාරය.(හේ)

:       0       0

සුගත් Friday, 08 April 2016 01:24 AM

සම්පුර්ණ ඇත්ත. අපේ මිනිස්සු බඩ ගැන හිතලයි හැමදාම ඡන්දෙ දුන්නේ. 77ත් එහෙමයි, 2015ත් එකමයි. 70-77 වැඩපිළිවෙල දිගටම කළා නම් අද රට ගොඩක් ඉදිරියෙන්. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 08 April 2016 01:36 AM

සිරිමාවෝ රජය කාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාලන යුගයයි (නි)

:       0       0

නිමල් ලලිත Friday, 08 April 2016 01:38 AM

ගරු බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති අද තියෙනවද? (නි)

:       0       0

සේනක Friday, 08 April 2016 11:56 AM

ගරු සිරිමාවෝ මැතිණියගේ ජීවිතයේ අවසන් කාලයේ තනතුරු බදා ගන්න ගිහිල්ල එතුමියව චිත්ත පීඩාවට පත් කළේ කව්ද? එතුමිය මෙලොව හැරගියේ ඒ චිත්ත පීඩාව නිසා කියල ඒ දිනවල විවෘත රහසක් වෙලා තිබුණ. ඔය සූර රැජිණ තමයි එතුමියට ඒ පීඩාව ඇතිකළේ. දැන් ගුණ ගායනා කළාට උත්සව තිබ්බට ඇති පලේ මොකකක්ද? (බ)

:       0       0

පී. ඉලංගරත්න Friday, 08 April 2016 02:44 AM

සිරිමාවෝ මැතිනියනම් හොඳ බව කවුරුත් දන්නවා. (ස)

:       0       0

ඉමේෂ් Friday, 08 April 2016 02:44 AM

මට විජය මතක් වුනා පුත්‍රයා දැක්කම. (ස)

:       0       0

ඇසළ Friday, 08 April 2016 03:56 AM

අද සිරිමාවෝ හිටියා නම් පක්ෂයට වෙලා තියන දේ දැකලා මොනවා නොසිතෙයිද? (නි)

:       0       0

අජිත් Friday, 08 April 2016 04:10 AM

රටවල් හදන්නේ කොහොමද? මිනිස්සු බඩගින්නේ තියල? පුදුමේ කියන්නේ තාමත් අපේ රටේ ඉන්නවා පහුගිය වැරදි තේරුම්ගන්න බැරි අය. (නි)

:       0       0

නන්ද Friday, 08 April 2016 04:29 AM

අද ඉන්න බොරුවට මිනිසුන් ගැන හිත උණුවෙනවා කියන හා එහෙම කියවාගන්න ව්‍යාජ දේශපාලකයන්ට වඩා විජය කුමාරතුංගයන් හාත්පසින්ම වෙනස්. එතුමාට සිංහලයත් එකයි, දමිළයත් එකයි, මුස්ලිම් මනුස්සයත් එකයි. හැම ආගමකම උගන්වන උතුම් මනුස්සකම විජය ළඟ නොඅඩුව තිබුණා. මෙම පින්තූරයේ සිටින පුතා රූපයෙන් විජයම තමයි. තාත්තා ළඟ තිබුණු ඒ උතුම් මනුස්සකම මේ පුතා තුළත් ඇතිවේවි කියන එක තමයි අපේ විශ්වාසය හා පැතුම. (නි)

:       0       0

අසෝක Friday, 08 April 2016 04:29 AM

මටත් විජය මතක් වුණා පුතාව දැක්කහම. මොනවා වුණත් මොනවාහරි දෙයක් ඉගෙනගෙන එ්කෙන් රස්සාවක් කරගෙන රටට බරක් නොවී ලස්සනට ජීවත් වෙනවා. එ්කට අපේ රාජපක්ෂලා? (නි)

:       0       0

අසෝක Friday, 08 April 2016 04:33 AM

සෑම්, මොනවා දන්නවාද? ඒ දවස්වල මිනිස්සු නොකා නොබී හරි ඉඳලා රටේ සංවර්ධනයට සල්ලි එකතු කළා. පස්සේ ජේආර් ඒවා නැතිකළා. නැත්නම් මේ වෙලාවට අපි සිංගප්පුරුවට වැඩිය දියුණුවෙලා. දුක් විඳින්නේ නැතුව සැප විඳින්න බැහැ. (නි)

:       0       0

අබය Friday, 08 April 2016 04:40 AM

සිරිමාවෝ මැතිනිය වැනි කෙනෙක් අද කාලේ නැති එක අපේ අවාසනාව (නි)

:       0       0

සංජීව Friday, 08 April 2016 05:09 AM

එතුමියගේ දේශපාලන දැක්ම මම එතරම් අනුමත කරන්නේ නෑ. නමුත් අපේ රටට බිහිවුන ඉතාමත් නිහතමානි සහ ආදර්ශවත් කාන්තාවක්.. මෙතුමියගේ මම දැක්ක හොදම ගුණාංගය තමයි හරි වෙලාවට යමක් කරන එක.. හරි වෙලාවට උත්සවයකට පැමිණීම.. එතුමියගේ දුව නම් එහෙම පිටින් ම කණපිට තමයි.. (බ)

:       0       0

අනුරාධ Friday, 08 April 2016 05:33 AM

මැතිනියව නැති කරන්න කටයුතු කරපු අයට උපන් දිනයට කේක් කවනවා දැක්කා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 904 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 916 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3332 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 600 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 233 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site