ඉන්දික ද සේරම් (නොදැවී 89) සහ දිල්හාර ලොකුහෙට්ටිගේ (78) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීම නිසා මුවර්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට මුවර්ස් පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 310 ක් ලබා ලකුණු 248 ක් ඉදිරියෙන් සිටියේය.
තෙවැනි දිනයේ තරගය අවසන් වන විට ඉන්දික ද සේරම් පන්දු 171 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කර සිටියේය.
සිවුදින තරගයක් වන මෙම තරගයේ හෙට (08) සිවුවැනි සහ අවසන් දිනයයි.
මුවර්ස් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 262 (ෂෙහාන් ජයසූරිය 68, ඉෂාම් ගවුස් 31, හර්ෂ කුරේ 18, ජනක ගුණරත්න 42, ඉන්දික ද සේරම් 19, චතුරංග ද සිල්වා 51, ධනුෂ්ක ගුණතිලක 54/4, චරිත් ජයම්පති 49/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 310 (ෂෙහාන් ජයසූරිය 35, රජිත වික‍්‍රමාරච්චි 27, ඉන්දික සේරම් නොදැවී 89, චතුරංග ද සිල්වා 33, දිල්හාර ලොකුහෙට්ටිගේ 78, කසුන් මධුසංඛ 78/2, ධම්මික ප‍්‍රසාද් 61/3)
එස්. එස්. සී. පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 324 (තරංග පරණවිතාන 25, කෞෂාල් සිල්වා 171, තිළිණ කණ්ඩම්බි 33, ධම්මික ප‍්‍රසාද් 47, දිල්හාර ලොකුහෙට්ටිගේ 77/4, විමුක්ති පෙරේරා 86/3, මාලින්ද පුෂ්පකුමාර 72/2)
ඉන්දික ද සේරම්
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සේරම් (89*) - ලොකුහෙට්ටිගේ (78) මුවර්ස් ලකුණු 248 ක් ඉදිරියට ගෙනෙති
වරුණ Monday, 08 April 2013 12:21 PM
සේරම් තවම ලංකාවේ ක්‍රිකට් ගහනවද? හිතුවේ ලංකාව අතහැර ගිහින් කියලා..(ස)