IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සැරයන්ගේ නිල ඇඳුමත් ඉරලා

පිළියන්දල දී පොලිස් සැරයන් වරයකුගේ රාජකාරියට බාධා කළ බව කියන සැකකරුවන් දෙදෙනකු ත්‍රිරෝද රියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ත්‍රිරෝද රියක් පරීක්ෂා කිරීමට සඳහා නතර කරන්නට ගත් උත්සාහයේ දී සැරයන් ද රැගෙන ත්‍රිරෝද රිය ධාවනය වී ඇතැයි ද, ඔහු ත්‍රිරෝද රියෙන් එළියට එන්නට ගත් උත්සාහයේ දී නිල ඇඳුම ඉරී ඇතැයි ද පොලිසිය පවසයි.

ත්‍රිරෝද රියේ සිටි දෙදෙනකු පැන ගොස් ඇති අතර දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටිති.

bimal3

bimal-1 bimal-2



අදහස් (0)

සැරයන්ගේ නිල ඇඳුමත් ඉරලා

ඇසළ Thursday, 24 July 2014 05:51 AM

පුෂ්පා පැකට් එකක් විකුනනේ කීය ගානේද.? තාම අහුවුනේ නැති එක ගැන පුදුමයි. පොලිසිය කරන්නේ රාජකාරියක් දොස් කියල වැඩක් නැහැ. පොලිසියේ රාජකාරි වලට දේශපාලුවෝ ඇගිලි ගහන්නේ නැත්නම් ඒ නිලධාරීනට ජිවත් වෙන්න පුළුවන් වැටුපක් ගෙවනවා නම් ලෝකයේ තියන හොදම පොලිසි වලින් එකක් අපේ පොලිසිය. අපේ පොලිස් නිලධාරීන් ඉතාමත් හොදින් පුහුණු කරපු නිලධාරීන් කොටසක්. දේශපලුවෝ කිසිම පුහුණුවක් නැති අපි විසින්ම පත් කරපු ජාතියක් එ්කයි වෙනස. (නදී)

:       0       0

ලලිත් Thursday, 24 July 2014 12:12 PM

මොනවා වුණත් රටේ සිදුවෙන දේවල් දිහා බලලා අපිට සතුටු වෙන්න නම් කොහෙත්ම බැහැ. මෙයට ප්‍රධාන හේතුව ලාල් මහතා කියන පරිදි නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමයි. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 25 July 2014 04:10 AM

මේ රාළහාමිත් තනිවම වාහන පරීක්ෂාවට දාල වගේ??ඒ ගැන කිසිම සදහනක් නැහැ?(අ)

:       0       0

නුවන් සඳරුවන් Thursday, 24 July 2014 06:01 AM

පිළියන්දල පොලිසියට හරි හමන් ගොඩනැගිල්ලක් වත් ලබා දීලා නැති ලොක්කෝ මොකටද ? (නදී)

:       0       0

වසන්ත Thursday, 24 July 2014 06:12 AM

පොලිස් කොමිසම, අදිකරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් කොමිසම දැන් තියෙන විදිහට නෙමේ යහ පාලනය සඳහා ඉතා වැදගත්. (නදී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 24 July 2014 06:19 AM

සමරේ ගාල්ල, ඔබ හරි. පොදුවේ සෑම පලාතකම මෙවන් ක්‍රියාකාරකම් දැකිය හැකිවෙනවා. පොලිස් මාද්‍ය ප්‍රකාශක මහත්මයා ගරු කටයුතු කෙනෙක්. එතුමා නිවරදිව එතුමගෙ කාර්‍යිය ඉටුකරනවා. (නදී)

:       0       0

කුමාරි ඩුබායි Thursday, 24 July 2014 06:35 AM

නිශාන්ත වගේ මිනිසුන් තාමත් ඉදීම ගැන සතුටට කරුණක් (නදී)

:       0       0

රෝහණ Thursday, 24 July 2014 07:00 AM

මෙහෙමයි මේ දවස් වල පොලිසිය වැඩ. මේවා ඉතින් කාට කියන්නද? (නි)

:       0       0

ධනුක Thursday, 24 July 2014 07:14 AM

රජයේ වැටුපකට, එක එක දේශපාලන ලොක්කන්ගෙන් බැනුම් අහ අහා, අව්වේ කරවෙවී, වාහන දුම බිබී ඔය කරන ටික මදිවද සමහරු ඔහොම කතා කරන්නේ පොලිසියට? (නි)

:       0       0

රොක්ස් Thursday, 24 July 2014 07:25 AM

මොකක් හරි වැරැද්දක් කරන්න ඇති අපේ පොලිස් මාමලා. (නි)

:       0       0

රෝහණ Thursday, 24 July 2014 02:47 PM

පොලිසිය ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මට මේ වෙන තෙක් එකම එක හොද පොලිස් මහතෙක් නම් මුණ ගැසිලා තියෙනවා ඒ එකම එක කෙනෙක් විතරයි (නදී)

:       0       0

ලලිත් Thursday, 24 July 2014 07:39 AM

ඔය පිංතූරේ ඉන්න නිළධාරියාව මම පුද්ගලිකව දන්නවා. එයා හොඳ පොළිස් නිළධාරියෙක්. පොළීසිය හොඳ වැඩ නරක වැඩ දෙකම කරනවා. පොළීසියට ස්වාධීනව රාජකාරී කරන්න නොදෙන එකයි අවුල. ඕනම මොලේ තියෙන කෙනෙකුට තේරෙන නරක වැඩක් කල විට මාධය ප්‍රකාශක කියන දේවල් ඇහුවහම ඇත්තටම හිනා යනවා (අඩන්න ඕනි වුනත්). පුෂ්පා කියල තියෙන කථාවේ වැරැද්දක් මම නම් දකින්නෙ නැහැ.(නදී)

:       0       0

සුසන්ත Thursday, 24 July 2014 07:56 AM

ලලිත් ඔබ හරි.මටත් පුෂ්පාගේ කතාවේ, වරදක් නම් පෙන්නේ නැහැ.(අ)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 23 July 2014 05:15 PM

පොලිසිය අල්ලන්නෙම තුන් රෝද ,යතුරුපැදි.... කුඩු මත්ද්‍රව්‍යය වැඩිපුරම අදින්නේ සුඛෝපභෝගී වාහන වලින්. (නි)

:       0       0

ඉමාල් Friday, 25 July 2014 08:27 AM

පොලිසිය තවමත් තත්ත්වයකට ඇවිල්ලා නැහැ (නි)

:       0       0

නෙවිල් ෆෙර්ණන්දෝ Thursday, 24 July 2014 04:07 PM

පොලිසියේ ඉන්නෙත් අපේම සමාජයේ මිනිස්සු. ඔය වැරදි කියන අයත්, හොඳ කියන අයත් දෙගොල්ලම ඉන්නේ මේ සමාජයේ. හොඳ සහ නරක දෙකම එකම තැන තියනවා. හැමවෙලාවෙම පොලිසියට දොස් කියන්න හොඳ නැහැ. (අ)

:       0       0

රුවන් Thursday, 24 July 2014 08:32 AM

පොලිසියේ අයට කතා කරන්නවත් දන්නේ නැහැ. ත්‍රීවිල්,මෝට බයික්, දැක්කහම සිංහයෝවෙනවා. සැප වාහනවලින් මොන වරදක් කලත් ගරු සරුව කතා කරනවා. සාමාන්‍ය ජනතාව හැමදාම ඉවසන්නේ නැහැ. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 23 July 2014 07:10 PM

ඉස්සර අපි පොඩිකාලේ කාකි පාට ඇඳුමක් දැක්කත් භයේ ගැහෙනව. මම කාලයක් පිළියන්දල ගෙදරක නැවතිලා හිටිය. ඒ ගෙදර හිටිය මල්ලි කෙනෙක් පිළියන්දල ඔරලෝසු කනුවලට රෑට හයර් දුවනවා. පිළියන්දල ‍පොළිසියේ මහත්වරු ත්‍රීවීල් මල්ලිලත් එක්ක ගණිකා නිවාස වලට යනහැටි කසිප්පු පෙරන තැන්වලින් පගාව ගන්න හැටි, පාතාලේ අයත් එක්ක මත්පැන් සාද පවත්වන හැටි මට කියල තියෙනවා. ඇත්තටම මෙි වගේ වැඩ නිසා පොළිසියට තිබුණ භය, ගෞරවය නැතිකරගත්තෙ පොළිසියමයි.(නදී)

:       0       0

නුවන් Thursday, 24 July 2014 08:42 AM

ඕනෑම රටක පශ්චාත් යුධ සමයක දී මෙවැනි සිද්දි බහුලයි. හේතුව අවි අතට හුරු බොහෝ පිරිසක් නිදෑල්ලේ සිටීමයි (නදී)

:       0       0

ජානක ජයසිංහ Thursday, 24 July 2014 08:44 AM

පුෂ්ප හරි, පොලිසියට පුලුවන්දඩමස් ගොරකා කරන්න. කුඩු පාන් පිටි කරන්න. පොඩි මිනිහට තමන්ගේ නිවරදි බව ඔප්පු කරන්න විදිහක් නැහැ (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 23 July 2014 10:17 PM

ඉතා ඉහළින් දැනටමත් සැළකුම් ලබනවා ඇති! (නි)

:       0       0

රොෂාන් Thursday, 24 July 2014 08:17 PM

මෙතුමාට උසස්වීමක් දුන්නොත් අනාගතයට හොඳයි මම සිතන හැටියට (නි)

:       0       0

චින්තක Wednesday, 23 July 2014 10:45 PM

අත්අඩංගුවට ගත් දෙදෙනා ගැන දුකයි (නි)

:       0       0

එමානුවෙල් Thursday, 24 July 2014 12:21 AM

පොලිසියටත් මෙහෙම කරනවා නම් අපි ගැන මොන කතාද? (නි)

:       0       0

සමන් Thursday, 24 July 2014 01:07 AM

කාලයක් තිස්සේ නීතියට පයින් ගැසූ අයට මෙවැනි දේ සිදුකිරීම සුළු දෙයක්. (නදී)

:       0       0

දර්ශන Thursday, 24 July 2014 10:17 AM

ජනතාවට ඉදිරීයේදි වෙන දේ මෙහෙම ගියොත් බලාගත හැකි වේවී. බුද්ධිමත් විනය ගරුක ජනතාවක් එකතු වනතුරු පොලිස් නිලධාරින්ට වෙන අකටයුතුකම් නතර වෙන එකක් නැහැ. මෙහෙම ගියොත් අද හෙටම සෝමාලියාවක්, හයිටියක් වෙනවා නියතයි. (නදී)

:       0       0

සැම්සන් Thursday, 24 July 2014 03:08 AM

ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් පස්සෙන් පැන්නුවද ? (නදී)

:       0       0

ජෝන් සෞදි Thursday, 24 July 2014 10:38 AM

වෙනසකටත් එක්ක හොඳයි. සාමාන්‍යයෙන් පොලිසිය අනිත් අයගේ ඇදුම්නේ ඉරන්නේ. (නදී)

:       0       0

කුමාරි ඩුබායි Thursday, 24 July 2014 03:48 AM

අල්ලලා එල්ලන්න ඕන ප්‍රදාන නගරයක නීතිය අතට ගන්න හදන හිවල්ලු (නදී)

:       0       0

පුෂ්පා Thursday, 24 July 2014 03:51 AM

පොලිසියට මාද්‍ය ප්‍රකාශකලා හිටියත් සාමාන්‍ය මිනිස්සුන්ට මා. ප්‍ර. ලා නැහැ. ඒ නිසා පොලිසියට ඕන දෙයක් කියන්න පුළුවන්. මාද්‍ය වගකීමෙන් වැඩ කරන්න ඕනෑ. මාද්‍යයේ වගකීම ජනතාවට සේවය කිරීමයි. (නදී)

:       0       0

කුමාරි ඩුබායි Thursday, 24 July 2014 04:15 AM

පුෂ්පා පොලිසිය කරන රැකියාව දන්නේ නැහැ වගේ (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 24 July 2014 05:09 AM

පොලීසියට ඔහොමනම් ඔය මිනිසුන් සමාජයේ කොහොම හැසිරෙනවා ඇතිද? ඉතාම හොදින් සලකන්න ඕන ඔය වගේ වැඩ නොකරන්න.පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අපහාස කරන පුෂපා වගේ ගොඩාක් අය නන්නත්තාර වුන බංකොලොත් පක්‍ෂ වල සාමාජිකයෝ. එයාල කැමති දුර්වල පොලීසියක් සහ දුර්වල මාධ්‍ය ප්‍රකාශයෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3621 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 642 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site