IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සුරියවැව ක්‍රිඩාංගනයේ කම්කරුවන්ට වැටුප් දිමට පෙර කලිසම් ගලවාගනී

(දිලීප්  ජයසේකර / රොෂාන් දිලිප් කුමාර)

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති.
 
සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ තරග පැවති කාල සිමාවේදී ක්‍රිඩාංගණයේ සේවය සදහා තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ බදවාගෙන තිබේ. ඔවුන් සදහා රැපියල් 1000 දෛනික දිමනාවක් ලබා දි තිබේ. මේ සදහා ප්‍රදේශයේ තරුණයන් 100 ක් පමණ බඳවාගෙන තිබු අතර ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය බවට පත් වුයේ ක්‍රිඩාංගණයේ වැසි ආවරණය යෙදීමයි.
 
කෙසේ හෝ ශ්‍රි ලංකාව සිම්බාබ්බේ සමග පැවති තරගාවලිය ඊයේ (10) දින නිමා විමෙන් පසු එහි සේවය කල කම්කරුවන්ගේ තමන්ගේ දෛණික වැටුප් ලබා ගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය පවසා ඇත්තේ වැටුප් ලබා ගැනීමට පෙර ක්‍රිකට් ලාංජනය සහිත ඇඳ සිටින කලිසම ආපසු දෙන ලෙසයි. හදිසියේම මුහුණදීමට සිදුවූ මෙම තත්වයත් සමගින් එහි සේවය කල කම්කරුවන් දැඩි අසරණ තත්වයකට හා අපහසුතාවයකට පත් වුයේ ඇද සිටි කලිසම ගලවා දීමෙන් පසු ඔවුනට ඇදගෙන යාමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද රැගෙන නොඒමයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කම්කරුවවෝ මෙසේ පැවසූහ. 
 
අපි දෛණිකව රුපියල් 1000ක දිමනාවකට තමයි මෙහි සේවයට ගත්තේ. මන් අදට දින 06 ක් මෙහි වැඩ කලා. අද වැටුප් ලබා ගන්න ගියාම කියනවා වැටුප් ගන්න නම් ඇඳගෙන ඉන්න කලිසම ගලවා දෙන්න කියලා. අඩුම තරමේ මේ අයට අපිට ඒ පිළිබදව වේලාසනින් දැනුම් දෙන්න තිබුණා. එහෙම වුනානම් අපි වෙන කලිසමක් වත් අරගෙන එනවා. කලිසම දෙන්නේ නැතිනම් වැටුප් නොදෙන නිසා ඇද සිටි කලිසම් ගලවා දිලා යට ඇඳුම පිටින් ගිහින් වැටුප් අරගෙන ආවා. දැන් ඉතින් ගෙදර යන්න විදියක් නෑ. ටිකක් රෑ වෙනකම් ඉදලා හෙමින් සැරේ ගෙදර යනවා යැයි පැවසිය.
 
මෙම තත්ත්වය එහි සිටි කාගේත් දැඩි අප්‍රසාදයට කාරුණක් විය. 
 
බොහෝ අය පැවසුවේ කම්කරුවන් දින 06ක් තිස්සේ ඇද සිටි කලිසම් ගලවාගෙන ක්‍රිකට් ආයතනය කරන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිළි නැති බවයි. කෙසේ වෙතත් කම්කරුවන් ඇද සිටි කලිසම් ගලවා දීමෙන් පසු පිරිසක් යට ඇදුම් පිටින්ම ගිය අතර තව පිරිසක් තමන් ඇදි සිටි බැනියම ඇඳගෙන නිවෙස් වෙත යනු දැකගත හැකි වීය.



අදහස් (24)

සුරියවැව ක්‍රිඩාංගනයේ කම්කරුවන්ට වැටුප් දිමට පෙර කලිසම් ගලවාගනී

thilina Tuesday, 11 July 2017 04:09 AM

රටේ ඉන්න මහ එවුනුත් එහෙම ඉන්න නිසා අනිත් මිනිස්සුත් එහෙම ඉන්න ඕනේ කියලා හිතන්න ඇති..

:       84       1065

Bandara-kekirwa Tuesday, 11 July 2017 04:44 AM

හිත වසගකළ යහපාලනයේ තවත් සුන්දර දසුනකි. ලද දෙයින් සතුටුවෙන්න, ආයිමත් මෙවැනි උගුල් වලට හසුවෙන්නම් එපා.

:       82       614

සරණ Tuesday, 11 July 2017 06:04 AM

උගුලක් වෙන්නෙ කොහොමද ඒ මිනිසුන් ට පොරොන්දු වුන විදිහට වැටුප් ගෙවීමක් කලා නම් ... අපේ අයියලා ගේ හැටි ත් ඉතින් දන්නවා නේ ... ඔය ඇදුම් ඇදගෙන ආපසු මැච් එකක් දවස ට එන්න ත් පුලුවන් නේ ද

:       2       0

ලුම්බිණි Tuesday, 11 July 2017 05:05 AM

ක්‍රිකට් බංකලොත් වෙච්ච ප්‍රමාණය මේකෙන්ම පේනවා.

:       16       507

sachith Tuesday, 11 July 2017 05:28 AM

ගලවන් ගියපු කලිසම් ටික අලුත්ම කලිසම් 100ක් විදිහට ටෙන්ඩර් එකක් දල අපහු ගනී ඊගාව තරගාවලියට.

:       0       26

tharanga texas Tuesday, 11 July 2017 05:28 AM

කලිසම් ගල්ලවන්න තිබුනේ ලංකා වේ කණ්ඩායමේ.

:       0       1035

nimantha Tuesday, 11 July 2017 05:40 AM

මේ අය දවස් ගානක් හෝදන්නේ නැතිව ඇඳපු කලිසම් ටික අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලට අන්දන්න දෙන්න ඕන හෝදන්නේ නැතිව

:       0       22

සමන් Tuesday, 11 July 2017 06:01 AM

ඇත්ත ට ම යුනිෆෝම් එකක් එහෙම දෙන්න බෑ තමයි . ඒත් ඒක ගත්ත විදිහ වැරදි නම් ඉතින් වැඩේ හරි නෑ ..... ඕවා දුන්නත් ඊට පස්සේ ත් පුලුවන් නේ පිට්ටනිය ට රිංගල යන්න අවසරයක් නැතුව ...

:       0       0

දිමුත් Tuesday, 11 July 2017 06:36 AM

දැන් රෙදි ගැලවිලා තියෙන්නේ ක්‍රිකට් ආයතනයේ.

:       0       42

ජයන්ත මිලානෝ Tuesday, 11 July 2017 06:48 AM

බලධාරීන් රෙදි ගළවා දාන්නේ දුප්පත් මිනිස්සුන් ගෙ

:       0       1

Sasanka Tuesday, 11 July 2017 06:48 AM

ලජ්ජයි ක්‍රිකට් පරිපාලකයෝ ගැන..

:       0       1

සෞම්‍ය Tuesday, 11 July 2017 06:52 AM

යස පාලනයක්, රස ආකරයක්....!!!

:       4       26

asad Tuesday, 11 July 2017 06:56 AM

මට කියන්න ගොඩක් දේවල් නැහැ.ලංකාව අවුරුදු 63-64 තිස්සේ ආපස්සට ගමන් කරන්නේ.එක ලාංකිකයෝ වසයෙන් අපි ඔක්කොම වග කිව යුතුයි කියලා මගේ හැගිමනම්.පිළිතුරක් දෙන්න තියන්නේ බණ්ඩාරට සුබ අනාගතයක පාලන සමයේ උන දේවල් වලට වඩා Naraka දෙයක් යහපාලනය පාලන කාලයේ වෙන එකක් නැහැ.පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ ගියාට කමක් නැහැ ඇදුම් ඇදගෙන. ඕකට ගැමි කියමනක් තියෙනවා හරකෙක් උනාට උම්බෑ කියන්න එපා කියල.

:       33       0

Chanak Los angeles Tuesday, 11 July 2017 06:58 AM

ලංකාවට අබ සරණයි

:       0       0

Tikiri Tuesday, 11 July 2017 07:19 AM

කලිසම දීලා බේරූනා ඇති. මේ යන විදිහට තව ටික දවසකින් අපේ යට ඇඳුනුත් ආණ්ඩුව ගලවගනී ඊට යටින් තියන ඒවත් එක්කම.

:       4       15

raveendra Tuesday, 11 July 2017 08:02 AM

රටේ ඉන්න කාලකන්නි දේශ පාලුවෝ උපන් ඇදුමෙන් ඔලුවෙන් හිටගෙන ඉන්න එක මේවා බොහොම සුළු දෙයක් .

:       0       11

nawa Tuesday, 11 July 2017 08:40 AM

නිලදාරීන් රෙදි ඇඳගෙනද දන්නේ නැහැ ගෙදර ගිහිල්ල තියෙන්නේ. (තව නුලෙන් මේ කම්කරුවෝ ග්‍රීස් යක්කු කියල ගම්මුන් විසින් අල්ල ගන්ට ඉඩ තිබුන)

:       0       1

Sanjeewa Tuesday, 11 July 2017 08:46 AM

අනියම් සෙවකයෝ විතරක් නෙවෙයි අපේ කන්ඩායම,ක්‍රිකට් මන්ඩලය,තේරිම් කමිටුව,ඇමතිතුමා සියල්ලම රෙදි නැතිව ගියේ තරගවලිය පැරදිල

:       0       223

Ravi Tuesday, 11 July 2017 09:00 AM

ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවේ දැන් රටත් බංකොලොත් වෙලා තියෙන්නේ.

:       6       51

shelaa Tuesday, 11 July 2017 09:22 AM

පින් කැටේටත් විදපු උන් කලිසමත් ගලවගෙනම ගියා

:       5       26

Sisira Tuesday, 11 July 2017 11:30 AM

ඔය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න එවුන්ගේ කලිසම් ගලවලා මහ පාරේ ප්‍රදර්ශනය කරන්නයි තියෙන්නේ. අනේ මෙහෙමත් වසලයෝ

:       0       27

RAHEEM Tuesday, 11 July 2017 03:28 PM

ක්‍රිකට් ගහන අය‍ට ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකු වෙලා.

:       0       62

hewawitharana Wednesday, 12 July 2017 08:09 PM

පාවිච්චි කරපු කලිසම් ගලවල තිබෙන්නේ ඒ ගලවපු මෝඩ නිලධාරිගේ පුත්තුන්ට දෙන්න කියල තමා ආරංචිය තියෙන්නේ

:       0       7

pakeer Friday, 14 July 2017 09:05 AM

අපරාදේ, හැමෝටම තිබුණේ මොකවත්ම නැතුව ගිහින් පඩි ගන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 736 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2296 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 568 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 588 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 296 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 530 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site