IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සූරියවැව ‘ලැබ්‘ එකෙන් පිරිමියෙක් ගැබ් ගන්වයි

සූරියවැව නගරයේ පිරිමියකු (35) ගැබ් ගෙන ඇති බවට පෞද්ගලික පරීක්ෂණ වාර්තාවක් දී ඇතැයි සූරියවැව රෝහලෙන් වාර්තා විය.

වෛද්‍ය නිර්දේශ මත මෙම විවාහකයා ලේ සහ මුත්‍ර පරීක්ෂණයක් කර දින දෙකකට පසු එම වාර්තාව වෛද්‍යවරයකුට පෙන්වා තිබේ.  වෛද්‍යවරයා තුෂ්නීම්භූත වී රෝගියා දෙස බලා ඇත්තේ එම වාර්තාව අනුව රෝගියා ගැබ් ගෙන ඇති බවට සඳහන්ව තිබූ නිසාය.

අප කළ සොයා බැලීමේදී ප්‍රදේශයේ රෝගීන් ගණනාවකටම වැරදි වෛද්‍යවාර්තා හේතුවෙන් යම් යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ බවත්, ඇතැම් රෝගීන් ලැජ්ජාව මත කිසිවකුටත් නොකියන බවත් ප්‍රදේශවාසීහු කියති.

වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන ස්ථානයකට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකු සිටිය යුතු වුවද සූරියවැව ඇතැම් වෛද්‍ය රසායනාගාර තුළ සේවයේ යොදවා සිටින්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි පිරිස් බව ද පැවැසේ.

මේ තත්ත්වය පිළිබඳව සූරියවැව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරී වෛද්‍ය වීරසිංහ මහතාගෙන් වීමසීමේදී ඔහු කීවේ මෙම තත්ත්වය පිළිබඳව තමාටද වාර්තා වූ බවයි. රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝගී තත්ත්වය හා රෝගියා වෙනුවෙන් ලබා ගන්නා වෛද්‍ය පරීක්ෂණ වාර්තා අතර සමහර විට කිසිදු සම්බන්ධයක් නැති අවස්ථා තමන්ටද දක්නට ලැබුණු බවත් ඔහු පැවසීය.



අදහස් (0)

සූරියවැව ‘ලැබ්‘ එකෙන් පිරිමියෙක් ගැබ් ගන්වයි

ආනන්ද Friday, 22 July 2016 11:39 PM

අනේ එහෙම වෙනවා නම්, එය ගැහැණුන්ගේ අහංකාරකම් වල අවසානයයි! (නි)

:       0       0

රාධා Saturday, 23 July 2016 12:04 AM

සමහරවිට මුත්‍රා වැරදීමකින් අපතේගොස් රසායනාගාර සේවිකාවකගේ මුත්‍රා පරික්ෂා කළාද දන්නේ නැහැනේ. මොකද මේ ලංකාවේ එහෙම දේවලුත් නොවෙනවා නෙමෙයි (නි)

:       0       0

ජයාත් Saturday, 23 July 2016 01:31 AM

රාධා, මේවයේ ඉන්නේ හුඟක් වෙලාවට නියමිත සුදුසුකම් නැති "අහුලගත්ත" අය. නියම තාක්ෂණික උපකරණත් හුඟක් තැන් වල නැහැ. කණගාටුවට කාරණේ වෙන්නේ අපේ සමහර විශේෂඥයුනුත් හැන්දෑවට ගිහිල්ලා මේ වාර්තාවලට අත්සන් කරන එකයි, සයිටම් වලට මරාගෙන මැරෙන්න සූදානම් සමහරුත් මේවට ‘හ්ම්‘ වත් කියන්නේ නැති එකයි (නි)

:       0       0

ජෙහාන් Saturday, 23 July 2016 01:46 AM

පස්සා දොරින් රැකියාවට නුසුදුසු උදවිය බඳවාගත් රාජ්‍ය සේවයක් තියන රටක මේවා පුදුමයක්ද? ගෘහ විද්‍යාව කරපු උදවියට ලිපිකරු තනතුරු ලැබෙනවා. සා පෙළ ගණිතය අසමත්, පරිගණකයෙන් ඉංග්‍රීසි ලියුමක් ලියාගන්න බැරි කට්ටිය රාජ්‍ය බැංකු වල. රටට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 23 July 2016 02:14 AM

ජයාත්, ඔබේ අදහසට මමත් එකඟයි. සාමාන්‍ය ජනතාවට මෙවැනි ආයතන වලට විරුද්ධව යමක් කරන්න බැහැ. හේතුව මෙවැනි අය රැකගන්න දේශපාලුවන් සහ මහජන මුදලින් යැපෙන, මුදලට එහෙමත් නැත්නම පගාවට යටවෙන රාජ්‍ය නිලධාරීන් ඕනෑතරම් සිටිනවා. නමුත් පුදුමය මේ පළාතේ සිටින වෛද්‍ය විද්‍යාව ගැන දන්නා අය නිශ්ශබ්දව සිටීමයි (නි)

:       0       0

ගමගේ Saturday, 23 July 2016 02:27 AM

විවෘත ආර්ථිකය හා බල්ලන් මරාහරි සල්ලි හොයපල්ලා කියන න්‍යය රටට උරුම් කරදුන් අපූරු ත්‍යාගයන් මේ. (නි)

:       0       0

මලින්ද Saturday, 23 July 2016 02:37 AM

දැක්කද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ? (නි)

:       0       0

දම්මි Saturday, 23 July 2016 03:33 AM

රාජිත මහත්තයා මේවා ගැන දන්නෙ නැතුව ඇති නේද (නි)

:       0       0

බන්දුල. Saturday, 23 July 2016 03:50 AM

මේක සුළුවෙන් හිතන්න පුළුවන් කාරණාවක් නොවේ. මෙවන් ස්ථාන පවත්වන අයට විරුද්ධව දැඩි දඩුවම් දෙන්න. මේ නිසා කුඩා ළමුන්ගේ පර්යේෂණයක වැරදීමක් වුණොත් ජිවිත හානි වුණත් සිද්ධවෙන්න ඉඩ තියනවා (නි)

:       0       0

ෆර්සාන් Saturday, 23 July 2016 05:20 PM

වාසනාවකට පිරිමියෙකු වුණේ. තරුණියකට වුණා නම් ඒ ළමයා මොන මොන විදිහට කට්ටිය අපහසුතාවට පත්කරයිද? (නි)

:       0       0

මනෝජ් Saturday, 23 July 2016 05:25 AM

බලනකොට මේක නම් ආසියාවේ ආශ්චර්යය තමයි (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 23 July 2016 06:44 AM

කොහොමත් මේ යන විදිහට ඉදිරියට පිරිමි තමා ගැබ් ගන්නේ. ඒක පුදුමයක් නොවෙයි (නි)

:       0       0

උදාර Saturday, 23 July 2016 07:17 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ලලිත් Friday, 22 July 2016 03:56 PM

යන්තම් මේක පත්තරේ දාපු නිසා කට අැරුනා. නැත්නම් තවත් සද්ද නැතුව ඉන්නවා. (නි)

:       0       0

පෙරේරා Saturday, 23 July 2016 08:03 AM

රසායනාගාර පහසුකම් සෑම රෝහලකම ඇතිකළ යුතුයි (නි)

:       0       0

චතුරි Friday, 22 July 2016 04:04 PM

මේ වගේ විහිළු කතා අංගොඩින්වත් අහන්න ලැබෙන්නේ නැහැනේ. මොනවා වුණත් පිරිමින්ට සුබ ආරංචියක්. එ්ක විතරයි අඩුවෙලා තිබුනේ. දැන් එ්කත් හරි. (නි)

:       0       0

ධම්මික Friday, 22 July 2016 04:28 PM

මේ සිද්ධිය සුළුවෙන් තකන්න අමාරුයි (නි)

:       0       0

සත්‍යපාල Friday, 22 July 2016 04:36 PM

මේකත් යහපාලනයේ වරදක් නිසා කියලා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

විද්‍යා Friday, 22 July 2016 04:56 PM

කරුණාකර මෙම තරුණයාට මේ වෙලාවේ කරුණාවෙන් මෛත්‍රියෙන් සළකන්න කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

අශෝක් Friday, 22 July 2016 06:13 PM

අප රටේ සෞඛ්‍ය අමාත්‍යංශයකුත් තියෙනවා. සෞඛ්‍යයට කියාගත්ත ඇමතිවරුත් රොත්තක්ම ඉන්නවා. අනේ එ්ත් ලෙඩ්ඩුන්ට යන කලදවස? (නි)

:       0       0

අසෝකා Friday, 22 July 2016 06:10 PM

ඔය ඩෙංගු මදුරුවෝ හොයන්න කලින් මේවා නතර කළා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

පෙරේරා Friday, 22 July 2016 06:49 PM

ලංකාවේ ප්‍රමිතියක් තියෙන්නේ මොනවාටද? (නි)

:       0       0

සරසි Sunday, 24 July 2016 04:14 AM

කිව්වත් වගේ මේක වෙනත් අවිවාහක තරුණියකගේ නමට සම්බන්ධ කරලා නිකුත් වුනා නම් මොන තරම් ප්‍රශ්නයක්ද? අපේ කාර්යාලයේ කනේ අමාරුවකට බෙහෙත් ගන්න ගිය තරුණියට ගර්භානිභාවය සනාථ කරගන්න මුත්‍රා පරීක්ෂණයක් නියම කළ ලේඛනයක් දීලා තිබුනා. එතන හෙදිය වැරදීමකින් කලින් පරික්ෂා කළ කාන්තාවට දෙන්න ඕන ලියවිල්ල තමයි මේ තරුණියටදීලා තියෙන්නේ . (බ0

:       0       0

ඉමේශ් Friday, 22 July 2016 07:23 PM

මේ වගේ දේවල් අපි විහිළුවට ගන්න හොඳ නැහැ. මේක බරපතළ කාරණයක් (නි)

:       0       0

පද්මිණී Sunday, 24 July 2016 04:38 AM

හොර දොස්තරලා 300 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ඉන්නවා කියල මිට කලකට පෙර සිටම මාධ්‍ය වලින් දුටුවා. එහෙව් රටේ මොන ප්‍රමිතියද? දියවන්නාවේ රොත්ත සිංගප්පුරු යන්නේ එ්කනේ.(බ)

:       0       0

ඇසළ Saturday, 23 July 2016 12:04 PM

එක්කෙනෙක් ලියනවා අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයකුත් තියෙනවා. සෞඛ්‍යයට කියාගත්ත ඇමතිවරුත් රොත්තක්ම ඉන්නවා. ඉතින් මොකද ඒ අය බෙහෙත් ගන්නේ සිංගප්පුරුවෙන් නේ. ලංකාවේ අපිට හෙන ගැහුවත් මොකද.(හේ)

:       0       0

ප්‍රසාද් Sunday, 24 July 2016 06:17 AM

සමහර වෘෂණයේ පිළිකා වලදී මෙවන් තත්වයක් විය හැකි. මෙය තව දුරටත් පරීක්ෂා කළ යුතු දෙයකි. (බ)

:       0       0

පුණ්‍යසිරි Friday, 22 July 2016 08:16 PM

මේවා අහනකොට සයිටම් උපාධි කඩෙන් එළියට එන දොස්තරලා මොනවා කරයි කියලද හිතන්නේ? (නි)

:       0       0

අජිත් Saturday, 23 July 2016 12:47 PM

අන්තිමට මේකත් අර පවුලේ වැඩක් කියයිද දන්නේ නෑ.(හේ)

:       0       0

අශාන් Saturday, 23 July 2016 01:06 PM

ලංකාවේ ගොඩක් තැන් තියෙනවා ඔය වගේ.(හේ)

:       0       0

ජයා Friday, 22 July 2016 09:39 PM

මේ වැඩේ නම් හරි නැහැ. ඒ පාර තවත් ගැටළුවක්. මොකද කාන්තාවෝ එයි ඒ අයගේ අයිතිය උදුරාගන්න පිරිමි හදනවා කියලා. රටේ හා ගෙවල්වල තියන ප්‍රශ්න මදිවට තව එකක් (නි)

:       0       0

සෑම් Friday, 22 July 2016 09:57 PM

අනුව දශකයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය මුලික කරගත් වෛද්‍ය රසායනාගාර ජාලයකින් මීටවඩා බරපතල වැරදි සිදුකර අසුවුණා. පිළිකා පරීක්ෂණ වැනි බරපතල පරීක්ෂණ වලදී සාම්පල පරීක්ෂා නොකරම, නීරෝගී බව දක්වන ප්‍රතිඵල නිකුත් කර තිබුනා. වැරදි එකක් දෙකක් අසුවුණ ගමන්ම ඒ ආයතනය සම්පුර්ණයෙන්ම තහනම් කළා. ලංකාවේ මෙවැනි වරදක් කිසිවෙකු විසින් කරනවා යැයි සැකයක් ඇතිවුණොත් රෝගීන් සහ විශේෂයෙන් දොස්තරවරුන් ඒ පිළිබඳව ක්‍රියකරන්නේ නැති බවක් තමයි පෙනෙන්නේ (නි)

:       0       0

ලංකාසිරි Friday, 22 July 2016 10:08 PM

එහෙනම් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ කරන්න බැහැ කිව්ව එකමදේත් සිද්ධවෙලා. (නි)

:       0       0

සිසිල් Friday, 22 July 2016 10:18 PM

එහෙනම් පිරිමියෙකු ගැබ් ගැනීමක් ලංකාවේත් වුණා? ගිනස් පොතට යන ලෝක වාර්තාවක් වේවි. අපේ රටේ දොස්තරලා එ් තරමට හපන්නු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 52 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 209 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 46 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 214 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1116 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site