(සිතුම් චතුරංග)
කොරෝනා නොවන රෝගයකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුර වෙනුවනට කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලබාදී සිය සැමියාගේ දේහය අත්තනෝමතික ලෙස මුලතිව් රෝහල් සේවකයන් ආදහනය කිරීම සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳ මුලතිව් පොලිසිය වෙත හා මුලතිව් දිසා රෝහල වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
නිවසේදී මියගොස් ඇති සිය සැමියාගේ සිරුර මුලතිව් දිසා රෝහල වෙත රැගෙන එමෙන් පසු පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමුකොට තිබියදී එහි ප්‍රතිඵල පැමිණීමට පෙර සෞඛ්‍ය සේවකයන් සිරුර ආදාහනය කොට ඇති බව මියගිය පුද්ගලාගේ ඥාතීහු පවසති.
සිරුර ආදාහනය කිරීමෙන් අනතුරුව කොවිඩ් 19 වයිරසය ආසාදනයවී මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් තමන්ට රැගෙන යන ලෙසට රෝහල් සේවකයන් පැවසූ බවද ඥාතීන් සඳහන් කළේය.
එලෙස අදාහනය කොට ඇත්තේ මුලතිව් , තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි කුමරන් ගෝපාලන් (74) නැමැත්තාගේ සිරුර වන අතර කොවිඩ් ආසාදිත මළසිරුරක් ලෙස හදුන්වා දේහය වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී අදාහනයකර තිබුණි.
සිද්ධිය සැලවීමත් සමඟ ඥාතීන් හා රෝහල් සේවකයන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර පොලිසිය මැදිහත්ව සමතයකට පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැමිණ සිරුර හදුනාගැනීමෙන් අනතුරුව ආදාහනය කළ බවත් මෘත ශරීරාගාරයේ සේවයකළ සේවකයින් පැවසූ බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් මෙය මෘතදේහයන් මාරුවීමෙන් සිදුවූ අත්වැරුද්දක් බවට සැකපලකරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරුරු දෙකක් මාරු වී මුලතිව් රෝහලේ කලබැගෑනියක්