IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රාජ්‍ය බුද්ධි අංශය් ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගැන තමා සිදු කළ ප්‍රකශයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  තමා අත්අංඩගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් , එය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානය බාර මීසම් පාලක , පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි  ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා  කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය.

ඒ අනුව මෙම පෙත්සම ලබන 08 වැනිදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවීමට නියමිතය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ  කොට්ටාසයේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක , අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න , නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව් .තිලකරත්න , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ , නීතිපති ඇතුළු හත් දෙනෙකු නම් කරන ලැබ සිටිති.

පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූවන්  සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ලාංකිකයෙකු  අසන ලද ප්‍රශ්නයකට තමා දුන් ප්‍රකාශය හේතුවෙන් ජාතික සමගියට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව කියමින් හා එමගින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේට  අපහාසයක් සිදු වී ඇති බව සදහන් කරමින් තමාට එරෙහිව පැමිණිල්ලක් සිදු කර ඇති බවද පෙත්සම්කාර සිරිල් ගාමීණී ප්‍රනාන්දු මහතා සිය පෙත්සමෙන් කියා සිටියහ.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කළ එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙසද පොලිස්පතිවරයා තමාට දැනුම් දී ඇතැයි බවත් පෙත්සම්කාර සිරිල් ගාමීණී ප්‍රනාන්දු මහතා පෙත්සමේ සදහන් කළහ.

යම්හෙයකින් පෙත්සම්කරු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියහොත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සිය පත්සමෙන් කියා සිටිති.

මෙම තත්ත්වය තුළ තමන්ගේ ආසන්නතම මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , අධිකරණයට සුදුසු වන්දි මුදලක් ප්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සම්කාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අධිකරණයෙන් ඉල්ලා සිටීයහ.



අදහස් (0)

සිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 99 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1361 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 478 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1448 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 161 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 984 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site