IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘සේරුවිලට ආවේ නාහිමියන්ගේ ඉල්ලීමටයි‘

නොයෙකුත් කට කථා පැතිරෙද්දී සේරුවිල පූජා ආදී පිංකම් සඳහා මහමෙව්නාවේ දායකත්වය ලබාදුන්නේ අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ ඉල්ලීම නිසා යැයි අළුදෙණියේ සුබෝධි හිමියෝ කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අද (9) පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති ශ්‍රී කල්‍යාණ වංශික නිකායේ අනු නායක හිමියන්ගෙන් පසු සේරුවිල මංගල මහා විහාරයේ භාරකාරත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවට මහමෙව්නාව භාවනා අසපුව හෝ එහි නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් මහමෙව්නාව භාවනා අසපුවේ ක්‍රියාකාරකම් පිළිබඳ ද්වේශ සහගතව ඇතැමුන් ගෙන යන ප්‍රචාර සත්‍ය නොවන බව ද ඒ හිමියෝ කීහ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ගුරු හිමියන් වන අපවත්වී වදාළ සරණකිත්ති නාහිමියන් ලිඛිතව මහමෙව්නාවෙන් කළ ඉල්ලීමක් අනුව මාස 6කට වරක් සේරුවිල කටයුතු සඳහා උදව් උපකාර ලබාගැනීමට මහමෙව්නාවේ හිමිවරුන් විහාරස්ථානයට කැඳවා ඇති බවත් පෙන්වා දුන් ඒ හිමියෝ සේරුවිල භාරකාරත්වය සඳහා අර්බුදයක් පැන නැගී ඇති ගැටළුවට පාර්ශව දෙකක් මැදිවී සිටින බව මාධ්‍ය වාර්තා හා අධිකරණ තොරතුරු වලින් දැනගත හැකිවූ බව පැවසූහ.

පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් හා සංඝයාගේ අසමගිය වළක්වනු පිණිස මහමෙව්නාවේ සියලු හිමිවරු සේරුවිල විහාරස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කළ බවද සුබෝධි හිමියෝ සඳහන් කළහ.

මේ අතර සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැති පසුගිය සෙනසුරාදා (7) මහාචාර්ය නිමල් විජේරත්න මහතා අවමංගල්‍ය සභාවේ කථා කරමින් සිටියදී ඇතිවූ කලබලකාරී සිද්ධියටද මහමෙව්නාවේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඒ අවස්ථාවේ පටිගත කළ වීඩියෝ දසුන් ඊට සාක්කි සපයන බවත් මහමෙව්නාව භාවනා අසපුව ප්‍රකාශ කරයි.

subodihimi_201659

 

සේරුවිල නාහිමියන් මහමෙව්නාවට එවූ ලිපි

webMahamevna_201659 webMahamevna_2016592 webMahamevna_2016593



අදහස් (0)

‘සේරුවිලට ආවේ නාහිමියන්ගේ ඉල්ලීමටයි‘

විජිත බණ්ඩාර Tuesday, 10 May 2016 09:13 AM

මහමෙව්නාවේ ස්වාමීන්වහන්සේලා වටිනා ආදර්ශයක් පෙන්වාදීලා තියෙනවා. උන්වහන්සේලා කිසීම අයිතිවාසිකමක්, නොකියාම , හැමදෙයම අත් හැරලා, නික්ම ගිහින්. සුඛා සංඝස්ස සාමග්ගී මහා සංඝරත්නයේ සමගිය ගැන සිතන විට හිතට දැනෙන්නේ පුදුමාකාර සැපයක්. සූත්‍ර දේශනා කියවද්දී අපිට තේරෙනවා බුදු රජානන් වහන්සේ වැඩ සිටි කාලයේ ස්වාමීන් වහන්සේලා කොයිතරම් නම් සමගියෙන් කටයුතු කළාද කියලා . තනතුරු ලාභ සත්කාර ප්‍රතික්ෂේප කරලා, ධර්මයේ දියුනුවමයි උන්වහන්සේලා ප්‍රාර්ථනා කළේ. වර්තමානයේ දීත් උන්වහන්සේලා සමගි සම්පන්න ව , එකමුතු ව කටයුතු කරනවා නම්, ඒක බුද්ධ ශාසනයේ දියුණුවට කොයි තරම් නම් උපකාරයක්ද ? (බ)

:       0       1

රසික Wednesday, 11 May 2016 12:48 PM

අත්හැරීමම සැපයට හේතු වේ. (ර)

:       0       1

ගමගේ Tuesday, 10 May 2016 02:22 AM

"පන්සලෙයි", "අසපුවෙයි" වෙනස මම දන්නේ නැහැ. නමුත් මේ දෙකේම වාසය කරන බොහෝ උගත් අය අතිඋත්තම බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මය ගැන ලෝවැසියන් දැනුවත් කරනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිට සිට" ද? කියන එකයි. සියල්ලෝ අාර්ය අෂ්ටාංගක මාර්ගයේ ගමන් කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දොරටුව විවර කර ගනිත්වා! (නි)

:       0       0

චන්දි Tuesday, 10 May 2016 02:52 AM

අත්හැරීම හා රැකගැනීම අතර වෙනස තේරුම් ගතයුතුයි.

:       0       0

ප්‍රනාන්දු Tuesday, 10 May 2016 03:20 AM

අනේ මන්දා හාමුදුරුවෝ මොනවා කරනවද කියලා. (හේ)

:       0       0

සුගත් Tuesday, 10 May 2016 03:57 AM

සීල්වතුන් දුසිල්වතුන් සමග කෙසේනම් සැසදෙන්නද, නන්දන. (ර)

:       0       0

ප්‍රදීප් චාමර Tuesday, 10 May 2016 05:11 AM

මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලා සේරුවිලට පැමිණීමෙන් පසු එහි අති විශාල දියුණුවක් ඇති වුනා පසුගියදා ඇතිවුන ගැටලුව මුල් කරගෙන කරුණු හර හැටි නොදැන මහමෙව්නාවට චෝදනා කිරීම ඇත්තෙන්ම අවාසනාවකි මන්ද වර්තමානයේ මම දන්න තරමින් මෙරට ඇති විශාලතම හා සංවිධානාත්මක බොදු සංවිධානය මහමෙව්නාවයි 700ට වැඩි හාමුදුරුවරු එහි වැඩ වාසය කරනවා සුවිශේෂී ධර්මය පැතිරවීමක් දෙස් විදෙස් වශයෙන් සිද්ධ කරනවා. (ර)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 10 May 2016 12:27 PM

පිරිසිදු ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රචාරය කරන සුනදර මහමෙව්නාව කවදත් අවන්කවම සේවයක් කරනවා. අපට සුන්දර ලැබීමක්මයි. මහමෙව්නාව මේ ලෝකයට බොහෝ කලක් සෙත සලසනවා. (ර)

:       0       1

ඉනෝකා දමයන්ති Tuesday, 10 May 2016 05:34 AM

මහා සංඝරත්නය බේද නොවී මේ සියල්ල විසඳා ගැනීමට හැකිනම් කොපමණ හොඳද. (හේ)

:       0       1

චමින්ද Tuesday, 10 May 2016 05:44 AM

ලංකාදීප පුවත්පතට අපි ස්තුතිවන්ත වෙනවා මේ ගැන මේ විදිහට අපිව දැනුවත් කරාට. මහමෙව්නාව භාවනා අසපුව ගත්ත මේ තීරනෙට අපි හැමෝම ගරුකළ යුතුයි. (ර)

:       0       0

චන්න Monday, 09 May 2016 06:15 PM

සියලු භික්ෂුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි වැදගත් (නි)

:       0       0

මල්ලිකා Tuesday, 10 May 2016 08:19 AM

අපේ ගුරු දෙවිඳු අතහරින ආකාරය අති සුන්දරයි. ආශ්චර්යයි මෙවන් ගුරු උතුමන් කෙනෙක් මුණගැසීම අප ලැබූ මහ පිනක්. වාසනාවක් මහමෙව්නා පින්බිම කාලයක් බැබළේවා ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 646 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 811 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 498 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 997 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1825 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 439 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site