IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සේරුවිල සෑයේ අනවසර කැණීම් නවත්වයි

පුරා විද්‍යා රක්ෂිතයක් හා පුජා නගරයක් වන ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍ය වටා  අනවසර කැණිම් වහාම නතර කරන ලෙස පොලිසියට දන්වා පුරා විද්‍යා නිලධරයන් පිරිසක්ද එහි යැවු බව  පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි.

ගෞතම  බුදුරජාණන් වහන්සේගේ ලලාඨ හා කේෂ ධාතු නිධන් කර  දුටුගැමුණු මහ රජ තුමාගේ පියාණන් වන  කාවන්තිස්ස මහරජතුමා  විසින්  සේරුවිල චෛත්‍ය කරවන ලදැයි ඉතිහාසයේ සඳහන් වේ.

සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියනට රන් වැටක් ඉදි කිරීම  සඳහා එහි සෑය වටේ හාරා ඇත.රන් වැට ඉඳි කිරීමට අවසර දී ඇත්තේ පුරා විද්‍යා රක්ෂිත සීමාවෙන් බාහිර ප්‍රදේශයක බවත් කිසිම පුරා වස්තුවකට හානි නොවන අයුරින් රන් වැට ඉදි කිරීමට කොන්දේසි පනවා ඇති බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

සේරුවිල රජමහා විහාරස්ථානාධිපති සරණකිත්ති හිමි පවසනුයේ  රන් වැට ඉදි කිරීමට පුරා විද්‍යා කොමසාරිස්ගෙන් අවසර ලබා ගත් බවයි.

මහා සෑය ළගින් කළ කැණිම් පුරා විද්‍යා කොමසාරිස්ගේ නියෝගයෙන් නතර කළ බව ද ඒ හිමියෝ කියති.

සේරුවිල අක්කර 84 කුත් පර්චස් 29 ක් වන භූමි භාගය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කැර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සී ඊ ගොඩකුඹුරගේ කාලයේදීය.

1962 නොවැම්බර 16 වැනිදා ගැසට් නිවේදනයකින් ඒ බව ප්‍රකාශ කැර ඇත. කථිකාචාර්ය මුං හේනේ මෙත්තාරාම හිමියන් සේරුනුවර පොලීසියට මාර්තු 17 වැනිදා පැමිණිල්ලක් කරමින් අධිකරණයට අපහාස වන සේ  විහාරස්ථානයේ අනවසර කැණිම් සිදු කරන බව කියා සේරුවිල පන්සලේ සත් මහල් විහාරස්ථානයේ බුදු පිළිමයක් පිටුපස ඇති නයි පෙන නවයද කඩා දමා ඇතැයි මෙත්තාරාම හිමියෝ කියති.

එම නයි පෙන ඉදි කැර  වසර විස්සකට නොවැඩි බවත් එම ඉදි කිරීම්  පුරා වස්තු ලෙස නොසැලකෙන බවත් ආචාර්ය දිසානායක කියයි.එහෙත් මෙත්තාරාම හිමියන් පවසනුයේ නඩුව අවසන් වන තුරු විහාරයේ ඇති කිසිවක් වෙනස් කිරීම හෝ කඩා දැමීම උසාවියට අපහාස කිරීමක් බවයි.

ඒ හිමියන් විසින් පැවරුණු නඩුවේ කටයුතු අවසන් වන තුරු විවාදයට තුඩු දී ඇති කරුණු හා විහාරස්ථානයේ අදාල තත්ත්වය  ඒ අයුරින්ම රැකගත යුතු යැයි  කොළඹ දිසා අධිකරණයේ  පී ඒ ජී ගනේපොල විනිසුරුවරයා 2012.02.03 වැනිදා අතුරු තහනමක් ද පනවා ඇත.

මෙම නඩුව තවමත් පවතින හෙයින් වත්මන් විහාරාධිකාරීය අධිකරණයට අපහාස කැර ඇතැයි පෙත්සම්කාර හිමියන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.\

(වීඩියෝ දසුනක් සහිතයි)

 

 

 

 

 

 

 

 



අදහස් (0)

සේරුවිල සෑයේ අනවසර කැණීම් නවත්වයි

ප්‍රදීප් Thursday, 20 March 2014 01:52 PM

අනේ මෙතෙන්ටත් බුදු සරණයි (අ)

:       0       0

සූරියබණ්ඩාර Saturday, 29 March 2014 10:10 AM

මමත් සේරුවිල රජමහා විහාරයට ගියා. හරිම ලස්සනට රන්වැට හා පාදම ඉදි කරනවා. බොහෝ දෙනාට පින් රැස් කර ගන්න හොද අවස්ථාවක්. මෙයට විරුද්ධ වී බොහෝ අය පවු රැස්කර ගන්නවා. සේරුවිල අවට බොහෝ ගරාවැටුණු චෛත්‍ය තිබෙනවා. ඒවා ගැන හොයන්න කවුරුත් නැහැ. ඒවා අලුත්වැඩියා කරන්න කවුරුත් නැහැ. හැබැයි බුද්ධ ශාසනය රැක ගැනීමට කැමති පින්වත් ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා ගරා වැටුණ චෛත්‍ය රැක ගැනීමට උත්සාහ දැරුවොත් එය වැළැක්වීමට නම් බොහෝ අායතන හා හාමුදුරුවරු ඉදිරිපත් වෙයි. ගෞතම බුද්ධ ශාසනයේ වටිනාකම නොදත් අය මේ වැනි දේ කරන එක ගැන පුදුම විය යුතු නැහැ.සෑම දිනකම උදැසන හා සවස ඉතාමත් ලස්සනට රට රැකගත් විරෝධාර රණවිරුවන්ගේ හා ගමේ උපාසක උපාසිකාවන්ගේ උපකාරයෙන් චෛත්‍ය අසන්නයේ බුද්ධ වන්දනාවක් කරනවා. ඔබත් මේ සියලු පින්කම් වලට සහභාගි වි පින් රැස්කර ගන්න. (නි)

:       0       0

කුඹලෑව Saturday, 22 March 2014 05:26 AM

හොදක් කරත් ඒක හොඳ නැහැ.(නදී)

:       0       0

පද්මා කුමාරී Saturday, 22 March 2014 06:48 AM

අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රි ලළාට ධාතූන් වහන්සේ තැන්පත්ව ඇති සෑ රදුන් වටා රන් වැටක් ඉදිවනුයේ,භාග්‍යවතුන් වහන්සේට උපහාර පිණිසමය. එවැනි පිං රැස්වෙන පුන්‍ය ගංගාවකට දොරටු විවර කළ,පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී පිංවත් භික්ෂූන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. බොදුණුවන්ගේ මුදුන් මල් කඩක් බදු වූ සේරුවාවිල සෑ රදුන්ගේ උන්නතිය උදෙසා මෙතෙක් මහමෙව්නා අසපුවාසී පිංවත් ස්වාමීණ්වහන්සේලා දැක්වූ ප්‍රයත්නයන්ට ද නමස්කාර කරමු. සාධු! සාධු!සාධු! (නදී)

:       0       0

රහීම් Friday, 28 March 2014 06:16 PM

මොනවා වුණත් ඒ ගත් තීරණය හොඳයි. (නි)

:       0       0

මංගල Thursday, 20 March 2014 03:40 PM

කොටි ප්‍රශ්න තියෙද්දි කවුරුවත් පැත්ත පළාතෙ ගියෙ නැහැ. දැන් තමා සේරම නීති. සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියනට ශුද්ධ අයිතියක් තියෙනවා ගැලපෙන සහ අවශ්‍යවන වෙනස් කමක් කරන්න. (ත)

:       0       0

ඩෙල්සනී Thursday, 05 June 2014 07:44 AM

ඇයි මේ හොඳ වැඩක් කරද්දිත් ඉන්න බැරි. දෙවියන් පවා රැස් වෙලා වන්දනා කරන මහා පින්කම් වලට සහභාගි වෙන්නවත් පිනක් නැති නම් සතුටු සිතින් දැකලා වත් පින් අනුමෝදන් කරගන්න. (නදී)

:       0       0

කුසල් Friday, 28 March 2014 09:32 PM

මමත් ඔය තැනට ගියා හරිම ලස්සනට හදනවා.(නදී)

:       0       0

සිල්වා Thursday, 20 March 2014 08:05 PM

සේරුවිල රජමහා විහාරය රජවරු හදපු තැනක් (ත)

:       0       0

දහම් Sunday, 22 June 2014 07:41 AM

ඇතැම් පව්කාර අවාසනාවන්ත ජනයා තමන් පිනක් කරගන්නේත් නෑ. අනුන් කරන පින අනුමෝදන් වෙන්නේත් නෑ. පිනක් කරගන්නා හැමෝටම වලවල් කප කපා ඉඳලා නිරයට මඟ විවර කරගන්නවා. (නදී)

:       0       0

සුමන් අල්මේදා Friday, 21 March 2014 03:51 PM

මේක තනිකරම ඉරිසියාව පිරිමහගන්න කරපු වැඩක්. මමත් කාලෙක ඉඳල සේරුවිල පන්සලට යන එන කෙනෙක් නිසා මේ අය ගැන යම් තරමක් දන්නව​. මේ මුංහේනේ මෙත්තාරාම කියන්නෙ සරණකිත්ති හාමුදුරුවො යටතේ හිටිය ගෝලයෙක්. එයා හිතාගෙන හිටියෙ සරණකිත්ති හාමුදුරුවන්ගෙන් පස්සෙ පන්සලේ අයිතිය එයාට ලබේවි කියල​ා. නමුත්‍ මෙත්තාරාම හාමුදුරුවන්ට වඩා පැවිද්දෙන් වැඩිමහලු සහ වඩාත්ම සුදුසු වෙනත් ස්වාමින් වහන්සේ නමකට තමයි පන්සලේ මීළඟ නායක පදවිය පිරිනමන්න සරණකිත්ති හාමුදුරුවො තීරණය කරල තියෙන්නෙ. ඒ නිසයි මේ විරසක ය​. හැකි හැම විදියකින් ම පළිගන්න තත්තවයක් උද්ගතවෙලා තියෙන්නෙ.(නදී)

:       0       0

නාමල් Friday, 21 March 2014 04:00 PM

අවුරුදු 30 ක් තිස්සේ සිංහයෙක් වගේ ඉඳගෙන ඔය සේරුනුවර සිංහල ගමයි, මිනිස්සු ටිකයි, පන්සලයි රැකගත්තෙ ඔය ලොකු හාමුදුරුවො තමයි. පුරාවිද්‍යා නිලධාරීන්වත්, දැන් කිඹුල් කඳුළු හෙලන චීවරධාරීන්වත් නෙවෙයි. වල්ගෙ ගිනි අරගෙන වගේ නඩු දාන, කෑ ගහන අය කොහෙද දන්නෙ නෑ ඒ කාලෙ හිටියෙ....? සෝමාවතියෙ නායක හාමුදුරුවන්ටත් මේ බකට් එකම තමයි ඇද්දෙ මෙයාල පහුගිය කාලෙ. කරන පිනට වළ කපල නිකන් අපායෙ යන්න එපා.(නදී)

:       0       0

ශක්ති Saturday, 22 March 2014 02:54 PM

"සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියනට රන් වැටක් ඉදි කිරීම සඳහා එහි සෑය වටේ හාරා ඇත"...වෙහෙර වටේ හාරන්නේ ඇයි කියා හාමුදුරුවෝ වීඩියෝ එකේ කියනවා. ඒ රන් වැටකට නෙමේ. පරණ තිබුන ගල් වලින් වෙහෙර පදනම ආරක්ෂා කරන්නයි. දැන් ඔහොම තිබ්බාම වතුර ගිහින් මුළු වෙහෙරම අනතුරකට පත් වෙන්න පුළුවන්.? අමාත්‍යාංශයක් තියෙන්නේ මොකටද? (අ)

:       0       0

සුපුන් Saturday, 22 March 2014 03:06 PM

හරිම පවු හරිම කැතයි මේ වගේ උසස් සංඝයා වහන්සේ කෙනෙකුට පූජා බිමකට නඩු දාලා අපහාස කරන එක. සංඝ බේදේට අහුවෙලා ඉවරයි. (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 20 March 2014 01:01 PM

මේවා ජාතික අපරාධ... මෙවැනි දේවල් කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනෑ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 102 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 59 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 543 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 483 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3307 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22076 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21917 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 346 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site