(නිමල කොඩිතුවක්කු)
රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩපිළිවෙලකට යොමුවන ලෙසට සිදුකරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඒ අනුව විපක්ෂය නියෝජනය කරන සිය`එ පක්ෂවල නියෝජනයෙන් ප්‍රධාන වශයෙන් රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබාදීමේ අරමුණැතිව කෙටි කාලීන හා දීර්ඝකාලීන ඉලක්ක සපුරාලීමේ අවම වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිම මෙහි අරමුණ බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් පත්කර තිබේ.
මෙම වැඩපිළිවෙල යටතේ ආර්ථීක හා දේශපාලන කමිටු දෙකක් ස්ථාපිත කෙරිණ.
ආර්ථීක කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක කිරිමටද මෙහිදි තීරණය විය.
ඒ අනුව රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබාදීමේ ඉලක්ක ගත වැඩපිළිවෙල මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරන විපක්ෂයේ සිය`එ පක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එම පක්ෂ නායකයින්ගේ අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සිය`එ මන්ති්රවරුන්ට එම යෝජනා ඉදිරිපත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරිම උදෙසා බහුතරය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කිරිමට සැලසුම් කොට ඇත.
වර්තමානයේ රටේ සිය`එ ජනතාව මුහුණ පා සිටින දැඩි පීඩනකාරි තත්වය සමනය කිරිම සදහාත් ප්‍රධාන වශයෙන් ආහාර හා කෘෂිකර්මාන්තය, ඉන්ධන-විදුලිය යනාදි බලශක්තිය, අධ්‍යාපන, සෙෘඛ්‍ය මෙන්ම ප්‍රවාහන යන අත්‍යාවශ්‍ය සේවා සදහා කඩිනම් සහන හා විසදුම් ලබාදීම මෙම මෙහෙයුම් කමිටුවේ මූලික අරමුණ බවත් කිරිඇල්ල මහතා තවදුරටත් කීවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක්
යෝගා Friday, 08 July 2022 01:46 PM
කිරිඇල්ල, රාජිත ජනතාවට තිත්ත වෙච්චි කම්බා හොරු. වෙන කවුරුවත් නැද්ද ඕවාට දාන්න..?
kamal Friday, 08 July 2022 02:23 PM
මේ වගේ අසමර්ථ ආණ්ඩුවක් පෙරළන්න බැරි විපක්ෂය කොයිතරම් අසමර්ථද? බොරු සංදර්ශන දාලා තමන්ගේ විලි වහගන්න හදනවා.
BamunuarachchiFriday, 08 July 2022 06:43 PM
ඉතින් ඔබ හිතනවාද විපක්ෂය රට ගෙනියන්න සමත් වෙයි කියලා. මොන විකාරද? අපි තවත් අමාරුවේ වැටෙනවා.
Rohan perera Friday, 08 July 2022 04:03 PM
මැයි 12 ආණ්ඩුව හදන්න කිව්වාම බැහැ කියලා, රනිල් අගමැති වෙනවා කිව්වාම ආණ්ඩුව හදන්න කතා කළා. දැන් තවත් එකක්.. සජබ විහිළු...!