IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සිරසට තර්ජනයක්

කැපිටල් මහරාජා මාධ්‍ය ජාලයට අයත් ”සිරස ටීවී” ආයතනයට හා එහි තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසකට යම් තර්ජනයක් ඇතැයි පවසමින් එම මාධ්‍ය ආයතනයේ ඉහළ නිලධරයෝ කිහිප දෙනෙක් අද කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
තම ආයතනයට පසුගිය කාලයේද විවිධ පාර්ශ්ව වෙතින් තර්ජන එල්ල වූ බවත් මෙම තර්ජන සුළුවෙන් තැකිය නොහැකි බවත් ඒ පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔවුහු කීහ.
සිරස ආයතනය වෙනුවෙන් ෂෙවාන් ඩැනියෙල්, සුසිල් කිඳෙල්පිටිය, මධුර ඉලංගකෝන් හා රන්දික හෙට්ටිආරච්චි යන මහත්වරු පොලිසියට පැමිණ සිටියහ.



අදහස් (0)

සිරසට තර්ජනයක්

ගමා Tuesday, 16 April 2013 11:40 PM

අරයගෙ හොල්මන් තමයි ඔය... (නි)

:       0       0

රුවන් Tuesday, 16 April 2013 11:42 PM

ඉස්සරනමි අපි හරි ආසාවෙන් සිරස පුවත් බැලුවා. දැන් නම් එහෙම නැහැ. ඇයි ඒ? පක්ෂග්‍රාහී නිසා (නි)

:       0       0

සිල්වා Wednesday, 17 April 2013 12:48 AM

හැබැයි මාධ්‍යවේදීන්ට තර්ජන කරන්න ප්‍රසිද්ධ කෙනා මේ දවස් වල ලංකාවේ නම් නැහැ. මේ එයා නෙමෙයි වෙන්න ඇති (නි)

:       0       0

ලලිත් Wednesday, 17 April 2013 01:06 AM

මගේ ජීවිතේ වසර 45ක් පුරාවට මම දැකිය යුතු සියළු දූෂිත දේවල් මේ රට තුළ දැක්කා (නි)

:       0       0

සුනිල් Friday, 19 April 2013 07:49 AM

සිරසට අපි ආදරෙයි. (නි)

:       0       0

හපුගල Thursday, 18 April 2013 06:42 PM

ඇයි දැන් රජය විවේඡනය කරනවා වගේ ඔයාලා ඒ දවස් වල යුද්ධ කාලේ සිදුවුණු අපරාධ විවේඡනය නොකළේ? (නි)

:       0       0

හපුගල Thursday, 18 April 2013 06:44 PM

කාටුන් වුණත් මේකේ දාන්නෙ ළමා මනස විකෘති වෙන ලෙසයි. මම නම් මේකට කැමති නැහැ. (නි)

:       0       0

දේවින්ද .බ්‍රෙෂියා Wednesday, 17 April 2013 02:56 AM

මාධ්‍ය ආයතන යනු රජය සහ ජනතාව එකතුවී රැකගත යුතු ආයතනයි. තර්ජනය කර පලවා හැරිය යුතු දේ නොවේ . (නි)

:       0       0

රත්නසේකර Wednesday, 17 April 2013 08:06 AM

අලුත් තුරුම්පුවක්වද්ද කියලා මට නම් සැකයි (නි)

:       0       0

දම්මි Wednesday, 17 April 2013 03:39 PM

රටේ සංස්කෘතිය වින කරන එක වැරදියි (නි)

:       0       0

ආනන්ද Wednesday, 17 April 2013 08:14 AM

හෙට කියයිද දන්නෙ නැහැ අපිට අපිමයි තර්ජනය කරගත්තෙ කියලා. දැන් ලංකාවේ වෙන්නේ එහෙම දේවල්නේ. ඒකයි මම කිවුවේ (නි)

:       0       0

නිමල Tuesday, 16 April 2013 05:02 PM

දැන් කට්ටිය කියයිද දන්නෙ නැහැ කොටි, ඉන්දියන්කාරයෝ, අදිරාජ්‍යයවාදියෝ කියලා. (නි)

:       0       0

රූපා Tuesday, 16 April 2013 05:08 PM

ඉතින් අපේ පොලිසිය ඕක උසාවි දල දේසපාලන බලපෑම් වලට යටවෙලා තීන්දු දෙනකොට මේ මිනිස්සු වයසට ගොහින් තියෙයි. එතරන් කලක් ඉවසන්ට බැරි නිසා මෙයාල මේක පිට රටකට කිවම ද්‍රෝහියෝ කියන්න.(නදී)

:       0       0

විහග Wednesday, 17 April 2013 08:27 AM

මේකත් මාර්කටින් කරන්න නම් එපා ඔන්න (නි)

:       0       0

කුමාරි Wednesday, 17 April 2013 08:27 AM

සමහර විට මේ අයගේ ගෙවල් වල අයටත් තර්ජනය කළාද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දා Wednesday, 17 April 2013 08:30 AM

සිරසේ ඔළු පුදුම ඔළු (ස)

:       0       0

අමිල Tuesday, 16 April 2013 05:19 PM

එහෙම කරන්නේ ඇයි.(නදී)

:       0       0

කසුන් Wednesday, 17 April 2013 08:36 AM

එත් බොරුවට කොටි එනවා එනවා කියල කෑගහල අන්තිමට ඇත්තටම කොටිය ආවදාට............. (ස)

:       0       0

ගාමිණී Tuesday, 16 April 2013 05:23 PM

කව්ද බොලේ ?පරණ සෙල්ලම අලුතෙන් පටන් ගෙන තියෙන්නේ.(නදී)

:       0       0

සදරුවන් Tuesday, 16 April 2013 05:39 PM

සිරස කරන්නේ තරුණ ජනතාව ෆෝම් කරන එක. බොළඳ වැඩ.(නදී)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Tuesday, 16 April 2013 05:40 PM

තර්ඡනයට පෙර සුදානම ‍හොදයි. (නි)

:       0       0

ඔසාම් Wednesday, 17 April 2013 09:12 AM

මල්ලි, ඕවත් වැඩද මේ ලංකාවේ? (නි)

:       0       0

රකිත් Wednesday, 17 April 2013 09:12 AM

මහේෂ්, ප්‍රභාකරන් කරපු කතාවක් විකාශනය කරන එක වරදක්ද? අපේ නායකයෝ ගොඩක් දෙනෙකුත් අවුරුදු 30ක් තිස්සේ ප්‍රභාකරන්ට ආරාධනා දි දී කතා කළානේ. ඒ විතරක්ද සමහරු ආයුධත් දුන්නනේ? තවත් සමහරු සල්ලිත් දුන්නනේ? (නි)

:       0       0

නිමල් Wednesday, 17 April 2013 04:26 PM

මාධ්‍ය නම් ලංකාවේ ඕනෑතරම් තියෙනවා. ඒත් සිතාපල්ලා දරුවනේ තමන්ගේම සිතකින්, ඒත් තමන්ගේ සිතටවත් වහල් නොවී. අන්න එදාට ලෝකය දැකගත හැකි වෙයි මාධ්‍යයට පෙර ..... (නි)

:       0       0

සානුල් Tuesday, 16 April 2013 06:04 PM

දැන් ඉතින් අපේ කට්ටිය මාධ්‍ය නිදහස ගැන කතාකරයි (නි)

:       0       0

උපුල් Wednesday, 17 April 2013 09:30 AM

ඔය කව්රු කව්රුත් මොනවා කිව්වත් අසාධාරනයක් වුණහම, වැඩක් කරගන්න දේශපාලකයෝ පස්සේ ගිහිල්ල ඒක බැරි වුණහම අන්තිමට ගිහින් නවතින්නේ ඔය ගරහන තැන්වලම තමයි (නි)

:       0       0

රවින් Tuesday, 16 April 2013 06:26 PM

ඒ අය කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

උපුල් Wednesday, 17 April 2013 09:34 AM

රුවන් , සංජු ඔයාලා දැන් බලන්නේ ජාතික රූපපවාහිනී , ස්වාධීන රූපපවාහිනී එහෙම වෙන්න ඇති නේද? (නි)

:       0       0

උපුල් Wednesday, 17 April 2013 09:41 AM

ලලිත්, මම හිතනවා ඔය ඒවා වලින් වැඩි හරියක් දකින්න ඇත්තේ සිරසෙන් වෙන්න ඕනෑ. වැරදි නම් මාව නිවැරදි කරන්න. එතකොට සුලන් කියන්නේ කරන හැම වැරැද්දකටම සහ වැරදි කරන අයව මහජනයාට පෙන්නලා දෙන්නේ නැතුව ඉන්න එක වගකිවයුතු මාධ්‍ය ආයතනයක වගකීම කියලද ? ඔයත් පුරුදු වෙන්න වැරදි දේට වැරදියි කියන්න. (නි)

:       0       0

රොහාන් Wednesday, 17 April 2013 09:46 AM

සිරස කියලා නම දැම්මට මේක මහරාජා ටෙලිවිෂන් නේ.(නදී)

:       0       0

කමල් Wednesday, 17 April 2013 09:47 AM

මොකද දැන් සිරසටත් ප්‍රශ්නද? (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 16 April 2013 06:40 PM

තව ටිකක් වැඩියෙන් කල්පනා කරලා වැඩ කළා නම් හොදයි (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 April 2013 06:41 PM

පහුගිය කාලෙ සංවිධායකකමකිනුත් අයින් කලාලු නේද? (නි)

:       0       0

සෙන Wednesday, 17 April 2013 09:53 AM

දැන් මෙයාලා එක්ක සිරිකොතත් අමනාපනේ.(නදී)

:       0       0

සදුන් Tuesday, 16 April 2013 06:44 PM

අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ජීවන් Wednesday, 17 April 2013 10:01 AM

මාධ්‍ය වැරදි වැඩ කරනවා නම් , පිළිගත්තු ක්‍රමයකට ක්‍රියා නොකෙරුවහම තමා ප්‍රශ්න වැටෙන්නේ. මාධ්‍ය නිදහස ලෝකේ සංවර්ධනය මනින මිම්මක් වෙලා. මේ වගේ බාල වැඩවලට හුරේ දාන්නේ ඇයි? (නි)

:       0       0

උදය Wednesday, 17 April 2013 10:03 AM

ඔක්කොමලා බනින්නේ බි බි සි එකටයි, පුද්ගලික මාධ්‍යයටයි විතරයි. අනෙක් හොරණෑ ටික මධ්‍යස්ථයි වගේ කතාව. (නි)

:       0       0

මහේෂ් Tuesday, 16 April 2013 06:47 PM

මේ රටට හානියක් කළොත් කවරෙකුට වුවද දෙකෝටියක් ජනතාවගේ තර්ජන එල්ලවෙනු ඇත (නි)

:       0       0

සුබසිංහ Wednesday, 17 April 2013 10:06 AM

ලංකාව ලෝකයේ මාධ්‍යවේදීන්ට භයානකම රටවලින් එකක්. බටහිර රටවල ඕනෑ නම් රැජින, ජනපති වගේ අය ඕනෑ තරම් විවේචනය කළ හැකියි. මොකෝ එහෙම කරන්න අයිතියක් තිබෙනවා. හේතුව ඡන්දෙ දුන්න නිසා. මිනිස්සු පඩි ගෙවන නිසා. අනෙක් වියදම් දරන නිසා. (නි)

:       0       0

කුලරත්න Tuesday, 16 April 2013 06:48 PM

දැන් පල්ලම් බහින හින්දා පොඩි ඇඩ් කැල්ලක් දානවා ප්‍රස්ද්ද වෙන්න.(නදී)

:       0       0

සුපුන් Wednesday, 17 April 2013 10:10 AM

කරන වැරදි වැඩක් ගැන විවේචනය කරන්න බැරි නම්, මොකද්ද ඒ රට? (නි)

:       0       0

පාරු Wednesday, 17 April 2013 05:05 PM

සල්ලි වලට නේද මේ ? (නි)

:       0       0

හේරත් Wednesday, 17 April 2013 10:34 AM

සිරස ඇති අය පැමිණිලි කරන්නේ පොලිසියටළු. එතකොට සිරස නැති අය කොහෙටද පැමිණිලි කොරන්නේ. සිරස බේරා ගන්න තොප්පි දමා ගෙන මදි හෙල්මෙට් දමා ගන්න ඕනේ .(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 16 April 2013 07:08 PM

මට හිතුනා ආයෙත් ලෙඩක් දා ගනී කියලා පහුගිය දවස්වල එක එක වැඩ සටහන් වලට දේශපාලකයෝ ගෙන්නලා උත්තර දීගන්න බැරි ප්‍රශ්න අහනකොට. (නි)

:       0       0

පාරා Tuesday, 16 April 2013 07:12 PM

මහාරාජා සිංහල කොල්ලෝ ටිකක් තියාගෙන ඌරාගෙ මාළු උරාගෙ පිටේ තියලා කපනවා. ඔතන රස්සාව කරන එකට වැඩය හොදයි වෙන දෙයක් බලාගන්න එක.(නදී)

:       0       0

සුගත් Tuesday, 16 April 2013 07:23 PM

එක දවසක් බ්රේකින් නිවුස් කියලා මහා ලොකුවට දැම්මා. මමත් බැලුවා. එතකොට උතුරු කොරියාව මිසයිල ගහන්න හදනවා කියල කියනවා. ඔය වගේ මෝඩ චූන් දෙනකොට මිනිස්සු කුපිත නොවී ඉදීවිද? (නදී)

:       0       0

නෙතුමි Tuesday, 16 April 2013 07:31 PM

රටේ දේශපාලඥයෝ කියලා පත්වෙලා ඉන්න දේශපාලුවෝ තමන්ගේ තරාතිරම වසන් කරන්න ඕනෑම කැත වැඩක් කරනවනේ.(නදී)

:       0       0

නසාර් Tuesday, 16 April 2013 07:42 PM

අන් සැපතට ඊර්ෂ්‍යා කරන්න එපා. මහාරාජා දෙමළ වුණත් එතන සිංහල,දෙමල ,මුස්ලිම් අය හැමෝම එකට සේවය කරනවා (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 17 April 2013 11:07 AM

ආන්ඩුවේ මාධ්‍ය ආයතනවලට බැන්නොත් බනින කෙනාට දෙයියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

තිසර Tuesday, 16 April 2013 07:42 PM

රජයේ මාධ්‍ය ආයතන වලට විපක්ෂයේ අය තර්ජනය කරනවා. පෞද්ගලික මාධ්‍ය ආයතන වලට මේ දෙගොල්ලම තර්ජනය කරනවා. ඒ නිසා ඉතින් හැම මාධ්‍ය ආයතනයකටම තර්ජන ගර්ජන තියෙනවා. ඒවට උත්තර දෙන්න ඕනෑ මාධ්‍ය මගින්ම තමා (නි)

:       0       0

සුලන් Tuesday, 16 April 2013 07:55 PM

සිරස කරන කියන දේවලුත් අපිට අමතක නැහැ. රටේ වැරදි පෙන්නලා , අපිව මන්දෝත්සාහී කරන අතරම ඉන්දියාවේ වැඩ ලොකුවට පෙන්නලා , එයාලව වීරයෝ කරනවා. ඒක වැරදියි. (නි)

:       0       0

මොහිදීන් Wednesday, 17 April 2013 11:13 AM

මේවා විදේශ කුමන්ත්‍රණ.(නදී)

:       0       0

සමීර Tuesday, 16 April 2013 08:03 PM

දැන් අපේ කට්ටිය ‍ හෙට මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රගිත් Wednesday, 17 April 2013 11:42 AM

සිරස ඕනෑම නැහැ මට නම්. (නි)

:       0       0

නසා Wednesday, 17 April 2013 11:48 AM

සිරසයි පාර කියන්නේ ... (නි)

:       0       0

සමන් Tuesday, 16 April 2013 08:24 PM

කුම්බලා කටු කෑවනම් විදවපන් බළලො..(නදී)

:       0       0

සරත් Tuesday, 16 April 2013 08:30 PM

වැඩක් නැහැ මොකුත් කියල?තව අවරුදු 10ක් ඇතුළත ලංකාවට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් මේ යන වේගේ සැර වැඩි ?(නදී)

:       0       0

සංජු Tuesday, 16 April 2013 08:45 PM

දැන් හුගක් අය සිරස බලනවා අඩුයි (නි)

:       0       0

චන්දන Tuesday, 16 April 2013 08:49 PM

සිරසට ගහල පොල්ල වරද්දගන්න එපා.(නදී)

:       0       0

මුණසිංහ Wednesday, 17 April 2013 12:52 PM

රටක ජනතාව නිවැරදි මගකට යොමු කිරීම මාද්‍ය වගකීමක්.(නදී)

:       0       0

එස්.රංජිත් Tuesday, 16 April 2013 09:13 PM

සමහර මාධ්‍යවේදීන් කියන අය පිටරට නවතින්න යන්න සහ පිටරට ආධාර ගන්න ඔය වගේ කථා කියනවා කියලා මම අහලා තියෙනවා. මේ සිද්ධිය ගැන නම් ඉතින් මම හරියටම කියන්න දන්නෙ නැහැ (නි)

:       0       0

වරුණ Tuesday, 16 April 2013 09:38 PM

ජැක් පොට් ගහන කොට ඔහොම තමයි.(නදී)

:       0       0

සමන්ති Wednesday, 17 April 2013 01:30 PM

සිරස කියන්නේ හොද නරක දෙකම තියෙන රෑපවාහිනී නාලිකාවක්..!(නු)

:       0       0

රත්කපාල Tuesday, 16 April 2013 10:02 PM

මහේෂ් කියල කෙනෙක් මෙහෙම කමෙන්ට් එකක් දාල තියෙනවා "මේ රටට හානියක් කළොත් කවරෙකුට වුවද දෙකෝටියක් ජනතාවගේ තර්ජන එල්ලවෙනු ඇත. " රටේ ජාතික ධනය හොරාකන රටට වැඩිම හානියක් කරන දේශපාලකයන්ට ලක්ෂ ගණනින් ඡන්දය දෙන ජනතාව ගැනද ඔය කියන්නෙ? (නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 16 April 2013 10:02 PM

සිරසට කරපු තර්ජන ගණන් ගන්න එපා. හෙලදෙරණේ කොයිතරම් නම් බුදුපිලමවල සිරස කඩලා නිධන් ටික කොල්ල කෑවද. කෝ කිසි කෙනෙක් හොයල බැලුවද? ඔය පැමිණිල්ල අස්කර ගන්න. (නදී)

:       0       0

විහග Tuesday, 16 April 2013 10:38 PM

මට නම් මේක ගැන හිතෙන්නේ වෙන විදියකට (නි)

:       0       0

දම්මි Tuesday, 16 April 2013 10:41 PM

මම නම් කියන්නේ මෙහෙම දේවලුත් වෙන්න ඕනෑ කියලයි (නි)

:       0       0

මහේෂ් Tuesday, 16 April 2013 11:37 PM

ප්‍රභාකරන් එයාගේ ජාතික වීර දිනේදී කරපු කතා අපිට බලාගන්න පුළුවන් වුණේ සිරස නිසා. මට ඒවා තවම මතකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 175 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1385 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2857 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1785 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2984 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site