IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සිරසෙන් 16+ ගෙන එන ”යුකී සහ කවී’’

 

මේ යෞවනයා සහ යෞවනිය උපතින්ම ජනප‍්‍රියත්වය රැගෙන ආ දෙදෙනෙකි. මේ යෞවනිය අතුල අධිකාරි සහ සමිතා එරන්දතී නම් වන ජනකාන්ත ගායන ශිල්පී යුවළගේ දියණියයි. යෞවනයා ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් අතර අතිශය ජනප‍්‍රිය වූ සන්ෆ්ලවර් කණ්ඩායමේ නියමුවා වන නීල් වර්ණකුලසූරියගේ බාල පුතණුවන්ය.

කවින්ද්‍යා සහ යුකී වන මේ යොවුන් යුවළ ගැන අද බොහෝ දෙනා කතා කරන්නේ සිරස ටීවී හැන්දෑ යාමයේ දී ගෙන එන සික්ස්ටීන් ප්ලස් (16+) සංගීතමය වැඩ සටහන නිසාය. වත්මන් තාරුණ්‍යයේ රැල්ලට, හැඩයට, පැහැයට ගැලපෙන පරිදි මේ දෙදෙනා එම වැඩ සටහන ඉදිරිපත් කළ ද බොහෝ වැඩිහිටියන්ගේ ආදරය ද දිනා සිටින බව කිව යුතුය. හැන්දෑව තාරුණ්‍යයේ එළියෙන් හැඩ කරන ‘‘කවී සහ යුකී සමග අද අපි කතා කරමු.

 

 


 යුකී ඔයාගේ සම්පූර්ණ නම සහ අනෙක් විස්තර කිව්වොත්?
වර්ණකුලසූරිය යුකී ඬේව් කෲස්. වයස අවුරුදු විස්සයි. පරිගණක අංශයේ උපාධිය සඳහා අධ්‍යාපනය හදාරනවා. මගේ එකම අයියාත් උසස් අධ්‍යාපනය හදාරනවා. ඉතින් අපි දෙන්නයි, අම්මයි තාත්තයි එක්ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි.


  ඇයි තාත්තා වගේ සංගීත අංශයට ආවේ නැත්තේ?
මගේ උපාධිය ලබා ගැනීම තමයි ප‍්‍රධාන අරමුණ. සංගීත අංශයටත් ගොඩක් ලැදියි. ගිටාරය, පියානෝව වයන්න පුළුවනි. මම ගොඩක්ම කැමැති සංගීත නිර්මාණකරණයටයි.

 


  යුකී, කවින්ද්‍යාව හඳුනන්නේ කුඩා කාලයේ ඉඳලමලූ නේද?
ඔව්, කවී නංගිගේ මාපියන් වගේම අපේ මාපියන් අතර මිත‍්‍රත්වය තියෙන්නේ අපි දෙන්නා උපදින්නටත් පෙර සිටයි. කවී උපදින්න පෙර සමිතා අක්කී මුලින්ම වඩාගෙන හුරතල් කරලා තියෙන්නේ මාවයි, අපේ අයියවයිලූ.

 


  කුඩා කාලයේ දී ඔයා ලොකු අනතුරකට මුහුණ දුන්නලූ නේද?
ඔව්, ගෙදර සේවයට හිටපු කෙනා මාව ඔසවද්දී මගේ ඔලූව ෆෑන් එකේ වැදිලා මට සිහි නැති වෙලා ලොකු ඔපරේෂන් එකක් කරන්නත් වුණාලූ. එදා මට සිහිය එනකල්ම අපේ අම්මාවයි, තාත්තාවයි සනසමින් අතුලxසමිතා යුවළත් ළඟම ඉඳලා තියෙනවා. ආරංචිය ගිහින් තිබුණෙ සන්ෆ්ලවර් නීල්ගේ පුතා මැරණා කියලයි. කොහොම හරි එදා අපේ අම්මවයිxතාත්තවයි තනි නොකර, අතුලxසමිතා යුවළ එතැන සිටීම ලොකු ධෛර්යයක් වුණාලූ. ඉතින් ඒ අතීත බැඳීම් අදටත් අපේ පවුල් අතර තියෙනවා.

 


  කවී සහ ඔබ අතර තියෙන බැඳීම මොන වගේ ද?
කවී කියන්නේ ඇත්තටම මට මගේම නංගී කෙනෙක් වගෙයි. මගේම පවුලේ කෙනෙක් වගෙයි.

 


  හැබැයි කවී - යුකී එක්ක ටිකක් තරහලූ නේද? කවී මොකද ඒ ගැන කියන්නේ?
ම්ම්... ම්... ඔව්. ඇයි දන්නවද මම යුකී එක්ක තරහා මොකද කියලා.

 


  නැහැ, ඒක තමයි අපි ඔබගෙන් අහන්නේ?
මෙයා, මට නිතරම විහිළු කරනවානේ. ඒකයි.

 


  සික්ස්ටීන් ප්ලස් (16+) වැඩ සටහන කරන්නෙත් ඒ විදියට ද?
ගොඩක් වෙලාවට එහෙම තමයි.  ඒත් අපි නිෂ්පාදක මඩුල්ලේ ආකෘතියට අදාළවයි එය කරන්නේ. අපට  ඕනෑ සැහැල්ලූව උපරිමයෙන් පේ‍්‍රක්‍ෂකයාට දනවන්නයි.

 


  යුකී එයාගේ පුද්ගලික දේවල් ඔයාට කියනව ද?
අපි දෙන්නට බෙදා හදා ගන්න පුළුවන් දේ විතරයි කියන්නේ. යුකී එයාගේ හැම දෙයක්ම මට කියන්නේ නැහැ.  මම මගේ හැම දෙයක්ම කියන්නේ අම්මිටයි. යුකීගේ වැඬේ ඉතින් පොඩි කාලයේ ඉඳලම මා එක්ක රණ්ඩු කරන එක තමයි.

 


  ඔයගේ සම්පූර්ණ නම කවින්ද්‍යා දේවින්දි අදිකාරි. එත් යාළුවෝ කියන්නේ ‘කවී’ කියලා නේද?
ඔව්. ඒක ලෙහෙසියිනේ.

 


  කවීගෙ අද වන විට අරමුණ මොකක් ද?
තවම උසස් අධ්‍යාපනය නිම කරලා නැහැ. කලින් ගුවන් සේවිකාවක වීමේ අරමුණක් තිබුණා. එත් තවම ඒ ගැන මම හිතලා නැහැ.

 


  කවීට රඟපෑමටත් ආරාධනා ලැබුණාලූ නේද?
එක පාරක් ආරාධනාවක් ආවා. ඒත් මම කැමැති වුණේ නැහැ. හැබැයි මේ ප්‍රෝගෑම් එක නම් සතුටින් කරන්නේ.

 


  යුකී ඔබට රඟපෑමට ආරාධනා ලැබුණේ නැත්ද?
අපෝ ලැබුණත් බාර ගන්නේ නැහැ.

 


  යුකී - කවී ගැන අපි නොදන්න ඔබ දන්න දේවල් තියෙනවා ද?
යුකී කී‍්‍රඩාවලටත් ගොඩක් දක්‍ෂයි. දුවන්න, පනින්න ඔය වගේ මලල ක‍්‍රීඩා ගොඩක් කරනවා මගේ හිතේ.

 


  කවී අපි නොදන්න යුකී ගැන ඔබ දන්නා දෙයක් කිවුවොත්?
යුකී අදටත් පොඩි කාලයේ වගේ තාත්තා බදාගෙන නිදා ගන්නේ. එයා විතරක් නෙවෙයි, එයාගේ අයියත් එහෙමලූ. පාන්දර කීයට ආවත් අම්මයි, තාත්තයි එක්කලූ මේ දෙන්නා නිදා ගන්නේ.

 

 

 



අදහස් (0)

සිරසෙන් 16+ ගෙන එන ”යුකී සහ කවී’’

තුෂානි Monday, 10 February 2014 01:14 PM

සුභ පැතුම් (දිල්)

:       0       0

අමිල රුවන් ලියනගේ Friday, 31 January 2014 08:09 AM

දෙන්නටම සුබ පතනවා. (ත)

:       0       0

ස්කූබි Thursday, 01 May 2014 05:49 AM

අනේ වැදලා කියන්නේ හසන්ත මහත්තයො මේ වැඩ සටහන දිහා නම් බලන්න කියන්න එපා.(නදී)

:       0       0

ලසේන් Wednesday, 19 February 2014 04:48 PM

මටත් උදිත කියපු දේම තමයි කියන්න තියෙන්නේ(දිල්)

:       0       0

තරු Thursday, 30 January 2014 11:52 AM

දෙන්නාටම සුභ පතනවා (දිල්)

:       0       0

මිලාන් Wednesday, 26 March 2014 09:40 PM

මේ නම් කෙටි කිරිල්ල එච්චර හරි නැහැ වගේ (දී)

:       0       0

රන්දික රත්නායක Friday, 31 January 2014 10:16 AM

කොහේ හිටියත් මම හවසට ගෙදර යනවා මේ වැඩසටහන බලන්න .හොද වැඩසටහනක් (දිල්)

:       0       0

උදිත මදුමාල් Friday, 31 January 2014 11:01 AM

රන්දික කියන කතාව ඇත්ත. මටත් මේ වැඩසටහන බැලුවේ නැති උනොත් කෑවේ නැ වගේ. මට මේ දෙන්න මගේ දරුවෝ වගේ.(නදී)

:       0       0

උදිත මදුමාල් පෙරේරා Thursday, 30 January 2014 01:23 PM

මම හරිම කැමතියි මේ දෙන්නගේ විහිළු වලට , හරි විනෝදයෙන් වැඩසටහන කරනවා (දිල්)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 March 2014 06:13 AM

මව් රටේම සිංහල නොමරා මරනවා. අහෝ දුකකි. පිට රටක හිටියත් අපේ දරුවෝ හොඳට සිංහල කතාකරනවා. මගේ විතරක් නෙමේ අපි හැමෝගෙම.(නදී)

:       0       0

ලකී Thursday, 06 March 2014 07:28 AM

ප්‍රදීප් රණවක සංජීව ඔබලාගේ කතාව සම්පුර්ණ ඇත්ත(දිල්)

:       0       0

දනපාල Tuesday, 11 February 2014 08:02 AM

දෙදෙනාටම සුබපැතුම් ........ (දී)

:       0       0

කමල් එම් ගමගේ Saturday, 22 March 2014 08:36 PM

රණවක ඔබ හරි.(නදී)

:       0       0

දිලේෂා Saturday, 08 March 2014 11:08 AM

ඇත්තටම මේ විකාර වැඩසටහන් මම මගේ දරුවන්ට නම් කීයටවත් බලන්න දෙන්නේ නැහැ. ඔය කවි කියන ගැහැනු දරුවා කිසිම වගකීමක් නැතුව මාධ්‍ය භාවිතා කරමින් කරන විකාර නටන රැගුම කිසිම විදියකට අපේ රටට නෙවෙයි වෙන රටකටවත් ගැලපෙන්නේ නැහැ. මොනවද ඒගොල්ලෝ කියන්නේ කියල එයාලවත් දන්නේ නැහැ. මේ පේස් e බූක් නිසා බෙල්ලේ වැල දාගන්න කාලේ මේ වගේ වැඩසටහන් මේවාට උඩ ගෙඩි දෙනවා. ඉංග්‍රීසිත් හරියට බැහැ සිංහලත් හරියට බැහැ මම දන්නේ නැහැ මේ දරුවෝ අනාගතය ඇයි මෙහෙම විනාශ කරන්න හදන්නේ. මේවාට මාධ්‍ය මගින් ඉඩ දෙන එක රජයේ වැරැද්දක්. මේවා තහනම් කරන්න ඕනා. ඒ තරම් විකාරයි අප්‍රියයි මේ වැඩසටහන.(නදී)

:       0       0

සචින් Tuesday, 11 February 2014 08:52 AM

හරිම විනෝදාත්මක වැඩසටහනක්.(නදී)

:       0       0

ජෙහාන් Saturday, 29 March 2014 12:53 PM

මේක මම එච්චර ප්‍රිය කරන වැඩසටහනක් නෙමෙයි (දී)

:       0       0

සුපුන් Monday, 03 February 2014 10:54 AM

රන්දික, උදිත දෙන්නම කියන්නේ ඇත්ත. මම රැට ඕක නොබලා කෑම නොකා ඉදල තියනවා ඇග අඩු කරගන්න. (දී)

:       0       0

වීර Wednesday, 29 January 2014 08:37 PM

අනේ ඇත්තට,මෙහෙමත් දේවල්? (නි)

:       0       0

ඉමාරා සෙව්වන්දි Wednesday, 05 February 2014 08:23 AM

නියමයි! (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 07 February 2014 02:27 AM

මේ දෙන්නා වැඩසටහන ඉදිරිපත් කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියලා තේරෙන්නේ නැහැ, අහෝ අපේ සිංහල භාෂාවට ගිය කලක් කියලා හිතෙනවා මේවා ඇහුවම. (අ)

:       0       0

කැළුම් ජයතිස්ස Thursday, 27 February 2014 10:36 PM

පිස්සුවක්.(නදී)

:       0       0

කල්ප Wednesday, 30 April 2014 12:35 PM

මුලින්ම හොදට වැඩ සටහන කරා .. ඊට පස්සේ මෙයාල රඟපාන්න ගත්තා ලස්සනට තිබුණු වැඩසටහන .... (දී)

:       0       0

තාරක Tuesday, 29 April 2014 08:49 PM

අනේ පුතේ සිංහල නම් සිංහලෙන් කතා කරන්න ඉංග්‍රීසි නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න (දී)

:       0       0

ප්‍රබෝදනී Tuesday, 11 February 2014 10:26 AM

මේ වැඩසටහන ගොඩක් ලස්සන වැඩසටහනක්. අපි ගොඩක් අසාවෙන් බලනවා (දිල්)

:       0       0

සන් Tuesday, 29 April 2014 09:39 PM

පුළුවන් නම් මුහුණු පොතට ගිහිල්ලා බලන්න ඔය ගොල්ලන්ගේ (දී)

:       0       0

සුරංග Tuesday, 29 April 2014 09:40 PM

අනේ මට තවත් මේවා බලා ඉන්න බැහැ (දී)

:       0       0

නිලූ මල්ලිකා Sunday, 23 February 2014 03:39 AM

මම නම් කැමතියි (දී)

:       0       0

සුළග Tuesday, 29 April 2014 08:55 PM

සිංහල භාෂාව විකෘති කරන මෙවැනි වැඩසටහනක් සම්බන්දයෙන් ලිපියක් ලියා තැබීම පිලිබඳ ජාතික පුවත් පතක් වන ලංකාදීපයට පළමුව හිස නමා අචාර කරන්නෙමු ... දෙවනුව .. පුතේ දුවේ .. අපේ මේ රට .. ජාතිය සහ භාෂාව සුරැකිය යුත්තේ නුබලා වැනි නිවේදකයන් අතින් මිස වෙන කා අතින්ද .. භාෂාව අමු අමුවේ අනුභව කරන නුබලා දුටු විට මගේ දෙනෙතට කදුලක් උනන්නේ අප රටේ අනාගතය ගැන සිහිවීමෙනි ... නුබලාට සදා ජය ... (දී)

:       0       0

සංජ්ව Friday, 21 February 2014 10:21 PM

රණවක, ඔබේ කතාව 100% හරි මම ඔය වැඩ සටහන එක දවසයි බැලුවේ, එත් මට හිත ගන්න බැහැ මේ ළමයි ඉන්නේ ලංකාවේද කියල. අනේ රටකට ගිය කල. අනෙක එක අපේ අයගේ ප්‍රතිචාර දැක්කහම තේරුම් ගන්න පුළුවන් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ අයි කියල. (දී)

:       0       0

විරාජ් කසුන් Friday, 28 March 2014 10:49 PM

මම ආසම වැඩසටහන ඔයාලට සුබපැතුම් (දී)

:       0       0

සුමිත් Tuesday, 29 April 2014 09:52 PM

තාරුණ්‍ය කියන්නේ මේකද (දී)

:       0       0

ස්නේහා Sunday, 09 March 2014 06:32 PM

මේ දෙන්න හොඳයි අනිත් අයව විහිලුවකට ගන්න නම්. (නදී)

:       0       0

සංජුලා Friday, 28 March 2014 11:36 AM

වැඩසටහන මාරු. (ස)

:       0       0

දම්මික Tuesday, 29 April 2014 10:55 PM

ඔය ළමයි දෙන්නාට සුභපැතුම් (දී)

:       0       0

ඉන්දික Thursday, 20 February 2014 01:36 AM

ප්‍රදීප්ගේ කතාව සම්පුර්ණ ඇත්ත , අයියෝ අපේ භාෂාව !! (අ)

:       0       0

මධුසංඛ Tuesday, 29 April 2014 10:52 PM

මේක ඇමරිකාව නෙමෙයි, ශ්‍රී ලංකාවයි. අපි වැඩක් කරනවා නම් ඒක අපේ සස්කෘතියට අනුව කරන්න ඕනෑ. (නි)

:       0       0

රවීන්ද්‍ර Saturday, 22 March 2014 01:37 PM

නිසි අධ්‍යපනයක් නැතී ඉහල පවුල් දරුවන්ට රැකියාවක් හොයල දෙන ක්‍රමය තමා මේක. මේ ළමයින්ට දොස්තර,ඉංජිනේරු පරිපාලකයෝ වෙන්න පුලුවන්ද? (නධී)

:       0       0

තනුජා හේරත් Sunday, 09 February 2014 12:37 PM

වැඩසටහන නම් හොදයි එත් දෙන්නගේ රැඟුම තමයි වැඩි (දී)

:       0       0

රණවක Monday, 17 February 2014 06:55 PM

අනේ මහතුනේ, මමත් මේ ලඟකදී ඔය කියන වැඩසටනාහන විනාඩියක් විතර දැක්ක. අහෝ දුකකි, මෙයලද අපේ රටේ අනාගතය? මේකද අපේ රටට ඉස්සරහට වෙන්නේ. පිට රටක ඉන්න අපේ ළමයි ලස්සනට සිංහල කතාකරනවා, ලියනවා, කියවනවා. මේකනම් සිංහල රටේ අනාගතය, කුමක් කරම්දෝ. දෙන ඕනෑම කුණුගොඩක් කඩ වැඩ ගන්න අපේ සිරසක් නැති ජනතාවයි. (අ)

:       0       0

දිල්රුක් Thursday, 27 March 2014 09:24 PM

මමත් මේ දෙන්නගේ විහිළු වලට ගොඩාක් ආසා කරනවා. (නි)

:       0       0

කුමාරි Saturday, 01 February 2014 09:58 PM

මම නම් වැඩසටහන බලා නැහැ. එහෙත් දුවටයි,පුතුටයි සුබ පතනවා. (නි)

:       0       0

සිරිපාල රොක්ස් Wednesday, 30 April 2014 03:41 AM

අනේ පුතේ,අපේ හාමිනේ හැන්දෑවට බත් මුට්ටිය ළිපේ ති‍යන්නෙත් නැතුව අල්ලපු වත්තට ගිහින් ඕක බලනවා නොවැ. මමත් ඉතින් වෙලේ ගිහින් එන ගමන් අමුඩේ පිටින් අල්ලපු වත්තෙන් ඕක බලනවා.හරිම සන්තෝෂයි විහිලු වලට නම් (නි)

:       0       0

ලක්මල් Friday, 28 February 2014 10:19 AM

සිංහල භාෂාවේ අවසානයද කියල හිතෙනවා මේ දෙන්නගේ වැඩසටහන දැක්කම. අනාගතේට දෙවියන්ගේම පිහිට තමයි.(නදී)

:       0       0

හංසි Wednesday, 30 April 2014 07:20 AM

ලස්සන වැඩසටහනක් (නි)

:       0       0

සාරා Friday, 31 January 2014 07:29 AM

හවසට වැඩ ඇරිල අවිත් මම හැමදාම 16 බලනවා. ඇත්තටම නියම වැඩසටහනක්. දෙන්නටම සුබ පතනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3091 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 105 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 164 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 184 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 204 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site