IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සරසවියෙත් ගමෙත් සුලක්ෂන් ජනප්‍රියයි

‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නොවෙයි. ඇයි මගේ අහිංසක පුතාට මෙහෙම කළේ ඇයි ? මේ අපරාධය කළේ?‘ යැයි යාපන විශ්ව විද්‍යාලයයේ  ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජය කුමාර් සුලක්ෂන් සිසුවාගේ මව විජයකුමාර් බේබිනායකී මහත්මිය හැඬූ කඳුලින් කීවාය.

සුලක්ෂන් සහ ඔහුගේ මිතුරකු වූ එම විශ්ව විද්‍යාලයයේම දේශපාලන විද්‍යා සිසුවකුවන නඩරාසා කජන් බ්‍රහස්පතින්දා (21) රාත්‍රී යාපනය කොකුවිල් කුලප්පිට්ටිහිදී රිය අනතුරකින් මිය ගියැයි මුලින් වාර්තා වූ අතර එක් සිසුවකු මිය ගියේ වෙඩි තැබීමකින් බව පසුව අනාවරණය විය.

සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි   ප්‍රදේශයේ ය. විශ්ව විද්‍යාල සිසුහු ද, ඔහුගේ මිතුරෝ සහ අසල්වාසීහු ද ඔහුගේ නිවස වටා රොක්වී සිටියහ.

සුලක්ෂන්ගේ දේහය ළඟට වී හඬා වැළපෙන ඔහුගේ මව බේබිනායකී මෙසේ ද කීවාය.

‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. අපට සිකුරාදා පාන්දර දෙකට විතර දුරකතන ඇමතුමක් ආවා පුතා ඇක්සිටන්ට් වෙලා කියලා. අපි රෝහලට ගියා. සිකියුරිටිගෙන් ඇහුවාම පුතා කෝ කියලා මෝචරිය පෙන්නුවා. වටේ හිටපු අය කිව්වා එයාට බෙහෙත් කරනවා ඔයාලා ගෙදර යන්න කියලා. අපට බය නැතිව ඉන්න කිව්වා. ඉන් පස්සේ උදේ මහත්තයා කතා කරලයි කිව්වේ පුතා නැති වෙලා කියලා.

මගේ පුතා ත්‍රස්තවාදියෙක් නෙමයි. හොඳ ළමයෙක්.මට මගේ පුතා ගෙනත් දෙන්න කියන්න. වෙන මොනවත් ඕන නෑ. ‘ යැයි බේබිනායකී කීවාය.

සහෝදර සහෝදරින් අට දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා සුලක්ෂන් ය. වැඩිමල් සහෝදරයා යුද සමයේ අතුරුදන් වූ ලැයිස්තුවේ සිටින්නෙකි. පියා සින්නතුරෙයි විජයකුමාර් තල් ගසකින් වැටී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබ සිටියි. අක්කා විවාහ වී සිටින්නීය. හත වසරේ සහ උසස් පෙළ කලා අංශයෙන් හදාරණ සහෝදරයන් දෙදෙනෙක් ද සුලක්ෂන්ට සිටිති.

සුලක්ෂන් රගපෑමට හා කථිකත්වයට දක්ෂ බව ඔහුගේ මිතුරෝ සහ සහෝදරයෝ කියති. 2015 පැවැති චිත්‍රපට තරගයකින් ඔහු දක්ෂතම විකට නළුවාට හිමි සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත් අතර 2015 යාපනය චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් චිත්‍රපටයේ ද වීරයාට රගපෑවේ සුලක්ෂන්ය.

ඔහුගේ ළඟම මිතුරෙක් සුලක්ෂන් ගැන මෙසේ කීවේය. (නම හෙළි කිරීමට අකමැති නිසා නම සදහන් නොකරමු.)

සුලක්ෂන් හැමෝම එක්ක හොදින් මිත්‍රශීලීව සිටි පුද්ගලයෙක්. සුලක්ෂන් කිව්වාම මේ පැත්තේ හැමෝම දන්නවා. සුලක්ෂන් කිව්වාම විශ්ව විද්‍යාලයයේ හැමෝම දන්නවා. රගපෑමට දක්ෂයි. හොද කථිකත්වයක් තියෙනවා. කවි ලියන්න පුළුවන්. හැම දේකටම දක්ෂයි.

ඔහු රිය අනතුරකට ලක් වූ බව අපට ආරංචි වුණේ පාන්දර දෙකට විතර. අපි ගියාම කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා. ඔහු මිය ගිය බව දන්නේ ජනමාධ්‍යවලින්. ඔහුට වෙඩි තියලා කියලා මරණ පරීක්ෂණයේදී කිව්වා. පොලිසියට පුළුවන්ද එහෙම වෙඩි තියන්න? පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කළාද? මේ මරණ දෙකම අපට සැකයි.‘‘ යැයි මිතුරා කීවේය.

සුලක්ෂන්ගේ අවසන් කටයුතු සදුදා (24) දහවල් සිදු කිරීමට නියමිතය.

001-1 002 003 004

 



අදහස් (0)

සරසවියෙත් ගමෙත් සුලක්ෂන් ජනප්‍රියයි

තරංග Sunday, 23 October 2016 01:16 PM

කොහේ වුණත් අණ නොතකා ගියොත් වෙඩිතැබීම් සිදුකරන්න වෙනවා. වැරැද්දක් නැත්නම් අැයි පැනලා යන්නේ. මෙයාල තාම රටේ නීතියට ගරු කරන්නේ නැහැ. අපිට පෙනෙන්නේ එහෙමයි. යාපනය කියන්නෙත් මේ රටේ කොටසක් (නි)

:       0       0

වෙදගේ Monday, 24 October 2016 06:21 AM

අවේලාවේ වීදි සංචාරය පරාබව ලකුණක් (බ)

:       0       0

කමල් ජයසුන්දර Monday, 24 October 2016 07:21 AM

මැරුණු අයට අපහාස කරන්න එපා නොදන්න එව්වා කතා කරලා. පොලිසිය මේක රිය අනතරක් කරන්න හැදුවා කියලා ඇස් පනා පිට ඔප්පු වෙලා ඉවරයි. (ම)

:       0       0

කුමාර Sunday, 23 October 2016 04:24 PM

පොලිසියේ අණ නොපිළිපැද්දොත් අපිට වුණත් නීතියේ වෙනසක් නැහැ

:       0       0

ජෝයි Sunday, 23 October 2016 05:13 PM

මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා යාලුවනි! පොලිස් අණ නොතකා යනවට වෙඩි තියන්න පුළුවන් වෙන්නේ ත්‍රස්ත මර්දන හදිසි නීතිය යටතේ මිස සාමාන්‍ය නීතිය පාවිච්චි කරමින් නෙමෙයි. ත්‍රස්ත මර්දන හදිසි නීතිය ඉවත්කර සෑහෙන කල් (නි)

:       0       0

අතුල Sunday, 23 October 2016 05:22 PM

ගොඩක් අය මේ ගැන බලන්නේ ඉතාමත් අසාධාරන විදිහට. කාගේ හෝ දරුවෙක් මේ තත්වයට ගෙනෙන්න දෙමව්පියන් මොනතරම් පරිත්‍යාගයක් කරනවද? එක වෙඩි පහරකින් මෙහෙම ඉතා වටිනා ජීවිත විනාශ කරන එක මොනතරම් අපරාධයක්ද? මේ වගේ දේවල් මානුෂිකව බලන්න ඕනෑ. මෙහෙම දෙයක් තමුන්ගේ කෙනෙකුට වුණානම් ඔය දොස් කියන අය අද මෙහෙම ලියාවිද? මේ වගේ දේවල් තමයි රටක හෙමින් හෙමින් වෛරයක් බවට පත්වෙලා මහා ඛේදවාචක බවට පත්වෙන්නේ (නි)

:       0       0

බමුණුසිංහ Monday, 24 October 2016 01:47 AM

මේ මරණ දෙකම අපට සැකයි කියන මිතුරාට අපි කියන්නේ, පොලිස් අණ නොතකා යනකොට පොලිසියට සැක සිතුනා කියලයි (නි)

:       0       0

බමුණුසිංහ Monday, 24 October 2016 01:50 AM

මොහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ත්‍රස්තවාදියෙක් නොවේ. ඇත්ත. නමුත් ත්‍රස්තවාදින් වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කොපමණ ඉන්නවාද. (නි)

:       0       0

ජනහිත Monday, 24 October 2016 02:00 AM

ඔය කියන තරම් හොඳ ළමයෙක් නම් ඇයි නීතිගරුක නොවුණේ. එහෙම වුණා නම් මෙවැනි දේවල් ඇතිවෙන්නේ නැහැ. කවුරු කිවුවත් නැතත් හැම ජීවිතයක්ම වටිනවා. ඒ අය හිතන්න ඕනෑ 2009 පෙර ගෙවුව කාලය ගැන. කවුරුත් කොච්චර බයෙන්ද ජීවත්වුණේ. අපි කවුරු වුණත් නීතිය කියන එකට යටත්. (නි)

:       0       0

ඔසධ Monday, 24 October 2016 03:02 AM

එතකොට අණ නොතකා ගියොත් දැන් පොලිසියට මොකුත් කරන්න බැරිද? (නි)

:       0       0

බමුණුසේන Monday, 24 October 2016 03:19 AM

අතුල, හෙමින් හෙමින් වෛරයක් බවට පත්වෙලා තිබෙන නිසයි අපි මෙහෙම ලියන්නේ. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 24 October 2016 03:21 AM

ජෝයි, එහෙනම් තුවක්කු දීලා රාජකාරියට දාන්නේ කරේ එල්ලාගන්න වෙන දෙන්න දෙයක් නැති නිසාද

:       0       0

සංජය Sunday, 23 October 2016 08:31 AM

හොඳ වුනාට බීලා පොලිස් අණ නොතකා බයික් එක ධාවනය කළේ නැත්තන් තවමත් ඉන්නවනේ. මරණය ගැන අපිටත් දුක තමා. හැබැයි වරදට මුල ඔහුමයි (බ)

:       0       0

රුවන් Sunday, 23 October 2016 08:35 AM

පොලිසියේ අණ නොපිළිපැද්දොත් අපටත් ඔහොම තමයි වෙනසක් නැහැ (බ)

:       0       0

මහින්ද හෙට්ටිආරච්චි Sunday, 23 October 2016 09:05 AM

නීතියට ගරු නොකරන එකාගෙ මොකක්ද තිබෙන හොදේ?කොහේ වුනත් කොතන වුනත් නීතියට ගරු නොකරන එකා ත්‍රස්තයෙක් උන්ට වෙඩි තැබිය යුතුයි (බ)

:       0       0

බන්දුල Sunday, 23 October 2016 09:09 AM

පොලිස් අණ නොතකා යන අයට මහා බ්‍රිතාන්‍යය ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ සියලු රටවල වෙඩි තබනවා .ලන්ඩන් දුම්රියපොළේ දුවපු බ්‍රසිල් කෙනෙකුටත් වෙඩි තිබ්බ .(බ)

:       0       0

සංජය Sunday, 23 October 2016 09:12 AM

පොලිස් අණ පිළිපැද්දේ නෑ. ඒකයි වුණේ (බ)

:       0       0

චන්දන Sunday, 23 October 2016 09:23 AM

හොඳ පවුල් ඉතිහාසයක් තියෙනවා. මෙයාගේ එක සොයුරෙක් අතුරුදහන් වෙලාලු, මල් කඩන්න ගිහිල්ලා වෙන්න ඇති (බ)

:       0       0

සමන් Monday, 24 October 2016 03:41 AM

අණ නොතකා පළා යාම වෙඩි තැබීමක් තරමටම බරපතල කරුණක් නොවේ. පොලිසිය මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. එය උතුරේද දකුණේද වෙනසක් දැකිය යුතු නොවේ.(හේ)

:       0       0

පාලිත Monday, 24 October 2016 03:42 AM

අණ නොතකා පල යාම වෙඩි තැබීමක් තරමටම බරපතල කරුණක් නොවේ. (හේ)

:       0       0

නිල්මිණි-ජපානය Sunday, 23 October 2016 10:13 AM

මේ සිද්ධි සාධාරණීකරණය වන ලෙස අදහස් දක්වන අයට කියන්න තිබෙන්නේ, අද ඔහුට වුණ දේ හෙට ඔබටත් විය හැකි බවයි. (නි)

:       0       0

රණතුංග Sunday, 23 October 2016 11:04 AM

මොනවා වුණත් අහිංසක අම්මා මොනවා කරන්නද? මේ වැඩෙන් නිකන් ඉන්න අහිංසකයෝත් දරුණු වෙනවා. ලංකාවේ පොලිසිය ගැන අපි නොදන්නවැයි? (නි)

:       0       0

ඉමේශ් Sunday, 23 October 2016 11:22 AM

අහිමිවීමේ දුක දැනෙන්නේ ජීවත්ව සිටින්නන්ටයි (නි)

:       0       0

ඇන්ටන් Sunday, 23 October 2016 11:40 AM

මේ වගේ ප්‍රශ්න හැකිතරම් සාමකාමීව විසඳාගන්න එකයි නුවණට හුරු (නි)

:       0       0

අජිත් Monday, 24 October 2016 05:31 AM

පොලිස් අණ නොතකා දිව්වද නැතිනම් වෙඩි තියල ඒක වහගන්න මෙහෙම කියනවද කවුද දන්නේ??? අපි නොදන්නා ශ්‍රී ලංකා පොලිසිය!!!! අනේද කියන්නේ!! ඔය කිව්වට මේ දවස්වල ඇමෙරිකාවේ පොලිසියත් හැසිරෙන්නේ ඔය විදියටම තමා! කළු ජාතිකයන්ට එක එක චෝදනා කරලා වෙඩි තියනවා! (ම)

:       0       0

ඉසුර Monday, 24 October 2016 05:36 AM

නීතියට ගරු කළා ඔහොම වෙන්නේ නැත (ම)

:       0       0

සරත් Sunday, 23 October 2016 12:06 PM

මෑතක සිට උතුරු නැගෙනහිර දෙමල ජනයාගේ හැසිරීම 83 ට කලින් කොටින්ගේ හැසිරීමට සමානකම් කියනවා ,පොලිස් අණ නොතකන දකුණේ උදවියට පොලීසිය වෙඩි තියනවනම් උතුරේත් මෙය වෙනස් වෙන්න ඕනේ නැහැ. පොලිසියෙන් නවත්තන්න කියනකොට චන්ඩි වෙන්න හදන්නේ මොනවා හරි තියෙන නිසානේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 758 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 937 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 502 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 292 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 595 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 58 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site