IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සරසවියේ දේශනයට ආ ඩඩ්ලිට තවත් සිසුන් පිරිසක් විරෝධය දක්වලා

(රංජන් කස්තුරි)

කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිලෝමා පාඨමාලාවක දේශනයකට ආ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දේශනය අවසන් කර ආපසු යද්දී යද්දී  සිසුන් පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ.

ඩඩ්ලි සිරිසේන මහතා දේශනය අවසන් කර විශ්ව විද්‍යාලයෙන් පිටව යද්දී ඔහු ගමන් ගත් මෝටර් රථය  නතර කළ සිසුහු ඔහුට බැන වැදී ඔහුට විරෝධය දැක් වූහ.

ඩඩ්ලි සිරිසේන  මහතා විශ්ව විද්‍යාලයට ගෙන්වීමට නුසුදුසු බව ද ඔහුට දේශන පැවැත්වීමට සුදුසුකම් නැති බව ද  පවසමින්  සිසුන් පිරිසක් මෝටර් රථය වටකර ගෙන ඇත.

එම ස්ථානයට ආ ආචාර්යවරුන් පිරිසක් සිසුන් සමග සාකච්ඡා කර ඩඩ්ලි සිරිසේන මහතා ඉවත් කර හැරිමට මහතා පරිශ්‍රමයක් දරූහ.

මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ සුළු සිසුන් පිරිසකගේ විරෝධයක් බවත් එය එතරම් ගණන් ගත යුතු නැති බව ප්‍රකාශ කළේය.



අදහස් (35)

සරසවියේ දේශනයට ආ ඩඩ්ලිට තවත් සිසුන් පිරිසක් විරෝධය දක්වලා

වීර Sunday, 14 January 2024 06:34 PM

කන්න නැති රටේ දරුවන් මන්දපෝෂණයට ඇද දැමූ සහල් මාෆියාවේ පිංපියා..

:       2       9

ravin Sunday, 14 January 2024 06:43 PM

ප්‍රථමයෙන්ම දේශකයාගේ අධ්‍යාපන සුදුසුකම් කාටහරි කියන්න පුලුවන්ද ?නිසි උගත්කමක් නොමැති නම් .මොහුට ආරාධනා කලේ කවුද හා ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන සුදුසුකම් ?තෙවනුව මොහු දේශනය පවත් වූ විෂය ?

:       2       7

nimalasiri Sunday, 14 January 2024 06:55 PM

මොහුගේ දේශනය පටිගතවී ඇති. ඒ අදහස් හා මොහුගේ සැබෑ ක්‍රියාකලාපය විශ්ලේෂණය කොට විවේචනය කළේ නම් මොහු තීරණාත්මකව පරාජය වනු ඇත. ඊට ප්‍රධාන නාලිකා සහ පුවත්පත් ඉඩ ලබා දිය යුතුය.

:       0       8

gunda Sunday, 14 January 2024 06:59 PM

විශ්ව විද්‍යාලයකට , පාසලකටවත් දේශනයක් සඳහා ගෙන්වීමට තරම් පිළිගැනීමක් නැති මොහු කැලණිය විශ්ව විද්‍යාලයට පශ්චාත් උපාධි පාඨමාලාවකට දේශනයකට ගෙන්වීමට තීරණය කල මොලකරුවා සොයා දෙන්න

:       2       7

චන්දන Sunday, 14 January 2024 07:28 PM

මෙයා විශ්ව විද්‍යාල සිසුන්ට මොනවද කියලා දෙන්නේ...? අඩුවට ගොවියාගෙන් වී මංකොල්ලකාලා වැඩි මිලට හාල් විකුණන ක්‍රමය ගැනද...? සිසුන් කියන කතාව හරි... මෙයා දේශනවලට ගෙන්නුවේ කවුද..? එයාට කීරි සම්බා කොච්චර ලැබුණාද?

:       26       100

saman Sunday, 14 January 2024 08:31 PM

ඔහු දේශන සදහා පැමිණි පළමු අවස්ථව මෙය නොවේ. ඔහු සතු ප්‍රයෝගික දනුම සිසුනට ලබාදෙනවා වන්නට පුළුවන. කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිලෝමා පාඨමාලා දේශන සදහා පැමිණෙන ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට ප්‍රශ්න පත්‍රයක් ලබාදී ඔහුට ඒ සඳහා පිළිතුරු ලබාදීමට හැකිද කියා සොයා බලන්න.

:       14       51

විජිත් Sunday, 14 January 2024 10:37 PM

පිළිතුරු දෙන්න ? පිළිතුරු ලියන්නේ මොනවයින්ද ? මේකට අකුරු සාස්තරේ බැහැනේ.හැබැයි ඇඟිලි වලින් ගනින ගණන් සාස්තරේ හොඳට නොවෙයි ඕනෑවටත් වඩා හොඳට කරන්න දන්නවා.ඒ නිසා තමයි මිනිහා ,ලබන කන්නයෙන් පස්සේ රටට අවශ්‍ය කිරි සම්බා ප්‍රමාණය " ඇඟිලි සාස්තරයෙන් " ගැනලා ..දැනට තියෙන කිරි සම්බා තොගය හංගනවා තැන් තැන්වල.රටේ සහල් හිඟය මවාපාලා සහල් මිල වැඩිකරනවා.මේ වගේ මාෆියා කාරයින් , කොහොමද විශ්ව විද්‍යාල වගේ උගතුන් බුද්ධිමතුන්ගේ පරිසරයකට ආරාධනා ලබන්නේ ? මේ හාදයාට ආරාධනා කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ස්පයර් වුන නාකි රැලට එලව එළවා ගහන්න ඕන.

:       3       3

pjMonday, 15 January 2024 02:34 AM

ඊළඟ දේශනවලට හරක් කටා, මහින්ද රාජපක්ෂ වගේ අය ගෙන්වන්න. ඔය හාදයට දියුණු වෙන්න හිතා ගන්න බැරි තරම් මුල්‍ය ලැබීමට කටයුතු කළේ මහින්දයි. ඩඩ්ලි ම තමයි එහෙම ප්‍රකාශයක් කරල තිබුනෙ.

:       1       3

Lalla Sunday, 14 January 2024 08:47 PM

මටනම් තියෙන ප්‍රශ්නය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ අය මොනවද කරන්නේ කියන එක. උපාධිය ගත්ත බහුතරය රාජ්‍ය රැකියා දියව් කියලා බැනර් උස්සගෙන පෙලපාලි යනවා. තව කොටසක් ලැබෙන මොකක් හරි රැකියාවලට යනවා. කී දෙනාද ව්‍යවසායකත්වය දෙසට හිත යොදවන්න උත්සාහ කරන්නේ. විද්‍යා, ඉන්ජිනේරු වගේ අය විදේශවලට සංක්‍රමණය ගැන හීනයේ. රටේ මොකක්හරි ව්‍යාපාරයක් කරලා දියුණු වූ අයට අතීතය ගැන කියලා කරනවා. හරි නම් දියුණුවට පත්වූ ව්‍යාපාරික ප්‍රජාව ගෙන්නලා හීනමානය පිරුණු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට බලයෙන් හෝ උගන්වන්න ඕනෑ ව්‍යවසායකත්වය සහ පවත්වාගෙන යාම පිළිබඳව..

:       0       1

senarath Sunday, 14 January 2024 07:47 PM

සුළු පරීක්ෂකට හරි කොන්දක් තිබ්බා නම් ඒක ගැන සතුටුයි. ඩඩ්ලි සිරිසේන වගේ සදාචාරාත්මක නොවන මාර්ගවලින් දියුණු වෙච්ච මිනිස්සු ගෙනැල්ලා දේශන තියනවා නම් ඒ ඩිග්‍රිඑකෙන් වැඩක් තියෙනවද සැකයි.

:       17       89

රංබොඩ Sunday, 14 January 2024 07:51 PM

එතන තියෙන්නේ පුහු මාන්නය සහ ඊර්ෂ්‍යාව . ඒ මනුස්සයා දියුණු වූ ආකාරය කාටත් හොඳ පාඩමක්. ඒ වා දැනගන්න එක පොත්වල ඇලිලා ඉන්නවට වඩා වැදගත්.වෙයි.

:       5       6

ajith Sunday, 14 January 2024 07:53 PM

ඕක ඩඩ්ලි එක්ක නෙවේ, ඔහුට ආරාධනා කරපු එක්කෙනත් එක්ක බේරා ගත යුතුයි. ඩඩ්ලි ඔතනට බලෙන් ගියේ නැහැනේ.

:       1       5

Prabha Sunday, 14 January 2024 08:12 PM

තමන්ගේ මතය වෙනුවෙන් සටන් කරන්න. ඒත් අනිත් අයගේ මතයටද ඉඩදෙන්න.

:       10       51

KuruttoMonday, 15 January 2024 04:34 AM

ප්‍රභා ඉතාමත් නිවැරදියි ,එක ජාතක කතාවකින් කියවෙනවා මීකුණකින් ධනවතෙක් වූ කෙනෙකුගේ කතාවක්.ඒවගේ නුවනක් උසස් පෙළ සමත්වෙලා කැම්පස් ආවා කියලා හැදෙන්නේ නැහැ විශේෂයෙන් දේශපාලන මතවාද කරපින්නා ගත් එවුන්ට කොහොමත් මොළයක් ඇති කියලා හිතන්න අමාරුයි ඩඩ්ලි සිරිසේන කියන්නෙ ගොවි ජනපදවලින් ඉඩම් අරගෙන ඇවිල්ලා ගොවිතැන කරල ක්‍රමයෙන් ධනවතුන් වෙච්ච කෙනෙක් ලංකාවෙ ප්‍රධාන පෙලේ ව්‍යාපාර හිමියෙක් .එහෙම තත්වයට එන්න කැම්පස් එකේ ඔහොම උද්ඝෝෂණ කරල බැහැ අත්දැකීම් ලබන්න ඕන .මෙතන තියෙන්නෙ NGO නැත්නම් රට කන මෝඩයින්ගේ දේශපාලන ව්‍යාපාර මිස වෙනත් කිසිවක් නොවෙයි

:       3       4

saki Sunday, 14 January 2024 08:59 PM

හිතවත් මිතුරනි. ඇයි ඔයාලා දේශන පවත්වන්න පෙර මෙයාට විරුද්ධව නොවේ... අවසානයේ විරුද්ධ වෙන්න උත්සාහ කළේ... මොන දේ වුණත් කළ දේ හොඳයි. පන්නමු..

:       1       0

Rohana Sunday, 14 January 2024 09:27 PM

ඩඩ්ලි සිරිසේනට සාමාන්‍ය පෙලවත් තියෙනවද දන්නෙ නෑ. කොහොමත් විශ්ව විද්‍යාලයක සිසුන්ට දේශන පැවැත්වීමට අවම වශයෙන් ප්‍රථම උපාධියක්වත් තිබිය යුතුයි.මූලධර්ම නොදැන නිකම්ම ප්‍රායෝගිකව දේවල් පමණක් කතාකිරීම දේශනයක් වශයෙන් පිලිගත නොහැක. එය හුදෙක් කතා පැවැත්වීමක් පමණයි.

:       3       5

RohinieMonday, 15 January 2024 02:59 PM

රෝහනගේ දැනුම ගැන තියෙන්නෙ හරිම කණගාටුවක් තමයි රෝහන හිතාගෙන ඉන්නෙ උගතුන් බුද්ධිමතුන් කියන්නෙ පැරණි පේපර් කට පාඩම්කර A තුනක් අරගෙන නැවතත් ඒකම කරල ගන්න සහතිකයක් සහිත අය කියලා වෙන්න ඇති .මම එයට වෙනස් කතාවක් කියන්නෙ ජෝන් ප්ලේයර් කියන්නෙ මළපොතේ අකුරක් නොදන්නා කෙනෙක් .ඉතින් මේ අසරණ පුද්ගලයා ගැන අනුකම්පා කල ගමේ පල්ලියක ෆාදර් කෙනෙක් ශාලාවෙ පුටු පිසදැමීම භාර රැකියාව දුන්නා කලකට පස්සෙ ආපු අලුත් ෆාදර් අකුරු නොදන්නා නිසා ජෝන්ගෙ සේවය අවසන් කලා ඉතින් ජෝන් තනිවම සිටිද්දී දුම්කොළ කුඩු වලින් සිගරැට් හදා විකුණා ජීවිතය ගෙනගියා ඔහොම යද්දී ඔහුගේ ව්‍යාපාරය ඉහළම දියුණුවට පත්වුනා දැන් ඉතින් රජවරු සිටුවරු.තානාපතිවරු විවිධ උත්සව සදහා ජෝන්ට ආරාධනා කරන්න ගත්තා ඔහොම වෙද්දී ඔහුගේ කොම්පැනි ලේකම් කෙනෙක් කියනවා සර් දැන් ලොකු ලොක්කො සමග උත්සව වලට යනවා මංගල උතසව වලට යනවා නරකද සර් දැන්වත් අකුරු ටිකක් ඉගෙන ගත්තොත් හොදයි නේද කියලා ඔය වෙලාවෙ ජෝන් ප්ලේයර් කියන්නෙ යනවා ඕයි යන්න මම අකුරු ඉගෙනුම ලැබුවා නම් මම තවමත් පල්ලියේ පුටු පිහදානවා කියලා එනිසා අධ්‍යාපනය පොතට සහතිකයටම සීමා කරන්න එපා

:       2       2

නිහාල් Sunday, 14 January 2024 09:40 PM

අපරාදේ මාකදුරේ මඳුෂ් නැති වෙන්න කලින් දේශනයකට ආරාධනා කරන්න තිබුණේ. ඒ කුඩු ව්‍යාපාරික දැනුම ලබාගන්න තිබුණු අවස්ථාව නැති උනා.

:       1       3

ගමේ එකාලා Sunday, 14 January 2024 09:52 PM

වී ගොවීන්ට කෙළවපු හාල් මාෆියා කාරයා. උගත් හරිහමන් කෙනෙක් හිටියෙම නැද්ද.

:       0       4

ranjith Sunday, 14 January 2024 09:53 PM

අසරණ ගොවියන්ගේ වී ටික කුණු කොල්ලෙට අරන් අසාධාරණයෙන් මුදල් හම්බ කරපු මේ මිනිහා දැන් රටේ ලොක්කෙක් කියලා හිතාගෙන ඉන්නේ

:       0       2

චන්දන Sunday, 14 January 2024 10:34 PM

විශ්වවිද්‍යාල කියන්නේ විධිමත් අවිධිමත් අදහස් හුවමාරු වෙන තැනක්. ඒකට පක්‍ෂ විපක්ෂ විතරක් නොවේ විවිධ ක්ෂේත්‍රවල දැනුම සහ අත්දැකීම් තියෙන අයගේ සහයෝගය ලබාගත යුතුයි. ඉස්සර එහෙම තිබ්බා. නමුත් දැන් ලංකාවේ ජාතික විශ්වවිද්‍යායවල් තත්ත්වය ශෝචනීයයි. තමන් කැමති දේශපාලන හෝ අදහස් වලට පමණක් ඉඩදෙන ලෝකය ගැන හිතන්න බැරි පිරිසක් විශ්වවිද්‍යායවල සිසු බලය අරගෙන කරන්නේ පොදු ශිෂ්‍යාට අසාධාරණයක්. ඒකයි ජාතික විශ්වවිද්‍යාල පස්සට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියට එන්නේ. ඒකේ වගකීම ඔය විරෝධතා දක්වන ශිෂ්‍ය කණ්ඩායම් භාරගත යුතුයි.

:       1       3

Chathuri Sunday, 14 January 2024 10:40 PM

ගහලා නැතිද ? ඕකවත් ඇතුලට දාලා කාර් එක ගිනිතියන්න තිබුනේ.කාලකන්නි හාල් හොරා .

:       2       0

පිටරැටියා Sunday, 14 January 2024 11:00 PM

වී ගොවියට ඇරපු කෙනා.මෙයා ළගදී යුරෝපීය රටකට ආවා.රට සවාරි යන්නේ ,ලන්කාවේ හෝටල් හැදුවේ දුප්පත් ගොවියාගේ දහඩිය මහන්සිය හූරගෙන කාලා..ලන්කාවේ කොල්ලො නියමයි.

:       1       2

nihal Sunday, 14 January 2024 11:23 PM

කවුද ඕයි තමුසෙට මෙතනට එන්න ඉඩ දුන්න අව ජාතකයා

:       0       2

Danushka Monday, 15 January 2024 12:13 AM

මෙයා වැඩිපුර ඉන්නේ කැසිනෝ ශාලා වල

:       0       1

අතුල Monday, 15 January 2024 01:01 AM

මුං සරසවි සිසුන් ද හිඟන්නෝද? අපේ ගමේ පොල් කඩන එවුන් මිට වඩා පිළිවෙළයි. උගත් කම කොහෝද තියෙන්නේ.

:       0       1

Bamunuarachchi Monday, 15 January 2024 01:49 AM

ඩඩ්ලි ලොක්කා ඔහේ අහවල් කෙන්ගෙඩියකටද කැලණිය විශ්වවිද්‍යාලයට ගියේ? ඔය විශ්වවිද්‍යාලවල ඩිග්රි ගහන කොයි ගොයියාත් අන්තිමට සහතිකේ උස්සන් එන්නේ ඔබ වැනි, විශ්වවිද්‍යාලයක පස් පාගපු නැති, ව්‍යාපාරිකයෝ ළඟට. එහා පාරේ දෙමළ සුරුට්ටු කඩේ එකවුන්ට්ස් හදන්නේ qualified accountant කෙනෙක්. බණ්ඩාරනායක මහතා විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට තිබුන ඉංග්‍රීසි අනිවාර්ය බාධකය ඉවත් නොකලානම් විශ්වවිද්‍යාල්වල වැදගත් සංවර සිසුන් කොටසක් දකින්නට තිබුනා.

:       0       3

lankaputha Monday, 15 January 2024 02:13 AM

කුලපති අදක්ෂ වූ විට ඔහු අවම වශයෙන් බුද්ධිමතුන් හෝ බුද්ධිමත් තමාට මඳක් ඉහළින් සිටින මිනිසුන් ගෙන ඒමට උත්සාහ කළ යුතුය.

:       1       1

Bamunuarachchi Monday, 15 January 2024 05:48 PM

ලංකාපුත්‍රලා ඔක්කෝම පල් මෝඩයෝද. 1. විශ්වවිද්‍යාල පාලනය වෙන්නේ කුලපතිගෙන් නොවෙයි උපකුලපතිගෙන්. ඉස්සෙල්ලා ඒක දැනගන්න. 2. ඔබ කියන කුලපතිට ඉහළ ඩිග්රි කාරයෙක් ගෙනාවත් එයත් කොහේහරි, කාළඟහරි පඩියට වැඩ කරන කෙනෙක්. එයා සාර්ථක ව්‍යාපාර ගැන කථා කරන්න දන්නේ නැහැ. ඒ පිළිබඳ අත් දැකීම් ඔහුට නැති නිසා...!

:       0       0

chandima Monday, 15 January 2024 03:09 AM

විරෝධේ පෑවා වගේ නෙමෙයි ,පහුවෙලා ඩඩ්ලි ලාගේ මෝලේ රස්සාව නම් ලැබෙන එකක් නැහැ .පාරේ විරෝධතා දාන්න තමයි වෙන්නේ රස්සා දියව් කියලා.මොකද මේගොල්ලෝ ව්‍යාපාරිකයෝ වෙන්නේ නැහැනේ ?ඒත් ඉතින් ඩඩ්ලිට වඩා හොඳ කෙනෙක් ඔය දේශනයට උන්නෙම නැද්ද ?

:       1       1

Amara Monday, 15 January 2024 05:58 AM

ගොවියා සූරා කෑම සහ මසුරන් සොයන හැටි ගැන දේශනය

:       0       2

kumara Monday, 15 January 2024 07:41 AM

මෙයාගෙ දේශනේ සාරාංශය පොලොන්නරැවෙ ගොවියෝ අවුරැදු 20 30 වි වගා කලා. මම ඒවා ගොයම් කැපෙන කාලෙට සැපයුම වැඩි කියලා තුට්ටු ෙදකට ගත්තා. ඒවා ගබඩා තරගත්තා. ඉට පස්සෙ ගෙයං කැපෙන් නැති කාලෙට දැං වි සැපයුම අඩුයි කියලා අර තුට්ටු දෙකට ගත්ත වි ටික හාල් කරල වැඩි මිලට වික්කා. දැං මම bmw එකක යනවා. අචුරැදු 20. 30. ගෙවිතැන් කරපු එකා කන්ඩ නැතිව හිගා කනවා.

:       0       6

සදසිරි Monday, 15 January 2024 07:46 AM

විශ්ව විද්‍යාල වලට වයවසායකයෝ ගෙන්නුවට කමක් නෑ . හොර මුදලාලි ගන්න එපා.

:       1       8

Deepal Nirosh Monday, 15 January 2024 09:32 AM

කෙනෙක් තමන් සතු දැනුම හැකියාව අනිත් අය සමඟ බෙදා ගන්නයි ඩඩ්ලි මහතා පැමිණියේ. සිසුන් කළ යුත්තේ ඔහුගේ දැනුමෙන් තමනට ගතහැකි බිඳක් හෝ ඇත්නම් එය අවශෝෂනය කර ගැනීමයි. විධිමත් අධ්‍යාපනයක් නො ලද දැනුමැති හා හැකියාවැති පිරිස් අප රටේ කොපමණ සිටිනව ද?

:       4       5

Sanjaya Rajapaksha Monday, 15 January 2024 12:24 PM

බොහෝ විශ්ව විද්‍යාල උපාධිධාරීන් සමකාලීන සමාජය තුළ ඵලදායී නොවන ලෙස සැලකෙන අතර එයින් රජයේ අංශයේ පිරිහීමක් සිදුව තිබේ. සංවර්ධිත රටවල ඕනෑම පැත්තකින් සාර්ථක පුද්ගලයන්, බොහෝ විට ඔවුන්ගේ උපදෙස් හා විශේෂඥ දැනුම සොයයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 116 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2905 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 772 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1140 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1013 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1183 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2032 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site