IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන්ගෙන් අහිමි කළේ ඇයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

"අධ්‍යාපන උපකරණ සඳහා වැට් බදු ඉවත් කරන බව මැතිවරණ වේදිකාවේ කිව්වා. ඒ දේ සිදු නොකළේ ඇයිදැයි මා ප්‍රශ්න කරනවා.එදා දවසේ කියූ දේවල් අද ක්‍රියාත්මක කරන ආකාරය දෙස බැලූ විට ලොකු පරස්පරතාවයක් තියෙනවා.අධ්‍යාපන මාපිය කැපකරු ක්‍රමයක් අරඹා ලොව ධනමතුන් සම්බන්ධ කරගෙන රජයේ අයවැයෙන් වෙන්වන මුදලට අමතරව අධ්‍යාපනයට තවත් මුදල් ලබා ගන්න අලුත් ක්‍රමයකට පිවිසෙන්න.

රජයෙන් වෙන් කරන මුදල් ගැනම පමණක් කතා කිරීමෙන් ඵලක් නැහැ.පාසල් උපකරණ වලින් වැට් බදු ඉවත් කිරීමට තවමත් ප්‍රමාද නැහැ. රැකියා විරහිත උපාධිධාරීන් 35000-40000 ක් පමණ ඉන්නවා.උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න බවට මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. නමුත් අයවැය කතාවෙන් එවැනි දෙයක් කියා නෑ යැයි අපි පක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (8)

සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා

Suneth Monday, 10 March 2025 01:36 PM

මේ මමත් ඉඳලා හිටලා ඉන්නවා හරිද?

:       0       14

PGPThilak Monday, 10 March 2025 02:04 PM

ඔය ආචාරිය මහාචාරියෝ ලක්ෂ පහ හය පඩි ගද්දී මොන පරියේෂණ දීමනාද? කරපු පරීක්ෂණ කරනවා කියලා කිසිම ප්‍රයෝජනවත් දෙයක් කරලා නැත! බංකොලොත් වෙලා හොම්බෙන් යද්දී ඡන්ද මංකොල්ල කන්න රෙද්දක් කියවනවා... මේ සේරම රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන් තවත් වැඩි කරමින් ඡන්ද මංකොල්ල කන්න සැරසෙන අයට එක ඡන්දයක් වත් දෙන්න එපා...!!!

:       4       9

Bolla Monday, 10 March 2025 02:07 PM

අනෙකුන්ගේ පණිවිඩ ගිරවෙක් මගින් එලිදැක්විය හැකිය.

:       0       5

දොන් සේතං Monday, 10 March 2025 02:11 PM

මේ සරසවි ඇදුරෝ ඔබතුමාට ඉගැන්නුවේ නැති එක තමයි වැරැද්ද... ඔබතුමාට ඉගැන්නුවේ ෆොරිනස්ලනේ. ඔබතුමාට තරම් මේ කට්ටියට මොලේ නැත්තේ ඒකයි. ඔබතුමා කියනවා වගේ හැමෝටම හැමදෙයක්ම නිකං දීම තමයි හරි. ඔබතුමාටත් ඉතින් එහෙමයිනේ..!

:       1       4

Karunajeewa Monday, 10 March 2025 02:29 PM

නිවැරැදි පර්යේෂණ කරපු සහ අනාගතයේ කරන්න සිටි උගත්තු තමයි, ඔහේගේ තාත්තා එලොව යැව්වේ.. දැන් බොරුවට නාහෙන් අඬනවා..

:       1       4

ජයනාත් Monday, 10 March 2025 02:32 PM

ඕවා නෙවෙයි කතා කරන්න ඕනැ . සරසවිවල කරපු පර්යේෂණ වලින් ලංකාවේ ආණ්ඩුව ගනිපු ප්‍රයෝජන මොනවාද? ... එහෙම වැදගත් පර්යේෂණ කරන බව දන්නවද?..

:       0       6

අරවින්ද මොණරවිල Monday, 10 March 2025 02:36 PM

ඕකත් හරියට දොස්තරගේ නිවාඩු දින දීමනාව වගේ කතාවක් වෙන්න ඇති. ආණ්ඩුවත් මූලික වැටුප වැඩි කරලා රාජ්‍ය සේවකයාට වැඩි හොදක් කරන්න හැදුවට වැඩක් නැහැ, ඒක අගය කරන්නවත් නොදන්න අමනයෝ ඉන්න නිසා.........

:       2       5

Asela Monday, 10 March 2025 03:55 PM

විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන මේ විකාරයා නිසා, පර්යේෂණ දීමනාව නමින් විශ්ව විද්‍යාලයේ සිදුවන වංචාවන් පිළිබඳ සම්පූර්ණ දෘශ්‍යතාවක් නොමැත. සහකාර ලේඛකාධිකාරීවරයාගේ සිට වැඩ ඉංජිනේරුවරයා දක්වා, දේශන, අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලය දක්වා, සියලුම ශ්‍රේණි වක්‍රව මෙය දීමනාවක් ලෙස ලබා ගනී. ඔබ කළ යුත්තේ පත්‍රිකාවක් හෝ ඕනෑම කුණුහරපයක් බාගත කර එය ඔබේම ලෙස ඉදිරිපත් කර සංස්කරණය කර ඉදිරිපත් කිරීමයි. එය සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලවල දන්නා කරුණකි. විශ්ව විද්‍යාලයේ. මා ලියන මෙය මගේම අත්දැකීමෙන්. පර්යේෂණ කටයුතුවල අවංකව නියැලෙන මහාචාර්යවරුන් සිටින්නේ ඉතා ස්වල්පයක් පමණි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මිනිස් වෙළෙඳාම් කළ තිදරු පියා වසර 12ක් සිරගෙට
2025 මාර්තු මස 10 23 0

දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාල වයස්කාර දරුවන් වහල් භාවයට පත් කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වය


ගිය වසරේ පොල් ඵලදාව කෝටි 30කින් අඩුවෙලා
2025 මාර්තු මස 10 49 0

වර්ෂයක පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩු වීම පොල් මිළ ඉහළ යාමට හේතු වූ බව පොල් වගා කිරීමේ මණ්ඩල


’’කඩුව’’ මුවහත් කළොත් රට ලොකු පිම්මක් පනීවි
2025 මාර්තු මස 10 258 4

රටට පිම්මක් පනින්නට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කළහොත් පමණක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තු


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෙනකා විජේසුන්දර පෙත්සම් විභාගයෙන් ඉවත්වේ
2025 මාර්තු මස 10 179 0

පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා පසුගිය රජය කාලයේදී විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව ජනාධිපති නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවා


ඉෂාරා ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවා රිමාන්ඩ්
2025 මාර්තු මස 10 988 2

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරු


හිඟයක් නැතුව ඖෂධ දෙන්න සාකච්ඡා අරඹයි
2025 මාර්තු මස 10 233 0

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්‍රමුඛ බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඊට විකල්ප නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 104 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 181 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site