IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සරසවි අනධ්‍යයන සේවකයෝ ලෝටස් පාර අවහිර කරති

(චතුර එස් කොඩිකාර)

විශ්ව විද්‍යාල  අනධ්‍යයන  සේවකයන්  ගේ  මාසික  හිඟ  දීමනාව  ගෙවීමට  අදාළ  චක්‍රලේඛය  නිකුත්  කරන බවට දුන්   පොරොන්දුව මෙතෙක්  ඉටුනොවීම  සම්බන්ධයෙන්  විරෝධතාව පළ කරමින්   විශ්ව විද්‍යාල  අනධ්‍යයන සේවක  වෘත්තිය  සමිති  ඒකාබද්ධ  කමිටුව  අද (10) ඇරැඹු උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය  මුළු මනින්ම අවහිර වී තිබේ.

ඒ හේතුවෙන්  ඒ අවට දැඩි වාහන තදබදයක්ද පවතී

උදෑසන  කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට  මෙම උද්ඝෝෂණය ඇරැඹි අතර ඔවුහු  ජනාධිපති කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි අතර  මේ වන ලෝටස්   පාරේ  පොලිස්  මාර්ග   බාධකය  අසළ  විරෝධතාවයේ නිරතව සිටිති.

 



අදහස් (11)

සරසවි අනධ්‍යයන සේවකයෝ ලෝටස් පාර අවහිර කරති

lalithsjm Tuesday, 10 April 2018 07:44 AM

යහපාලනේ යමපාලනේ වෙලා.

:       10       61

Sanath Tuesday, 10 April 2018 08:57 AM

මහජනතාව තලලා පෙලලා ආණ්ඩුව භයට පත්කරලා ඉල්ලීම් දිනාගන්න පුළුවන් රජයේ සේවකයෝ එයාලගේ මට්ටමේ ඉන්න සටන් කරන්න හැකියාවක් නැති සේවකයන්ට වඩා දෙගුණයක් පඩි ගන්නවා. මේක හරිම අසාධාරණයි.

:       1001       2136

Romesh Jayamanna Tuesday, 10 April 2018 09:34 AM

අනවශ්‍ය ඉල්ලීම් ලබාගැනීමට අඛණ්ඩ විරෝධය. මෙම සේවකයන් දැනටමත් හොඳ දීමනා භුක්ති විඳිනවා. නැවතත් ඇයි? ඔවුන් දන්නවා ඔවුන් රජයේ පාලනාධිකාරය මෙහෙයවිය හැකි බැවිනි. මොකක්ද වෙන්නේ? අතිරික්ත සේවකයන්? ඉතා අප්‍රසන්න රජයේ සහ ඔවුන්ගේ සේවකයින්.

:       500       612

kapy Tuesday, 10 April 2018 09:39 AM

ජේ ආර් කලා වගේ වර්ජනය කරන සේරමලගේ රස්සාවල් අත් හිටවලා, රජයට නොලෑබී යන ආදායම් හිඟ පඩිවලින් කපාගෙන , ආයිමත් පරණ කොන්දේසිවලට වැඩට එන්න කාලයක් නියම කරන්න ඕනෙ. ඒ කාලෙ ඇතුලට ආපු අයව රස්සාවට ගන්නෙ ආයිමත් අලුත් අය වගේ. අලුත් නීතිවලට. දීමනා , පඩි ඕනෙ නම්, මේ අය කරන්න ඕනෙ සාකච්චාවෙන්. නෑතුව බලෙන් නෙමෙයි

:       549       562

RNG Tuesday, 10 April 2018 10:30 AM

කිසිම කරදරයක් නැතිව මන්ත්‍රී ඇමතිවරුන්ගෙ පඩි වැඩි කර ගන්නවා නම් සරසවිවල අධ්‍යාපනය ගැන හිතලා මේකට විසදුමක් දෙන්න බැරි ඇයි..? අර ගුවන් තොටුපොළ සේවකයො ස්ට්‍රයික් කරනකොට නම් එසැණින් පිළිතුරු දුන්නා. ඒවා ඉතින් රටට දැනෙන ඒවානේ. මේවාට විසදුමක් දෙන එක තමයි මෙයාලගෙ ඇගෙන් කෑලි යනවා වගේ වෙලා තියෙන්නෙ ..

:       105       133

Nawodhi Tuesday, 10 April 2018 10:25 AM

මහාචාර්ය පඩි සදහා සුළු සේවකයා අරගල කිරීම හොද නැහැ

:       208       3

Senaka Tuesday, 10 April 2018 11:27 AM

අනධ්‍යයන සේවකයින් මේ අන්දමට උද්ගෝෂණ කරන්නේ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්. චක්‍ර ලේකයක් නිකුත් කරන බවට බොරු පොරොන්දු දීලා රජයත් කරන්නේ මේ අහින්සකයින්ව රැවටීම පමණයි. මේ රජය සලකන්නේ ආචාර්ය මණ්ඩලයට පමණක් වන අතර ඔවුන්ට වැඩි පඩි දීමනා ගණනාවක් ඇතුළු වරප්‍රසාද බොහොමයක්ම ප්‍රධානය කර තිබෙනවා. එත් අනධ්‍යයන සේවකයින්ට මේ රජය දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි.

:       257       280

Panduka Tuesday, 10 April 2018 05:00 PM

මේ මිනිස්සු තමන් ගන්න පඩියට හරියන්න වැඩ කරලා ඉන්න ඕනේ ඉස්සර වෙලා. හිඟ වැටුප ඉල්ලන කලින් හිඟ වැඩ ටික කරලා ඉන්න ඕනේ. පෙරාදෙනියේ විද්‍යා පීඨයේ ඉන්න මිනිස්සුනම් කාර්ඩ් ගහන එකයි බුදියන එකයි කරන්නේ. වෙන රටවල නම් සේවකයෝ දෙන්නයි ඉන්නේ මුළු අංශයටම .

:       80       108

Romesh Jayamanna Wednesday, 11 April 2018 02:22 AM

මෙම සේවකයින්ගෙන් බොහොමයක් අමාත්‍ය ලැයිස්තුවේ බඳවා ගනු ලැබේ. කිසිවෙකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකිය. මමත් විශ්ව විද්‍යාලයට වැඩ කරන්නේ ඉහතින් සඳහන් කරන ඕනෑම කෙනෙකුට වඩා මම හොඳින් දනිමි. විශ්ව විද්‍යාලවල ආචාර්යවරු සාන්තුවරුන්ද නොවන බව දනිමි. එහෙත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා වැඩි දීමනා ඉල්ලා සිටීම ඉතා අසාධාරණයකි.

:       46       0

මනුසත් Wednesday, 11 April 2018 03:27 AM

අනධ්‍යයන අය හිතන් ඉන්නේ ඒ අය ලෙක්චරස්ලා කියලා... එයාලා වෙන මහන්සියෙන් 1000න් එකක්වත් මේ අය මහන්සි වෙන්නේ නෑ.

:       21       0

දිලුම් Wednesday, 11 April 2018 03:50 AM

මොන මට්‍ටමට හරි ඉගෙන ගත්ත අහිංසක මිනිස්සු දුක් විදිනකොට පාර්ලිමේන්තුවේ ඉන්න ටික කිසිම උගත්කමක් නැතුව කෝටි ගණන් පඩි හා දීමනා ගන්න එක අසාධාරණ බව ඇත්ත. ඒත් රටේ අනිත් ආයතනවලට සාපේක්ෂව විශ්වවිද්‍යාල කියන්නේ ඉතාමත් නිදහසේ හුගක් දෙනෙක් රාජකාරියට අමතරව තමන්ගේ ගෙවල්වල වැඩ කර කර ඉන්න පරිසරයක් තියන තැනක්. අනධ්‍යන හා අධ්‍යන කියන සේවක මණ්ඩල දෙකම එකයි. මේ නිසා ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබපු මිනිහ පිටරටක පශ්චාත් උපාධි කරන්න ගියාම තේරෙනවා ඒ රටවල උසස් පෙලට උගන්වන ඒව තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වල උගන්වල තියෙන්නේ කියල. අනික අනධ්‍යන සේවකයො දැනට ගන්න පඩිය හා දීමනා එක්ක වැඩ කලත් නොකලත් පඩි ලැබෙන නමට හරි මහාචාර්ය කියන අධ්‍යයන සේවක මණ්ඩලයේ පඩිය සසදන්නත් බෑ. ඒ අය නමට හරි මහාචාර්ය හා ආචාර්ය නිසා. අනිත් අතින් මෙහෙම හරි පඩියක් නොගෙන ජීවිතේ අමාරුවෙන් ජීවත්වන මිනිස්සු කී දෙනෙක් මේ රටේ ඉන්නවද, දරුවො කීදෙනෙක් බඩගින්නේ අඩනවද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 390 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 246 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 3016 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 848 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 264 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 662 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 521 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site