IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්

(සුජිත් හේවාජුලිගේ)

දුම්රිය, සෞඛ්‍ය  අධ්‍යාපනය සහ  විදුලිය   ඇතුළු රටේ විවිධ අංශවල  ප්‍රධාන   වැඩ වර්ජන  දෙසීයකට වැඩි  සංඛ්‍යාවක් පසුගිය වසර  පහක පමණ කාලයේදී   ක්‍රියාත්මක වී  ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම ලොකු කුඩා වැඩ වර්ජන හේතුවෙන් රටට සෘජුව හා වක්‍රව සිදුවී ඇති පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි ලක්ෂය  ඉක්මවන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉහත කාල සීමාවේදී වැඩ වර්ජන වැඩි වශයෙන් සිදුවී ඇත්තේ දුම්රිය, විදුලිය, සෞඛ්‍ය සහ  අධ්‍යාපන යනාදී ක්ෂේත්‍රවලය.

මේ අතර  විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් කරගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති පාඩුව දළ වශයෙන් කෝටි1200 ඉක්මවන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන  අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම සේවකයන් මේ දක්වා වැඩ වර්ජනය කර ඇති දින ගණන 72කි.

 



අදහස් (10)

සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්

නිමල් Saturday, 13 July 2024 10:53 PM

මොනව කරන්නද, මේ තව පෝය තුනකින් ජනාධිපති වෙන්න දගලන ජෙපි සුනඛ උප්පරවැට්ටිනෙ. උන්ට ඕන රටට හෙන ගැහිල හරි ලපය රජ කරන්න. දැන් වැරදෙනකොට අපි නෙවෙයි කියනව.

:       0       2

Chandima Saturday, 13 July 2024 11:04 PM

රට පාලනය කරන හොරු රැල හොරකම් කලේ රටේ ධාන්‍ය ඊට වඩා වැඩියි නේද?

:       1       0

Muthu Saturday, 13 July 2024 11:32 PM

ඔය පාඩුවට වඩා ලොකු පාඩුවක් නේද.....ඩොලර් බිලියන 26 ණය කන්දක් මේ මාස 6ට ලංකාවට ගොඩ ගහපු එක. ... නිෂ්පාදන ආර්ථකයෙන් බැහැර වෙලා ණයට කන රටක් කරේ කවුද...ඒක නේද පුංචි හරි පඩි වැඩි වීමක් දෙන්න අමාරු.....මේ රටේ සොච්චමක් ඉල්ලලා ස්ට්‍රයික් කරන පුංචි මිනිස්සුන්ගේ ගණන් හිලවු විතරද පේන්නේ...

:       2       0

primeshika Sunday, 14 July 2024 12:47 AM

රට විනාශ කරලා ඉල්ලීම් දිනා ගන්නා කැනහිලුන්...සහකාර තනතුරු වලටත් වාහන බලපත්‍ර ඉල්ලනවා

:       1       7

Lalith Shanaka De Silva Sunday, 14 July 2024 01:23 AM

මහාචාර්ය වසන්ත අතුකුරල් තුමනි, මට ඔබව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස පිළිගත නොහැක, මන්ද ඔබ පිළිගත් සඟරාවල ප්‍රකාශන කිසිවක් නොමැති බැවිනි. බොහෝ AL උපකාරක පන්ති ගුරුවරු ඔබට වඩා ආර්ථික විද්‍යාව දන්නවා. ඔබට අවශ්‍ය වන්නේ ප්‍රචාරණයයි. විෂය සඳහා ඔබට කිසිදු දායකත්වයක් අවශ්‍ය නොවේ. ඔබ මහ බැංකුවේ දත්ත ගබඩාවෙන් යම් යම් තොරතුරු රැස්කර ඔබේ නමින් ප්‍රසිද්ධ කරනවා. ඒක ඔබේ විශ්වවිද්‍යාලයට ලොකු ලැජ්ජාවක්. ශාස්ත්‍රාලිකයෙකු ලෙස කරුණාකර මෙවැනි ප්‍රචාරයක් බලාපොරොත්තු නොවන්න.

:       2       4

සාමාන්‍ය රාජ්‍ය සේවකයා Sunday, 14 July 2024 05:27 AM

විශ්ව විද්‍යාල වෘත්තිකයෙකු ලෙස, ඔබ විශ්ව විද්‍යාල වර්ජන වලින් යම් ප්‍රතිලාභයක් ලබා ගත්තාද? ඔබ ලබා ගත්තේද නැද්ද යන්න සඳහන් කිරීම වඩා හොඳය, වර්ජන හොඳම විකල්පය නොවන බව අපි ද පිළිගනිමු, වර්ජකයන්ට පමණක් දොස් නොකියන්න, පෙර විසඳුම් ලබා ගැනීම අවම කිරීම සඳහා අදාළ අධිකාරියට වගකීමක් ද ඇත.

:       11       4

Lalla Sunday, 14 July 2024 11:07 AM

විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල අතර වෙනසත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය , හෙද කාර්ය මණ්ඩල සහ අන් කාර්ය මණ්ඩල කරන සේවයන් අතර වෙනසත් සේවකයින් වටහාගත යුතුයි. ඊර්ෂ්‍යාව පදනම කරගෙන වැඩිපුර කුට්ටිය ඉල්ලීම පලක් නෑ. සේවාවල වෙනස සහ අධ්‍යාපන මට්ටම්වල වෙනස වෘත්තීය ක්ෂේත්‍රයේ තිබිය යුතුයි. දුම්රිය ලංවිම නම් පෞද්ගලික අංශයට දීම එකම විසඳුම. විවාදයක් නෑ. අතිරික්ත සේවකයින් පින්පඩිකාරයින් පිරුණු මහජන මුදල් කොල්ල කෑම ජීවිකාව කරගත්තු දුර්ජනයන් පිරුණු ආයතන. තව බොහෝ මෙවැනි ආයතන ඇත.

:       1       3

Lankwijaya Sunday, 14 July 2024 05:36 AM

ඒකත් එහෙම නම් නිදහස ලබා අවුරුදු 76 ක් ගතවෙන කාලයේ එම වර්ජන මෙහෙයවූ හා දැනටමත් ඒවා කරන පිරිස් දෙගොල්ලම මාරුවෙන් මාරුවට පාලනය කලා දැන් වෙන පිරිසක් තෝරා ගන්න ඕන කියලා කිව්වම හරිද මුලින්ම 1952 අරගලයේ සිට සිදුකල වර්ජන තර්ජන නිසා රටේ සංවර්ධනය අඩාල වුනා කිව්වොත් නේද හරි ඒ නිසා දැන්වත් ඔය ජනතා මුදලින් වැටුප් ලබන තනතුර සදහා බදවා ගැගැනීමේදී ජනතාව පීඩාවට පත්වෙන ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තහනම් නොකලොත් රට හදන්න බැහැ ඔය වර්ජන කරන කිසිම කෙනෙක් රජය බලහත්කාරයෙන් සේවයේ යොදාගෙන නැහැ ඒ නිසා වෘත්තීය සමිති කාරයින්ට ඔහොම කරන්න දීලා ජනතාව පීඩාවට පත්කිරීම අනුමත කරන්න බැහැ දැන් පේනවා නේද පැවති ආණ්ඩු සිදුකළ සංවර්ධන කටයුතු වලට වඩා සිය ගුණයක් වර්ජන වලින් විනාශ කර තියෙනවා කියලා

:       0       7

Gamini Sunday, 14 July 2024 09:28 AM

අන්තරේ කියලා ඉන්න අනිත් හරක් ටිකටත් ඕකට වග කියන්න ඕනේ...

:       0       3

Asanga thiththagalla gamage Sunday, 14 July 2024 10:14 AM

දැන් 3% අයට හොඳට නින්ද යයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 132 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 315 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 2022 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2360 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 3305 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2487 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site