IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සරසවි වරම් ලැබූ ලාබාල සිසුවා ඇගැයේ

(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ ​සහ  සුදත් පුබුදු කීර්ති )

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වරම් ලැබූ  මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද  පෙරවරුවේ එම විද්‍යාලයේදී පැවැත්විණි

මෙම සිසුවා විශ්ව විද්‍යාලයට වරම් ලැබු ලාබාලම සිසුවා ද වේ.

විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් මෙම උළෙල සංවිධානය කරනු ලැබිය.

එහිදී විදුහල්පති එන්. ජී.රන්බණ්ඩා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ආ අයුරු හා එයට සහභාගී වු සිසුන් ඇතුළු මවුපියන් ද මෙහි දැක්වෙයි.

ඒ අනුව දෙවුම් සනහස් රණසිංහ සිසුවා මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදැරීම සදහා තේරී ඇත.

දෙවුම් සිසුවා ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම ද නියෝජනය කර තිබේ.



අදහස් (18)

සරසවි වරම් ලැබූ ලාබාල සිසුවා ඇගැයේ

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 December 2022 04:17 PM

ජයවේවා ... !!! ජයවේවා .. !!! ජයවේවා ... !!!

:       4       40

සත්‍ය ගවේෂී.Monday, 05 December 2022 07:37 PM

මේ දක්ෂ දරුවගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූදේටත් අකැමැති අපතයින් අන්ලයික් දමා ඇති අයුරු හරිම අශෝභනයි නේද?

:       2       30

ගමේ එකාලා Monday, 05 December 2022 04:52 PM

ඔබ සැබෑම දක්ෂයෙක්. ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න...

:       2       39

fairoos Monday, 05 December 2022 05:05 PM

සුබපැතුම්...! 

:       1       33

Jcn Monday, 05 December 2022 05:40 PM

රජයේ පාසලකින් කොහොමද අඩු වයසකින් ඕ ලෙවල් ලියන්නේ කියලා කවුරු හරි කියලා දෙන්න...

:       4       30

AselaMonday, 05 December 2022 05:59 PM

ඒක හොඳ ප්‍රශ්නයක්.. මම කැමැතියි උත්තරේ දැනගන්න.

:       4       30

SujeewaMonday, 05 December 2022 09:44 PM

කාගෙ හරි ජයග්‍රහනයක හොන්ද පැත්ත නෙවි බලන්නෙ. කුහක කමින් ප්‍රශ්නයක් ඇතිකිරිම තමා, මෙ "අ"දාර්මිශ්ට රටෙ ජනතාව පුරුදු වී ඇත්තෙ! මෙහෙමත් ජරා සමාජයක් !!

:       1       7

SUNIL MILANO Monday, 05 December 2022 10:07 PM

මේ විශ්වයම ජයගන්න . සනහස් පුතාට චිත්ත ‌‌ෙධෙර්යවාසනාව ලැබේවා කියා ඉතසිතින් පතමි.බුදු සරණයි.

:       0       11

SUNIL MILANO Monday, 05 December 2022 10:12 PM

මෙවැනි වාසනාවන්ත දරුවෙකුගේ ජයග්‍රහණය බලා සතුටුවෙන්න බැරි මන්ද මානසික අය සිටීම ගැන හරිම කණගාටුයි.

:       1       10

chitra Tuesday, 06 December 2022 05:25 AM

මොළය වර්ධනය වන ආකාරය ගොඩනඟන්නේ කෙසේදැයි අනෙක් දරුවන්ට දැන ගැනීමට සලස්වන්න.

:       0       6

පැතුම් Tuesday, 06 December 2022 08:31 AM

හොඳ වැඩක් සුබ පැතුම්.

:       0       7

Nalika Tuesday, 06 December 2022 10:28 AM

අපිත් කැමතියි දැනගන්න කොහොමද ඒක කලේ කියලා.

:       1       4

Mendis Tuesday, 06 December 2022 11:30 AM

මෙවැනි පුවතක් පළ කරන විට මෙම දරුවා සාමාන්‍ය පෙළ කළදා, අ.පො.ස. උ.පෙළ කළේ මොන විෂයයන්ද, ආදී වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත් ආකාරය විද්‍යාත්මකව පැහැදිලි වන ලෙස පුවත පළ කරනවානම් කොපමණ වටිනවාද, නිකන් ඕපදූපයක් පළ කරනවා වගේ පුවත පළ කරනවාට වඩා.

:       0       6

Santhu Tuesday, 06 December 2022 02:36 PM

වයස අවුරුදු 5න් පාසල් කාලය ඇරඹූ කෙනෙක් සමහර විට විශේෂ දක්ෂ තාවය නිසා, ද්විත්ව ඉහල දැමීමක් සිදු උනා නම් 14 වෙද්දි AL සමත් වෙන්න පිලිවන්. වයස 60 පැනපු අයත් OL ලිව්වාය කියන අය ගැන ධනාත්මක අදහස් ඇත්නම්.. "ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ" කියනවා නම්... එහෙම නම් වයසින් අඩු උනත් මොලේ වර්ධනය වී නම්.. අනික ඒ දරුවට නීතිමය තහනමකුත් නැත්නම් මොකටෙයි සෘණාත්මකව සිතන්නෙ.. ලංකාවෙ එහෙම උනත් වෙන රට වල මෙහෙමයි වෙන්නේ.. මේ ඉන් 2ක් පමනයි.. වයස: මොෂේ 11 දී 2009 ගණිතය පිළිබඳ උපාධිය ලත් ලොස් ඇන්ජලීස් වල චිකාගෝ හි වයස: 14 දි අලියා සබූර් ව්යවහාරික ගණිතය පිළිබඳ උපාධිය සනහස් රණසිංහ දරුවට සුබ පතනව

:       0       5

Himasha sanjalee Tuesday, 06 December 2022 08:58 PM

මේ ළමයා දක්ෂ ළමයෙක්. පුතා ඔයාට සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි.

:       0       2

විජේ Tuesday, 06 December 2022 09:48 PM

එල කොල්ලෙක් සුපිරි ගේමක් ගහලා. අපේ උන් ඒකටත් මරාගන්නවා කමෙන්ට් වලින්. අපි හරි වෙනස් ජාතියක් හාන්දුරුවනේ........

:       0       1

චන්දිම ෆොන්සේකා Wednesday, 07 December 2022 08:08 AM

මේ දරුවාට අපි ඉතා සිතින් සුභ පතනවා. අනේ වරදවා හිතන්න එපා. මේ දරුවට කුහක කමට ලෙඩක් අදින්න නෙමෙයි මෙහෙම අහන්නේ. රටේ අනිත් මෙවැනි දක්ෂ ළමුන්ටත් මේ ආකාරයට ඉක්මනින් තමන්ගේ තරුණ වයස නාස්ති වෙන්න නොදී මේ විදියට සරසවි වරම් ලැබීමට පුළුවන් මෙම සාර්ථක විදිය පැහැදිලි කරලා දෙන්න.

:       0       2

Rasi Wednesday, 07 December 2022 08:47 AM

ඔබට තෙරුවන් සරණයි. පොඩි දරුවෙක්, දක්ෂයෙක්. අන්තරේ එවුන්ගෙන් බේරගන්න. උන්ට දක්ෂයෝ පෙන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 224 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 175 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 349 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 143 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site