IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සරසවි සිසුහු පැයක් පාරේ වාඩිවී විසිර යති

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ පාර්ලිමේන්තුව බලා පෙළපාළියෙන් යන්නට ගිය විශ්ව විද්‍යාල සිසුහු පොලිස් ප්‍රහාර හමුවේ පැයක් පමණ පාර මැද වාඩිවී විරෝධතාව පළ කර මීට ටික වේලාවකට පෙර විසිර ගියහ.

සිසුන් විසි දෙනකු පමණ තුවාල ලබා සිටි අතර තුන් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.

ඉතිරි තුවාල කරුවන් ද රෝහලට රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි.

විසිර යෑමට පෙර පාරේ වැටී තිබුණු කොල කැබැලි ආදිය ඉවත් කරනු දක්නට ලැබිණි.

DSC_5965



අදහස් (0)

සරසවි සිසුහු පැයක් පාරේ වාඩිවී විසිර යති

සකුන්තලා Wednesday, 22 October 2014 12:12 AM

මෙතන තියෙන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න බලන එක විතරයි. සමාජවාද කතාවක් මෙතනට අදාළ නැහැ. කැම්පස් යන්න බැරිවුණ, උපාධි කඩෙන් ගත් සහ ගන්න හදන කට්ටියට මේවා පෙනෙන්න බැහැ (නි)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 22 October 2014 01:35 AM

ශ්‍රී ලංකාවේ තරම් නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නැහැ වෙන මොන රටක්වත් (නි)

:       0       0

ජානකී Wednesday, 22 October 2014 01:39 AM

මේ ළමයින්ගේ දෙමාපියන් වගකියන්න ඕනෑ මේ වගේ දේවල් වලට යවන එක ගැන. මම කියලා තියෙන්නේ මගේ දුවට මේවාට යන්න එපා කියලා. මොකද එයාලා රැකියාවක් කරලා වෙනම ජීවත්වෙනකොට පුළුවන් එයාලගේ තීරණ ගන්න. මෙයාලව මෙහෙයවන අය මේක ක‍රන්නේ එයාලගේ වාසි සඳහා කියලා මෙයාලා දන්නේ නැහැ. මේ ළමයින්ට සමාජීය වගකීම කියන එක උගන්වන්න ඕනෑ. ඊයේ අපි මේ ළමයි නිසා කොච්චර කරදර වුණාද? මේ ළමයින්ට නොතේරෙන දේවල් ඇයි මේ ළමයින්ගේ දෙමාපියන් කියලා දෙන්නේ නැත්තේ. ළමයි විශ්ව විද්‍යාලයට ගියාම ඔක්කොම හරි කියලයි බොහෝදුරට මේ ළමයින්ගේ දෙමාපියන් හිතන්නේ. (නි)

:       0       0

කළණ Wednesday, 22 October 2014 02:00 AM

ජය වේවා! දිගටම සටන් කරමු (නි)

:       0       0

විරාජ් Wednesday, 22 October 2014 02:01 AM

මට නම් හරිම කණගාටුයි මේ ළමයි ගැන. මමත් විහ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව හිටියා 80 දශකයේ මුල. අපි යන්තම් පිටවුණා වර්ජන රැල්ලට වසර ගාණක් වහන්න කලින්. ඒ නිසා අපිට රැකියා හොයාගන්න කරදර වුණේ නැහැ.ළමයින්ට ඇත්ත තේරෙන්නේ නැහැ. මට කණගාටු ඒකයි (නි)

:       0       0

ජනනි ලොකුහේවා Wednesday, 22 October 2014 02:15 AM

අර නායකත්ව පුහුණුව කියලා විශ්ව විද්‍යාල ළමයින්ට සති ගණන් මොකද්දෝ පුහුණුවක් දුන්නා නේද? ඒ වෙනුවෙන් අතිවිශාල මුදලකුත් වැයකළා නේද? මේ ළමයි අපිට පෙන්වන්නේ අපේම සල්ලි වලින් ඉගෙනගත්තා කියන ඒ නායකත්වයද? (නි)

:       0       0

සඳුනි Wednesday, 22 October 2014 02:21 AM

සදුනිගේ අදහස මේ සදුනි ප්‍රතික්ෂේප කරනවා.ඔබ කවුරු වුණත් හොඳින් හිතන්න. පුද්ගලික සරසවි නිසා රජයේ සරසවි වහන්නේවත් කප්පාදු කරන්නෙත් නැහැ.නමුත් උසස්පෙළ සමත්වී සුදුසුකම් ලබන සමස්ත සිසු ප්‍රජාවම දරාගන්නත් බැහැ.ඔබ දන්නවාද කොළඹින් ඒ තුනක් ගන්නා අයත් සමහරවිට සරසවි යන්න නොහැකිව ඉතිරිවෙන බව. (නි)

:       0       0

විජය භාහු Tuesday, 21 October 2014 01:17 PM

දැන් සතුටු ඇති දෙතුන් දෙනෙක් ගේ හරි ආණ්ඩු කඩා ගත්තනේ. ඔව්වා පස්සේ යන අහිංසක ළමයින්ට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. තමන්ට ඉගෙනගන්න තියන කාලය තමා නාස්ති කරගන්නේ කියලා. අන්තිමට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිය අය කලින් එලියට ඇවිත් රැකියාවලුත් කරාවි. මේ අය තාම කඩේ යනවා. අනික ඕකෙන් වෙන්නේ ඔය ළමයින්ට හම්බ වෙන්න තියන රැකියාත් නැති වෙන එක. අන්තිමට නාස්ති වෙන්නේ අහිංසක දෙමාපියන්ගේ අහිංසක දරුවෝ. (නදී)

:       0       0

සුසිත තිලකරත්න Wednesday, 22 October 2014 02:37 AM

දැන් නම් පුද්ගලික විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා (නදී)

:       0       0

සඳුනි Tuesday, 21 October 2014 01:29 PM

අපරාදේ එක බිල්ලක්වත් ලැබුණා නම් නේද? ගණන් ගන්න එපා පස්සේ හම්බ වෙයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 22 October 2014 02:52 AM

ඔය සදුනි ඒ සදුනිගේ අදහස ප්‍රතික්ෂේප කලාට මේ බන්දුල, ඒ සදුනිගේ අදහස අනුමත කරනවා. අද අපේ රටේ සිංහල දරුවන් ගණන අඩු වේගෙන යනවා. ලෝකයේ සිංහල ජාතිය කියන්නේ වේගයෙන් වදවෙන ජාතියක්. අද දරුවෝ 1/5 ඉගෙන ගන්නේ අන්තර්ජාතික පාසල්වල. ඒ මදිවට විශ්ව විද්යාලත් පෞද්ගලික වෙන්න ගියොත් දෙමව්පියෝ කොහොමද දරුවන්ගේ බර දරාගන්නේ ? තමුන් අනිත් කෙනාගේ ළමයට දෙවැනි වෙනවට කිසිම දෙමාපියෙක් කැමති නැහැ. ඔවුන් කරන්නේ අඩුවෙන් ළමුන් හදන එක. ඉස්සර අපේ පවුල් වල ළමයි 7, 8 ක් හිටියා. දැන් ඉන්නේ දෙන්නයි. මෙහෙම ගියොත් ඉස්සරහට 1 ට බහි. (නදී)

:       0       0

කීර්ති Tuesday, 21 October 2014 01:32 PM

ඔය වගේ පෙළපාලි යන්නේ ඔතන ඉන්නකන් විතරයි. එලියට අාව ගමන් සමාජ වාදේ ඉවරයි. ඊට පස්සේ මිනිස්සු ගසා කන එක ඉක්මනින්ම අරඹනවා. දොස්තරලා එලියට එන්නත් කලින්ම මිනිස්සුන්ගේ පොකට් සුද්දෙ පටන් ගන්නවා. බොරු කාරයෝ. (නදී)

:       0       0

භානුක Tuesday, 21 October 2014 01:41 PM

මේ දේවල් ඔය ළමයින්ට රැකියාවක් ගන්න ගියත් බලපානවා.(හේ)

:       0       0

ගයාන් Wednesday, 22 October 2014 03:17 AM

මේ අය අනාගත ශ්‍රී ලංකාවේ වගකිව යුත්තන් බවට පත්වීමේ පෙරහුරුවක් ලබනවා. (නදී)

:       0       0

අරවින්ද Wednesday, 22 October 2014 03:43 AM

මේ කරන දේ හරි උනත් වැරදි උනත්, මේවට නායකත්වය දෙන අය සමාජයේ ඉහල තැන් වලට යනවා. මොකද ගොඩක් අයට නායකත්ව පුහුණුව අපේ අධයාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නැති නිසා. පොඩි හරි නායකත්වක් දීල තියනවා නම් එක ගොඩක් වටිනවා. මේක මම දැකපු දෙයක්. (නදී)

:       0       0

ගාමිණී Tuesday, 21 October 2014 02:34 PM

ප්‍රවේශමෙන් දරුවනේ, ඔයාලට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ අමුතුම කට්ටියක් එක්ක. මිනිස්සු මොනවා කිවුවත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය මෙහෙමහරි රැකිලා තියෙන්නේ ඔයාලා නිසා. බුදු සරණයි. (නි)

:       0       0

ටිකිරි Wednesday, 22 October 2014 04:04 AM

මෙතන කමෙන්ට් දාල තියෙන ගොඩක් අයගේ අදහස් බැලුවම ජනතා මතය කුමක්ද කියන එක ඉතා පැහැදිලියි. (නදී)

:       0       0

රවිනාත් විජේසේකර Wednesday, 22 October 2014 04:07 AM

ඉහලින් අදහස් දක්වා තිබෙන අති මහත් බහුතරය තම මොළ සේදී ඇති බවවත් නොදැන අදහස් දක්වා තිබේ. ශිෂ්‍යයා යනු ජනතාවගේ අනාගත පරම්පරාවයි. ඔහු ශිෂ්‍ය අයිතිවාසිකම් රැක ගැනීමට පාරට බහින්නේ අනාගතයේ එන සිසුන්ටත් නිදහස් අධ්‍යාපනය සුරැකී තිබිය යුතු බැවිනි. අතීතයේ සිට ශිෂ්‍ය ප්‍රජාව සිසු අයිතීන් රැක ගැනීමට පාරට බැස උද්‍ෙගෝෂණය කළ බැවින් අදටත් සීමාවන් ඇතිව හෝ නිදහස් අධයාපනය රැකී තිබේ. සිසු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සමාජවාදයක් හෝ ධනවාදයක් හෝ ලිබරල් වාදයක් වෙනුවෙන් නොවේ. එය සමස්ථ ජනතාව වෙනුවෙනි. අනාගතයේ උපදින දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය රැකගැනීම වෙනුවෙනි. සිසු උද්ගෝෂණ වැරැද්දක් ලෙස දකින ජනතාවගෙන් කොටුවෙන් එලියට ගොස් සිතා බලන මෙන් ඉල්ලා සිටිමි. මෙතන ජනතා අයිතීන් කප්පාදුවට පක්ෂව අදහස් දක්වා තිබෙන්නේ එසේ කිරීමට සූදානම් වී සිටින ඇමතිවරුන් නොවේ. මහජනතාවමයි. මස් මඩුවකදී මරණු ලබන කිසිම සතෙක් තම කැමැත්තෙන් අනුන්ගේ ආහාර සඳහා බිලිවෙන්නේ නැත. නමුත් ලංකාවේ පුරවැසියා තම කැමැත්තෙන්ම අයිතිවාසිකම් කප්පාදුවට එකඟ වේ. පක්ෂව කතා කරති. (නදී)

:       0       0

විජයබා Tuesday, 21 October 2014 03:10 PM

මගේ ආයතනයකට නම් මම පැත්ත පළාතේ ගන්නේ නැහැ. අන්තිමට එතනත් ඇවිල්ලා නටන්න ගත්තොත් හොඳට හිටීවි. මේ ළමයි ඕක කවදා තේරුම් ගනීද දන්නේ නැහැ (නි)

:       0       0

බන්දු පොන්නපෙරුම Wednesday, 22 October 2014 12:54 PM

සරසිගේ කතාව, ඇත්තටම දුක හිතෙන කතාවක්. (නදී)

:       0       0

යහම්පත් Tuesday, 21 October 2014 03:17 PM

මෙහෙම ඔය බංකොලොත් දේශපාලන විප්ලවකරුවන් පසුපස ගියොත් සැමදාම මෙම සිසුන්ට හිමි මහපාරම තමා. සිසුන් බිලිදීලා කොටසක් ජනප්‍රිය වෙනවා, රටත් කනවා, අහිංසක සිසුන්වත් කනවා (නි)

:       0       0

ගයාන් Wednesday, 22 October 2014 04:38 AM

හරි වීරයෝ වගේ. (හේ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 22 October 2014 04:48 AM

දැන් මොනවද මෙයාල මේ ගමනෙන් බලාපොරොත්තු වුනේ..රජය හදිසියේ පනතක්වත් ගෙනාවද නිදහස් අධ්‍යාපනේ අහෝසි කලා..විශ්ව විද්‍යාල වලට දෙන ප්‍රතිපාදන කපල දැම්ම කියලා. නිදහස් අධ්‍යාපනේ රැක ගන්න පෙළපාලි යන්න අපි දන්නා විදියට නම් අමුතු විශේෂ දෙයක් උනේ නම් නැහැ..දැන් එහෙම ගිහිල්ල මොනවද ලබා ගත්තේ. (නදී)

:       0       0

නුවන් Wednesday, 22 October 2014 05:09 AM

මෙයාලා නිදහස් අධ්‍යාපනේ රකින්නේ උද්ගෝෂණ කරලා. දවසට ළමයින්ට දේශනවලට යන්න නොදී බලපෑම් කරලා වෙන්න ඇති. පැමිණීම 80% නැති උනාම විභාග ලියන්න දෙන්නේ නැති නිසා මෙයාලගේ ව්‍යපාරේට තව කට්ටිය සම්බන්ද කරගන්න පුළුවන්නේ. (නදී)

:       0       0

ගමගේ Tuesday, 21 October 2014 04:28 PM

ඔය එක එක ගැට වලට අහුවෙලා පිරිහෙන්නෙ තමන් ඉපදුන රට ජාතිය බව මතක තියාගන්න. (නි)

:       0       0

බන්දු Tuesday, 21 October 2014 04:35 PM

මටත් දැන් ලොකු දරුවෝ ඉන්නවා. දෙවැනි කෙල්ල සරසවියේ. මමයි පවුලයි නොවඳින වැඳුම් වැඳලා දරුවාව උද්ඝෝෂණ වලින් වළක්වාගත්තා. අපි දුක්විඳලා හම්බ කරලා දරුවන්ට වැඩිදුර උගන්වන්නයි විශ්ව විද්‍යාලෙට යැවුවේ. අපේ දරුවන්ට මම කියා දුන්නේ මෙච්චරයි. ඔය සටන්කළ කට්ටිය අවුරුදු ගාණක් පරම්පරා ගාණක් සටන් කරලා ලබාගත් දෙයක් නැතිබවත්, ඒ පස්සේ ගිහින් දරුවාගේ අනාගතය තමන් විහින්ම විනාශ කරගන්න එපා කියන එකත් මම කියලා දුන්නා (නි)

:       0       0

සාලිය Wednesday, 22 October 2014 05:25 AM

දැනටමත් වෛද්‍ය විද්‍යාල හැර අනිත් පෞද්ග්ලක විශ්ව විද්‍යාල ආරම්භ කරලා තියෙන්නේ. පොඩ්ඩක් හොයා බලන්න.(හේ)

:       0       0

බිමල් Wednesday, 22 October 2014 05:38 AM

මම උසස් පෙළ කලේ 1987.සරසවියෙන් පිටවෙන කොට වයස 30 ට කිට්ටුයි. රැකියා සොයාගෙන නංගිව බන්දලා දීලා, මම එකලාසක් වෙනකකොට වයස 35 ට කිට්ටුයි. මගේ වයසේ සරසවි ගියේ නැති පාසල් මිතුරන්ගේ දරුවන් දැන් සමහරු සරසවියේ. එක් කෙනෙක් ගේ දරුවෙක් රැකියාවක. සන්තෝසයි. ඒ දරුවන්ට දෙවි පිහිටයි.(හේ)

:       0       0

කීර්ති Wednesday, 22 October 2014 05:40 AM

ලංකාවේ උගතුන් තවත් අය ඉගෙන ගන්නවාට බියවන්නේ මොකද .රටේ මිනිස්සු ඉගෙන ගන්න එක රටට හොඳ බව මේ මිනිස්සුන්ට නොතේරෙන්නේ.(හේ)

:       0       0

කාවින්ද Wednesday, 22 October 2014 05:41 AM

මේකට කියන්නේ "සරසවි උණ" කියලයි. මේක හැදුනම රුධිර පට්ටිකා වල පහළ බැසීමක් නොව ප්‍රමාණයකට වැඩිය ඉහළ යාමක් තමයි වෙන්නේ. ඒ නිසා තමයි වැඩිවන රුධිර පට්ටිකා පැලෙන්න ගුටිකන්නේ. අම්ම තාත්තාගේ බලාපොරොත්තු වතුරේ යවලා කොහේ හරි තැනක නැවතිලා ගිමන් හැරපල්ලා. ඊට පස්සේ ටෙලි නාට්‍ය ලියලා ආයිත් සමාජය කාපල්ලා. (නදී)

:       0       0

නිශා Wednesday, 22 October 2014 05:43 AM

අපේ ආයතනයේ අබෑර්තුවකට උසස් පෙළ සමත් අයත් උපාධිදාරීන් රැසකුත් ඉල්ලුම් කළා. තෝරා ගත්තේ උසස් පෙලින් පසු වෘත්තීය පාඨමාලාවක් කල තරුණයෙක්. ලොක්ක කිව්වේ උපාධිදාරීන් බඳවා ගත්තොත් වැඩ කිරීම පසෙක තියල අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගනීවි කියලා. (නදී)

:       0       0

හසිත් Wednesday, 22 October 2014 05:51 AM

සකුන්තලා ඔයා කැම්පස් යන්න බැරි වුන අයගේ දහදිය මහන්සියෙන් උපයන බදු මුදල තමයි උසස් අධ්‍යාපනයට යෙදවෙන්නේ. ඔයාගේ හත් මුතු පරම්පරාවම කැම්පස් නම් ඔයා අනෙක් අයට උපහාස කලාට කමක් නැහැ. ඔයාගේ මව්පියන් මොන කැම්පස් එකේද ඉගෙන ගත්තේ ? එතකොට සීයා මුත්තා ? (නදී)

:       0       0

මානිල් Wednesday, 22 October 2014 05:54 AM

සකුන්තලා ගේ උසස් අධ්‍යාපනයට වියදම් කලේ කවුද ? දුෂ්මන්තද ? ටිකක් කෙලෙහි ගුණ ඇතිව කතා කරන්න. ඔය කැම්පස් ගියේ නැති වුනාට මිනිස්සු, ගියපු උදවියට ඉගෙන ගන්න බදු ගෙවනවා. (නදී)

:       0       0

නිමල් Tuesday, 21 October 2014 05:07 PM

ළමයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් කැපකිරීම් කරන මල්ලිලාට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජීවක Tuesday, 21 October 2014 05:43 PM

මේ ළමයින්ව මේවාට යොමුකරන අයට ඕනෑ ශිෂ්‍ය බිල්ලක්. මේ අහිංසකයෝ පව්. ඊටත් වඩා මේ අයගේ මවුපියන් පව්. ඉගෙනගන්න තියෙන කාලේ නේද මේ නාස්ති කරන්නේ. (නි)

:       0       0

උපාලි Tuesday, 21 October 2014 05:45 PM

විජයබාහු, කීර්ති, ඔය දෙන්නා හරියටම හරි. (නි)

:       0       0

දේවප්‍රිය Wednesday, 22 October 2014 06:52 AM

ඒත් කවුරුත් නිකමට ටිකක් හොයලා බැලුවද මොනවද මෙයාලගෙ ඉල්ලීම් කියලා.(හේ)

:       0       0

ලලිත් තේනුවර Wednesday, 22 October 2014 06:52 AM

උසස් පෙළ හොදට පාස් වුණත් අපේ විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණ එක ගැන අපිට දැන් දුකක් නැහැ.(හේ)

:       0       0

සිතුම් Wednesday, 22 October 2014 06:54 AM

විශ්ව දැනුම සොයායන්නවුන්ට විශ්ව දැනුම ලබාගන්න තමයි විශ්ව විද්‍යාල ස්ථාපනය කරලා තියෙන්නේ. දැන් විශ්ව දැනුම ලබාගන්නේ අන්තර් ජාලයෙන් විතරයි. පුස්තකාල සේවකයන් නොහිටින්න පොත රාක්ක වල මකුළු දැල් බැඳිලා පොත් පුස් කාල. එහෙම ඉගෙන ගන්න අයගෙන් පළමු පන්තියේ සාමාර්ථ සහිතව උපාධිය සමත් අයට කථිකාචාර්ය පදවි ලැබෙනවා. ඒ වගේ කථිකාචාර්ය වරුන් පස්සේ කාලෙක දර්ශන ශූරී උපාධි ලබාගත්තත් පර්යේෂණාත්මකව තම දැනුම සහ විශ්ව දැනුම වර්ධනය කර ගැනීම ලංකාවේදී වෙන්නේ හරි අඩුවෙන්. එවන් මහා ඇදුරන්ගෙන් ලැබෙන විශ්ව දැනුම කුමක්ද? පුද්ගලික විශ්ව විද්‍යාලවල උගැන්වීම සඳහා අවශ්‍ය පමණට පළමු පන්තියේ සාමාර්ථ සහිත උපාධිධාරීන් නැති නිසා දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ සාමාර්ථ සහිත උපාධිධාරීන් බඳවා ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන නිසා පුද්ගලික විශ්ව විද්‍යාලවලින් පිරිනැමෙන උපාධිවල ගුණාත්මක තත්ත්වය කෙසේ වේවිද?(හේ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 21 October 2014 06:41 PM

අහිංසක දෙමාපියන්ගේ දරුවෙකුට ඉදිරියට එන එකත් නැතිවෙනවා මේ දේවල් වලින් (නි)

:       0       0

සදුනි Tuesday, 21 October 2014 06:46 PM

මෙච්චරකල් ළමයින්ව කොහොමහරි උනන්දු කරලා, අපොස උසස් පෙළ සමත් කරවලා, විශ්ව විද්‍යාලේ යවලා දෙමාපියෝ නිදහස් වුණා. දැන් ඉතින් දෙමාපියන්ට මේ පුද්ගලික ඒවාට යවන්න,වයසට ගිහිල්ලත් රැකියා කරන්න වෙනවා. ආර්ථික අපහසුතා වලින් මිදෙන්න ළමයි ගණන අඩු කරන්නත් වෙනවා. (නි)

:       0       0

සමන් පැරිස් Tuesday, 21 October 2014 07:02 PM

86 සිට 91 වෙනතුරුම කට්ටියක් සරසවි ශිෂ්‍යයින්ව කඩේ යැව්වා.අන්තිමට අහිංසක දෙමාපියන්ට දරුවන් අහිමිවුණා. ඒ දෙමාපියෝ අදටත් විඳවනවා. ළමයින් උසිගන්වපු අය ඉවත්වෙලා ඉඳලා සියල්ල අවසන් වුණාට පස්සේ ඇවිල්ලා දැන් වෙන කට්ටියක් ලවා මේ අහිංසකයින්ව කඩේ යවනවා. මේ සත්‍ය කවදා තේරුම් ගනීද? (නි)

:       0       0

සමන් පැරිස් Tuesday, 21 October 2014 07:09 PM

86 - 91 යුගයට අහුවුණ අපි ජීවන අරගලයෙන් ගොඩඑන්න අපේ රත්තරන් රට දාලා විදේශ වලට ඇවිල්ලා තාමත් විඳවනවා. අපිට කළු සුද්දෝ වෙන්න බැරි නිසා මේ දේවල් නොදැක්කා වගේ ඉන්න බැහැ (නි)

:       0       0

ලෝගේෂ්වරන් Tuesday, 21 October 2014 07:35 PM

තරුණ කාලෙනේ! අපිත් කළා. රැකියාවක් හොයාගෙන ජීවිතය ගෙනයනකොට මේ ඔක්කොම බොරු. අපේ වයස ගියා.විවාහය කල්ගියා.දරු සම්පත් ලබාගන්න ප්‍රමාද වුණා. උපාධිය ගත්තට වැඩක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 21 October 2014 08:06 PM

විශ්ව විද්‍යාලයෙන් පිටවුණාම මේ අය දර්ශනයෙන් ඉවත් වුණාට, දෙවැනි පරම්පරා අනුක්‍රමයෙන් අසාධාරණය අයුක්තියට එරෙහිවෙන එක ස්වභාවික සංසිද්ධියක්. ශිෂ්‍යයෝ නැඟී සිටින්නේ සාධාරණය සඳහා මිස වැඩි පඩි ඉල්ලා නොවේ (නි)

:       0       0

ලලනි Wednesday, 22 October 2014 08:10 AM

මගේ දරුවාත් සරසවියේ. මම කියල තියෙන්නේ රටේ මිනිස්සුන්ව හදන්න යන්න කලින් තමන් අධ්‍යාපන කටයුතු හරියට කරගෙන ඉන්න කියලා. ඉස්සරහට මහජනයා දොස් කියන්නේ සිසුන්ට නෙවෙයි මව්පියන්ට. අපේ ළමයි, දෙමව්පියන් වන අපිට ආණ්ඩු මට්ටු කරගන්න බැරි නම් බාහිර බලවේග වලට දොස් කියල වැඩක් නැහැ. (නදී)

:       0       0

ජනක Tuesday, 21 October 2014 09:21 PM

මම වැඩ කරන්නේ අපේ ආයතනයේ මානව සම්පත් අංශයේ. එක්තරා ඇබෑර්තුවකට බඳවා ගන්න ඔන්න මෙන්න කියලා තිබුන උපාධිදාරියෙක් කැපිලා ගියේ ඔහු සරසවියේදී අරගල වලට සම්බන්ධයි කියලා ඔහුගේ අසල්වැසි අපේ සේවකයෙක් ලොක්කාව දැනුවත් කළ නිසා. (නි)

:       0       0

සුරනි Tuesday, 21 October 2014 09:36 PM

අපිටත් මල්ලිලා ඉන්නවා. ඒ අය වෘත්තීය විභාග කරන ගමන් රැකියාවක් කරනවා. මේ ළමයින් දැක්කම මට ඇත්තටම කණගාටුවක් ඇති වුණා. මේ අයගේ ගෙවල් වල ඉන්න උදවිය මොනතරම් හිතේ බයෙන්ද ඇත්තේ. (නි)

:       0       0

නලේන්ද්‍ර Wednesday, 22 October 2014 08:26 AM

ඇයි මිනිස්සු පෞද්ගලික සරසවි වල වැරැද්ද දකින්නේ නැත්තේ,(හේ)

:       0       0

සරත් Tuesday, 21 October 2014 09:48 PM

අනේ මන්දා මේවා කොහෙන් කෙළවරවෙයිද කියලා? (නි)

:       0       0

සරසි Wednesday, 22 October 2014 08:44 AM

මම උසස් පෙළ කලෙත් 80 අග භාගයේ. සරසවියට ගිහින් එතනටම නාකි වුනා. අම්මලාට කිව්වා නංගිලාව බන්දලා දෙන්න මා ගැන හිතන්න එපා කියලා. රැකියාවක් සොයාගෙන පවුලේ අයට උදව් කරලා මට යන කලක් බලා ගන්නකොට කොන්ඩෙත් සුදු වේගන එනවා. අවංකව කියන්නේ දැන් ඉගෙන ගන්න සහෝදරියන්ට නම් මට සිද්ධ වුන දේ හීනෙකින් වත් වෙන්න එපා. විවාහ වුනේ පරක්කු වෙලා නිසා අදටත් මට දරු සම්පතක් නැහැ. (නදී)

:       0       0

සෙනරත් Wednesday, 22 October 2014 08:49 AM

මේවා උසාවියෙන් බේරගන්න පුළුවන් වුණ දාට ළමයි උද්ඝෝෂණ නතර කරයි.(හේ)

:       0       0

උපාලි Tuesday, 21 October 2014 11:04 PM

මම හිතන්නේ නැහැ අන්තරය ඔය තුවාලකාරයෝ ගණන ගැන සතුටු ඇති කියලා. සඳුනි කියනවා වගේ බිල්ලක් නොලැබීම ගැන කණගාටු වෙනවා ඇති. තව ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් තියෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 104 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 984 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 262 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 160 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 358 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 891 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site