IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සරසවි සිසුහු පාරට බසිති

ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් සිරගත කළ සිසුන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (8) කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අසල විරෝධතාවයක් ආරම්භ කළේය.

සිසුන් 200කට වැඩි පිරිසක් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා සිදුව ඇත.

පළමු වසර සිසුවියන්ට දිග කලිසම් ඇඳීම තහනම් කරමින් හා පරුෂ වචනයෙන් බැන වැදීම යන නවක වධ සිද්ධියක් මුල්කරගෙන කිරිබත්ගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බ්‍රහස්පතින්දා (5) දෙවැනි වසරේ සිසුන් 5 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.

නවක වද සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව තවත් සිසුන් දෙදෙනෙක් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ අතර එම සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සබරගමුව, පේරාදෙණිය, රජරට විශ්ව විද්‍යාලවල සිසුහුද අද උද්ඝෝෂණවල නිරත වූහ.

0076- 0078--  0086- 0094- 0098-

(කැලණිය විශ්ව විද්‍යාලය)

ඡායාරූප - ලාල් එස් කුමාර

vlcsnap-2016-05-06-00h40m48s95 vlcsnap-2016-05-06-00h41m01s226

(පේරාදෙණිය විශෟව විද්‍යාලය)

ඡායාරූප - සෙනරත් බණ්ඩාර

2 4 6

(රජරට විශ්ව විද්‍යාලය)

ඡායාරූප - උපුල් තම්මිට

වීඩියෝ - ලාල් එස් කුමාර



අදහස් (0)

සරසවි සිසුහු පාරට බසිති

අනුර Friday, 06 May 2016 02:26 PM

අවධානයෙන් බලන්න. අවසන් වීඩියෝ දර්ශනයේ පෙනී සිටින්නන් දුටුවහම හිතෙන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද කියලා. මට නම් පේන්නෙ මදාවි රැලක් වාගෙයි. (නි)

:       0       0

රොකී Friday, 06 May 2016 02:56 PM

මේ ගොල්ලෝ විශ්ව විද්‍යාලේ ගිහින් තියෙන්නේ ඉගෙනගන්නද? එහෙම නැත්නම්, තමන් හැදෙන්න හදන්නේ නැතුව අනුන්ව හදන්නද? (නි)

:       0       0

විද්‍යා Friday, 06 May 2016 03:43 PM

ළමයිනේ, ඔය පිරිවෙනෙන් බිහිවුණේ උගතුන් සහ බුද්ධිමතුන්. ගේට්ටුවෙන් ඇතුළට එනකොට තුන් සැරයක් දණ ගහලා ඕකට ඇතුළු වෙන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

ලංකා Friday, 06 May 2016 07:58 AM

දඬුවම් විඳින්න දැන් ඉතින් (නි)

:       0       0

උපාලි Saturday, 07 May 2016 06:40 AM

අනුර, ඔබ කියූ දේමයි මටත් හිතෙන්නේ. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නම්, දෙවියනේ මට බයත් හිතෙනවා. කොහොම වුනත් ඔය පිරිසෙන් 10% ක් වත් නවක වදය එපා කියලා උද්ඝෝෂණයක් නිකම් විහිළුවටවත් පටන් ගත්ත නම් ඒකට සහයෝගය දෙන්න පස්සෙන් එන ජන ගංගාව පාලනය කරන්න රටේම පොලිසිත් මදිවේවි. මේ මොළේ කුරුවල් වුනු බුද්ධිමතුන්ට කවදත් බැරි දේ තමයි ජනමතය වටහා ගැනීම.(හේ)

:       0       0

ප්‍රදීප් Friday, 06 May 2016 08:50 AM

නිකන් දෙන කිසිම දෙයක අගයක් නැත. මොවුන් ටියුෂන් පන්ති වලදී උද්ගෝෂණ කරන්නේ නැත. මොවුන් වෙනුවෙන් රජය වියදම් කරන මුදල්, රස්සාවක් කරන කාලයකදී නැවත අය කරගන්න ක්‍රමයක් සෑදිය යුතුයි (බ)

:       0       0

අජිත් Friday, 06 May 2016 09:08 AM

වැරැදි කර අයට දඩුවම් ලැබී ඇත. ඒ අයට නිසි දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

විශ්ව Friday, 06 May 2016 05:37 PM

නවක වද කියලා දස වද දීලා ශිෂ්‍යයන් මර්දනය කරන්නේ ළමයිනේ, නුඹලාම නේද? තරුණයෝ තරුණියෝ කියන්නේ ගොවියන්ගේ හා කම්කරුවන්ගේ පුත්තු සහ දූවරු. ඔවුන් අරගල කරන්නේ අර්ථයක් ඇතුව මිස බොරු සෝබනේට නොවෙයි (නි)

:       0       0

අර්නෝල්ඩ් ගුණවර්ධන Friday, 06 May 2016 09:15 AM

බැලුවොත් ඇත්නම් මෙයාල මහ පාරේ ඒ උනාට සේරම විබාග පාස් වෙලා වෙලාවට පාස් අවුට්. මේ කරන පාට මාලා වල සහ විබගවල කොලිටි එක වහාම සොයල බලන්න ඕන. (ර)

:       0       0

රොමේෂ් Friday, 06 May 2016 09:31 AM

එතකොට මේගොල්ලෝ කියන්නේ නවක වධය හරි කියලද? මේක පුදුම රටක් නේ. වැරදි කරපු අයව ඇතුලට දාද්දි ඒකටත් පාරට බහිනවා. දැන් කියනවා ශිෂ්‍ය මර්ධනයලු. (ර)

:       0       0

රසික Friday, 06 May 2016 09:58 AM

එතකොට නවකවදය දීපු අයට දඩුවම් ඕන නැද්ද?(හේ)

:       0       0

සංජය Friday, 06 May 2016 10:13 AM

මට මොවුන් ගැන පුදුම තරහක් තියෙන්නේ (නි)

:       0       0

අතුල Friday, 06 May 2016 11:27 PM

සිසු දරුවනි, වැරදිකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්න. කොන්ද පණ ඇති කෙනෙක් සිටී නම් බෝඩ් එකක් ඔසවා පෙන්වන්න නවක වදය සරසවියේ පිටුදකිමු කියා. (නි)

:       0       0

චතුර Friday, 06 May 2016 10:40 AM

වදදෙන එක හරි කියලද මේ සමහරු කියන්නේ? (නි)

:       0       0

උපුල් Saturday, 07 May 2016 01:27 AM

මේ අයට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනෑ (නි)

:       0       0

අරවින්ද Saturday, 07 May 2016 01:25 AM

මෙයාලා ඉතින් වැඩිපුර ඉන්නේ පාරෙමනේ (නි)

:       0       0

ජයාත් Saturday, 07 May 2016 01:25 AM

මෙයාලා හරි නම් පාරට බහින්න තිබුනේ කලිසමත් නැතුව. මොනවා වුණත් මොන වැරැද්දක් තිබුනත් ඒ කාලේ මෙහෙම කැලණියේදී පාරට බැස්සා නම් මුන්නැහෙලට බලාගන්න තිබුනා වෙන දේ. බැලුවහම මෙයාලට තේරෙන භාෂාවත් එ්ක විතරයි මට හිතෙන්නේ (නි)

:       0       0

ශශික Friday, 06 May 2016 11:03 AM

ප්‍රාථමික සමාජවල තියෙන නිර්ලජ්ජිත වැඩ කරන්න පුළුවන්. ඒවාට එරෙහිව නීතිය තහනම්. අනේ මේ රටේ අනාගත පරපුරද...? (නි)

:       0       0

බන්දුල Saturday, 07 May 2016 01:33 AM

අපට කරදරයක් නැතුව පාරේ යන්න මොවුන් අතුගාදමන්න. පාරේ යන හැමෝම නුඹලාට ශාපකරනවා මිස අනුකම්පා කරන්නේ නැත (නි)

:       0       0

යසස් Saturday, 07 May 2016 01:34 AM

නවක වදය දෙන සැමදෙනාම අත්අඩංගුවට ගන්න නීති සකසන්න (නි)

:       0       0

රොකී Saturday, 07 May 2016 01:36 AM

මේ ළමයින් විශ්ව විද්‍යාල වලට එන්නේ ඉගෙනගන්නද? එහෙම නැත්නම් රටට පාඩම් උගන්වන්නද? (නි)

:       0       0

කරු Friday, 06 May 2016 11:15 AM

මේ වගේ ළමයි නිසා තමයි අපේ රට දවසින් දවසට දුප්පත් වෙන්නේ (නි)

:       0       0

කරු Saturday, 07 May 2016 01:21 PM

මොවුන්ටද අපි අනාගත බුද්ධිමත් පරපුර කියන්නේ? (නි)

:       0       0

සංජීව Friday, 06 May 2016 11:21 AM

පාරට නොවෙයි කාණුවට බැස්සත් නිදහස් කරන්න නම් එපා. මොන පොතේද තියෙන්නේ දිග කලිසම් ඇඳගෙන එන්න බැහැ කියලා. මොවුන්ගේ මන්ද මානසිකත්වය. (නි)

:       0       0

සිල්වා Friday, 06 May 2016 11:23 AM

මෙම සියලු දෙනා පාරවල් වල ඉන්නද ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

අමරපාල Friday, 06 May 2016 11:30 AM

නවක වදය නවත්වන්න ඕනෑ. මමත් සරසවිය තුළදී නවක වදයෙන් පීඩා වින්දා. (නි)

:       0       0

විජේ Friday, 06 May 2016 11:31 AM

මේ ළමයින්ගේ ඔලුව හොඳ නැහැ වගේ හැසිරෙන්නේ (නි)

:       0       0

චතුරි Friday, 06 May 2016 11:33 AM

මේ අයගේ දෙමව්පියන්ට මොනතරම් මානසික පීඩනයක් ඇද්ද? (නි)

:       0       0

නලින් Friday, 06 May 2016 11:46 AM

පව් අහිංසක දෙමාපියෝ. තවම ඉන්නේ 18 වන සියවසේ (නි)

:       0       0

පකීර් Saturday, 07 May 2016 02:04 AM

නවක වදය දෙන්නේ, ඒ අයගේ සමාජයේ අනෙක් තලවල ඉන්න, සමාජයේ එකිනෙකට වෙනස් පෞරුෂයන්ගෙන් යුත් පුදගලයන්ගෙන් පළිගන්න මිසක් වෙන මොහොකටවත් නෙමෙයි. ඕක මානසික ලෙඩක්. ඒ අයගේ මානසික වින්දනය තකා කරන දෙයක් (නි)

:       0       0

ඒකනායක Friday, 06 May 2016 12:31 PM

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. මේ විරෝධතා ගණන් ගතයුතු නැත. අමානුෂික නවක වදය ඉක්මනින්ම නතර කළයුතුය (නි)

:       0       0

පුෂ්ප Saturday, 07 May 2016 02:24 AM

සරසවි ගිය පිරිස දන්නවා මේවා පොඩි විනෝදයක් ගන්න කරන වැඩ බව. සමහර වෙලාවට ඉගෙනගන්න කම්මැලියි, වැඩ වැඩියි, පොඩි නිවාඩුවක් ඕනෑ. ඉතින් මේක නියමයි. අනික ඕවයේ "පොරවල්" වෙන්න ඕනෑ උදවියට හොඳ අවස්ථාව කැපිලා පේන්න. ජ්‍යාත්‍යන්තර තත්වයේ සරසවියකට ආවහම තමයි පහත් තත්වයේ ආකල්ප වල තරම පෙනෙන්නේ. (නි)

:       0       0

අනුර Friday, 06 May 2016 02:24 PM

විශ්ව විද්‍යාල වල තවමත් නවකවද තත්ත්වය තිබෙනවා. ඉතින් එයාලා මේ විරෝධතාවයට එක්වුණ එකේ පුදුමයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 11 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 795 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1509 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1369 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 388 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 347 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38453 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site