IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සරසවි හිමිවරුත් විරෝධයේ

උසස් පෙළ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක‍්‍රමයෙන් අසාධාරණයට ලක්වූ සියලූ සිසුනට වහා සාධාරණ විසඳුමක් දෙන ලෙසත්, සරසවි ආචාර්ය ගැටලූ විසඳා හැකි විගස විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කරන ලෙසත් රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොළඹ කොටුවට අද පා ගමනක් සංවිධානය කළේය. ලේක්හවුස් වටරවුම අසල සිට භික්ෂූහු දහසක් පමන පිටකොටුව බෝධිය දක්වා විරෝධතා පුවරු රැගෙන වැඩම කළහ. කොටුව දුම්රියපළ ඉදිරිපිට රැස් වී උද්ඝෝෂණයක් ද කළහ. මේ හේතුවෙන් කොටුව, පිටකොටුව ප‍්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.



අදහස් (0)

සරසවි හිමිවරුත් විරෝධයේ

නිමල් Tuesday, 14 August 2012 07:43 PM

බණ දේශනා කරන්නත් රටක් සමාජයක් තියෙන්න එපායැ.. නියම සමාජ වගකීම හැදිනගත් හාමුදුරුවන් වහන්සේලාට අපේ උපරිම සහාය.. අධ්‍යාපනය රැක ගැනීමටත් සමාජය යහමගට හැරවීමේ තවත් උත්සාහයක් කියලා සමහර අය දන්නේ නැහැ. (නු)

:       0       0

පෙරේරා Tuesday, 14 August 2012 08:15 PM

අනේ හාමුදුරුවනේ, අපි නොදන්න අන්තරේ? (නි)

:       0       0

අසන්ක Tuesday, 14 August 2012 08:27 PM

නිදහසේ යුක්තිය උදෙසා ස්වාමින් වහන්සේලා පාරට බැස්සේ අදක ඊයෙක නෙමෙයි. (නි)

:       0       0

සිරිනාත් Tuesday, 14 August 2012 09:23 PM

බුදුහාමුදුරුවන්ගේ රූපය සපත්තු වල දාපු එකට නම් කවුරුවත් පෙළපාලි ගියේ නැහැ නේද? (නි)

:       0       0

විජේ Tuesday, 14 August 2012 09:30 PM

මේ අය හාමුදුරුවරු කියලද හිතාගෙන ඉන්නේ? අන්තරේ කියන්නේ මොකක්ද කියල අපි දන්නවා. වෛරය, ක්‍රෝධය වපුරන මේ අයට අපි නම් කියන්නේ චීවරධාරීන් කියලයි. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 14 August 2012 09:38 PM

ලංකාව වගේ රටක මහා සංඝරත්නය නඩත්තු කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

නසීර් Tuesday, 14 August 2012 10:13 PM

බෞද්ධයන් වෙනත් ආගම් වලට යන්නේ මෙයාලගේ මෙහෙම වැඩ නිසයි. (නි)

:       0       0

මනෝ Wednesday, 15 August 2012 12:15 AM

ඔහොම යන්. ඔහොම යන්. (නි)

:       0       0

ජයන්ත දේව පතිරණ Tuesday, 21 August 2012 01:44 PM

මේ ඔක්කොමල ගිහියෝ වගේ කොණ්ඩ වවාගෙන.. (නු)

:       0       0

පාලිත අබේරත්න Tuesday, 14 August 2012 03:32 PM

පාරෙ හිටිය කියලා විසදුම් ලැබෙනවාද? අනේ මන්දා හෙට කවුද දන්නෙ නැහැ...??(නු)

:       0       0

රනිල් Tuesday, 14 August 2012 03:33 PM

හාමුදුරුවන්ට තියෙන්නෙ දායකයන්ට බණක් දේශනා කරලා.. තමන්ගේ ප්‍රධාන අරමුණ වන නිවන් මගට යන පසක් කරගැනීමට කටයුතු කරන එකයි..!!(නු)

:       0       0

නිහාල් පද්මසිරි Tuesday, 14 August 2012 03:40 PM

උපදේශකකම්වලට පිංසිදුවෙන්න 80 වැනි දශකයේ සටන්කාමී හාමුදුරුවො වෘතිය සමිති නායක හාමුදුරුවරු පෙනෙන්නට හිටියෙ නැත..!!(නු)

:       0       0

සජී Tuesday, 14 August 2012 03:51 PM

අද කියලා විශේෂත්වයක් නැහැ.. මේගොල්ල හැමදාම මහ පාරේ ඉන්නෙ..!!(නු)

:       0       0

සමිල් Wednesday, 15 August 2012 03:07 AM

රටේ අහිංසක මිනිස්සුන්ගෙ දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඔබවහන්සේලා දරන වෑයමට ජාතියේ උත්තමාචාරය! (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 15 August 2012 01:28 PM

අයියෝ සල්ලි

:       0       0

මේරි Tuesday, 14 August 2012 04:08 PM

කරන්න වෙන වැඩක් ඇත්තේම නැත්නම ඇයි ධර්ම ප්‍රචාරය කටයුතු ටිකක් කරන්න බැරි? (නි)

:       0       0

සමන් Wednesday, 22 August 2012 06:23 AM

මේ භික්ෂූන් වහන්සේලාට ගොඩාක් පිං, මෙවැනි ජාතික කටයුත්තකට සහය වීම ගැන. (නි)

:       0       0

ෆිසර් Tuesday, 14 August 2012 04:36 PM

මේකට ඉක්මනින් විසදුමක් දෙන්න...!!(නු)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 15 August 2012 05:49 AM

ස්වභාව ධර්මය විනාශ කරන්න දඟලන කල්ලි ඒ ඒ අයම කාගෙන පවු ගෙවන්නට යයි. මේක නම් රට දෙකට කඩන්න, රට විනාශ මුඛයට දාන්න සිංහල ජාතිය භේද බින්න කරවන්න අටවපු මර උගුලක්. (නි)

:       0       0

ඉන්දික Tuesday, 14 August 2012 05:23 PM

අපේ රටේ පාලකයන්ට ඔය මොන දේවල් කළත්, කිවුවත් ඒවායේ ගාණක් නැහැ. (නි)

:       0       0

සුනිල් Wednesday, 15 August 2012 07:52 AM

මේ අය දිහා බැලුවහම මට නම් එයාලව පෙනෙන්නේ බුදු සවුවන් විදියට නෙමෙයි. (නි)

:       0       0

කීර්ති Tuesday, 14 August 2012 06:09 PM

ආචාර්යවරුන්ට සාධාරණ වැටුපක් ගෙවන්න සල්ලි නැහැ. ඒත් බාල බඩු මිළට ගන්න නම් සල්ලි තියෙනවා නේද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 08:14 AM

කහ සිවුරෙන් වන මෙහෙවර අගය කරමු. (නි)

:       0       0

සමන් Tuesday, 14 August 2012 06:36 PM

සග, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයන් එකට එක්වී තම අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම ඉතිහාසයේ සිටමස පැවත එන්නකි. (නි)

:       0       0

ඩයස් Tuesday, 14 August 2012 06:57 PM

අනේ අපේ හාමුදුරුවනේ, ඒක නම් ප්‍රශ්නයක් බව ඇත්ත. ඒත් ඔබවහන්සේලාගේ යුතුකම වන්නේ අපට නිවන් මග කියා දීමත්, මිනිසුන් යහමගට ගැනීමත් නේද? (නි)

:       0       0

අරවින්ද Wednesday, 15 August 2012 08:45 AM

අයියෝ ලංකා

:       0       0

ලුම්බිණි Wednesday, 15 August 2012 09:04 AM

අද හැම දෙයක්ම පරිහානියට යමින් තියෙන යුගයක් නිසා හාමුදුරුවරු පෙළපාලි යාම ගැන කලබල වෙන්න දෙයක් නැහැ. කොරියාවේ නැත්නම් චීනේ වගේ කුන්ග්ෆු හාමුදුරුවරු බිහි වෙන්න වැඩි කලක් නැහැ වගේ. (ස)

:       0       0

සුසන්ත Tuesday, 14 August 2012 07:21 PM

සග රුවනට මෙහෙම කතා කරන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 14 August 2012 07:23 PM

මේ හාමුදුරුවරුන්ට දවල් දානෙත් නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 601 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4434 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2001 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8768 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site