IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'සිරස ආලින්දයෙන්'ඔබ වෙත පැමිණෙන හර්ෂි

2016-05-19-ENT-57

සිරස රූපවාහිනියේ නිවේදිකාවක වශයෙන් කටයුතු කරන අතර, දිනපතා උදෑසන "සිරස ආලින්දයෙන්" ඔබ වෙත පැමිණෙන ඇය හර්ෂි පද්මරත්නයි. මේ දිනවල ඇය චිත්‍රපටයක් සඳහා දායකව සිටින අතර, වෙළෙඳ දැන්වීම් හා නිරූපණයෙහි යෙදෙන ඇය මේ වනවිට බොහෝදෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබේ. ඇයගේ අලුත් තොරතුරු පිළිබඳව "අද" සමග ඇය මෙසේ දොඩමළු වූවාය.

 

2016-05-18-ENT-83ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම හර්ෂණී මධුෂානි පද්මරත්න. ගොඩක් අය මාව හඳුනන්නේ හර්ෂි පද්මරත්න කියලයි.

 

මේ දවස්වල තොරතුරු කොහොමද?

මේ දිනවල මියුසික් වීඩියෝව සඳහා දායක වුණා. මම දායක වුණු රොෂාන් ප්‍රනාන්දුගේ මියුසික් වීඩියෝවක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. ඊට අමතරව මේ දිනවල විශේෂ කාර්යය තමයි චිත්‍රපටයක් සඳහා දායක වෙලා තිබෙනවා. ඒ සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ &හැටහතර මායම්* කියලා චිත්‍රපටයයි. මේ දිනවල එහි රූගත කිරීම් සිදුවෙනවා.

 

කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ?

මම ක්ෂේත්‍රයට ආවේ වෙළෙඳ දැන්වීම්වලින්. ඊට පස්සේ මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. %සුජාතා^ කියන ටෙලිනාට්‍ය සඳහා දායක වුණා. ඒකෙන් පස්සේ නාට්‍ය සඳහා දායක වුණේ නැහැ. දැනට චිත්‍රපටයක් සඳහා ආරාධනා කරලා තියෙනවා. ඒකෙ වැඩකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ක්ෂේත්‍රයට අවතීර්ණ වූ වෙළෙඳ දැන්වීම?

මම මුලින්ම දායක වුණේ මොබිටෙල් කෑෂ් බොනැන්සා වෙළෙඳ දැන්වීම සඳහායි.

 

කොහොමද ක්ෂේත්‍රයේ ගමන?

මම හිතන විදියට මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකයි. ඒ ඇතුළත කාලයේදී ටෙලිනාට්‍යයකට දායක වුණා. දැන් චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

ක්ෂේත්‍රයට එන්න මුල ඉඳන්ම අදහසක් තිබුණද?

පොඩි කාලේ එහෙම අදහසක් තිබුණේ නැහැ. මම මුලින්ම හිතුවේ ගායිකාවක් වෙන්නයි. නමුත් උසස් පෙළ කරද්දී ඒ අදහස වෙනස් වුණා. ඊට පස්සේ හිතුණා නාට්‍ය කරන්න ඕනේ කියලා. සාමාන්‍ය පෙළ ඉවර වෙද්දි රංගනය පිළිබඳව ප්‍රියන්ත ලලිත් සර්ගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ උසස් පෙළ ඉවරවෙනවාත් එක්කම මහේන්ද්‍ර පෙරේරා සර් ගාවට ගියා.

 

දැන් වෘත්තිය කුමක්ද?

තාම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. වෘත්තීය මට්ටමෙන් මේ හරහා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

අද ගොඩක් තරුණියෝ ක්ෂේත්‍රයක් ලෙස නිවේදනය, නිරූපණය සහ රංගනය කියන දේ තෝරගන්නවා නේද?

ඔව්, අද ගොඩක් දෙනෙක් නිරූපණයෙන් ඇවිත් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන ප්‍රමාණය වැඩියි. මමත් මුල් කාලයේ ඉඳන්ම කැමති වුණේ රංගනයට. ඒක නිසා තමයි මුලින්ම ඉගෙන ගන්න ඕනේ කියලා හිතුනේ. ඉගෙන ගෙන ක්ෂේත්‍රයට ආවොත් එතනින් තැනක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතිං වාසනාවට සමහර අයට ඒ අවස්ථාව ලැබෙනවා. නමුත් මම නම් හිතන්නෙ නැහැ මට වාසනාවට හම්බුණේ කියලා. මම ඉගෙන ගත්තා. ගොඩක් මහන්සි වුණා. ඒ නිසා තමයි මට මේ ඉන්න තැනට හම්බුණේ ඒ දේවල් එක්ක. කලාව කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඉගෙන ගෙන ආවොත් ඒකෙ වටිනාකමක් හදාගන්න පුළුවන්.

 

ජනප්‍රියත්වයට භාවිතා කරන  කෙටි මාර්ග ඔවුන්ගේ ජීවිතයට වෘත්තියට මේ කාරණාව කොපමණ බලපානවාද?

සමහර කට්ටිය එහෙම දේවල් කරනවා. එහෙම ඉක්මනින් ජනප්‍රියත්වයක් ලබාගන්න බලාපොරොත්තුවක් මගේ නැහැ. මට ඕනේ හෙමින් දීර්ඝ ගමනක් යන්න.

 

ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. දැනට මම සිරස නාලිකාවේ %සිරස ආලින්දය^ වැඩසටහන කරනවා. මම අඩියෙන් අඩිය ඉස්සරහට ආවේ. පුංචි පුංචි දේවල් කරා. වෙළෙඳ දැන්වීම්වලින් ආවා කියන්නේ මම පුංචිම තැන ඉඳන්නේ පටන් අරං තියෙන්නේ. එතනින් පටන් අරගෙන දැනට එක ටෙලිනාට්‍යයක් සඳහා දායක වෙලා තියෙනවා. මම රංගනයෙන් දායක වන චිත්‍රපටයෙන් පස්සේ ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

 

නිරූපණය, රංගනය, නිවේදනය ලෙස ක්ෂේත්‍ර තුනටම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්ද?

නිවේදිකාවක් කියන කාර්යය මට ළඟදී හම්බෙච්ච දෙයක්. ඒක ඉගෙන ගනිමින් කරන්න ඕන දෙයක්. ඒක දවසින් දවස ඉගෙන ගනිමින් කරගෙන යනවා. රංගනය කියන්නේ මම ඉගෙන ගත්ත දේ. මේ ක්ෂේත්‍ර තුනම ලේසි නැහැ. කරන වැඩ කටයුත්තට සාධාරණයක් කරන ගමන් සමබරව එම වැඩකටයුතු තුනම කරන්න තමයි බලාපොරොත්තුව.

 

ප්‍රවීණයන්ගෙන් නවකයන්ට එල්ලවන චෝදනා පිළිබඳව ඔබේ අදහස?

මගේ ක්ෂේත්‍රයට මට හම්බවෙලා තියෙන ප්‍රවීණ අයත් සමග සුහදව වැඩ කරනවා. ඒ අයත් මට උපරිම සහයෝගය ලබාදෙනවා. ඉතිං අපි අලුත් වුණත් ඒ අයට ගරු කිරීම වැදගත්. සමහර විට ප්‍රවීණයන් ඒ දේ අපෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි අපි තුළත් එහෙම දෙයක් තියෙන්න ඕනේ. අපි තුළ යම් ගරුත්වයක් තිබෙනවා නම් ප්‍රවීණයන්ට ඒ අය කවදාකවත් කාටවත් චෝදනා කරන එකක් නැහැ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඒෂාන් ප්‍රනාන්දු

2016-05-18-ENT-85

2016-05-18-ENT-79
2016-05-18-ENT-80
2016-05-18-ENT-81
2016-05-18-ENT-82
2016-05-18-ENT-84
2016-05-18-ENT-86
2016-05-18-ENT-87
2016-05-18-ENT-88



අදහස් (0)

'සිරස ආලින්දයෙන්'ඔබ වෙත පැමිණෙන හර්ෂි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 9 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 113 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 26 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 411 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1433 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 436 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25388 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site