IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සිරස නැති වැඩ කළැයි සාස්තරකරුවෝ වීදි බසිති

චන්ද්‍රසිරි බණ්ඩාර, සුමනදාස අබේගුණවර්ධන සහ පියසේන රතුවිතාන යන ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ  අනාවැකි නිසා වූ හානියට විරෝධය පළ කරමින් ජ්‍යොතිෂ සංගම් අද (27) කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් කළේය.

මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ වෛතික ජ්‍යොතිෂ විද්‍යාභි වර්ධන සංගමය සහ කුරුණෑගල මානස ගුරුකුලයේ ජ්‍යෙතිෂ්‍ය සංගම්ද ඊට එක්විය.

ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනන බව ඔවුහු කීහ. ඔහු නොදිනුවොත් සිරසට පැමිණ වෙඩි තබාගන්නා බවද කීහ.

DSC_5568 DSC_5588 DSC_5602 DSC_5608 DSC_5654

 

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

සිරස නැති වැඩ කළැයි සාස්තරකරුවෝ වීදි බසිති

ධම්ම Wednesday, 28 January 2015 11:52 AM

ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ අනාවැකි නිසා රටට නම් හානියක් උනේ නැහැ. හොර ජ්‍යෙතිෂ්‍ය වෙළෙන්දෝ නම් එළිදරව් උනා. (බ)

:       0       0

සුනෙත් Thursday, 29 January 2015 04:01 AM

ඩිලාන්, වගකීමක් නැති, රට වටේට සංවර්ධනය නාමයෙන් පවුලේ කට්ටියට ගසාකන්න ඉඩදුන් අයට තවදුරටත් රටක සංවර්ධනය බාරදිය හැකිද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 28 January 2015 11:54 AM

ඔක්කොම හොරු! මිනිස්සුන්ව නොමග යවන මොවුන්ව පුනරුත්ථාපනය කළ යුතුයි. (බ)

:       0       0

සුසන්ත Thursday, 29 January 2015 04:07 AM

සමත්, ඔබේ අදහසට මමත් 100%ක් එකඟ වෙනවා (නි)

:       0       0

ලෝගේෂ්වරන් Wednesday, 28 January 2015 12:05 PM

ලියොන්ගේ ප්‍රකාශය හරියට හරි (නි)

:       0       0

සම්පත් Friday, 30 January 2015 05:08 PM

ඔය ඔතන විලාප දෙන ගොඩක් අය හොරු. මිනිස්සුන්ට බොරු අනාවැකි කියලා යන්ත්‍ර හදහා කෘතිම මැණික් දාලා ලක්ෂ ගනන් මුදල් හොයනවා. (නදී)

:       0       0

විකුම් Wednesday, 28 January 2015 12:15 PM

කරන වැඩේ හරියට කරන්න ඕනෑ. මහින්ද මහත්තය දිනනවා කියනකොට මට නම් හිතුනා මේ සැරේ පරදීවි කියලා. කලින් පරදිනවා කිව්වාම දිනුවනේ (නි)

:       0       0

යසපාල Friday, 30 January 2015 05:16 PM

සැබෑ ජීවිතයට සාස්තර අවශ්‍ය නැහැ (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 28 January 2015 12:27 PM

මේ අය ළඟට දැන් එච්චර මිනිස්සු එන්නේ නැතුව ඇති (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 28 January 2015 12:30 PM

හරියට දන්නේ නැතුව මොකටද අනාවැකි කියන්න යන්නේ. මේ අය කියන දේ ඇත්ත. බොරුකාරයන් නිසා වටිනා ශාස්ත්‍රයක් හෑල්ලු වෙනවා. (නි)

:       0       0

සුනිල් Wednesday, 28 January 2015 12:41 PM

ඔක්කොම එකයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 28 January 2015 12:43 PM

ගාල්තැන්නේ එක්කෙනා නැද්ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 28 January 2015 12:48 PM

නැකැත් හිස මත තබාගෙන වැඩ නොකර තමන්ගේ හිතට එකඟව, අවංකව, නිසි කලට, නිසි වෙලාවට සුදුසු ආකාරයට සුදුසු පරිදි තමන්ගේ වැඩ කරන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

කපුසිංහ Wednesday, 28 January 2015 12:51 PM

ජ්‍යෝතිෂයට ගිය කල! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 January 2015 01:27 PM

හොර කේන්දරකාරයින්ට එරෙහිව යහපත් ජ්‍යෝතිෂවේදීන් ඉදිරිපත්වීම හොද ලක්ෂණයක් (නි)

:       0       0

පද්මිණි Thursday, 29 January 2015 05:23 AM

මේවා කතා ඇහුවම හිනා යනවා අනේ (දිල්)

:       0       0

ලියොන් Wednesday, 28 January 2015 01:28 PM

ජ්‍යෝතිෂවේදීන් පාරට බැසීම කළයුතු නොවේ. තම වටිනා ඡන්දය පරාදයට පත්කළ බැවින් අවමානයට ලක් වූ ඡන්දදායකයින් තමයි මෙවැනි උද්ඝෝෂණ කළයුත්තේ. (නි)

:       0       0

ජය ශ්‍රී Wednesday, 28 January 2015 01:31 PM

සිරිසේන මහත්තයෝ, ඔබතුමා ප්‍රවේශම්වන්න (නි)

:       0       0

සරත් චන්ද්‍ර Thursday, 29 January 2015 05:47 AM

සමහරු මෙතැන ප්‍රතිචාර දක්වන්නෙ කිසිදු පදනමක් නැතුව. අපි කතා කළේ වැරදි විදිහට භාවිතා කරන ශාස්ත්‍රයට විරැද්ධව. ජ්‍යොතිෂයට නිග්‍රහ කරන සමහරැ ඒක කරන්නෙ .මේ ඉන්න අයත් අනිවාර්යෙන් තම තමන්ගේ අව්‍යශතාවලට කේන්දර බලනවා මෙතන උද්ඝෝෂණය කළාට (දිල්)

:       0       0

බුද්ධික ප්‍රදීප් Wednesday, 28 January 2015 01:57 PM

ජෝතිෂ්‍ය කරන හැමෝම මිත්‍යා දෘෂ්ටිකයෝ. ඔය කාටවත් බෑ මිනිස්සුන්ගේ අනාගතය කියන්න. (නදී)

:       0       0

සමන්ති Thursday, 29 January 2015 11:07 PM

ඔය එක සාස්තර කරුවෙක් ප්‍රේමදාස ජනාදිපතිවත් ඇන්දුවා. වරක් තමන් නොදන්නා ප්‍රවුර්ති රුපවාහිනියේ කියවන්න ගිහින් (එකම සැරයක්) කුමාර් අබේසිංහ මහත්මයාගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්තා. මේ ගොල්ලෝ අනාවැකි කියන්නේ අර අහිකුන්ටක කට්ටියවාගේ බඩ ගොස්තරය රැකීමට (නදී)

:       0       0

අසෝක Wednesday, 28 January 2015 02:34 PM

රට ජාතිය බේරාගත් සුමනදාසට, චන්ද්‍රසිරිට ජයවේවා ! රතුවිතානට ජයවේවා ! (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 28 January 2015 02:54 PM

රට පස්සට තල්ලු කරන මිත්‍යා මත කාරයෝ. කාලීන සිදුවීම් කිවලා බලන්න අහිංසක දක්ෂ ළමයෙක් බිල්ලට දීල නිධානයක් ගන්න. මිනිසුන් රවටා සල්ලිගන්න මෙවැනි මිනිසුන්ට පොලිසියෙන් ගැහුවේ නැහැනේ (දිල්)

:       0       0

නලීනි Wednesday, 28 January 2015 03:35 PM

සේරම බොරු කාරයෝ කියන්නෙම බොරු (දිල්)

:       0       0

නිමල් Wednesday, 28 January 2015 04:03 PM

ජ්‍යොතිෂය කියන්නෙ මොකක්ද කියලා රාජකීය ජෝතීර්වේදියාටත් වැරදුන එකෙන් පෙනෙනවා. අනෙක් අය ගැන කුමන කතාද?පෙර රජදවස නම් මොවුන්ගෙ හිස ගසා දමනවා. (නි).

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Wednesday, 28 January 2015 04:14 PM

බුදුන්ගේ ධර්මය හරියට තේරුම්ගත් පුද්ගලයා මේ අන්ධ භක්තිකයන් අලුයම ලූ කෙළපිඬක් සේ බැහැර කරනවා. ජ්‍යෝතිෂ ,සාස්තර ,ලග්න පලාඵල ,අනාවැකි මේවා සත්‍ය නම් එදා සුනාමියෙන් මියගිය ලක්ෂ ගණනක් අද බේරිලා. (නි)

:       0       0

අබේකෝන් Thursday, 29 January 2015 07:32 AM

තරහා කාරයෙක් ඉන්නවනම් මේ අය ළඟට යැව්වනම් හරි (දිල්)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 29 January 2015 07:36 AM

අම්මේ ,තාත්තේ හඳහන් බලන්න කියා ගොසින් ජෝතිෂ්‍ය කරුවන් තරකරන්න වියදම් කරන සල්ලි වලින් තමන්ගේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාරයක් අරන් දෙන්න.(දිල්)

:       0       0

සමන් Thursday, 29 January 2015 07:50 AM

ඩිලාන්ගේ අදහසේ අන්තිම පේලියේ කියලා තියෙන විදිහටම ජනතාව කරලා පෙන්නුවා පසුගිය අටවැනිදා .(දිල්)

:       0       0

සාරංග Thursday, 29 January 2015 07:51 AM

මේක සාත්තරකරුවන්ගේ වරදක් නෙවෙයි (දිල්)

:       0       0

සුරේෂ් Wednesday, 28 January 2015 05:01 PM

සාස්තර කියන අය කට ඇරියොත් කියන්නේ බොරු. එක්කෙනෙක් හරි ඉන්නවා නම් මෙයාලා කියන දේවල් ඇත්ත කියලා ඔප්පුකරන්න පුළුවන් දාන්නකෝ බලන්න අදහසක් (නි)

:       0       0

සමරේ Wednesday, 28 January 2015 05:10 PM

මේ ඔක්කොම එකයි. යන්න එපා මේ අයියලා ළඟට. අපල කියා දෙයක් නැහැ. තමන් මහන්සි වුණොත් ඔය අපල එකක්වත් නැහැ (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Wednesday, 28 January 2015 06:30 PM

දෑන් මෙයාලාත් කියපු අනාවැකි ඔක්කොම හරිගිහින් තියෙනවාද? එහෙනම් ඔය කියපු සියල්ල 100%ක් හරිගිය අයට පමණයි ඔය බෝඩ් අල්ලාගෙන ඉන්න පුලුවන්.අනිත් හැමෝම බෝඩ් බිමදාලා යන්න. (නි)

:       0       0

නලීන් Wednesday, 28 January 2015 08:20 PM

මම නම් හිතන්නේ හොඳ වැඩ දෙකක් වුණා. එකක් තමයි රටට වූ සෙත. අනෙක තමයි දැන් තිබෙන ජ්‍යෝතිෂය බොරුවක් කියලා ඔප්පු වූ එක. (නි)

:       0       0

සමත් Wednesday, 28 January 2015 09:26 PM

මේ මැතිවරණය සමඟ ජ්‍යෝතිෂයේද මළගම සිදුවුණා. (නි)

:       0       0

කමල් ලන්ඩන් Wednesday, 28 January 2015 11:04 PM

සල්ලි අරගෙන මිනිස්සු මුලාවේ දමන අයට අපි කියන්නේ වංචනිකයෝ කියලයි (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 28 January 2015 11:35 PM

අපේ යාළුවො ටිකගේ මුහුණු ටික බලන්නකෝ (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 29 January 2015 12:27 AM

කොහොමහරි මිත්‍යාව පරාජය වුණා. (නි)

:       0       0

නුවන් Wednesday, 28 January 2015 09:07 AM

ජ්‍යෝතිෂ දැනුම විතරක් තිබුනට මදි. (නදී)

:       0       0

අසේළ Thursday, 29 January 2015 08:55 AM

නැති වැඩක් කරන්න ගියේ නෑ සිරස.(හේ)

:       0       0

අසේල Thursday, 29 January 2015 08:54 AM

දැන් වීදි බැස්සා කියලා වැඩක් නෑ.(හේ)

:       0       0

නුවන් සම්පත් Thursday, 29 January 2015 08:55 AM

මොනා කරන්නත් කලින් තමන්ගේ වෙලාව බලගත්තනම් මෙහෙම වෙන්නේ නැහැ මෙයාලට.(හේ)

:       0       0

මාධව Wednesday, 28 January 2015 09:14 AM

මේ ඔක්කොම එකයි. බිස්නස් කාරයෝ. මේවා ඇත්තනම් බුදු හාමුදුරුවෝ තමයි මුලින්ම මේවා ගැන කියන්නේ. (නදී)

:       0       0

සෑම් Wednesday, 28 January 2015 09:15 AM

මිනි පෙට්ටි සාප්පු කාරයෝ රෝහල් වලට එරෙහිව වීදි බැස්සා වගෙයි මට පේන්නේ. ඉර,හඳ, තරු, ග්‍රහලෝක විකුණාගෙන කන්නේ නැතිව සාධාරණ විදියට යමක් හරි හම්බ කරගන්න උත්සාහ කලානම් හොඳයි. (නදී)

:       0       0

දහම් Wednesday, 28 January 2015 09:20 AM

අනේ පවු, කෝ මෙතන ජෝතිෂ්‍යකාරයෝ. කොහෙන්ද අහුලා ගත්ත කිහිප දෙන්නේ ඉන්නේ. මේ කොයි කෙනා ගැනවත් දැන් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. (නදී)

:       0       0

හිරු Wednesday, 28 January 2015 09:30 AM

සාස්තරකාරය‍ො කියන්න‍ෙ ක‍ොහ‍ොමත් ‍බ‍ොරු කාරය‍ෝ. තනිකරම බ‍ොරුව මත යැපනෙ විද්‍යාවක් යැයි කියා ගන්නා දෙයත් ජ්‍යෙතිෂය කියන්නෙ. (නදී)

:       0       0

රාජා Wednesday, 28 January 2015 09:47 AM

දැන් තියෙන්නේ ජේවීපීයට බාරදෙන්න​. එයාලට හොඳ පළපුරුද්දක් තියනවා (නි)

:       0       0

ඇසළ Wednesday, 28 January 2015 09:51 AM

හොරුන්ගෙත් හොරු. බොරුවෙන් බඩවියත රැකගන්නවා (නි)

:       0       0

රොකී Thursday, 29 January 2015 02:02 AM

ලියොන් උන්නැහෙත් හොඳ සාස්තරකාරයෙක් වගෙයි. ඉගෙනගත්තේ කාගෙන්ද? (නි)

:       0       0

ජෙහාන් Thursday, 29 January 2015 02:14 AM

ඔය කාටවත් ගහන්න බැරි කෘතහස්ත අනාවැකි කියන්නෙක් වන අපේ දීමු මැතිතුමා ඉන්නාතුරු අපි නම් වෙන සාත්තරකායෝ ළඟට යන්නේ නැහැ.ඒ අතින් එතුමාගේ කුසලතාවයට අභියෝග කරන්න තරම් මේ රටේ වෙන කවුරුවත් නැහැ. (නි)

:       0       0

සුනිල් Thursday, 29 January 2015 02:20 AM

රට නිදහස් කරදුන් සුමනදාසලාට මෙසේ ස්තුතිය පුදකරමි (නි)

:       0       0

පතිරණ Thursday, 29 January 2015 02:23 AM

කොහොම වුණත් අපේ ජාතික වීරයා සුමනදාස අබේගුණවර්ධන තමයි. (නි)

:       0       0

රෆීක් මොහමඩ් Wednesday, 28 January 2015 10:12 AM

හරි. මෙතන ශාස්ත්‍රකාරයින්ට අපි අවස්ථාවක් දෙමු මහා මැතිවරණයෙන් කොයි කොයි පක්ෂ ආසන කීය බැගින් ගන්නවද කියලා කියන්න බලන්න කියලා (නි)

:       0       0

කුමාර් Wednesday, 28 January 2015 10:31 AM

රටේ ජනතාව නොමග අරින, පට්ට බොරු බේගල් දෙසා බාලා ජනතාවගේ සල්ලි කොල්ලකන, මේ හොර බොරු "ජ්‍යොතිෂ" කාරයෝ රටේ තහනම් කලයුතුයි. (නදී)

:       0       0

මහින්ද සේනනායක Wednesday, 28 January 2015 10:41 AM

ඔය ඔක්කොම බොරුකාරයෝ. ගැහැණු රවට්ටාගෙන බඩ වඩා ගන්නවා (නදී)

:       0       0

ඩිලාන් Thursday, 29 January 2015 03:02 AM

වැරදුනේ මහින්දටවත්,එතුමා දිනනවා කියපු අයටවත් නෙමෙයි.රටේ සාමකාමී ජනතාවට. මහින්ද වගේ නායකයෙක් සමඟ රට සංවර්ධනය කරමින් ඉදිරියට යන්න ජනතාව වන අපිටත් වාසනාව, උවමනාව තියෙන්න ඕනෑ. කණගාටුවට කරුණ ලොව සත්‍ය සමබර කරුණු බොහොමයක් සිංහල මාධ්‍යයෙන් පළනොවීමයි. එනිසා ලාංකික අපි හැමදාම හොරු පස්සේ එළවලා රටේ ආරක්ෂාව මුලුමනින්ම නැතිකර ගන්නවා. දුවන්නම් වාලේ දුවන්නේ නැතුව බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිදුවන සියලු කරුණු ගැන හොඳ සිහිබුද්ධියෙන් සිතන්න බලන්න. (නි)

:       0       0

දිලුම් Thursday, 29 January 2015 03:20 AM

දැන් මේ රටේ බහුතරය දුවන්නන් වාලේ දුවන කෙවිටෙන් දක්කන ගව රැළක් වගෙයි කියලයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

අනුරාධ Wednesday, 28 January 2015 10:54 AM

හොර ජ්‍යෝතිෂවේදීන් නිසා එය හෑල්ලුවට ලක්වෙනවා... (නි)

:       0       0

දුලංක Thursday, 29 January 2015 03:23 AM

මම නම් කියන්නේ වැරදි වැඩ කළ නිසා නිකම් වටිනා ශාස්ත්‍රයක් පහත් තත්ත්වයට පත්වුණා කියලයි. මම පුද්ගලිකව ඕවා විශ්වාස කරන්නේ නැතිවුණාට ඕක මිනිස්සුන්ට ජීවත්වෙන්න මඟ පෙන්වීමක් හැටියට ගත්තට වරදක් නැහැ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 28 January 2015 11:00 AM

මේ අය රටේ ජනතාව රැවටූ බව රටම දැනගෙන හිටියා. ඒත් එයාලා ඒක දැනගන හිටියේ නැහැ. (නි)

:       0       0

තිලක් Wednesday, 28 January 2015 11:03 AM

කපුවා කපෝති! හැමදාම බොරුවෙන් රවටන්න බැහැ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 28 January 2015 11:10 AM

මොනා වුනත් මෙයාලගේ අනාවැකියෙන් රටට සෙතක් වුනානේ. (බ)

:       0       0

රන්ජිත් Thursday, 29 January 2015 03:31 AM

දිලාන් මහතා වෙත. ඔබගේ සංවර්ධනය කියන වචනයේ අර්ථකථනය ගැන තව සොයා බලන්න. කුඩුකාරයින් ආරක්ෂා කිරීම , මාර්ග කිලෝමීටරයට සිය දහස් වාරයක් වැඩියෙන් ගෙවීම, බදු මුදල් අපතේ යැවීම වගේ දේවල් දෙස ඔහේ බලාගෙන ඉන්න ජාතියකුත් ඉන්න බව නම් ඔප්පු වුණා (නි)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 03:35 AM

බුදුන් වදාළ දහම අනුගමනය කළා නම් මේ විනාශය නැහැ (නි)

:       0       0

ලියොන් Wednesday, 28 January 2015 11:32 AM

පොස්ටර් සහ ප්‍රකාශන ශෛලිය දැක්කම මේකත් දැනට ජවිපය භාරගත්තු කොන්ත්රාත්තුවේ වැඩක් බව පෙනෙනවා. (බ)

:       0       0

ජයසේකර Wednesday, 28 January 2015 11:40 AM

මෙයාලගේ මෙහෙම එකක් විතරයි අඩුවකට තිබුණේ. දැන් ඒකත් හරි (නි)

:       0       0

අජන්ත Thursday, 29 January 2015 03:44 AM

අනාවැකි නිසා ජ්‍යෝතිෂයට වුණ හානිය කොපමණද? (නි).

:       0       0

නිසාර් Wednesday, 28 January 2015 11:43 AM

බොරුකාරයන් සමාජයෙන් තුරන් කළයුතුයි (නි)

:       0       0

ඉසිවර Wednesday, 28 January 2015 11:45 AM

මේ දෙන්නා විතරක් නෙමෙයි කිවුවේ රාජපක්ෂ පරදිනවා කියලා. තව අය ප්‍රසිද්ධියේ කිව්වා. (නි)

:       0       0

තුසිත Thursday, 29 January 2015 04:00 PM

බුදුන්ගේ දේශනාව අනුව සියලුම දේ අනිත්‍යි, කිසිම දෙයක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න එපා. (හේ)

:       0       0

හරිත කෞෂාන් Wednesday, 28 January 2015 11:47 AM

දැන් ජ්‍යෙතිෂකාරයෝ ගණන් ගන්නේ නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 55 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1319 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2782 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1734 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2941 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site