IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සිරස් බනුව විතරයි:සිරසක් නෑ

මාර්ග අංක 255 කොට්ටාව - පිළියන්දල මාර්ගයේ සිද්දමුල්ලේ මහ පාරේ ගිය යතුරුපැදිකරුවකුගේ හිසේ හෙල්මටයක් නොමැති විය. ඒ වෙනුවට ඔහු සංගීතයට සවන් දෙන සිරස්බනුවක් (හෙඩ් ෆෝන්) පැළඳ සිටියේය.

ගිය වසරේ සිදුවූ යතුරුපැදි අනතුරු ගණන 10147කි. මිය ගිය ගණන 1007කි.

පාසල් අවසන්වූ පසු සිය දරුවන් රැගෙන යාමට පැමිණෙන පිරිස් බොහොමයක් දරුවාට හෙල්මටයක් නොදී යතුරුපැදිවල රැගෙන යන අයුරු කොළඹ නගරය හා ඒ අවටදී දැකිය හැකිය. පොලිස් නිලධාරීන් සිය රාජකාරියේ යෙදී සිටින ස්ථානවලින් ද එසේ යන ආකාරය දක්නට ලැබේ. නමුත් ඔවුනට එරෙහිව පියවරක් ගන්නා ආකාරය දක්නට නොලැබිණි.

ඉන්දියාවේද මාර්ග නීති සම්බන්ධයෙන් තැකීමක් නොකරන බොහෝ පිරිසක් යතුරුපැදි ධාවනයේදී හෙල්මට් පැළඳීම සිදුනොකරති. එරටද යතුරුපැදි අනතුරු හා ඒවායින් මියයන ප්‍රමාණය ඉතා ඉහළය.

20161129_075630

ඡායාරූපය - ආරියරත්න රණබාහු

DSC_9471 DSC_9511 DSC_9531 DSC_9556 DSC_9576

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

සිරස් බනුව විතරයි:සිරසක් නෑ

ශෂික Wednesday, 30 November 2016 02:18 PM

බෙනට් මහතාගේ යෝජනාව ටිකක් හොදයි වගේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළොත්. (බ)

:       0       0

කිත්සිරි Wednesday, 30 November 2016 02:32 PM

බෙනට් ගේ අදහස නම් මසුරන් (බ)

:       0       0

සමන් Wednesday, 30 November 2016 02:45 PM

ඕකේ වැරැද්දක් නැහැ ඔහොම යන්නේ සසර කලකිරිලා ඉක්මනින් නිවන් යන්න (හේ)

:       0       0

පසිදු Wednesday, 30 November 2016 02:47 PM

ජනගහනය වැඩිවෙන විට නොයෙක් දේ සිදුවෙන එක ස්භාවධර්මයයි, (හේ)

:       0       0

ප්‍රියා Wednesday, 30 November 2016 03:17 PM

එක රටක නීති දෙකක් තියෙන්න පුලුවන්ද?නැගෙනහිර පලාතේ බොහෝ දෙනෙක් හෙල්මට් නැතිව තමා යන්නේ මේ හැමෝටම දඩුවම් කළ යුතුයි.ඒවා ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ (බ)

:       0       0

අසංග Wednesday, 30 November 2016 03:33 PM

මම ඕන තරම් දැකල තියෙනවා පොලිස් මහත්තුරු රථවාහන නීති කඩකරනවා. ඒවටත් දඬුවම් දෙන්නෝන. (බ)

:       0       0

හේවාවිතාරණ Thursday, 01 December 2016 12:18 AM

මෙන්න නියම අලුත් පරම්පරාවේ කෙනෙක් (නි)

:       0       0

නන්ද Wednesday, 30 November 2016 07:41 AM

පාරේ යන ගමන් මිනිස්සු අහන්නේ හිස්, අරුත්සුන් ගීත. රස විඳීමකුත් නැහැ. අන්තිමට ජීවිතෙත් නැහැ.(ම)

:       0       0

ජයා Wednesday, 30 November 2016 08:03 AM

මේවාට අනිවාර්යයෙන්ම දඩගැසිය යුතුයි මේක වරදක් රටක නීතියට ගසන පහරක් නීතිය ගනන් නොගැනීමක් අසරණ දරුවෝ වන්දි ගෙවන්නේ දෙමාපියන්ගේ තියෙන මෝඩකම් නිසා. (බ)

:       0       0

නිරු Wednesday, 30 November 2016 08:43 AM

කරුණාකර සිංහල දෙමල මුස්ලිම් බේද නොසලකා මුළු ලංකාවටම එකම නීතිය ක්‍රියාත්මක කරන්න. (ම)

:       0       0

වි. ජයපාල Wednesday, 30 November 2016 09:18 AM

ඔය වගේ ඕනේ ඕනේ විදිහට යන්න දෙන්න පුලුවන් රිය අනතුරක් වළකා නොහැනීම කියලා නීතියක් ලංකාවේ නොතිබ්බා නම් (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 01 December 2016 03:49 AM

බෙනට්.පංකාදු අදහසක්.වැඩිය වැස්සට පින්නට තෙමෙන්න එලියට බහින්න එපා. (බ)

:       0       0

සුසන්ත Wednesday, 30 November 2016 09:50 AM

සිකුරාදාට හෙල්මට් බලන්නේ නැත්තේ ඇයි (බ)

:       0       0

චාමික Wednesday, 30 November 2016 09:56 AM

මොනවා වුනත්, හෙඩ් ෆෝන් එකට කියන සිංහල නම මම අද ඉගන ගත්ත.(සිරස්බනුවක්). (බ)

:       0       0

ඒකනායක Wednesday, 30 November 2016 10:23 AM

පොඩි උන් හෙල්මට් නැතිව බයිසිකල්වල දාගෙන යන අම්මල තාත්තලාගේ ලයිසන් කැන්සල් කරන්න ඕන. ආයෙ කවදාවත් ගන්න බැරි වෙන්න. ලක්ෂයක් දඩ ගැහුවත් මදි ඒකට නම්. බයිසිකල් අනතුරුවලදි පිටිපස්සෙ යන අය තමයි වැඩිපුරම ඩැමේජ් වෙන්නෙ. දරුවන්ට ආදරේ නැති අම්මල තාත්තල ද කියලත් හිතෙනව මේව දකිනකොට. (බ)

:       0       0

රොහාන් Wednesday, 30 November 2016 10:27 AM

සිරසක් තියෙන්නේ නැතුව හෙල්මට් කොහාට පළදින්නද සිරස තිබුනානම් තමන්ගේ දරුවා මෙහෙම අනාරක්ෂිතව ගෙනියයිද කවද මේ මිනිස්සු සිරස් පරිහරණය කරාවිද හරියට .(බ)

:       0       0

රවී Wednesday, 30 November 2016 10:28 AM

හෙල්මට් එකක් නැතිව යන එකෙත් ජාතිවාදෙ විතරයිනෙ පේන්නේ. (බ)

:       0       0

දිමුත් Wednesday, 30 November 2016 10:46 AM

මෙහෙමත් හරක්! (බ)

:       0       0

යමුනා Wednesday, 30 November 2016 10:51 AM

ලංකාවේ දැන් ෆැෂන් එක තමයි කෙල්ලෝ කොල්ලෝ පාරේ යන්නේ ඉයර් ෆෝන් ගහගෙන. චීනයේ නීතිය අනුව එක ඉයර් ෆෝන් එකක් විතරයි ගහන්න පුළුවන්. එතකොට අනිත් කන නිදහස් සද්ද ඇහෙන්න (බ)

:       0       0

ශාන්ත Wednesday, 30 November 2016 11:09 AM

මේකේ ලියන බොහෝ දෙනෙක් වැරැද්ද නෙමේ දකින්නේ. එ්ක කරන එකාගේ ජාතිය. ලංකාවේ මිනිස්සුන්ගේ ගොන්කම මේව කියවද්දී අවබෝද වෙනවා.(බ)

:       0       0

තුවාන් Wednesday, 30 November 2016 11:09 AM

ඔය මාර්ග නීති කඩ කරන හැම කෙනෙක්ම පොලිසියට අල්ලන අපහසුය් එබැවින් කළ යුත්තේ ඔවුන් ගමන් කරන මාර්ගයේ ළගම තියෙන පොලිසියට දුරකතන ඇමතුමක් දෙන්නය්.(බ)

:       0       0

ලංකා Wednesday, 30 November 2016 11:11 AM

මොන නීතිද බොලවූ . මේ රටේ එක එකාට එක එක නීති . උතුරේ බුදු පිළිම බෑ . දකුණේ පල්ලි කෝවිල් පුළුවන් . මුස්ලිම් අය වැඩිපුර ඉන්න ටවුන් වල හෙල්මට් නෑ. දඩ නෑ . සිංහල අය ඉන්න ඇති වල හෙල්මට් නැතුව ගියොත් දඩ. එක නිසා ඕන එකෙකුට දාගන්න, එපා එකෙක් නිකන් යන්න කියලා හිටියානම් ඉවරයි නේ . (බ)

:       0       0

බෙනට් Wednesday, 30 November 2016 11:51 AM

මේකට හොඳ පිළියමක් තියෙනවා . පොලිසියට අල්ලන්න බැරි මේ වගේ නීති කඩකිරීම් මේ වගේ ෆොටෝ ගහල පොලිසියට එවපුවම වාහනේ ලියාපදිංචි ලිපිනයට දඩ කොලේ අරින්නයි , ෆොටෝ ගහල එවපු කෙනාට ඒ ලැබෙන දඩයෙන් බාගයක් දෙන්නයි වැඩ පිළිවෙලක් සකස් කළොත් රජයටත් ලොකු මුදලක් ලැබෙනවා , ෆොටෝ ගහන මිනිස්සුන්ටත් අමතර ආදායමක් ලැබෙනවා .. මේ වගේ මිනිස්සු වැරදි කරන එකත් නැත්තටම නැති වෙනවා ..(බ)

:       0       0

කරූ Wednesday, 30 November 2016 12:15 PM

විනය ගරුක ඡායාරූප ශිල්පියෙක්. සංස්කාරකත් ඉතාම හොඳයි. (බ)

:       0       0

සාගර Wednesday, 30 November 2016 12:42 PM

5 වෙනි ඡායාරුපයේ තියෙන යතුරු පැදියට හෙල්මට් අවශ්‍ය නැහැ නේද? (බ)

:       0       0

හේමන්ත Wednesday, 30 November 2016 01:07 PM

බෙනට් ගේ අදහස හරිම වැදගත්. (හේ)

:       0       0

බුද්ධික Wednesday, 30 November 2016 01:11 PM

ළමයින්ගේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැද්ද?(හේ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 30 November 2016 01:43 PM

ලංකාවට නිවාඩුවට පැමිණි දවසක යතුරු පඩියෙන් වැඩි වේගයෙන් ගිහින් වැලි සහිත තාර පොලවේ ලිස්සල වැටිලා ඔලුව දෙපාරක් තාර පොලවේ වදිලත් මගේ ජිවිතේ බේරුනේ උසස් තත්වයේ සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද හෙල්මටයක් හරියාකාරව පැළද සිටි නිසයි.මම නම් තරුණයන්ට දෙන එකම අවවාදය වැඩි වියදමක් කරලා උසස් වර්ගයේ හෙල්මටයක් පලදින්නේ නැතිව යන්න එපා කියන එකයි. (බ)

:       0       0

රොමේෂ් Wednesday, 30 November 2016 01:45 PM

ඔලුවක් තියෙන අය හෙල්මට් දානවා. ඔලුවක් නැති අය හෙල්මට් දාන්න තැනක් නැති නිසා දාන්නේ නැහැ. ඔලුවක් නැතිකමට සිංහල දෙමල මුස්ලිම් කියලා බේදයක් නැහැ. තුන් ගොල්ලක් කියලා බෙදුනාට ආරම්භයේදී එකම තැනකින් පැවත එන පිරිසක් නිසා පොදු ලක්ෂණ බොහොමයක් තියෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1049 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 696 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 254 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1944 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1761 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 546 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site