IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සරු දේ ලබන්නෝ

සරු දෙය සරු ලෙස                   ම නිසරුව නිසරු විලස                  ම දැන කරන                    හික්මු    ම දනෝ හිමි කැරැ ගනිති සරු       දම සඳැස් ගය- තිලක නවරත්න ( සංජය පිරිවැජියන්  වෙනුවෙනි) 01.    යමක වග්ගෝ 12.    සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තෙ සාරං අධිගච්ඡුන්ති සම්මාසංකප්පගෝචරා 08.නිදාන කතාව නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි උපතිස්ස ද කෝලිත ද යන දෙ දරුවන් රජගහ නුවරට නුදුරු දෙටු බමුණු ගම්හි ඉපැදුණා.සැපවත් ව වැඩුණා. කිත් සිරුරින් තර වුණා. සිප් සතරින් අග පැමිණියා. රජගහ නුවර වසක් වසක් පාසා පැවැත්වෙන ලොකු කෙළි නළුවක් යෙදුණා. ඒ බැලීම සඳහා උපතිස්සත් කෝලිතත් ගියේ විනෝදය පිණිස යි.ගියේ සිය පිරිවර ද සමඟ යි. කෙළි නළු දැක්මෙන් දෙ යහළුවන් පිනා ගියේ නෑ.විගඩම්හි  නිස්සාර බව දුටුවා. කලකිරුණා. එ කල සංජය නම් පිරිවැජියකු සිටියා. සංජය පිරිවැජියා ගෙන් නිවට දහම උගැන්මට වූ පිරිස ද මහත්. පිරිවැජියන් අතර නමගත් සංජය හමුවට උපතිස්ස ද කෝලිත ද ගියා. නිවට වත් සමාදම් වුණා. සංජය දත් දහම නො අඩුව උගත්තා. ඒ දහමින් මොක් මඟක් දකිනු බැරි බව ඔවුනට වැටහුණා. මොක් මඟසොයනු ව මඟට බැස්සා.දුටුවා ඉතා සංවර ඉඳුරන් ඇති පැවිද්දකු මඟ වඩිනවා. ඒ තමයි අස්සජි හාමුදුරුවෝ. උන් වහන්සේ කෙරේපැහැදී දහම් පදයකට කන් දුන්නා. කන වැකි සැණින් සෝවාන් මඟ පල ද අත් කළා. ඒ තමයි සැරියුත් හාමුදුරුවන් වහන්සේ. සැරියුත් හිමියන් සිය මිතුරන් වූ කෝලිත සොයා ගියා.කෝලිතයනට තමන් උගත් දහම දෙසුවා. කෝලිතයන් ද මඟ පල (සෝවාන්) ලැබුවා. ඒ කෝලිත තමා මුගලන් හාමුදුරුවන් වහන්සේ. ඉතින් මේ දෙ නම මැ සංජය පිරිවැජියන් හමුවට ගියා. තමන් ලත් දහම් ලාබය සැළ කර බුදුරදුන් හමුවට යෑමෙහි යෝජනාව කළා. සංජය තිගැස්සුණා.‘බුදුන් කරා යන්නෝ පණ්ඩිතයෝ මා කරා එන්නෝ මෝඩයෝ’ යි කීවා.බුදුරදුන් හමු ව පැවිදි ව සැරියුත් මුගලන් නමින් අගසවු තනතුරු ද ලදුයේ මේ උපතිස්ස-කෝලිත දෙපල යි. සංජය සොවින් තැවුණා. පිරිහුණා. ඔවුන් නිමිත්තෙනි බුදුරදුන් වදහළේ ‘නිසරුව සරු යි සරුව නිසරුයි යන වැරදි අදහස් ඇතියන් සරු දැය නො ලබන වග’.



අදහස් (0)

සරු දේ ලබන්නෝ

වසන්ත Wednesday, 22 May 2013 03:09 PM

බෙහොම හොද වැඩක්. (නි)

:       0       0

සුදම් Sunday, 10 February 2013 02:16 PM

හොද ලිපියක්.(නදී)

:       0       0

හර්ෂි Friday, 07 December 2012 03:55 PM

අද කාලයට ගොඩක් වටිනා ලිපි පෙලක් (ස)

:       0       0

පසිදු Saturday, 02 February 2013 08:56 AM

මේ වගේ දේවල් මතක් කර දෙන එක ගොඩක් වැදගත් (ස)

:       0       0

මහින්ද Wednesday, 24 October 2012 08:46 PM

බෞද්ධයන්ගේ අරමුණ විය යුත්තේ සෝවාන් ඵලයට පත්වීමයි. එවිට සරු දේ සරු හැටියටත් නිසරු දේ නිසරු හැටියටත් පෙනෙනු ඇත. (නි)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:35 PM

සරු දෙය සරු ලෙස නොදකින හා නිසරු දේ සරු ලෙස දකින සමාජයක් බිහි වී තිබීම කනගාටුවට කරුණක් (ස)

:       0       0

ඉෂාන් Tuesday, 05 June 2012 10:59 AM

අද සුළු පිරිසක් හැර බහුතරය බුදුරදුන් වදාල ධර්මය ගැන තැකීමක් නොකර මුදල් පසුපස හඹා යයි

:       0       0

සිරිනන්ද හිමි Sunday, 11 August 2013 06:40 AM

අද වර්තමාන සමාජ තත්ත්වය අනුව මෙවැනි ලිපි කියවන බොහෝ දෙනා සිටීම ද සතුටුදායක ය. තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ගුනේ Tuesday, 24 July 2012 09:49 PM

බොහොම හොදයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 440 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 903 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 685 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 783 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1509 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1300 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site