IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සුරා බදු නිලධාරීහු ගුවන් තොටටත් පනිති

රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුතු තීරුබදු නොගෙවු විදේශීය මත් පැන් බෝතල් තොගයක්  සහ දුම්වැටි තොගයක්  රහසිගත ලෙස  ගුවන්තොටුපොළෙන් පිට කිරීමට උත්සහ ගත් ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක්  කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයෙන් පිටතට එත්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අද  අළුයම අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ  හලාවත, වත්තල, හා තංගල්ල යන ප්‍රදේශ වල පදිංචි  40 හැවිරිදි වියේ පසුවන වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෝ වෙති.

තීරුබදු නොගෙවු විදේශීය මත් පැන් බෝතල් 39 ක් සහ විදේශීය දුම්වැටි 2800 ක්  සැකකරුවන්ගේ ගම්න් මළු වල වාහන අමතර කොටස් අතර සගවා තිබී සොයාගත් බව සුරා බදු නිලධාරීහු කියති.

අත් අඩංගුවට ගත් විදේශිය මත්පැන්  දේශිය වෙලද පොලේ අධික මිල ගනන් වලට අලෙවිවන සුපිරි පන්තියේ මත්පැන් බව වැටලීම සිදු කළ නිලධාරීහු කියති.

මෙම සැකකරුවන් තිදෙනා අද  අළුයම 2.30 ට පමණ එමිරෙට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ  ඇති බව අනාවරණය වී ඇත.
සුරාබදු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ  මෙම මත්පැන් තොගය හා සිගරට් තොගය සිංගප්පුරුවෙන් මිලදි ගෙන ඇති බවයි.

සැකකරුවන්   වාහන අමතර කොටස් රැගෙන එන මුවාවෙන් මෙම ජාවාරම සිදු කර ඇති බවද ඔවුහු කියති.

සැකකරුවන් දෙදෙනෙකුගේ ගමන් මළුවල වාහන අමතර කොටස් අතර විදේශිය සිගරට් කාටුන් 14 ක් තිබි ඇති අතර අනෙක් සැකකරුගේ ගමන්මල්ලේ වාහන අමතර කොටස් අතර විදේශිය මත්පැන් බෝතල් 39 ක් සගවා තිබී ඇත.

සැකකරුවන්ගේ ගමන්  බලත්‍ර  පරික්ෂා කිරිමේ දි මොවුන් නිතර නිතර විදේශගත වී ඇති බව වැටලිම සිදුකල  සුරාබදු නිලධාරින්ට නිරික්ෂනය වි ඇත.

වැඩිදුර විමර්ශනවලින් පසුව විදේශිය සිගරට් ලග තබාගත් සැකකරුවන් දෙදෙනා සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර විදේශිය මත්පැන් ලග තබාගත් සැකකරු මිගමුව මහෙස්ත්රාතත් අධිකරනය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

තිරුබදු නොගෙවු විදේශිය මත්පැන් රටතුලට පැමිනිම හේතුවෙන් විශාල සුරාබදු හා තිරුබදු ප්‍රමාණයක් රටේ ආර්ථිකයට අහිමිවන නිසා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එල්.කේ.ජි.ගුනවර්ධන මහතා විසින් මෙවැනි වැටලිම් සිදුකිරිමට දි ඇති උපදෙස් මත මෙම වැටලිම සුරාබදු අපරාධ අංශය භාර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ෙජ්.පුෂ්පකුමාර සිල්වා මහතාගේ  මෙහයවීම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් , සුරාබදු පරික්ෂක කේ.ඒ.යු.එල්.සෙනවිරත්න, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිනි යන නිලධාරින් විසින් සිදුකර ඇත.

 11 12



අදහස් (0)

සුරා බදු නිලධාරීහු ගුවන් තොටටත් පනිති

මුතු Tuesday, 23 June 2015 02:16 PM

ලාල් ගුවන් තොටුපලේ ස්කෑන් යන්ත්‍ර ගැන මම හොදට දන්නවා ඉතාම පරණ ඒවා අලුත් ඒවා කීපයක් තිබුනත් වැඩැක් නැහැ රැ ජාමේ ඉදලා එලි වෙන කොට සාක්කුවේ කීය හරි දා ගන්න තමයි කට්ටිය බලාන ඉන්නේ රේගු කට්ටිය හොද අයත් ඉන්නවා හැබැයි සපත්තු අස්සේ රන් බිස්කට් ගෙනියලා මාට්ටු වුනු අයත් හිටියා.(බ)

:       0       0

ලලිත් Tuesday, 23 June 2015 02:23 PM

අනේ එතකොට අර ටයි පොලු එල්ලගෙන ඔව්වත් එක්කල ෆොටෝවලට පෙනී හිටින රේගු නිලධාරී මහත්වරුන්ට මොකද වෙන්නේ? (බ)

:       0       0

කාන්ති Tuesday, 23 June 2015 08:08 AM

හොර දෙටුවන්ගෙන් රටට අහිමිවන ආදායම ආරක්ෂා කරගැනීමට මේ නිලධාරින් සිදුකරන සේවයට ආචාරය පුදකරනවා (නි)

:       0       0

ටිකිරි Tuesday, 23 June 2015 08:18 AM

අනේ මේවට මොකද දන්නෙ නැහැ කරන්නේ? (නි)

:       0       0

යහපාල Tuesday, 23 June 2015 08:19 AM

වැටළීම නම් හොඳයි (නි)

:       0       0

චානුක ජයශාන් Tuesday, 23 June 2015 04:26 PM

මාගලි, ගුවන් තොටුපළේ හැමදේම තීරුබදු රහිත නැහැ. මත්පැන් බෝතල් දෙකයි තිරුබදු රහිතව දෙන්නේ. සිගරැට් දැන් දෙන්නේ නැහැ (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 23 June 2015 08:29 AM

ඉතින් ගුවන් තොටුපොළේ කොහොමත් තීරුබදු රහිතයිනේ අනේ (නි)

:       0       0

සෑම් Tuesday, 23 June 2015 09:03 AM

මේ බඩු ගෙනාපු මිනිසුන්ට දෙන දඬුවමට වඩා විශාල දඬුවමක් මේවා නිකන්ම එළියට ගන්න ඉඩ දීපු කස්ටම් ඔෆිසර්ලාට දිය යුතුයි. (ම)

:       0       0

ලාල් Tuesday, 23 June 2015 09:03 AM

මේවා අල්ලන්න මීට වඩා විධිමත් ක්‍රමයක් තිබිය යුතුයි කියලයි මට හිතෙන්නේ .ගුවන් තොටුපලේ යන එන සෑම මගියෙකුගේම සියලුම බැග් ඉහල තාක්ෂණයෙන් යුත් ස්කෑන් යන්ත්‍ර හරහා යැවීම තුලින් ඇතුලේ තියෙන දේවල් බලාගන්න පුළුවන්. ඊට පස්සේ සැක සහිත බැග් ඇරලා බලන්න ඕන. මේ වගේ ක්‍රමානුකුල වැඩපිළිවෙලක් නැතුව ඉඳල හිටලා කාගේ හරි බැග් එකක් දෙකක් පරීක්ෂා කිරීමෙන් පමණක් මේවා පාලනය කරන්න හෝ නතර කරන්න බැහැ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3196 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2325 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3173 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3060 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site