IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සිලිකා ජෙල් පෙන්වා සල්ලි ගරා ගුටි කයි

සෘද්ධියෙන් ධාතූන් වහන්සේලා වැඩම වු බව කියමින් සම්මාදන් ලෙස මුදල් ලබාගත් බව කියන පිරිසකට හම්බන්තොට මිරිජ්ජවිලදී පහරදී ඇතැයිද එක් අයකු රෝහල් ගත කැර ඇතැයිද රෝහල් ආරංචි කියයි.

භූතාත්මයක් ලද කතකගේ බලයෙන් දින තුනකදී ධාතූන් වහන්සේලා 34 නමක් වැඩම කළ බව ප්‍රචාරය කැර ඇතැයි ද මිනිසුන් පෝලිමේ අවුත් ධාතුන් වැඳ පඬුරු දමා  ඇතැයිද කියති.

බෙහෙත් වැනි ඇතැම් ද්‍රව්‍යවල තෙතමනය නැති කිරීමට යොදන සිලිකා ජෙල්  කැට වලට කහ දියර ඉස මේ බොරුව කැර ‘ධාතු පෙන්වා ‘ඇතැයි කියති. මුලදී ධාතුන් වහන්සේලා කිහිප නමක් සෘද්ධියෙන් වැඩම කළැයි  ප්‍රචාරය විය.

මේ ගැන සෝදිසියෙන් සිටි පිරිසක් කියා ඇත්තේ සිලිකා ජෙල්වලට කහ දියර ඉස ධාතුන් පෙන්වා ඇති බවයි.මේ සිද්ධියත් සමඟ ධාතු පෙන්වු ස්ථානය වසා දමා ඇත.

සිලිකන් ඩයොක්සයිඩ් රසායනයට අයත් සිලිකා ජෙල්  සෝඩියම් සිලිකේට් වලින් කෘතිම ලෙස නිෂ්පාදනය කරයි.

සිලිකා ජෙල්  සුදු පැහැයෙන් යුක්තය.

DSCN2238 DSCN2239 DSCN2240 DSCN2241

DSC09529

 



අදහස් (0)

සිලිකා ජෙල් පෙන්වා සල්ලි ගරා ගුටි කයි

කුමාර් Sunday, 09 November 2014 10:42 AM

ජෙල් ධාතු විතරක් නොවෙයි, රට පුරාම මිනිස්සු රවට්ටන ඔය ඇට කැළි පල් බොරු. ඔය කියන පමණට ධාතු තිබුනානම් අඩි 40 හේ කොන්ටිනර් එකක් විතර ප්‍රමාණයක ධාතු තිබෙන්න ඕනා. (හේ)

:       0       0

හේමන්ත Sunday, 09 November 2014 10:42 AM

දනුෂ්ක ඔයා හරි. උල තියලත් මදි. බෞද්ධයින්ගේ ශ්‍රද්ධාව මුදලට අව ප්‍රමාණය කරලයි තියෙන්නේ. මේ ගම් පලාත්වල අත පය හයිය තියෙන අපේ කොල්ලෝ නැද්ද? (නදී)

:       0       0

පියුමි Sunday, 09 November 2014 10:56 AM

එම පළාතේ කව්ද මේවා ධාතුන් වහන්සේලා කියා කීවේ. (නදී)

:       0       0

වසන්ත Sunday, 09 November 2014 11:25 AM

දාතු කියලා පෙන්වන ඒවා රසායනික හෝ වෙනත් විද්‍යාත්මක ක්‍රමයකින් සොයා බලා වැරදි කරන අයට උසාවියකින් දඩුවම් කරන්න (නදී)

:       0       0

මනෝජ් Sunday, 09 November 2014 11:27 AM

බුදු බණ බොරුකරන්න බැහැ. ඕවා පොඩි පව් නෙමෙයි (නදී)

:       0       0

දීපාල් Sunday, 09 November 2014 06:32 PM

මේ සිදුවීම නිසා මොනතරම් ලැජ්ජාවට බියට පත්වෙන්න ඇද්ද? අනේ ‍මෙහෙමත් මෝඩ මිනිස්සු..... (නි)

:       0       0

උපාලි Sunday, 09 November 2014 06:55 PM

මම හැමදාමත් කියන්නේ බුදුදහම සත්‍ය දහමක්.කාටවත් ඒක නැතිකරන්න බැහැ. බොරුව කවදාහරි එළිවෙනවා. (නි)

:       0       0

ඉසුරන්දි- දෝහා Sunday, 09 November 2014 11:46 AM

අපේ රටේ තරම් ආගම දහමට නිගරු කරන වෙන රටක් තවත් නැතුව ඇති. ලැජ්ජයි අපි ගැනම මේ මිනිස්සු කරන වැඩ දිහා බලද්දී. (නදී)

:       0       0

මේනක Sunday, 09 November 2014 12:29 PM

මමත් අලුත් මේනකගේ අදහසට එකඟ වෙනවා. (නදී)

:       0       0

සරසි Sunday, 09 November 2014 12:34 PM

මට නම් පුදුම, බවලතෙකුට උඩ මළුවට, පත්තිරිප්පුවට යාම් හොඳ නැති රටේ, කාන්තාවකට භූතයෙක් මගින් ධාතු වැඩම වීමට අවසර දීම. (නදී)

:       0       0

මහින්ද Sunday, 09 November 2014 10:40 PM

කොහොමත් මේ රටේ වැඩිපුර ඉන්නේ බුද්ධ දර්ශනය මොකක්ද කියන එක හරියට දන්නේ නැති, බුදු දර්ශනයේ නාමයෙන් අන්ධ විශ්වාස වලින් ඔලු පුරවාගත් කට්ටියක්. බුදුන් වැඩ හිටියා නම් මිනිස්සු දැන් කරන දේවල් වලට හිනායයි. අපේ රටේ අයට තේරෙන්නේ නැහැ බුද්ධ දර්ශනය මීට වඩා කොයිතරම් ගැඹුරුද කියලා. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 09 November 2014 11:44 PM

බොහෝ දෙනෙක් තවමත් ජීවත්වෙන්නේ අන්ධකාරයේ. (නි)

:       0       0

සමන්ති Monday, 10 November 2014 01:16 AM

මේ ළඟදී කොළඹ පැත්තේත් ධාතූන් වහන්සේලා පෙන්නුවා නේද? (නි)

:       0       0

කසුන් Sunday, 09 November 2014 02:04 PM

බොරු වැඩ එපා (නදී)

:       0       0

චමිලා Monday, 10 November 2014 04:02 PM

මම නම් කියන්නේ මේ කාන්තාව හොඳ කපටි ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් . (හේ)

:       0       0

චන්ද්‍රා Sunday, 09 November 2014 02:34 PM

අනේ මෙහෙමත් පව්කාර මිනිස්සු (නදී)

:       0       0

සිල්වා Sunday, 09 November 2014 02:57 PM

මේ අයට යන්න අපායක් නැහැ (නි)

:       0       0

ගයාන් Monday, 10 November 2014 05:39 AM

අතීතයේ එසේ සිදුවූ බව දැක්ක අය කියනවා .අපි නම් දන්නේ නැහැ (දිල්)

:       0       0

වර්ණසිංහ Monday, 10 November 2014 05:53 AM

පව් කරමින් පහසුවෙන් නිවනට යන්න බලා සිටින සැමටම හොඳ පාඩමකි.(හේ)

:       0       0

මේනක Sunday, 09 November 2014 09:50 AM

ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕනේ.(හේ)

:       0       0

ජයරත්න Sunday, 09 November 2014 09:52 AM

කොයි ලොව යන්නද මරණින් පස්සේ අධම මිනිසුනේ.(හේ)

:       0       0

ගමගේ Sunday, 09 November 2014 10:09 AM

හොද වැඩේ.(හේ)

:       0       0

දනුෂ්ක Sunday, 09 November 2014 10:15 AM

කාලකන්නියෝ! බුද්ධාගමත් විකුණන් කනවා. ගහන්න නෙමෙයි උල තියන්න තියෙන්නේ. මේ අයට යන්න වෙනම ආපයක් හැදෙනවා.(හේ) .

:       0       0

එරංග Sunday, 09 November 2014 04:27 PM

මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් මෙහෙම අයුතු ප්‍රයෝජන ගන්න එක වැරදියි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 09 November 2014 04:29 PM

කොහොමද අද කාලේ කට්ටිය‍ගේ වැඩ? (නි)

:       0       0

සත්‍යපාල Sunday, 09 November 2014 10:21 AM

මේක ඇවිල්ලා ශ්‍රද්ධාව නොවෙයි තියන මෝඩ කම හින්දා වෙන දේවල් ධාතුන් වාහන්සේලා එක එකාට ඕනා ඕනා වෙලාවට ඕනා ඕන තැන්වලට වැඩම කරාවා ගන්න බැරි බව මේ මිනිස්සුන්ට හිතන්න බැරිද පෝලිමේ ගිහිල්ල වදින්න ඉස්සර වෙලා අඩුගානේ ගමේ පන්සලේ හමුරුවන්ගේන්වත් මේගැන අහලා පැහැදිලිකරගත්තානම් මේවගේ රැවටෙන්න ඕනා වෙන්නේ නැහැ වැඩේ වෙලා තියෙන්නේ කපලා මහලා දෙන ටිකට අපේ අය ඒවා ලස්සනට ඇඳ ගන්න නම් දන්නවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 396 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 144 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 744 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1692 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 221 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 106 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38407 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site