(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ( ස්ලිට්) පිළිබඳ කෝප් වාර්තාව මෙන්ම විගණන වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
පටන් ගත්දා සිටම මෙම ආයතනය දියුණු කිරීමට එවකට වෙළෙඳ ඇමැතිවරයා ලොකු මහන්සියක් ගත් බවත් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිවරියද මෙයට උදව් කළ බවත්
මන්ත්‍රීවරයා කීවේය.
මෙය හොඳ පෞද්ගලික ආයතනයක් බවද අද ලංකාවේ දෙවෙනියට වැඩිම ශිෂ්‍යයන් සිටින පාසල මෙය බවද ඔහු පැවසුවේය.
විදේශීය ශිෂ්‍යයන් හයසියයක් මෙහි ඉගෙන ගන්නා බවද එස් බී දිසානායක මහතා පැවසීය.මේ ආයතනය කිසිදිනක රජය යටතේ නොතිබූ බවත් මහපොළ අරමුදලින් කිසියම් ආධාරයක් පමණක් එයට ලබාදුන් බවත් ඔහු කිවේය.
එම මුදල ආපසු රජයට ගෙවූ බව පැවසූ මන්ත්‍රීවරයා මහපොළ ඉඩමට අදටත් කුලී ගෙවන බවද සඳහන් කළේය.මෙම ආයතනයට අත නොතියන ලෙස තමා ඉල්ලා සිටින බවත් උසස් අධ්‍යාපනයෙන් මෙරටට විදේශ විනිමය
ගෙන ආ හැකි බවත් ඔහු පැවසුවේය. විදේශ දරුවන් මෙරටට ගෙන ඒමට මීට වඩා උනන්දු විය යුතු යැයිද මහතීර් මොහොමඩ්ලා ඩෙන් සියාවෝ පින්ලා කටයුතු කළේ ඒ විදියට යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ කාරණය ගැන තමා අධ්‍යාපන ඇමැතිවරයාගේද අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාගේද අවධානය යොමු කරවන බව එස් බී දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ස්ලිට්‘ ආයතනය ගැන කෝප්, විගණන වාර්තා වැරදියි
යෝගා Wednesday, 01 December 2021 01:05 PM
හොඳ කුට්ටියක් ලැබිලා වගෙයි. දැනටමත් නඩු පවරලා තියෙනවා. අධිකරණ තීන්දුව ලැබෙන තුරු කටවහගෙන ඉන්න...
Susantha Jayawickrama Wednesday, 01 December 2021 01:08 PM
ආයතනයක් නීතිවිරෝධි වැඩකරන්නේ නැත්නම් ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට බියවිය යුතු නැහැ. ගොයියා මේ පැන්නේ මිනිහාත් ඔය ආයතනයේ මොකක් හරි කුණු ජාවාරමකට සම්බන්ධ ඇති...
කිරි පුතා Wednesday, 01 December 2021 01:33 PM
අපේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල තව තවත් බිහි විය යුතුයි. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයට ඇති නිදහසද තිබිය යුතුයි
Lalith M Wednesday, 01 December 2021 07:18 PM
මොනතරම් හොරා වුණත් එස්.බී. ඇත්තක් කිව්වා. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ආදර්ශයක් ගතයුතු ආයතනයක්...