IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමස්ත ශුරතාව දිනාගනී

දක්‍ෂතම කී‍්‍රඩකයා ප‍්‍රදීප්
ශී‍්‍ර ලංකාවේදී පළමු වරට පැවැති කඩු සටන් ජාතික ශූරතාවලියේදී සමස්ත ශූරතාව දිනා ගැනීමට ස්ලිම් ලයින් කී‍්‍රඩා සමාජය සමත් විය. පානදුර යුනිචෙලා කර්මාන්ත පරිශ‍්‍රයේදී පසුගිය සති අන්තයේ පැවැති මෙම තරගාවලියේදී අනුශූරතාව දිනාගත්තේ යුනිචෙලා කී‍්‍රඩා සමාජයයි.

ස්ලිම් ලයින් කී‍්‍රඩා සමාජයේ ප‍්‍රදීප් දුනුකියනගේ තරගාවලියේ හොඳම කඩු සරඹ කී‍්‍රඩකයාට හිමි කුසලානය දිනාගත්තේය.

ජාතික කඩු සරඹ සංගමයේ සහයෝගයෙන් යුනිචෙලා කඩු සරඹ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩා සමාජ 7 කින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 100 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. සැහැල්ලූ අසිපත්, බර අසිපත් සහ දෙපිට මුවහත් අසිපත් ලෙසින් ඉසව් 3 කින් යුතුව, කණ්ඩායම් සහ කේවළ තරග වශයෙන් තරග ඉසව් 9ක් පැවැත්විණ.

තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් වූ ස්ලිම් ලයින් කී‍්‍රඩා සමාජය විසින් සැහැල්ලූ අසිපත් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ඉසව් වලදී කේවළ ශූරතා ද්විත්වයම දිනාගත්තද එම අංශයේම කණ්ඩායම් ශූරතාව ඔවුන්ට අහිමිවීම සුවිශේෂී සිදුවීමක් විය.

සැහැල්ලූ අසිපත් කාණ්ඩයේ කණ්ඩායම් අංශයේ අවසන් මහා තරගයේදී එම්. ඞී. එස්. කඩු සරඹ සමාජය හමුවේ ලකුණු 44/45 ක් ලෙසින් පරාජයට පත්වෙද්දී තරගාවලියේ සමස්ත අනුශූරතාව දිනාගැනීමට සමත් වූ යුනිචෙලා කඩු සරඹ සමාජය, දෙපිට මුවහත් අසිපත් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා කේවළ ශූරතා දෙකම දිනාගත්තේය. එම අංශයේම කණ්ඩායම් ශූරතාවයත් යන ශූරතා ති‍්‍රත්වයම දිනාගනිමින් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට යුනිචෙලා පිල සමත් විය.

තරග ප‍්‍රතිඵල

සැහැල්ලූ අසිපත් - කේවළ (පිරිමි)
ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ ප‍්‍රදීප් දුනුකියනගේ විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ දිලාන් ඉරේෂ් පරාජය කරන ලදී. (15/9)

බර අසිපත් - කේවළ (පිරිමි)
සිලූටා කඩු සරඹ සමාජයේ ගයාන් බණ්ඩාර විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ චාමර නුවන් පරාජය කරන ලදී. (15/7)

දෙපිට මුවහත් අසිපත් - කේවළ (පිරිමි)
යුනිචෙලා කඩු සරඹ සමාජයේ සුදේශ් චන්දන විසින් යුනිචෙලා කඩු සරඹ සමාජයේ මන්ජුල ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (15/14)

සැහැල්ලූ අසිපත් - කේවළ (කාන්තා)
ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ කාන්චනා සඳලංකා විසින් සිලූටා කඩු සරඹ සමාජයේ අශෝකා උදයන්ගි පරාජය කරන ලදී. (15/13)

බර අසිපත් - කේවළ (කාන්තා)
ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ නිරන්ජලා වීරරත්න විසින් සිලූටා කඩු සරඹ සමාජයේ පියුමි ක‍්‍රිෂාන්ති පරාජය කරන ලදී. (15/5)

දෙපිට මුවහත් අසිපත - කේවළ (කාන්තා)
යුනිචෙලා කඩු සරඹ සමාජයේ කාන්චනා මධුභාෂිණි විසින් තුරුලිය කඩු සරඹ සමාජයේ නදීෂා කරුණාරත්න පරාජය කරන ලදී. (15/9)

සැහැල්ලූ අසිපත් - කණ්ඩායම් තරගය
එම්.ඞී.එස් කඩු සරඹ සමාජය විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජය පරාජය කරන ලදී. (45/44)

බර අසිපත් - කණ්ඩායම් තරගය
සදර්න් කඩු සරඹ සමාජය විසින් යුනිචෙලා කඩු සරඹ සමාජය පරජය කරන ලදී. (45/43)

දෙපිට මුවහත් අසිපත් - කාණ්ඩයේ කණ්ඩායම් අංශය
යුනිචෙලා කඩු සරඹ සමාජය විසින් තුරුලිය කඩු සරඹ සමාජය පරජය කරන ලදී. (45/17)



අදහස් (0)

ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමස්ත ශුරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 570 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 664 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 370 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 263 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1075 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 911 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site