IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සැලියුට් එක නැතැයි එස්.අයිගෙන් පී.සීට කණේ පහරක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සැලියුට් එකක් ගසා ආචාර නොකළේ යැයි කියමින්දෙනෝදාහක් බලා සිටියදී ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගේ කනට වැරෙන් පහරක් ගැසූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයකින් වාර්තා වේ.

දෙනෝදාහක් බලා සිටියදී කනේ පහර කෑමට ලක් වීම නිසා කොස්තාපල්වරයා ලැජ්ජාවට පත්ව ඇතැයිද පැවසේ.

කනේ පහර කෑ ආධුනික පොලිස් කොස්තාපල්වරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආධුනික පොලිස් කොස්තාපල්වරයා අදාළ පොලිස් වසමේ පිහිටි බැංකුවක් ඉදිරිපිට රාජකාරි කටයුතුවල නිරතව නිරත වෙමින් සිටි අතර වාරයේ නිල ඇඳුමෙන් සැරසී පැමිණි උප පොලිස් පරීක්ෂකවරයකු ඔහුට සැලියුට් එකක් ගසා ආචාර නොකළ බවට චෝදනා මෙසේ කනට වැරෙන් පහරක් ගසා ඇතැයි එම පොලිස් ආරංචි ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

 



අදහස් (11)

සැලියුට් එක නැතැයි එස්.අයිගෙන් පී.සීට කණේ පහරක්

Nihal Tuesday, 26 September 2023 08:56 AM

පොලිස්පති වුණොත් නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරිලාට කණ පැලෙන්නම ගහනවා...

:       0       0

abaran Tuesday, 26 September 2023 08:57 AM

පොලිසියේ සේවය කරන හැබෑම මහත්වරුන් පිළිබඳව නිසි ඇගයීම සහිතව මෙම කමෙන්ටුව ලියමි. පොලිසියේ ඉන්න සමහරුන්ට කඳ සහ බඩ තිබුණට මොලේ නැතිබව මොනවට ඔප්පුකරන කරුණකි මේ. මේ මෝඩ පොලිස්කාරයා ඉතාම අධික හීනමානයකින් පෙලෙන බව පෙනේ... විනය කඩකිරීමක් වෙනුවෙන් දඬුවම් දෙන ක්‍රමයක් පවතී. මේවගේ අමනයින් විත්තිකරුවන්ට කෙලෙස සලකන්වා දැයි හිතාගැනීමට පිළිවන. මේ වගේ අයට හරිහමන් දඬුවම් දෙන ක්‍රමයක් අපේ රටේ කවදාවත් ඇතිවෙවි යයි සිතිය නොහැකියි. සිදුවන්නේ අන්තර්ජාතිකවම පිළිකුල් කෙරෙන පොලිස් සේවයක් ඇතිවීම පමණි...

:       0       0

කිරිපුතා Tuesday, 26 September 2023 09:22 AM

නිල ඇඳුමින් පිම්බී උඩ යන හිස් මිනිසුන් මෙහෙමයි. ඔවුන් සාමාන්‍ය ජනයාට කෙසේ සලකයිද?

:       0       0

පියනන්ද Tuesday, 26 September 2023 10:19 AM

පොලිසිය සහ හමුදාව තරම් හීනමානයෙන් පෙලෙන වෘත්තිකයන් පිරිසක් තවත් නෑ. අවශ්‍ය තරම් උදාහරන දෙන්න පුලුවන්. බල ධුරාවලිය (hierarchy of power) පවත්වා ගත්තේ නැත්නම් එයාලගෙ මුලු පරිපාලන පද්ධතියම ඩවුන්. පව්, ලොක්කො හිතාගෙන ඉන්නෙ මේ ඇත්තටම උන්ට ගෞරවයෙන් භක්තියෙන් තමා සොක්කො ටික වැඳගෙන සපත්තු ලෙවකාගෙන ඉන්නෙ කියලා.

:       2       20

Bamunuarachchi Tuesday, 26 September 2023 11:38 AM

ඌ වැඩිකල් පොලිස්සියේ ඉන්නේ නැහැ. ඔලුව ඉදිමිච්ච එකෙක්

:       2       14

අරවින්ද මොනරවිල Tuesday, 26 September 2023 11:44 AM

බල්ලො පොලිසියට ගියහම ඔහොම හැසිරෙනවා.

:       2       21

පැරකුම් Tuesday, 26 September 2023 11:52 AM

කෝ ඉතිං එස් අයිට දඩුවමක් නැද්ද?

:       1       15

Navi Tuesday, 26 September 2023 01:53 PM

පුළුල් පින්තූරය දෙස බලන්න. අද කිසිම විනයක් නැහැ, SI කෙනෙක් ඒ ගැන හිතලා තියෙන එක ගැන මට පුදුමයි. හීනමානයෙන් නොවේ. ඔලුව ඉදිමිච්ච එකෙක් . විනය කියලා දෙයක් තියෙනවා. පළාත් සභා විනය විරෝධී බව පෙන්නුවා. අද එහෙම දේවල් වෙන්නේ නැහැ. හරි උනත් වැරදි උනත් SI PC ට විනයක් ඇති කලා. පොලිසියේ විනය කියා දෙයක් පිළිපැදිය යුතු බව ඔහුට දැන ගැනීමට එස්අයි කෙනෙක් ඔහුට පාඩමක් උගන්වා ගැනීම හොඳය. දූෂණය පාලනය කිරීමට විනයක් තිබිය යුතුයි

:       1       0

ගමේ එකාලා Tuesday, 26 September 2023 03:07 PM

පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න පොලිස් සුනඛයෙක් වෙන්ඩැති .ලැජ්ජයි .

:       1       9

CK.Lankaputhra Tuesday, 26 September 2023 03:41 PM

දිනපතා ආරංචි දිහා බැලුවම පෙනෙන එකම දෙය නම් පොලිසිය බල්ලටම ගිහිල්ලා කියන එකයි. පොලිස් ඇමති කියන කෙනා හොදයි කුඹුරුවල කුරුල්ලන් එලවන්න පඹයෙක් වගේ හිටවන්න.

:       1       10

Ugitha Tuesday, 26 September 2023 04:29 PM

එහෙම තමයි වෙන්න ඕන.ෆයිල් ඇන් ඕඩර් එක නැතිනම් වැඩක් නැහැ .ඒකයි පොලිස් ,ආමි එකේ වෙනස

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 348 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 530 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 268 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 860 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site