IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සීලරතන හිමි/මනමේන්ද්‍ර සම්පන්දන් යළි පෑහෙති

දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කලිනොච්චිය පච්චිපලෙයිහි පිහිටි යුද හමුදා කඳවුරකට අනවසරයෙන් ඇතුළුවීයැයි විරෝධය පළ කරමින් විපක්ෂනායක කාර්යාලයය ඉදිරිපිට පසුගිය සතියේ විරෝධතා දැක්වූ දකුණේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා හමුවී එම සිද්ධිය ගැන සාකච්ඡා කළහ.

මෙලෙස සාකච්ඡා කළේ නව සිහළ උරුමය සරත් මනමේන්ද්‍ර, ජනතෙස පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, දේශ විමුක්ති ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසකි.

තමන්  යුද හමුදා කදවුරට අනවසරෙන් ඇතුළු නොවූ බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා උතුරු නැගෙනහිර ආරක්ෂක හමුදා  එම පළාත්වල ජනතාවට අයත් ඉඩම් අක්කර ගණනාවක් බලහත්කාරයෙන් අයිති කරගෙන සිටිනා බවද පෙන්වා දී ඇත.

මෙහිදී  සංවිධාන නියෝජිතයන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන පරිදි මෙලෙස ආරක‍ෂක හමුදාව ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්නම් එය සාධාරණ නොවන නිසා  මෙහි ඇත්ත නැත්ත  සොයා බැලීමට අවශ්‍ය බවයි.  ඔවුනවද උතුරු නැගෙනහිර පළාත්වල සංචාරයකට කැටුව යන ලෙස මෙම පක්ෂ හා සංවිධානවල නායකයන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර විපක්ෂනායක ඊට කැමැත්ත පළ කළේය.

එලෙස සොයා බැලීමෙන් පසු අසාධාරණයක් සිදුවී ඇත්නම් තමන්ටද දෙමළ ජාතික සන්ධානය හා එක්වී  දෙමළ ජනතාවගේ අර්බුද ගැන   විසඳා  දෙන්නැයි රජයට බලපෑම්  සිදුකර හැකි බවද සංවිධාන නියෝජිතයෝ කීහ.

එමෙන්ම ආර් සමිබන්ධන් මහතා මෙරට විපක්ෂනායක වරයා වන හෙයින් ඔහුට උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටළු ගැන පමණක් කතාකළ නොහැකි බවත් දකුණේ ජනතාවගේ ප්‍රශ්න ගැනද කතා කළයුතු බවත් මෙනිසා දකුණේ ජනතාව අතරටද පැමිණ එම ජනතාව හා සුහදව සාකච්ඡා කරමින් එම ජනතාවගේ ප්‍රශ්න විමසන ලෙසත් සංවිධාන නියෝජිතයන් විපක්ෂ නායකගෙන් ඉල්ලා තිබේ.

පසුගිය මාසයේ උතුරේ සංචාරයක නිරත වූ විපක්ෂ නායකවරයා මෙලෙස අනවසරෙන් යුද හමුදා කදවුරට ඇතුළු වීයැයි කියමින් ඔහු  අත්අඩංගුවට ගත යුතු බවට හා විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම දේශපාලන පක්ෂ හා සංවිධාන නියෝජිතයෝ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

13128660_776168015854133_542467796_o 13128845_776167962520805_1398672024_o(1) 13128932_776167969187471_1254374601_o 13161084_776167982520803_374391618_o



අදහස් (0)

සීලරතන හිමි/මනමේන්ද්‍ර සම්පන්දන් යළි පෑහෙති

රංග Thursday, 05 May 2016 02:48 PM

ඔහොම තමයි විසඳ ගන්න ඕනේ. සුබපැතුම්...!!(හේ)

:       0       0

චානක Thursday, 05 May 2016 09:26 AM

සමගියෙන් සකච්චකර සමගියෙන් විසිර යන්න. (ර)

:       0       0

ටෙනිසන් Thursday, 05 May 2016 11:07 PM

මේ වගේ ප්‍රශ්න දුරදිග ගෙනනොගොස් විසඳන එකයි වැදගත් (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 05 May 2016 11:11 PM

එතකොට එල්ටීටීඊ එකෙන් සිංහලයින් පළවාහැර අල්ලාගත් ඉඩම් ගැන සම්පන්දන් කියන්නේ මොනවද? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 05 May 2016 10:01 AM

හොඳ ආරම්භයක්. (ර)

:       0       0

චන්දා Thursday, 05 May 2016 10:17 AM

මළ කෝලම්...(බ)

:       0       0

දුමින්ද Thursday, 05 May 2016 10:24 AM

ෆෙඩරල් ගැන කතා නැද්ද (බ)

:       0       0

ඩිලාන් Thursday, 05 May 2016 10:31 AM

සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාම දෙමල ප්‍රශ්න වලට විතරයි. යාපනේ සිංහල ප්‍රශ්න සමගියෙන් කතා කර විසිර යන්න පුළුවන් ද මේ දෙමල ලොක්ක එක්ක? (බ)

:       0       0

බමුණු Thursday, 05 May 2016 10:31 AM

ඔන්න ඔතන තමයි අපට වරදින්නේ. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 05 May 2016 10:46 AM

සාකච්ඡා මාර්ගෙන් විසදගන්න ඕන ප්‍රශ්න මේවා.නමුත් රටේ ආරක්ෂාවට හානියක් නොවන විදිහට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 101 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 83 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 711 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 20 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 73 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 838 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site