IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සෙල්ලම් පිස්තෝලයෙන් කොල්ලය වරදී


සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා අනුරාධපුර නව බස් නැවතුම්පොළ පෙදෙසේ සූර්ය කෝෂ පැනල අලෙවි ආයතනයක සේප්පුව කොල්ල කන්නට සැරසුණු සිව්දෙනකුගෙන් එක් අයකු මහජනයාගේ සහායෙන් අල්ලා පොලිසියට බාරදීමට එහි කළමනාකරු සමත්විය.
හෙල්මට් පැළඳ අවියක්ද අමෝරාගෙන එම ආයතනයට සිව්දෙනකු එනු දුටු බව එහි කළමනාකරු තිලංග ජයතිලක කියයි. එක් අයකු අත සෙල්ලම් පිස්තෝලයක් තිබියදි කළමනාකරු ඔහු සමඟ පොර බදද්දි එය කැඞී ඇත.
ඉන්පසු සිව්දෙනා එක්ව කළමනාකරු බැඳ දමද්දි ඔහුගේ කෑ ගැසීම ඇසි අසල්වැසියන් එද්දි තිදෙනකු පලාගිය බවත් එක් අයකු අල්ලා ගත් බව පොලිසිය කියයි.
අල්ලා ගත් පුද්ගලයා මහව මාඒළියේ විසිඑක් හැවිරිදි තරුණයෙකි.



අදහස් (0)

සෙල්ලම් පිස්තෝලයෙන් කොල්ලය වරදී

පෙරේරා Friday, 02 May 2014 09:26 PM

හොරාගේ මුහුණ ඇයි වැහුවේ? (නි)

:       0       0

දිල්ශාන් Saturday, 03 May 2014 01:26 PM

ඇමති, මන්ත්‍රී අයට සෙල්ලම් පිස්තෝල හොඳ නම් අනිත් කට්ටියට තහනම් මොකද? (නි)

:       0       0

අජන්ත Saturday, 03 May 2014 12:54 PM

සෙල්ලම් තමයි තව පොඩ්ඩෙන්... (නි)

:       0       0

මිලානො ජයන්ත Saturday, 03 May 2014 01:41 PM

තරුණවියට පාතබන ළමයෙක් මෙම තත්ත්වයට ඔහු පත් වූයේ කාගෙ වරදින්ද? තරුණයන් නිසිමඟට යොමුකිරිම සමාජයේ වගකීමයි. මුලසිටම ආගම ධර්මයට යොමුකිරීම දෙමව්පියන්ගෙ වගකීමක් (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 03 May 2014 01:01 PM

වයස 21යි.මේ වරදට හිරේ විලංගුවේ වැටුනම එළියට එන්නේ හොදට පදම් වූ අපරාධකාරයෙක්. මෙහෙම සෙල්ලම් පිස්තෝල වලින් වරදින සෙල්ලම් කරන තරුණයෙක් නෙමෙයි.බන්ධනාගාරය කියන්නේ දඩුවම් විදින තැනක් නෙමෙයි.අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලය. මෙයා දැන් විශ්ව විද්‍යාලයට තේරිලා තියෙන්නේ.එළියට එන්නේ උපාධියක් අරගෙන.මේ ක්‍රියාවලිය නතර කරවිය යුතුයි.ලාබාල අපරාධකරුවන් සදහා යම් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඔවුන්ගේ දඩුවමත් සමග යම් ප්‍රතිශෝදනයක් මානසිකවත් කායිකවත් සිදුවෙන විදියට ක්‍රියාත්මක කරන්න බලධාරීන් කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

ජී. Saturday, 03 May 2014 02:14 PM

කොල්ලකාරයා ලොක්කෙක් වුණා නම් ඔය විදියට යන්නේ නැහැ. පවු! (නි)

:       0       0

චාමර Friday, 02 May 2014 11:08 PM

පොලිස් සැරයන් තුමාගේ නම මොකක්ද? (ස)

:       0       0

කෝලිත Friday, 02 May 2014 11:09 PM

උසාවි ගියාම කියාවි සෙල්ලම් පිස්තෝලයක් මගේ සේවාදායකයා භාවිතා කළා කියලා. නඩුව එතරම ඉවරයි. (ස)

:       0       0

ජයන්ත Saturday, 03 May 2014 02:40 PM

ගුනේ කියපු කතාව ඇත්ත. මෙයාල ඊලග මැතිවරනයට ඉදිරි පත් කරන්න ඉන්නේ. ඔය ප්‍රැක්ට්‍රිස් කරනවා.(නදී)

:       0       0

භානු Saturday, 03 May 2014 03:26 PM

පවුලේ අයගේ පහසුව අපහසුව බලන්න කියලා නෙවෙයි. අල්ලා ගත්ත කෙනාව දකින්න සැලස්සුවොත් සමහරවිට තවත් අපරාධ හොයාගන්න පුළුවන් මහජන උදව් මත. උදා.මේ පුද්ගලයා එක්ක තැනින් තැන ගමන් බිමන් ගිය ආශ්‍රය කල උදවිය කවුද කියලා කලින් දැක පුරුදු අයගෙන් වැදගත් ඔත්තු ලැබෙන්න පුළුවන්.(නදී)

:       0       0

අමිල Friday, 02 May 2014 11:22 PM

හොරා ලංකාදීපේ වැඩ කරන එක්කෙනක් වෙන්න ඇති එක්කෙනෙක් ද මූණ වහන්නේ. අපිට මෙයාව බලාගන්න මූණ වහන්නේ නැතිව දාන්න බැරිද ? (ස)

:       0       0

හේරත් Saturday, 03 May 2014 03:45 PM

එයාටත් හිතෙන්න ඇති සෙල්ලමක් දාල නම උසස් කරගන්න.(නදී)

:       0       0

මහේෂ් Sunday, 04 May 2014 09:07 AM

බය වෙන්න දෙයක් නැහැ සෙල්ලම් පිස්තෝල අල්ලන්න පොලිසියට බලය නැහැ. එහෙනම් කඩවල තියන සෙල්ලම් පිස්තෝලත් අල්ලන්න එපාය. හම්බන්තොට පිස්තොලේ ගෙනා කෙනත් අල්ලන්න ඕනේ. (ස)

:       0       0

ගුණරත්න Saturday, 03 May 2014 01:29 AM

පිස්තොලේ සෙල්ලම් එකක්නේ. නිතිය සමානයි නම් මෙයාට තියෙන්නේ ප්‍රසිද්දියේ හොරකම් කිරීමට උත්සහ කිරීමේ චෝදනාව විතරයි. එත් ඉතින් හොරු ඔක්කොම උසාවි ගෙනාවොත් රට පාලනය කරන්නේ කවුද? (දී)

:       0       0

මෙවන් Saturday, 03 May 2014 05:15 PM

අපි මෙහෙම කරමු. මේ අපරාධකාරයා බන්දුල මහතාගේ ගෙදෙර නවත්තමු. සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝදනය කරලා සමාජයට භාර දෙවි.(නදී)

:       0       0

නිහාල් Saturday, 03 May 2014 01:31 AM

මේ වගේ අයට ආයි මේ වගේ දේවල් නොකරන්න වැඩක් කරන්න ඕනේ (දී)

:       0       0

දෙලානි Saturday, 03 May 2014 02:18 AM

මේ පොඩි කොල්ලෝ මේවාගේ දේවල් වලට පෙලබුනේ කොහොමද? (දී)

:       0       0

සමන්ත Saturday, 03 May 2014 02:18 AM

ඇත්ත එකක් ගෙනාවනම් දෙතුන් දෙනෙක් ඉවරයි (දී)

:       0       0

රිස්වාන් Saturday, 03 May 2014 02:18 AM

මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා දැනගන්නේ කොහොමද? (දී)

:       0       0

සෑම් Saturday, 03 May 2014 03:38 AM

ගුණරත්න, ඔබගේ අදහසෙහි දෙවැනි වාක්‍යය කලකින් දුටු නොඳ කියමනක්. (නි)

:       0       0

කරුණාජීව Saturday, 03 May 2014 05:36 PM

දැන් මෙතන උජාරුවට හොර පිස්තෝල කාරයව අරන් ගියාට. මේ ගොල්ලෝ අච්චර දෙයක් වෙනකම්, හම්බන්තොට නම් බලා ගෙන හිටියේ, මොනවද ගිලපු සත්තු වගේ. ලැජ්ජයි ඇත්තටම.(නදී)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 06:43 AM

චාමි,හම්බන්තොට අයියාගේ මල්ලිද දන්නෙ නැහැ මෙයා? (නි)

:       0       0

සුන්ත්‍ර Saturday, 03 May 2014 06:44 AM

ඒත් ඉතින් හොරු ඔක්කොම උසාවි ගෙනාවොත් ඉතුරු වෙන්නේ කවුද? (නි)

:       0       0

පිටිගල Saturday, 03 May 2014 06:50 PM

හොරෙක් ,මංකොල්ල කරුවෙක්, ළමා දූෂකයෙක් වගේ ජරා වැඩක් කල එකෙක් අල්ල ගත්තම ඇසින් දුටු සාක්කි අනුව ඔහුට දඬුවම් කිරීම අල්ල ගත අය විසින් කල යුතුයි. පොලිසියට භාර දුන්නම මූණත් වහලා රටට පෙන්නන්නෙත් නැතුව අරන් ගිහින් ආරක්ෂා කරලා දවස් ගණනකින් ගෙදර එවනවා. ඒ නිසානේ මංකොල්ල කෑම් 20ක් කල එකෙක් 25 ක් කල එකෙක් කියන්නේ. ජනතාව දුන්නා නම් මතක හිටින දඬුවමක් දෙනවා අායෙත් නම් ඒ වැඩේ කරන්නේ නැහැ. එතකොට ඌ දන්නවා ජනතාවට අහු උනොත් නම් පොලිසියට අහු උනා වගේ නෙවෙයි කියලා, නඩු දැම්මට වැඩක් නැහැ. පොඩි දඩයක් ගලා එලියට දැම්මම ආයෙත් කරන්නේ එකමයි. ඒ නිසා අහු වෙච්ච ගමන්............. (ස)

:       0       0

සමීර Saturday, 03 May 2014 06:40 PM

ඔය පොලිස් නිළධාරින් දෙන්නා නම් රාජකාරිය හරියටම ඉටු කරනවා හම්බන්තොට අය වගේ නෙමෙයි නේද? (නදී)

:       0       0

සමන් Saturday, 03 May 2014 08:02 AM

හම්බන්තොට සෙල්ලම් පිස්තෝලයෙන් වැඩදාපු එක්කෙනත් අල්ලන්න පුලුවන් නම්... ඔට්ටුයි බැහැ. එයා ඇල්ලූවෙ නැහැ කියන්නෙ මෙයාට කරන අසාධාරනයක් වගෙයිනෙ. දෙන්නම සෙල්ලම් පිස්තෝල වලින්නෙ වැඩ දැම්මෙ. (නි)

:       0       0

බන්දුල රත්නායක Saturday, 03 May 2014 06:48 PM

සෙල්ලම් පිස්තෝලයක් නිසාද මුහුණ වහල තියෙන්නේ. පිස්තොලේ සෙල්ලම් උනත් කරපු වැඩේ නම් බරපතලයි. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 03 May 2014 07:51 AM

ඔක්කොටම වඩා නිර්භීතයි මංකොල්ලකන්න ආපු සැකකරුව අල්ලාගෙන යන දෙන්නා. බලන්නකෝ යන හැටි. (නි)

:       0       0

ජානකී Saturday, 03 May 2014 09:26 AM

ෂුවර් එකටම මේ නම් ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් වෙන්න ඕනෑ.පාවිච්චි කරන්නේ සෙල්ලම් පිස්තෝල ! (නි)

:       0       0

නලීන් Saturday, 03 May 2014 08:46 AM

ගුණරත්න, ඔබගේ අදහස නියමයි (නි)

:       0       0

බණ්ඩාර Saturday, 03 May 2014 09:09 AM

ඇස් වසා පින්තූරේ දමන්නේ මේ අපරාධකරු නිසා ඔහුගේ පවුලේ අයට විය හැකි අපහසුතාවය නිසයි.මොහු වරදක් කළාට අනෙක් අය අපහාස නොවිඳිය යුතුයි.කෙසේ වුවත් වරදට උපරිම දඬුවම් දිය යුතුයි. (නි)

:       0       0

පුබුදු Saturday, 03 May 2014 10:27 AM

ගුණරත්න හරි. ඒක තමයි ඇත්ත. (නි)

:       0       0

කාන්ති Sunday, 04 May 2014 01:42 PM

මුහුණ පෙන්නුවානම් මේ සැකකාරයාට සම්බන්ධ අනිත් අපරාධකාරයෝ ගැන මිනිස්සු හොයලා දේවි. අපේ දෙමව්පියෝ අපිට කියලා දුන්නේ බඩගින්නේ මැරුණත් අනුන් ගේ දෙයක් කඩා වඩා ගන්න එපා කියලා. ඒකට දැන් රස්සාවක් නැති තමන්ගේ අවුරුදු 21 ළමයාගේ අතේ සල්ලි ගැවසෙන්නේ කොහොමද කියලා හොයන්න අම්මලට උවමනාවක් නැහැ. (ස)

:       0       0

රවීන් Saturday, 03 May 2014 10:09 AM

සෙල්ලම් පිස්තෝල වලින් සෙල්ලම් කරන්න පුළුවන් බලය තියන අයට විතරයි (නි)

:       0       0

චමිලා Saturday, 03 May 2014 09:23 PM

ගොඩක් හොරුන්ගේ ගෙදර අය දන්නවා ගෙදර කෙනා හොරෙක් කියල .රස්සාවක් කරන්නේ නැතුව ගෙදරට සල්ලි ගේනකොට කොහෙන්ද කියල අහහන්න නැද්ද? කරුණාකරලා මෙයාලගේ මුණ පෙන්නන්න .අඩු ගනේ මේවා දකින අනිත් අයවත් පත්තරේ මුණ දානවා බයට නොකර ඉදී .(ස)

:       0       0

අනූ Saturday, 03 May 2014 11:28 AM

කොල්ලය කළා නම් එහෙම? (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 03 May 2014 12:15 PM

අත පය කඩන්න තිබුණේ.නැත්නම් අැප දිල ආවහම ආයෙත් මේකම කරයි. (නි)

:       0       0

රත්නසිරි Saturday, 03 May 2014 11:34 AM

දැන් ඉතිං පැනලා ගිය අය ගැනත් විස්තරය දිග අරින්න වේවී. හෙල්මට් සහ මූහුණ වසාගෙන යන සුලු පිරිසද තහනම් නොකළොත් මෙවැනි අපරාධ තව තවත් වැඩිවීම වැළැක්විය නොහැක. (නි)

:       0       0

ඩීසීඩී Friday, 02 May 2014 08:33 PM

අර හම්බන්තොට තිබුණ සෙල්ලම් පිස්තෝලයද? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 02 May 2014 08:34 PM

කළමනාකරු එඩිතර පුද්ගලයෙක් (නි)

:       0       0

දීලා Friday, 02 May 2014 08:50 PM

ඇයි මෙයාලා වගේ හොරුන්ගේ ඇස් වහලා දාන්නේ? පෙන්වන්න හොරුන්ව ලෝකෙටම (නි)

:       0       0

ලියනගේ Friday, 02 May 2014 08:08 PM

හොරුන්ට කිසිම ඉඩක් සමාජයේ නොදිය යුතුයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 02 May 2014 08:55 PM

පවු අහිංසකයෙක්! (නි)

:       0       0

චමි Friday, 02 May 2014 08:16 PM

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල අයියාගේ යාළුවෙක්ද දන්නෙ නැහැ මෙයත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1517 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1999 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 469 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3096 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2506 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1836 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34724 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site