IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සෙල්ලම් පිස්තෝලෙ ළමයාටම ‘පත්තුවේ‘

ප්ලාස්ටික් පිස්තොලයක් සොරකම් කළ බවට දස හැවිරිදි දරුවෙක් නොචිචියාගම සංචාරක උසාවියේදී පිළිගත්තේය.

 රාජාංගනය පොලීසිය ඔහු  උසාවියට ඉදිරිපත් කර තිබුණේ නිවසකට බලෙන් ඇතුළු වී ගෙවල් බීදීම හා සොරකම් කිරීම චෝදනා යටතේය.

පැමිණිළි කාරිය කාන්තාවකි.දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික ලෙව්කේ බණ්ඩාර මහතාට මෙම දරුවා අධිකරණයේදී පැවසුයේ ‘‘මම නිවසට ගියා සෙල්ලම් කිරීමට ප්ලාස්ටික් පිස්තොලයක් ගත්තා ‘‘යනුවෙනි.මීට පෙර වතාවක දරුවා උසාවි ආ අවස්තාවේ නීතීඥ බණ්ඩාර මහතා ඔහුට රුපියල් දහසක සෙල්ලම් බඩු පරිත්‍යාග කළේය.

 උසාවියට පැමිණි සිටි ඇතැම් නීතීඥවරුන් හා පොලිස් නිලධාරීන් පැවසුයේ රාජාංගනය පොලීසිය මේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කළ හැකිව තිබියදී බරපතල චෝදනා  ඉදිරිපත් කර ඇති බවයි.  

දඩුවම් නියම කිරීම ලබන 18 වැනි දිනට කල් තැබු  මහෙස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා එතෙක් ළමයා ළමා නිවාසයක රඳවා තබන්නැයි නියෝග කළේය.



අදහස් (0)

සෙල්ලම් පිස්තෝලෙ ළමයාටම ‘පත්තුවේ‘

අනුර Thursday, 06 June 2013 11:42 AM

අනේ පොඩි ළමයෙක් නේද, ඒ අම්මට තව හිතන්න තිබුනා ! (ස)

:       0       0

ප්‍රසාද් Wednesday, 05 June 2013 04:34 PM

මෙහෙම ගියොත් තව ටික දවසකින් අපේ රටේ අම්මල උසාවි ගානේ යයි දරුවට බත් කවන්න හදනවා දරුවා බත් කන්නෑ එකට දඩුවමක් දෙන්න කියල. (නදී)

:       0       0

හේරත් Thursday, 06 June 2013 11:48 AM

පොලිසියේ උසස් නිලධාරියා ඇයි මේ වගේ තීරණයක් ගත්තේ.(නදී)

:       0       0

සුසන්ත Thursday, 06 June 2013 11:55 AM

ළමයා ළමා නිවාසෙට යැවුවා නම් ගමේ අය දැනගන්න ඕනෑ අර ගැණු කෙනා ගැන ගන්නා තීණ්දුව (නි)

:       0       0

මාලා Wednesday, 05 June 2013 04:41 PM

මෙයාලට මේ ඉර හද පායනවනේ. අම්මපා ආගමත් බොරු කියල හිතෙනවා මේවා දකිද්දී. නීතිඥ මහතා සෙල්ලම් බඩු අරන් දීපු එක අගය කලයුතු උනත් පිස්තෝල අරන් දීපු එක හොද දෙයක් නොවේ.(නදී)

:       0       0

සේන Wednesday, 05 June 2013 04:39 PM

තැලෙන යකඩේ උඩ පැන පැන තලලා අපට පෙන්වන්න හදනවා නිතිය අකුරටම වැඩ කියලා. තලන්න බැරි යකඩයක් නම් නඩුව විසි වෙන විදිහට සාක්කි මෙහෙයවනවා.(නදී)

:       0       0

ගජබා Wednesday, 05 June 2013 04:40 PM

රාජාංගන පොලිසිය පැමිණිලිකාර කාන්තාවගේ සාක්කුවේ මස් කටු ලෙව කනවා ඇති. නැත්නම් ඕක තේරුම් ගන්නවත් බැරි තකතීරුවොද පොලිසි වල ඉන්නේ...??(නදී)

:       0       0

සම්පත් Wednesday, 05 June 2013 04:49 PM

මොකටද ළමයෝ සෙල්ලම් ඒවා ගත්තේ?ඇත්ත ඒවා ගෙනවා නම් අපි මෙහෙම කරනවැයි? (නි)

:       0       0

රංජනී Thursday, 06 June 2013 12:43 AM

පොඩි එකා උසාවි අරගන ගිය එක වැරදියි. හොරකම හොද නැහැ. පොලිසියෙන් අවවාද කරලා නිදහස් කරන්න තිබුනේ. දැන් ඔය දරුවා මානසිකව වැටෙනවා. ලජ්ජාවට පත් වෙනකොට ජීවිතේ පවා නැති කරගන්න ඉඩ තියෙනවා. චී..චී...චී..... වැඩේ හොද නැහැ.(නදී)

:       0       0

රජිත් ඉතලි Wednesday, 05 June 2013 04:54 PM

ඔය වයස අපිත් පහු කෙරුවනේ (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 06 June 2013 01:36 AM

මෙම සිද්දිය උසාවි ගෙන ගිය සහ මෙය ඉදිරියට කරගෙන යන අයගේ මොලය කියන එක පිහිටලා අත්තේ එම අයගේ ගුද මාර්ගය අසල විය හැක. ඉද ගැනීමේදී මොලය තැලීම හේතුව නිසා මෙවැනි ප්‍රති විරුද්ද ක්‍රියා විය හැක.

:       0       0

වරුණ Wednesday, 05 June 2013 04:58 PM

මතකනේ පොල්ගෙඩි 8 වැඩේට ගැණු ළමයෙක්ගේ ආත්මේම විනාස කරා. මේ මිනිස්සුන්ට දරුවෝ නැද්ද දන්නේ නැහැ පොඩ්ඩක් ළමයට ඇහුම් කන් දෙන්න. පොලිස් කාරයන්ට යුනිෆෝම් ඇගට වැටුනම සිංහයෝ වගේ අසරණයන්ට සලකන්නේ? දේශපාලුවෝ ඉදිරියේ කුක්කෝ වගේ නකුට වන වන ඉන්නවා.(නදී)

:       0       0

මෝඩයා Wednesday, 05 June 2013 05:02 PM

කුඩු ලොක්කන්ට සැලියුට් ගහලා මේ වගේ පොඩි ළමයින්ගේ අනාගතේ විනාස කරපල්ලා.(නදී)

:       0       0

ඩී.උපුල් Wednesday, 05 June 2013 05:19 PM

දරුවෙකුට අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න බැරි දුප්පත් අම්මල කී දෙනෙක් අපේ රටේ ඉන්නවද? සෙල්ලම් බඩු දැක්කම දරුවට ආසා හිතෙන්න ඇති. දරුවන්ට මීට වඩා අනුකම්පා කරන්න.(නදී)

:       0       0

ජෙප් Wednesday, 05 June 2013 05:22 PM

පොලිස් බල්ලෝ හරි දක්ෂයි ඉව කරලා හොරු අල්ලන්න.(නදී)

:       0       0

ජීවක Thursday, 06 June 2013 03:24 AM

දෙවියනේ අවුරුදු දහයක පොඩි දරුවෙක්ට කරලා තියෙන අපරාදයක්. (නි)

:       0       0

තුෂාර Wednesday, 05 June 2013 05:59 PM

රාජාංගනය පොලිසිය ඉස්සෙල්ලා නම් හොදයි. හොද ඕ.අයි.සි මහත්තයෙක් හිටියා.ඒත් දැන් රාජාංගනය පොලිසියෙ ඉන්න අයගේ හිතක් පපුවක් නැති පාටක් පේන්නෙ.නැත්තන් දරුවො ඉන්න කෙනෙක් නම් පොඩි ලමයෙක්ව උසාවියට යවයිද? (නි)

:       0       0

අසාද් Wednesday, 05 June 2013 06:04 PM

පොලෝසියේ බල්ලො ඉන්න බව දැන්වත් තේරෙනවද?(නදී)

:       0       0

නිසේන්ද්‍රා Wednesday, 05 June 2013 06:21 PM

වරුණ , ඔබ හරියටම කිවා. පොලිසියේ අය දන්නේ තැලෙන යකඩය තලන්න පමණි .(නදී)

:       0       0

ලලිත් Wednesday, 05 June 2013 07:01 PM

හොරකම හොරකමමයි. ඕවට සුදුසු කාලේදී නිසි දඩුවම් නුදුන්න නිසා තමා අද අපේ රටේ හැම කෙනාම පක්ෂ බේදයකින් තොරව ජාති බේදයකින් තොරව ආගම් බේදයකින් තොරව දුප්පත් පොහොසත් බේදයකින් තොරව ලස්සනට රටම කන්නේ. (නි)

:       0       0

නිමල් ලලිතා Thursday, 06 June 2013 08:23 AM

මෙවැනි කුඩා දරුවෙකුට විරුද්දව උසාවියකට පැමිණිලි කල අයගේ සිහියය විකල් වෙලාවත්ද.(ස)

:       0       0

ශාන්ත Thursday, 06 June 2013 08:27 AM

ළමයින්ට මොකටද අනවශ්‍ය සේවල් දෙන්නේ (දී)

:       0       0

නුවන් Wednesday, 05 June 2013 07:14 PM

අනේ අවරුදු දහයක දරුවෙක්ටද මේ දඩුවම් කරලා තියෙන්නේ? තාම ඒ දරුවා දන්නෙත් නැතුව ඇති මේ උසාවි යන්නේ කියලා. හිතක් පපුවක් නැති මිනින්ස්සු. ගෙදර නෝනා මහා රැ යාමෙද දන්නේ නැ පැමිණිල්ල දාන්න ගියේ. මේ තරම් විශේෂ විදියට පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සරත් ඩු Wednesday, 05 June 2013 08:24 PM

පොඩි කට්ටිය අතින් වෙන වැරදි වෙන්නේ නොදෙනුවත් කම නිසා ඔහොම කරනකොට මහ මිනුස්සු දැනගෙන කරන වැරදි වලට පොලිසිය ක්‍රියා කාරී වෙනවද?(නදී)

:       0       0

යසු Wednesday, 05 June 2013 08:22 PM

සොරකම් කිරිම හොද නොවෙයි ! මහා පරිමානෙන් සොරකම් වංචා කරන අය නිදහසේ . රටේ පළමු තැන සිට ආදර්ශය පටන්ගමු.(නදී)

:       0       0

ආනන්ද ආර් Wednesday, 05 June 2013 08:23 PM

මේ නෝනගේ ගෙදර සෙල්ලම් පිස්තෝලයක් තිබුනේ කාට සෙල්ලම් කරන්නද? ඒ ගෙදරත් දරුවෝ ඉන්නවා වගෙයි. ඒ දරුවෝ ගැන මේ නෝනා මොනවා දන්නවා ඇතිද?(නදී)

:       0       0

ධම්මික-සෞදි Wednesday, 05 June 2013 09:11 PM

නීතිය හොරු බෝකරනවා. ඔය පුංචි දේට ඔය තරම් ලොකු දඩුවමක් දෙන්න වටින්නේ නැහැනේ පව් පුංචි එකා.(නදී)

:       0       0

ලාල් Thursday, 06 June 2013 10:08 AM

ඇයි මේ ළමයා ළමා නිවාසෙකට ඇරියේ.(නදී)

:       0       0

ධම්මින සෞදි Wednesday, 05 June 2013 09:20 PM

පොඩි එකාට ඔය දීපු දඩුවමට ලොකු වුනාම තරහා පිරිහමයි ලොකු හොරකමක් ඇත්තටම කරලා. එහෙම වුනොත් වග කියන්න ඕනේ පොලිසිය.(නදී)

:       0       0

රොෂාන් සෞදි Thursday, 06 June 2013 10:35 AM

නෝනා පොලිසියට හොදට සළකලා තියෙන පාටයි. මරේ මරු ලංකාවේ නිතිය (නි)

:       0       0

රානා Wednesday, 05 June 2013 03:53 PM

හොරුන් වගේ මොන තීන්දුවක් දෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

මංජු Wednesday, 05 June 2013 03:58 PM

ඇය දරු දුක දන්නා ගැහැනියක් නම් නොවෙයි.(නදී)

:       0       0

වරුණ Wednesday, 05 June 2013 04:17 PM

කොහොමත් පොලිසිය අහිංසකයන්ට නීතිය ක්‍රියාත්මක කරනවා අකුරටම. තුට්ටු දෙකේ දේසපාඥයන්ගෙන් කනේ පාරවල් කාලා ඇබරි ඇබරි ඉන්නවා.(නදී)

:       0       0

නීල් Wednesday, 05 June 2013 10:47 PM

මෙවැනි දේ රටපුරා නිරන්තරයෙන් සිදු වුවත් ඉඳ හිට හෝ එවැන්නක් උසාවියට යොමුවීමෙන් ඉතා සුවිශේෂී සමාජ කතිකාවතකට ඉඩ සැලසෙනවා. මෙවැනි සිදුවීම් දසදහසකින් එකක් පමණක් අවධානයට ගෙන එදෙස සානුකම්පිතව බලා හැඟීම් වමාරනවට වඩා දෙමාපියන්ගේ හා බාරකරුවන්ගේ නොසැලකිල්ලෙන් කුඩාකල සිටම දරුවන් වැරදිමග යාමෙන් මේ රටේ සොර මැරකම් දුෂණ වංචා අපරාධ ස්ත්‍රී දුෂණ ඉහවහා ගොස් ඇතිබව වටහා ගැනීම වැදගත්. (නි)

:       0       0

ජ.හේරත් Wednesday, 05 June 2013 04:22 PM

ඇත්ත පිස්තෝල, බෝම්බ කඩු කිනිසි ගත්ත අය එළිපිට ඩෙගා නටද්දී මේ පුංචි දරුවෙක් කරපු අහිංසක දේකට නඩුත් දාලා. නීතිංඥ මහත්තයෝ ඔබ කරලා තියෙන්නේ එලොව මෙලොව දෙකටම සිද්ද වෙන පුන්‍යකර්මයක්.(නදී)

:       0       0

චමිල Wednesday, 05 June 2013 04:19 PM

ළමයකුගේ මානසික මට්ටම දන්නේ නැති නාමික ගැහැනියක් වෙන්න ඇති ඕක උසාවි අරගෙන යන්න ඇත්තේ.(නදී)

:       0       0

ඉන්දික-රොමේසිට Wednesday, 05 June 2013 04:22 PM

ළමයාගේ වයස බලලා මීට වැඩිය හොද තීන්දුවක් දෙන්න තිබුනා. අද රටේ කොපමණ හොරු තක්කඩි ඉන්නවද නීතියෙන් බේරිලා. ළමයා කරපු වැරැද්දට වැඩිය ලොකුයි පොලිසිය කරපු වැරැද්ද.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 9 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 131 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 135 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 372 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 65 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 414 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site