IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සල්ලාලයා මල් කැකුළක් තලලා?

16 හැවිරිදි සිසුවියක මාතර දී කාරයක නංවාගෙන තංගල්ලට රැගෙන ගොස් කෙළෙසූ බව කියන   ව්‍යාපාරිකයෙක් (39) මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දැරිය මිතුරකු සමග සිටිය දී දෙදෙනාම තම රියට නංවාගත් ව්‍යාපාරිකයා තමා පොලිස් නිලධාරියකු බව ඔවුනට කියා ඇතැයි ද, පිරිමි ළමයා මාතර දුම්රියපොළ අසල දී බස්සවා ඇතැයි ද කියති.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර මුහුදු වෙරළ අසල දී ය.

 



අදහස් (0)

සල්ලාලයා මල් කැකුළක් තලලා?

අෂාන් Tuesday, 25 March 2014 07:51 AM

දඩුවම් දෙන්න ඕනා.(නදී)

:       0       0

රකිත් Tuesday, 25 March 2014 08:08 AM

සෝනා මලයාසියාව, කාන්තාවකගේ අනුමැතිය නැතිව අතින් ඇල්ලීම ලිංගික හිරිහැරයක්. පිරිමියකුගේ අනුමැතිය නොමැතිව කාන්තාවක් විසින් ඔහුගේ අතින් ඇල්ලීමත් එසේමයි. නමුත්, මෙම සිදුවීම් දෙකෙන් ඉතා බහුලව සිදු වන්නේ පළමු වැන්නයි. පිරිමියකු හැටියට මට ඒ බව නොබියව ප්‍රකාශ කල හැකියි. මෙම පුවතේ චුදිතයා තවමත් සැකකරුවකු බව ඇත්ත. ගණිකා සේවය නීතිගත කල විට මෙම අපරාධ අඩුවේ යැයි මම විශ්වාස නොකරමි. තායිලන්තයේ ගණිකා සේවය නීතිගත කොට ඇත. එහෙත් මෙවැනි බාල අපචාර ඉතා අධිකය. (නදී)

:       0       0

අසෝකා Sunday, 23 March 2014 11:34 PM

මේවගේ දේවල් කරන අයගේ නම් ගම ඇතුළු පින්තුරයකුත් දාන්න. එතකොට කවුරු මගදී හම්බ උනත් මිනිහා කොහොම කෙනෙක්ද කියල අදුරන නිසා අනිත් අයට අහු නොවී ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි දුෂකයන්ගේ පින්තුරයක් වත් දැමිය යුතුයි. (දී)

:       0       0

පද්මසිරි Tuesday, 25 March 2014 08:09 AM

උන්ට උපරිම දඩුවම් දෙන්න.(නදී)

:       0       0

ඉෆ්රාන් Sunday, 23 March 2014 11:39 PM

ළමයින්ට පාරේ බැහැලා යන්න බැරි කාලයක්, මේ සල්ලාලයොත් එක්ක (දී)

:       0       0

උපතිස්ස රත්නකුමාර Monday, 24 March 2014 05:34 PM

මෙයත් තව එක පුවතක් පමණක් වේද ? මෙලෙස තව කිදෙනෙක් දුෂණයට ලක්වේද ? තුට්ටු දෙකට මිනීමරන, රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනන්න පවු පිං බලන්නේ ඇයි (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 24 March 2014 12:41 AM

ඔය සේරටම වඩා පාසල් වල ගුරු දෙගුරුන් එකතු වී බාලිකාවන් දැනුවත් කරනවා නම් හොඳයි. මෙවැනි පුවත් පාසල් වල දැන්වීම් පුවරු වල ප්‍රධර්ශනය කර සිසු පරපුරට මෙම අවදානම ගැන අවධානය ඇති කිරීම වඩාත් සුදුසුවේ. පුවත් පත් බලන සිසු සිසුවියන් පාසල් වල ඇත්තේ අතලොස්සක් පමණි.(නදී)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Monday, 24 March 2014 06:06 PM

මේවා නතර කාන්න බැරී හේතුව . ළමා අපාචර කරන්නන් ඉහල තැන් තනතුරු ලබමින් . නිදහසේ සිටිනා බැවිණි . (අ)

:       0       0

ලක්මල් Monday, 24 March 2014 12:44 AM

දයා අලහාකෝන් මහතාණනි. කේ.කිව් - 7682. (නදී)

:       0       0

රුවන් Sunday, 30 March 2014 11:02 AM

නීතිය යනු සෑම විටම සාධාරණය නොවේ. ලංකාවේ වැරදි කරන තෝරු මෝරු පැන යන්නේ නීතිය අන්ධ නිසාවද්ද? (නි)

:       0       0

කුමා කාරියවසම්. Monday, 24 March 2014 01:09 AM

මේ වැනි දේ එදත්, අදත්, හෙටත්, වේවි. එල්ලුම්ගහ පැනවීම ජනදිපතිගේ වගකීමි. ඒවගේම ගැහැණුන්ගේ හැදියාවත් ප්‍රශ්නයකි. හැසිරීම, මායම්, ඇඳුම්, පෙළඹීමට ඇති ආසාව මෙවැනි දේට නිතර අතවැනීමකි. වරදක් සිුද වු පසු පැමිණිලි කිරීම ගැහැණුන්ගේ සුලබ ක්‍රියාවකි. මෙය පිරිමින් හොඳින් මතක තබා ගැනීම යෙහෙකි.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 24 March 2014 02:12 AM

මේ අපරාද කාට කියන්නද. මුදලට බලයට හැම දේම යටයි. දැන් ඉතින් ඒ දරුවාගේ මුලු අනාගතේම ඉවරයිනේ. ද සිල්වා හරි මෙයාලා මෙහෙම මුලු වාහනේම අත ගෑවම ග්ලව්ස් වත් නොදා ඉදිරි පරීක්ෂණ කරන්නේ කොහොමද? හරියට රිලවුන්ට කන්නාඩිය හම්බ උනා වගේනේ හැමදේම විනාශ කර ගන්නවා අපේ පොලිසිය.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 24 March 2014 02:12 AM

මේ අපරාද කාට කියන්නද? දැන් ඉතින් ඒ දරුවාගේ මුලු අනාගතේම ඉවරයිනේ. ද සිල්වා හරි මෙයාලා මෙහෙම මුලු වාහනේම අත ගෑවම ග්ලව්ස් වත් නොදා ඉදිරි පරීක්ෂණ කරන්නේ කොහොමද? හරියට රිලවුන්ට කන්නාඩිය හම්බ උනා වගේනේ හැමදේම විනාශ කර ගන්නවා අපේ පොලිසිය.(නදී)

:       0       0

නන්ද Monday, 24 March 2014 02:23 AM

රටේ සාමාජික පරිහානිය කෙතරම් දරුණු ලෙස සිදු වෙනවාද කියන එක මේ වගේ සිදුවීම් වලින් පේනවා.. (දී)

:       0       0

හේවගේ Monday, 24 March 2014 02:34 AM

සදාචාරය තුලින් රට පිරිහිලා (දී)

:       0       0

ජගත් Monday, 24 March 2014 02:34 AM

ළමා ජිවිත විනාශ කරන මෙවන් මිනිසුන් ලබන ආත්මේ ඉපදෙන්නේ නිරයේ (දී)

:       0       0

ජීවන් Monday, 24 March 2014 02:34 AM

එල්ලුම් ගහ මුල් ඇදලා දැලුත් ඇවිල්ලා (දී)

:       0       0

රොකී Tuesday, 25 March 2014 09:36 AM

මිනිහා දැනටම වැරදි කාරයා හැටියට තීන්දු කරලා දඩුවම් නියම කරන්න ඉස්සර වෙන්න එපා. (නදී)

:       0       0

ලක්සිරි Tuesday, 25 March 2014 07:18 PM

මම නිතරම බැංකොක් යනවා. එහි ගණිකා වෘත්තිය නීතිගත බව සියල්ලෝම දන්නවා. නමුත් එහි සෑම විනාඩි 15 කට වරක් ස්ත්‍රී දුෂණයක් සිද්ධ වෙනවා. මේකට විසදුම මෙය නීතිගත කරන එක නොවෙයි. මිනිසුන්ගේ හැදියාවේ වෙනසක් අවශ්‍යයි. එසේම දැඩි නීති පැනවීම අවශ්‍යයි. (නි)

:       0       0

තාරක Monday, 24 March 2014 03:29 AM

මේ ප්‍රසිද්දියට පත් වූ එක සිද්දියක් පමණයි තව කොයි තරම් වෙනවා ඇතිද (දී)

:       0       0

චන්දි Monday, 24 March 2014 04:39 AM

ලංකා තිලක, ඔබේ අදහස හා එක සිතින් එකයි ...!!දඩුවම් ලිහිල් නිසයි මෙවැනි අපරාධ සිදු වන්නේ.., (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 28 March 2014 03:32 AM

මෙවන් අපරාධ වලට කිරීමට ඇති හොඳම ප්‍රතිකාරය කිරීම සුදුසු බව මගේ අදහසයි. (නි)

:       0       0

චමිලා Monday, 24 March 2014 04:44 AM

මේ වගේ මිනිස්සුන්ට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා (දී)

:       0       0

නලින් ප්‍රසන්න Monday, 24 March 2014 08:02 PM

මේ වගේ අයට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ.(නදී)

:       0       0

ලහිරු Monday, 24 March 2014 05:32 AM

මෙවන් මිනිසුන්ට කොහොමට වත් සමාවක් දෙන්න හොද නැහැ (දී)

:       0       0

සහන් Monday, 24 March 2014 08:05 PM

මේකට උපරිම දඩුවම් දෙන්න ඕනේ. නැත්තං මේකත් ඉන්දියාවක් වෙනවා'(නදී)

:       0       0

දිසානායක Monday, 24 March 2014 05:37 AM

මරුසිරාගේ අම්මා ඉල්ලපු ඉල්ලීම හරි නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

දිල්රුක් දමින්ත Monday, 24 March 2014 06:22 AM

එල්ලුම් ගහ එපා අනේ පවි කියලා අනුන්ට උනහම කියන කට්ටියට තමන්ගේ දරුවෙකුට මේවගේ දෙයක් උනා නම් මොනවා කියයිද දනිනේ නැහැ නේද? අනුන්ට උනහම සත්ව කරුණාව තමන්ට උනහම විතරක් තරු පෙනිලා මදි. (නදී)

:       0       0

සිංහ Monday, 24 March 2014 06:32 AM

මෙයත් ප්‍රාදේශීය සභා ඇමති කෙනෙක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

සමන්මලී Monday, 24 March 2014 07:10 AM

අසෝකා හරියටම හරි. ඇයි අතට අල්ලගත්ත මනුස්සයගේ පින්තූරයක් නොදාන්නේ. අනික් ළමයින්ටයි, ගමේ අයටයි ඊට පස්සෙවත් දිව්ව හැකි අන්න අන්න අර වනචරයා එනව‍ා කියලා.(නදී)

:       0       0

චන්දි Monday, 24 March 2014 07:15 AM

ළමයට අවුරුදු 16 වැඩි නම් ලිංගික අපයෝජනයක් වෙලා නැහැ. අවුරුදු 16න් පස්සේ කැමැත්තෙන් දෙන්නා ඉදිරිපත් උනා නම් ලිංගික අපයෝජනයක් නැහැ - නීතිය එයයි. හොයා බලා කටයුතු කරන්න.(නදී)

:       0       0

රකිත් Monday, 24 March 2014 07:20 AM

රටේ නීතිය හරියටම ක්‍රියාත්මක කරනවානම් මෙවැනි අපරාධ තරමක් දුරට හෝ වලක්වා ගත හැකිය. මෙවැනි බාල අපරාධ වලට සහ හිටපු පෙම්වතියන් පැහැර ගැනීමට විරුද්ධව චෝදනා ලැබුණු සමහරු දේශපාලන හයිය මත නිදහස් වුහ.(නදී)

:       0       0

අනුර යු.එස් Monday, 24 March 2014 07:29 AM

දේශපාලකයෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

මංගල Tuesday, 25 March 2014 10:50 AM

මේ ගණිකා වෳත්තිය නීතිගත කරන්න කියන කට්ටිය වලිගෙ පාගගෙන. ගණිකා වෳත්තිය නීතිගත කලාම වෙන්නෙ තියෙන කරදර වැඩිවෙන එක විතරයි. ගණිකා වෳත්තිය නීතිගත කරලා තියෙන රටවල් කරගත්ත මෝඩකම කියලා තැවෙනවා. අපේ හරක් ඒ වසංගත කරේ දාගන්න හදනවා. කිරි එළදෙන මසට විකුණලා කිරිපිටි කඩෙන් ගන්නවා වගේ තමා. එකෙකුට මතක තියෙන දඩුවමක් දුන්නම මේ මිනිස්සු දෙපාරක් හිතනවා අමන වැඩ කරන්න කලින්. (නදී)

:       0       0

නිලුපුල් Monday, 24 March 2014 07:43 AM

දිල්රුක් හරි, සමහරු තමන්ගේ කානුවක් බ්ලොක් උනත් උද්ෂෝෂන කරලා කෑගහලා දඟලනවා. වෙන අයගේ පවුල් පිටින් මරපු අයටත් අනේ පව් මරන්න්න නම් එපයි කියලා පත්තරවල දානවා. අනුන්ට අසාධාරණයක් උනහම එක විදියක්. තමන්ට උනහම එක විදියක්.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 24 March 2014 07:44 AM

තංගල්ල කියන්නේ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක්ද? මිනීමැරුම් ස්ත්‍රී දුෂන, ළමා අපචාර වෙන තරමක් වෙන්නේ තංගල්ලෙන් නිසයි ඇහැව්වේ.(නදී)

:       0       0

දිලිපි Monday, 24 March 2014 07:47 AM

මේ වගේ මිනිස්සුන්ට කිසිම සමාවක් දෙන්න හොද නෑ.(නදී)

:       0       0

චන්දි Monday, 24 March 2014 07:59 AM

බලන්න ගැහැනු ලමයට 16 ට වැඩිද අඩුද කියලා.(නදී)

:       0       0

තාරක Monday, 24 March 2014 09:29 PM

මිනිස්සුන්ගේ මනස හදන්න ඕනේ නැතුව විනය හදන්න බැහැ (දී)

:       0       0

එම්.සී. Thursday, 27 March 2014 01:00 AM

එතකොට මේ ළමයාගේ දෙමවුපියන් කොහෙද හිටියේ? (නි)

:       0       0

රම්සි Thursday, 27 March 2014 01:01 AM

පෙන්වන්න පෙන්වන්න... ටෙලි නාට්‍ය පැය ගණන් තව තව පෙන්වන්න. (නි)

:       0       0

ටෙනිසන් Monday, 24 March 2014 08:25 AM

සාර දර්ම පිරිහිලා.ආගමක් දහමක් ඉගෙනගන හැදියාව අවබෝද කර ගැනීමට දරුවන්ට කාලයක් නැහැ. ටියුෂන් ටිුයෂසන්. දෙමාපියන් මුදල් පසුපස දුවනවා විනා දරුවෝ ගැන සෙවිල්ලක් නැහැ. ඇටෙන් පොත්තෙන් පැන්න දින සිට ඇසෙන්න දකින්න තියෙන්නේ රාගය හා තන්හාව උත්සන්න කරන දේ. එල්ලුම් ගහ ගෙනාව කියල ඕව නවතින්නේ නැහැ. සමාජය මුල සිටම හදන්න ඕනා. ලගදි මහා ඇමති දයාසිරි තුමා නම් හොද පියවරක් තිබ්බා. කාට කාටත් එවන් සිත් පහල වුනොත් අනාගතය යහපත් වෙයි.(නදී)

:       0       0

බංඩාර Monday, 24 March 2014 08:39 AM

මෙම පුද්ගලයා වහාම එල්ලුම් ගහට යවන්න.(නදී)

:       0       0

උමේෂ් Monday, 24 March 2014 08:41 AM

මේ වගේ අයව ප්‍රසිද්දියේ තියල ගල් ගහල මරන්න ඕනේ. එක්කෙනෙක්ට හොඳ දඩුවමක් දුන්නොත් අනිත් අයත් හැදෙයි.(නදී)

:       0       0

පද්මසිරි Monday, 24 March 2014 08:42 AM

නීති තිබුනට ඒවා ක්‍රියාත්මක නොකෙරෙනවා නම් මෙවැනි අපරාධ තවත් අහන්න දකින්න ලැබේවි. (නදී)

:       0       0

කසුන් Tuesday, 25 March 2014 11:26 AM

අපේ රට මේ තත්වයට පත් උනේ මේ මෑත කාල වක වනුවක ඉදන්. මම හිතන්නේ නම් රැලක නායකයා යන විදයට තමයි ගෝලයිනුත් යන්නේ. ඉතින් මේ තත්වය නවත් වන්න වෙන්නෙත් ඒ නායකයට තමා. මොකද බල තණ්හාවේ අන්ද වෙලා කෝටි 2ක් උන ජනතාවකගේ ජිවිත වලට මේ වගේ අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නේ කව්ද කියල බුද්දිමත් මනුස්සයක් වශයෙන් ඔබම හිතන්න. අපේ රටේ එදා දෙවුන්දර ඉදන් පේදුරු තුඩුවට ගැහැනියක්ට තනියම යන්න පුළුවන් උනා නම් අද ඒ තත්වය නැති කර ගත්තේ කාගෙවත් වරදකින් නෙමෙයි අපේම අසික්කිත ආසාවන් නිසා. ජීවිතය කියන්නේ කනවා බොනවා විනෝද වෙනවා කියල හිතන මිනිස්සු මේ ලෝකයේ ඉපදෙන තාක් කල් තව මීටත් වඩා දේවල් අනාගතයේදී අපි දකීවි අහාවි. තීරණ අපි සතුවම ඇත. අපි අපි විසින්ම ඒ දෙය දකිමු.(නදී)

:       0       0

බන්දුල රණන්ජය Monday, 24 March 2014 10:12 PM

මේ අයව තමා එල්ලන්න ඕන. (අ)

:       0       0

ප්‍රදීප් Monday, 24 March 2014 08:52 AM

දෙමාපියන්ගේ නොසැලකිල්ල. දුව කොහෙද ඉන්න කියලා අම්ම දන්නේ නැද්ද.(නදී)

:       0       0

භානු Monday, 24 March 2014 08:53 AM

දැන් මේ පුද්ගලයා දේශපාලන බලයක් කොහෙන් හරි හොයා ගෙන බේරේවි. අඩු ගානේ ඡන්දයට ආධාර කරනවා කියල පොටක් හදා ගෙන ගොඩ ඒවි. අනිත් පැත්තෙන් මට හිතෙනවා මෙවැනි අනතුරක් වලක්වා ගැනීමට යොදා ගත හැකි ඕනෑම කාන්තාවකට උත්පත්තියෙන් ම පිහිටන සියුම් සැකය වත් මේ දැරියට තියෙන්න නැතිව ඇති කියලා.(නදී)

:       0       0

සමීර Monday, 24 March 2014 10:23 PM

රටම රාගයට බර වෙලා මිනිස්සුන්ගේ මනස හදන්න මොනවහරි කරන්න (දී)

:       0       0

පියල් Monday, 24 March 2014 09:05 AM

පින්තූර දාන්නේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

කෝලිත Monday, 24 March 2014 10:54 PM

සමස්ත සමාජයම මේවාට වග කියන්න ඕනේ (දී)

:       0       0

රසික නලින්ද්‍ර Sunday, 23 March 2014 06:47 PM

එල්ලුම් ගහ නැති නිසා ඔය වගේ අයට පොලිසිය ඇතුලෙදි හරි උපරිම දඩුවම දෙන්න. ජනාධිපතිතුමනි මේ වගේ දේවල්වලට එල්ලුම්ගහ ගේන්න උත්සහ කරන්න.(නදී)

:       0       0

රණතුංග Sunday, 23 March 2014 06:53 PM

මොකද මේ කාර් එකේ පින්තුර මෙච්චර දාන්නේ ? මේ අසමජ්ජාතියා ,අසමජ්ජාති වැඩේ කරේ කාර් එක ඇතුළෙද ?අනිත් කාරණය ,මාතර ඉදන් තංගල්ලට යනකම් මේ දැරිවිට තේරුනේ නැද්ද මු මොකාටද එන්න හදන්නේ කියලා ? (නදී)

:       0       0

බංඩාර කුවෙට් Monday, 24 March 2014 09:39 AM

පොලිසිය දේශපාලුවන්ගේ පැත්ත ගත්තොත් කියාවි නේද ශාක්ෂි නැති බව.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 24 March 2014 09:42 AM

සර් ජෝන් කොතලාවල වගේ පාලකයින් දැන් දැන් මේ රටට අවශ්‍යයි.(නදී)

:       0       0

නිමල් Sunday, 23 March 2014 07:02 PM

කොහොමද කෙලෙසුවා කියලා කියන්නේ.(නධී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 23 March 2014 07:10 PM

සල්ලාල ව්‍යපාරිකයා කෙසේද අපි හඳුනාගන්නේ.(නදී)

:       0       0

රණතුංග Wednesday, 26 March 2014 03:07 AM

මෙන්න මේ වෙලාවට තමයි ලංකාවට එලුම් ගහ ඕනේ කරන්නේ (දී)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 23 March 2014 07:10 PM

අවයව ප්‍රසිද්දියේ කපා දන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

ධම්ම Monday, 24 March 2014 09:46 AM

චන්දි හරියටම අවුරුදු දහසය පහුවෙලා පළමුවන පැයේදී තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. දැන් එය නීතියට, සදාචාරයට හෝ චන්දිගේ හිතට එකඟද?(නදී)

:       0       0

කපිල කුමාර Sunday, 23 March 2014 07:26 PM

එල්ලුම් ගහ ආයෙ ගෙනාවා නම් හරි.(නදී)

:       0       0

ලක්මල් Sunday, 23 March 2014 07:27 PM

ඔය මිනිහව මරන්න ඕනේ.(නදී)

:       0       0

රකිත් Monday, 24 March 2014 10:04 AM

චන්දි අක්කේ, 16 ට වැඩි වුනත් ප්‍රශ්නයක් තියෙනවා මෙය සිදුවුයේ ඇගේ කැමැත්ත නැතිව නම්. තවද, ව්‍යාජ පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ඔහු ඇයව නතු කරගෙන තිබීමත් වරදක්. මෙතන පුරුෂයාගේ බලය පෙන්වීමක් සිදුවී ඇත.(නදී)

:       0       0

ලන්කාතිලක Sunday, 23 March 2014 07:46 PM

මුන්ට සල්ලාලයකු කීමට වඩා පාදඩයකු කීම වටිනවා. මෙවන් තිරිසනුන් දිනෙන් දින වැඩි වන්නේ රටේ පාලනයේ අඩු පාඩුවක් නිසාත් නීතියේ තිබෙන අඩු පාඩු කම් නිසාත්ය.(නදී)

:       0       0

සෙනෙවි Monday, 24 March 2014 10:06 AM

චන්දි ගැහැණියක් වෙලත් මේ වෙලාවෙ මොනවද මේ කියවන්නේ.(නදී)

:       0       0

රකිත් Monday, 24 March 2014 10:08 AM

ප්‍රදීප් මහත්තයෝ, අම්මා ජිවතුන් අතර නැත්නම්? කරුණාකරලා හැමවිටම දෙමාපියන්ට ගරහන්න එපා හරිහැටි තතු නොදැන?(නදී)

:       0       0

විජේ කුමාර Sunday, 23 March 2014 07:57 PM

මුව එල්ලලා මරන්න ඕනේ .(නදී)

:       0       0

සාගර Monday, 24 March 2014 10:26 AM

කොහොමද වැඩ.(නදී)

:       0       0

ජනිතා Monday, 24 March 2014 11:50 PM

දරුවන්ගේ වටිනා කම නොදන්නා මිනිස්සු (දී)

:       0       0

ජයම්පති Monday, 24 March 2014 10:31 AM

මේ අයට ගල් ගහල මරන්න ඕනා.(නදී)

:       0       0

හිසාන් Sunday, 23 March 2014 08:01 PM

ලංකාවේ අසහනය වැඩි හැගීම් හිරවෙලා ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඕනා නැත්තම් වන්දි ගෙවන්නේ අසරණ පොඩි ළමුන්.(නදී)

:       0       0

රිචඩ් නෝරිස් Sunday, 23 March 2014 08:06 PM

මුන්ට ගහන්න ඕනා මඩු වලිගෙන්.(නදී)

:       0       0

පිටිගල Monday, 24 March 2014 10:41 AM

එල්ලුම් ගහට යවනවා කියන්නේ ඒක බලලා එන්න යන එකටද? දැන් කීදෙනෙක් එල්ලුම් ගහට ගියද? බුදු අම්මෝ ලක්ෂ ගානක්? (නදී)

:       0       0

සුජානි Sunday, 23 March 2014 08:11 PM

මෙවන් පාප කාරී මිනිසුන් හට නිතිය තිබේද. දැන් සමාජය කොහොමත් තිරිසන් සතුන් වගේ ජීවත් වන්නේ. මෙවන් මිනිසුන් හට දේශපාලන රැකවරණ තබාගෙන තමා මේවගේ වැඩ කරන්නේ.(නදී)

:       0       0

තරංග Monday, 24 March 2014 11:00 AM

ගැහැනු ලමයා දැනගන්න ඕන නොදන්නා අයගේ වාහන වලට නොයා ඉන්න. මේ රටේ ඕනෑ තරම් සල්ලාලයෝ ඉන්නවා. මේවා සීයට සියයක් නැතිකරන්න බැහැ පොලිසියට රජයට. තමන් දැනගන්න ඕන පරිස්සන් වෙන්න යමක් වෙන්න කලින්.(නදී)

:       0       0

දෝන Monday, 24 March 2014 11:00 AM

හිර ගෙදර ගියාම එතන ඉන්න අය මෙයාට නියම දඩුවමක් දෙනවා.(නදී)

:       0       0

සිල්වා Sunday, 23 March 2014 08:25 PM

ජනාදිපති තුමනි කරුණාකර මේ වගේ නරුමයන්ට මරණ දඩුවම ලබා දෙන්න.(නදී) .

:       0       0

රාජු Monday, 24 March 2014 11:55 AM

බෝගම්බර වහන්න කලින් ටක්ගලා ගෙනියන්න. (ස)

:       0       0

හේරත් Monday, 24 March 2014 12:10 PM

සාරුවා සුනිල්ට කරපු දේ මේ ව්‍යාපාරිකයාටත් කරයිද දන්නෙ නෑ.(නදී)

:       0       0

පසන් Tuesday, 25 March 2014 01:49 AM

ෆොටෝ දාන්න බැරිද? (ස)

:       0       0

නිෂාම් රහීම් Sunday, 23 March 2014 09:02 PM

මොනවද මේ වටවෙලා බලන්නේ හරියට කුඩු තියනවා වගේ. කෝ එතොකොට මේ සුපොකොබෝගී වාහනේ අයිති තිරිසන් මහත්තයා. අනික වෙරළට යනකන් මේ ළමයට තේරුනේ නැද්ද? (නදී)

:       0       0

නාලක Saturday, 21 June 2014 05:13 PM

මරණ දඩුවම පමණයි මෙවන් අයට දෙන්න තියෙන්නේ (දී)

:       0       0

රුවන් Monday, 24 March 2014 12:41 PM

කෙල්ලට කොල්ලට තේරුනේ නැද්ද මු මොකටද එන්න හදන්නේ කියලා. (ස)

:       0       0

ශ්‍රීමා Sunday, 23 March 2014 09:28 PM

අතිගරු ජනාදිපති තුමනි වසර 30 තිබුන බිහිසුන යුද්දය සහමුලින්ම ඉවරකලා. ඔබ ලක්බිම රජු අපේ පියා. බුදුන් වැඩිය රට කරුණාකර මරණ දඩුවම නීති ගතකරන්න.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 23 March 2014 09:36 PM

මෙවැනි අපරාද වලට යොදාගත්ත වාහන පරික්ෂා කර ඩ්.එන්.ඒ පරීක්ෂණ වලට අදාල සාම්පල ලබාගැනීමේදී අත්වැසුම් පැළදීම අත්‍යවශ්‍යයි. මේ විදියට පිරිසක් පිරිවරාගෙන මේ වැඩ කරන්න බැහැ මේ සල්ලි කාර සල්ලාලය හොඳ පෙරකදෝරුවෙකු ගතහොත් පොලිසිය පරීක්ෂණ කරන ආකාරය පෙන්වා සැකකරු නිකම්ම නිදහස් වෙනවා. අපේ පොලිසිය කවදා හැදේවිද මම නම් දන්නේ නැහැ.(නදී)

:       0       0

රුවන් Monday, 24 March 2014 12:55 PM

හුග දෙනෙක් කියනවා මරණ දඩුවම දෙන්න ඕනේ කියා. එහෙනම් ලංකාවේ භාගයක්ම මරන්න වෙනවා.(නදී)

:       0       0

නිසාර් කුවෙට් Sunday, 23 March 2014 09:41 PM

උසාවියට නොදමා වහාම ජනතාව ඉදිරිපිට ගල්ගසා මරා දැමිය යුතුයි. ජනාදිපති තුමනි අනුකම්පා නොකර දඩුවම ක්‍රියාකරන්න මැනවි.(නදී)

:       0       0

ඇසළ Sunday, 23 March 2014 09:49 PM

මරණ දඩුවම ගෙනාපු හැටියේ අපේ ඉන්න මානව හිමිකම් කාරයෝ කෑගහන්න පටන් ගනියි. සමහර සිංහලයෝ වෙලත් මානව හිමිකම් කොමිසමේ ශාක්ෂි දෙන්නේ සිංහලයටම විරුද්ධව. ඉතින් කොහොමද රට හදන්නේ. (නදී)

:       0       0

චන්දි Monday, 24 March 2014 12:58 PM

ධම්ම,සෙනෙවි,රකිත්,මා නුදුටු, නොහදුනන දයාබර සොයුරනේ. මගේ නමින් වෙන කෙනෙකු ලියා ඇත. මා විසින් ලියා ඇති එකම කොමෙන්ට් එක ලංකා තිලක සමග එකගයි පමණයි නුඹලාට මතක ඇති මිට මාස කිහිපයකට උඩදීත් මෙවැනි දේ සිදු වී එසැන කෝලම් මඩුවක් උනා. යලිත් කවුරු හෝ කෙනෙක් එවැනි තත්වයක් ඇතිකිරීමට සැරසෙනවා. ඒ ගැන මගේ බලවත් කනගාටුව එම ඇත්තාට.(නදී)

:       0       0

චනික Monday, 24 March 2014 01:09 PM

මෙවැනි පවුකාරයන්ට නැවත මෙවැනි දේවල් නොකරන්නට දඩුවමක් විධියට සැත්කමක් මගින් අදාල අවයවය පණ නැති කල යුතුයි.(නදී)

:       0       0

එම්. Wednesday, 26 March 2014 07:56 AM

මම නම් කියන්නේ මෙතන වැරැද්ද ඇත්තේ දෙමාපියන් අතයි. (නි)

:       0       0

දිනේ Sunday, 23 March 2014 10:10 PM

ගණිකා වෘත්තිය නීති ගත කලාට පස්සේ ඔය වෘත්තියට හිසාන් කාවද යවන්නේ? (නදී)

:       0       0

කිත්සිරි Sunday, 23 March 2014 10:12 PM

මරණ දඩුවම ගෙන එන්න බැරි නම් අඩුම ගනනේ පලිගන්න එක නීතිගත කරන්න. කියක් නම් උනාද , අලුගෝසුවෙක් නැති නම් මරණයට නියම වෙලා ඉන්න කෙනෙක් ඒ වැඩේට පත් කරන්න තියෙන්නේ.(නදී)

:       0       0

අනුර Monday, 24 March 2014 01:50 PM

මට හරියට දන්නා කෙනෙක් කියන්නකෝ මේ වගේ බොරු කියල රවට්ටලා ගැහැණු ළමයෙක්ව අමාරුවේ දාපු කෙනෙක් සම්බන්ධව නීතිමය පියවර ගන්න පුළුවන් විදිහ හා ඒ ගැහැණු ළමයාගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව ගත හැකි ක්‍රියා මාර්ගයට උපදෙස් ගන්න පුළුවන් තැනක්.ලොකු උදව්වක්. (ස)

:       0       0

රණතුංග Monday, 24 March 2014 01:58 PM

සමහරු අහනවා මේ පුද්ගලයාගේ ඡායාරුපයක් නොදාන්නේ ඇයි කියලා .මම දකින විදියට නම් එයට නීතිමය ගැටළුවක් ඇති.මොකද හේතුව මොහු තවම සැකකරුවෙක් පමණයි. උසාවිය මගින් වරදකරු වුවහොත් පමණක් මුහුණ පෙනෙන ආකාරයට ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය කරාවි. (ස)

:       0       0

නිලුක ගයාන් Wednesday, 26 March 2014 08:21 AM

වැරැද්ද හරියටම පෙන්වා දෙන්න. එවිට ලෝකයාගෙන් පවා දඩුවම් ලැබේවි. (නි)

:       0       0

සනත් බණ්ඩාර Monday, 24 March 2014 02:34 PM

මේ වගේ මිනිස්සුන්ට ප්‍රසිද්ධීයේ දඩුවම් කරන්න ඕනි. එතකොට අනිත් අයත් හැදෙනවා. (ස)

:       0       0

විනෝද් Sunday, 23 March 2014 10:30 PM

සමාජය ගැන මහා වෛරයක් ඇති වෙනවා මෙවන් දේවල් ඇසීමෙන් (දී)

:       0       0

චින්තාමණි Sunday, 23 March 2014 10:33 PM

නිතිය කියන්නේ මහා බල සම්පන්න දෙයක් ඒ බව මිනිස්සුත් දන ගන්න ඕනේ එයින් ගැලවෙන්න පුළුවන් කියලා හිතාගෙන කරන වැරදි වලට කිසිම සමාවක් දෙන්න එපා (දී)

:       0       0

අචිනි Sunday, 23 March 2014 10:33 PM

මෙන්න මේ වෙලාවට තමයි එල්ලුම් ගහ තියෙන්න ඕනේ (දී)

:       0       0

ශාන්ති Monday, 24 March 2014 03:16 PM

චානිකගේ කතාව හරි. (ස)

:       0       0

බියංකා Monday, 24 March 2014 03:17 PM

කොච්චර උනත් වැඩක් තියෙනවද??හැමදාම මොනා හරි උනාම කියවනවා.අවසානයට වැරදිකරු නිදහසේ....ඔය වැඩේ හරි යන්න නම් එකෙක්ව ප්‍රසිධියේ එල්ලන්න ඕනේ...නැත්නම් මේවා ගැන කියවලාත් දුක් වෙලාත් වැඩක් නෑ. (ස)

:       0       0

චානික Monday, 24 March 2014 03:27 PM

මෙවැනි සිදුවීම් වුනේ අද ඊයෙක නෙවෙයි. පුංචි පැටව් දුෂණය කළේ අද ඊයෙක නෙවෙයි. අපි හැමදාමත් අදහස් දක්වයි.නිසි බලධාරීන් කොහිද? මේ පවුකාරයන්ට මරණ දඩුවමවත් නැත්තෙ අතවරයට ලක් වුණ දරුවන්ටත් වඩා මේ අය පවු නිසාද? (ස)

:       0       0

සකු Monday, 24 March 2014 04:20 PM

මේ අයව මැරුවත් මදි... සහෝදරියෙක්වත් නැත්ද මන්ද? (අ)

:       0       0

සෝනා මලයාසියාව Tuesday, 25 March 2014 07:29 AM

අතින් ඇල්ලුවත් ලිංගික අපචාරයක් වෙනවා. ඔය සියලුම නීති පිරිමින්ට පමණයි. පිරිමි වෙනුවෙන් කවුරුත්ම නැද්ද මෙතන. කැමැත්තෙන් හිටියත් අන්තිමේ පැමිණිලි කලොත් පිරිමියා වරදකරු වෙනවා. ඔහු සැකකරුවෙක් පමණයි.වරදකරුවෙක්ද නැද්ද තීරණය කරන්නේ උසාවියෙන්. ෆොටෝ දාන්න බැහැ සැකකරුවෙකුගේ. ගල් ගහන්න,අවයව කපන්න ඉන්න බහුතරය අපේ රටේ නවක වදය දී සතුටු වෙන අය වගේ තිරිසන් පුද්ගලයෝ කොටස් නියෝජනය කරනවා. ගණිකා සේවය නීතිගත කලානම් ඔය ගැටළු නැති වෙනවා. ලංකාවේ සියලුම පිරිමි එකඟ වෙනවා ඒකට. විරුද්ද වෙන්නේ ගැහැණු. පිරිමින්ට ගැහැණුන්ගෙන් එන චෝදනා වලට හොඳම විසදුම එයයි.(නදී)

:       0       0

ජීවන් Sunday, 23 March 2014 11:05 PM

සමාජය වනසන සල්ලාලයින්ට අපේ සමාජයේ ඉඩක් නොතියමු (දී)

:       0       0

සුභාෂ් Tuesday, 25 March 2014 07:30 AM

සමාජයේ මේ වගේ අකටයුතු නැවත්වීමට සියලුම මිනිස් සිත් තුල සාරදර්ම දර්ම ස්ථාපනය කිරීමට සියලුම ආගම් මුලික විය යුතුයි.(නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 23 March 2014 11:05 PM

මට මේකේ මුල ,මැද ,අග හොයා ගන්න බැරිව ඉන්නේ .කාර් එකකුයි ,පොලිසියේ අයයි ඉන්නවා .මේ අතවරය වෙලා තියෙන්නේ කාර් එක ඇතුලෙද?.නැත්තම් මාතර බීච් එකෙදීද ?. කොහොම උනත් මේ වගේ අපරාද කාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඕන . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 27 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 290 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 388 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3279 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1217 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1180 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23025 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22875 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site