තමන් මුදලට කිසි දිනක ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්, මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බවත් එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද පැවැදි මාධ්‍ය හමුවක දී කීවේය.
මේ මැතිවරණයෙන් ජනපතිගේ ජයග්‍රහණය ස්ථිර බව ද ඔහු පැවසීය.
‘මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වේ ආණ්ඩුවෙන් 20ක් එක්ක එනවා කියලයි. නමුත් ඔහු 20ක් එක්ක නොවෙයි ආවේ. මේ යන විදියට එජාප සාමාජිකයන්ට සාධාරණයක් වෙන්නේ නෑ. මා කිසි දිනක සල්ලිවලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්ලිවලට යට නොවන බව තිස්ස අත්තනායක කියයි
සෑම් Tuesday, 09 December 2014 10:24 AM
පිල් මාරුකරපු කොයි එක්කෙනාද මුදල් බලාගෙන එහෙම කළා කියලා පිළිගත්තේ?? (හේ)
ප්‍රසාද් Tuesday, 09 December 2014 10:24 AM
නියම විහිලු කතාව..(හේ)
කුමාර Tuesday, 09 December 2014 10:25 AM
දැන් ඔය මොන දේ කිව්වත් වැඩක් වෙන්නේ නෑ නේද?(හේ)
ලිහිණි Tuesday, 09 December 2014 06:47 PM
සල්ලි වලට ගියාද නැද්ද දන්නෙ නැහැ අපි. අවංකව මේ තීරණය ගත් එකට සතුටු නම් අපිටත් සතුටක් (නි)
අමන්දා Tuesday, 09 December 2014 12:53 PM
විපක්ෂයේම හැමදාම ඉන්න කැමතියි වගේ (නි)
සමන් Wednesday, 10 December 2014 06:12 AM
එක්සත් ජාතික පක්ෂය ගැන හිතපු කෙනෙක්. පොදු අපේෂකයාගෙන් වැඩක් වෙන්න නැහැ කියලා එයාට හිතෙන්න ඇති (නි)
ශාන Tuesday, 09 December 2014 10:37 AM
ඇට නැති දිව හා වැට නැති කටට මොනවා කියන්න බැරිද ? (ර)
ලක්මාල් Tuesday, 09 December 2014 06:53 PM
ඔබ කතානොකරම ඉන්න එක වඩා හොඳයි කියලයි මම නම් කියන්නේ (නි)
ලිහිණි Tuesday, 09 December 2014 07:15 PM
ඔබේ තීරණය කොතරම් වැදගත්ද නැද්ද යන්න ක්‍රියාවෙන් පැහැදිලි කිරීම ඔබ සතු වගකීමයි ! (නි)
දොඩන්ගොඩ Tuesday, 09 December 2014 07:28 PM
ලැජ්ජා නැති වැඩකරලා ලැජ්ජා නැති කතාත් කියන්න නම් එපා (නි)
විතාන Tuesday, 09 December 2014 08:00 PM
අනේ මහත්තයෝ! (නි)
රොක්ස් Wednesday, 10 December 2014 06:24 AM
ඔබ දිනුම් අන්තිමේ අපි තමයි පැරදුනේ (දී)
සිරිමල් Tuesday, 09 December 2014 01:04 PM
කොයි දේ වෙන්නෙත් හොදටලු නේද...දිනන පැත්තට ආව නිසා ජනතාවට වැඩක් කරන්න මෙතුමාට හැකිවේවා...(අ)
හසිත් Tuesday, 09 December 2014 01:06 PM
සල්ලි වෙනුවට ණය බේරන එකෙත් වරදක් නැහැ නේද මැතිතුමෝ ? (අ)
ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 01:06 PM
මේ වගේ කකුල් කැඩුණු අස්සයෝ මොකට කෝටි ප්‍රකෝටි ගාණක් දීල ගත්තද මන්ද? (අ)
තිලක් ඩුබායි Tuesday, 09 December 2014 01:07 PM
මහජන මුදල් අත දිග හැරලා දීලා ගත්තු නිසා කමක් නැහැ.තමන්ගේ මුදල් වියදම් කරලා ගත්ත නම් ලෝක අපරාදයක්.(හේ)
කුමාර Tuesday, 09 December 2014 09:21 PM
උත්තර ජනතාවගෙන් ලැබේවි. (නි)
සුමිත් Tuesday, 09 December 2014 09:45 PM
පටන්ගත්තෙ විජය කුමාරතුංගයන්ගෙ පක්ෂයෙන්. සමහරුන්ට නොදැනුනාට එජාපයෙන් වැඩි දෙනෙක් ඈත්වෙන්නෙ ඇයි කියලා අපි දන්නවා (නි)
සුමේද Tuesday, 09 December 2014 10:42 AM
තමුන්නාන්සේ කලේ තීරණාත්මක වෙලාවක පක්ෂය පාවා දීපු එක, එතකොට එජාප අයට යහපත වෙන්නේ ජනපති දිනුවහමද? එදා ඉඳල ඔබතුමන්ලා එන්න කියන කියන තැනට ගිහින් තමන්ගේ දහදිය කඳුළු වගුරපු පාක්ෂිකයන් මේවට සාප කරනවා. ඒ සාපෙන් බේරෙන්න බැහැ. මේක ලැජ්ජා නැති වැඩක්. (අ)
පුබුදු Tuesday, 09 December 2014 01:09 PM
ඔයාට ජන පදනමක් තියේද මහත්තයෝ. (අ)
රසික චාමර Tuesday, 09 December 2014 10:42 AM
නියම විහිලුව.(හේ)
සෝබනා Tuesday, 09 December 2014 01:11 PM
මටනම් මාස දෙක තුනකට කලින්ම තේරුණා මිහිහ මොකාටද එන්න හදන්නේ කියල. (අ)
අ.න.න.ක් Tuesday, 09 December 2014 10:47 AM
මේවගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වීම වඩාත් හොද (අ)
නිශාන්ත Tuesday, 09 December 2014 10:47 AM
මෙන්න නියම ජනතා පුත්‍රයෙක් (නි)
ප්‍රභාත් Tuesday, 09 December 2014 01:15 PM
ජනපති මහින්ද, මහතාගේ ජය නියතයි. (ර)
වීරසිංහ Tuesday, 09 December 2014 10:50 AM
ජයවේවා තිස්ස මහත්තයෝ! (නි)
සිරිසේන Tuesday, 09 December 2014 10:57 AM
හිටපු මහලේකම් තුමා කියන්නේ ඇත්ත. සල්ලි වලට ගන්න තරමේ ඡන්ද පදනමක් ඇත්තෙත් නෑනේ. ලැබුන ප්‍රසිද්ධියට කීයක් කියලා දෙන්නද?(හේ)
සාරද Tuesday, 09 December 2014 10:57 AM
සල්ලි වලට යට වෙන්න, මෙයාව කවුද සල්ලි දීලා ගන්නෙ.(හේ)
සමන්ත Tuesday, 09 December 2014 10:58 AM
මේ විහිළු කතා අහන්න අපිට වේලාවක් නෑ.(හේ)
නුවන් Tuesday, 09 December 2014 10:58 AM
අනේ එහෙම වෙනවනම් හොදයි.ඒත් දැන් දේශපාලනය තුළ ඒ දේ සිද්ධ වෙන්නේ නෑනේ.(හේ)
සෆ්රින් Tuesday, 09 December 2014 01:33 PM
පක්ෂය අතර ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්, අනික තමාගේ ආසනය පැරදිලත් බෝනස් එකෙන් ගත්තේ ඔහු මත තියන විස්වාසය හන්ද. පක්ෂයෙන් අයින් වෙන එක ඔහුගේ කැමැත්ත හැබයි විරුද්ධ පක්ෂයට ගිහින් වාඩිවීම ද්‍රෝහී වැඩක්. මෙතුමා ගැන ලොකු ගෞරවයක් තිබුනා. මොහුට පාක්ෂිකයන් අතර හොද පිළිගැනීමක් තිබුණා. ඒකත් විනාශ කරගත්තා. (ර)
හේමන්ත Tuesday, 09 December 2014 10:58 AM
ඒක අහල බලන්න තමන්ගේ හඳවතින්.(හේ)
අශේන් Tuesday, 09 December 2014 01:33 PM
හොදම විහිලුව. (ර)
ලුම්බිණි Tuesday, 09 December 2014 11:38 PM
ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බව කීම හරියට දික්කසාද වුණත් තවම බැඳලා ඉන්නවා වගේ කීමක් නොවේද? මොනවා කිව්වත් කවුරුත් දන්නවා කළේ පාවාදීමක් කියලා. 'ප්‍රතිපත්ති' කියන වචනයේ තේරුම මෙතුමා දන්නේ නැති එකයි කණගාටුව. (නි)
රංග Tuesday, 09 December 2014 11:00 AM
කියන විදියට වුණා නම් හොදයි.(හේ)
කුමාර Tuesday, 09 December 2014 11:02 AM
.මෙතුමාට ජනාධිපතිතුමා සමග දිගු ගමනක් යන්නට මගේ සුබ පැතුම් !(දිල්)
සදුනි Tuesday, 09 December 2014 01:37 PM
සිරිමල්, බොදවූ සිහිනයක් දකිනවා. (ර)
ලසන්ත Wednesday, 10 December 2014 12:16 AM
අපොයි! මේ කතා කරන්නේ කටින්ද? සමහරුන්ට දිවවලුත් දෙකක් තියෙනවා. ලැජ්ජාවක් තිබෙනවා නම් ඔහොම පිල්මාරු කරන්නේ නැහැ (නි)
සසිකා Tuesday, 09 December 2014 11:05 AM
රටවෙනුවෙන් ගියා නම් මොනවද මහත්තයෝ මේ දවස් දෙක තුනකට කලින් කියුවේ (දී)
කේ පෙරේරා Tuesday, 09 December 2014 11:06 AM
මේ මොන දිව දෙකේ කතාවක්ද ? (දී)
බණ්ඩාර Tuesday, 09 December 2014 11:06 AM
සල්ලි වලට විකිනෙන චරිත වෙන්න එපා (දී)
වසන්ත Wednesday, 10 December 2014 12:29 AM
අයියෝ! (නි)
මොහොමඩ් කාන් Tuesday, 09 December 2014 11:06 AM
ඒ මහත්තයා ඇත්තමයි කීවේ (බ)
සෆ්රින් Tuesday, 09 December 2014 01:46 PM
ප්‍රතිපත්ති පාවා දෙනවද නැද්ද එක ඔහුගේ කැමැත්ත හැබය් පක්ෂය පාවාදීම කිසිදා සමාව නොදිය හැකි ද්‍රෝහී ක්‍රියාවක් (දී)
සජිත් Tuesday, 09 December 2014 01:48 PM
දේශපාලනය ගැන කතා නොකර ඉම්මු (දී)
ස්ටැන්ලි Tuesday, 09 December 2014 11:09 AM
යු ටියුබ් ගිහින් බලන්න තිස්ස ගේ කතා, මෙයාල කොහෙන් කතා කරනවද මන්දා? (බ)
බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 12:51 AM
අපි බලමුකෝ 9 වෙනිදායින් පස්සේ. (නි)
විමුක්ති Tuesday, 09 December 2014 11:09 AM
සල්ලි ටික මොන බැංකුවේද දැම්මේ (බ)
අනුරුද්ධ හිමි Tuesday, 09 December 2014 11:10 AM
ඔයානම් මොන පැත්තේ හිටියත් වැඩක් නෑ. දුක අපේ ජනපතිට තියන එකත් නැටි වෙන එක. ඔයා ගැනනම් දුකක් නෑ (බ) .
සමන්ති Tuesday, 09 December 2014 01:50 PM
මෙතන ඉන්න අය දිහා බැලුවම වැඩි කැමැත්තක් තියෙන්නේ තිස්සට .එක අවිවාදාත්මකයි . (දී)
නුවන් කටාර් Tuesday, 09 December 2014 11:15 AM
ශ්‍රීලනිපයෙන් එජාපයට ගිය අය කියනවා තමන් තවමත් ශ්‍රීලනිප සාමාජිකයෙක් කියල. එජාපයෙන් ශ්‍රීලනිපයට ගිය අය කියනවා තමන් තවමත් එජාප සාමාජිකයෙක් කියල. එතකොට දැන් කවුද ජනාධිපතිවරණයට තරඟ කරන්නේ. චාර්ලි චැප්ලින්ට, මිස්ටර් බීන්ට මොනවා හිතෙනවා ඇද්ද? (බ)
තුශාර Tuesday, 09 December 2014 11:16 AM
කොහොමත් 9 වෙනිදට පරජය පිළිබඳව අත්දැකීම් තියෙන කෙනෙක් මාධ්‍ය සාකච්ඡාව තියන්න ආණ්ඩුවෙ ඉන්න එක හොදයි. (අ)
පාලිත Tuesday, 09 December 2014 11:15 AM
අනේ මේ පෙත්තප්පු ඒ පැත්තේ ඉන්නකොටත් උන විකාරෙන් දෙඩෙව්වා, දැන් මේ පැත්තට ඇවිල්ලත් කරන්නේ ඒ ටිකමයි. ජනාධිපතිතුමනි ඇයි මෙහෙම වෙන්නේ. (අ)
සමන්ජය Tuesday, 09 December 2014 11:16 AM
දිගු ගමනක් ? කොහෙටද ? (අ)
චමින්ද Tuesday, 09 December 2014 01:59 PM
පව් ගිලෙන නැවට පැන්නා!(හේ)
සදුනි Tuesday, 09 December 2014 11:18 AM
එක මනාපයවත් ගත්ත නැති කෙනෙක්.කාටවත් වැඩක් තියෙන එකක්යැයි. (බ)
සෙලෙස්තිනා Tuesday, 09 December 2014 11:20 AM
සිරිසේන මහත්තයා 20ක් එක්ක අවේ නෑ කියලා තරහ වෙලාද ඔය ඒ පැත්තට ගියේ.? (ර)
ශාන් සෞදි Tuesday, 09 December 2014 02:18 PM
හැබැයි පුතෝ මම එකක් කියන්නම් වැඩේ වැරදුනාට පස්සේ අඩන්න විතරක් ලෑස්ති වන්න එපා හොදේ (නදී)
කලන Tuesday, 09 December 2014 11:26 AM
දේශපාලකයින් කියන දේවල් කොහොමද විශ්වාසකරන්නේ (දී)
සෙන්සා Wednesday, 10 December 2014 03:24 AM
මහ ලොකු ප්‍රතිරූපයක් නොතිබුනත් මිනිහකුට අවම වශයෙන් තිරිසන් ගති ලක්ෂණ වලින් මිදිල ඉන්න පොඩි මොලයක් හරි ලැබිල ඇතිනේ. නපුන්සක අදහස් ප්‍රකාශ නොකර නිශ්ශබිදව ඉන්න එක නේද මේ වෙලාවෙි කරන්න ඔිනැ හොදම දේ. (නදී)
දකුණේ සිල්වා Tuesday, 09 December 2014 02:23 PM
ජයවේවා තිස්ස මහත්තයෝ, ඔබ තුමාට මෙන් අනිත් කට්ටියටත් හරි නුවන පහළවේවා (නදී)
සුනිල් Tuesday, 09 December 2014 11:33 AM
හා හා හා ..(අ)
වර්ණ.... Tuesday, 09 December 2014 11:35 AM
රෙදි ඇඳගෙනද දන්නෑ මේ විළිලැජ්ජා නැති කථා කියන්නෙ. (අ)
රොෂාන් Tuesday, 09 December 2014 11:37 AM
ප්‍රතිපත්තියක් තිබුනා නම් මෙ පනියිද? (අ)
සේනක Tuesday, 09 December 2014 02:40 PM
මූහුණින්ම පේනවා (නදී)
ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 02:41 PM
ලංකාවේ සමාජවාදියෝ කියල කියා ගන්න අය දැක්කම තුක් නොදකින් කියල හිතෙනවා.(නදී)
හුසේන් Tuesday, 09 December 2014 02:42 PM
අනේ අපි නොදන්නා මොණරතැන්න. ඔය දෙන්නටම කිසිම ඡන්ද පදනමක් නැහැ. හොරා කවදා හරි හොරකම් කරා කියනවද ? කොච්චර ගියත්, ඡන්දෙ දාන්නේ අපිනේ. ඔය උදවිය කකුල් දෙක අස්සේ නකුට ගහගෙන එනහැටි අපිටත් බලාගන්න බැරිය (නදී)
තාරක Wednesday, 10 December 2014 04:02 AM
ඔබතුමා හරි (දී)
ලංකා Wednesday, 10 December 2014 04:04 AM
අනේ මන්දා මහත්තයෝ (දී)
සත්‍ය ගවේශක Tuesday, 09 December 2014 02:49 PM
පුලුවන්නම් උඩුදුම්බර ආසනේ දිනවලා පෙන්වන්න (නදී)
සිල්වා Tuesday, 09 December 2014 02:55 PM
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ඡන්දෙන් දිනනවා. ඔබට වෙන්නේ හැමදාම විපක්ෂයට වෙලා ඉන්න. මොනවා උනත් ලොකු ගානක් ගත්ත නේද? (නදී)
ප්රසාංගික Tuesday, 09 December 2014 03:20 PM
තිස්ස අත්තනායක අනික් පැත්තට ගියාම මෙතන මේ කියලා තියන දේවල්.(හේ)
ෂනූ Wednesday, 10 December 2014 04:24 AM
ලැජ්ජා වෙන්න ඕනේ තමන් ගැනම. (නදී)
ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 04:29 AM
4 වෙනි ෆොටෝ එකේ ඉන්න ලංකාවේ සමාජවාදියෝ කියන අය ගැන බලනකොට හිතෙනවා හිරුනිකා මොන තරම් ලාබාල තරුණියක් වුනත් මෙතන ඉන්න සමාජවාදීන්ට වඩා පිට කොන්දක් හිරුනිකාට තියෙනවා කියලා. ලැජ්ජයි සමාජවාදියෝ කියන නමටත්. (නදී)
ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 04:31 AM
අපේ අනාගත දරුවන් ඒකාධිපතියෙකුගේ සපත්තුවට යට වෙලා,කානු පල්ලේ වැටිලා ජීවත් වෙනවා දැකීම මෙතන ඉන්න සමජාවාදියන්ගේ එකම අරමුණයි. (බ)
නිරාන් සෞදි Wednesday, 10 December 2014 04:33 AM
20ක් අරගෙන ආවනම් මෙය ඉන්නවා එහෙට මෙහෙට පනින ඔලු ගෙඩි දිහා බලලා ඡන්දෙ දෙන්න තරම් ලාංකිකයන් නුගතුන් කියා නොවෙයි ... දැන්වත් එ්ක තේරුම් ගන්න (බ)
ගිහාන් Tuesday, 09 December 2014 12:01 PM
ලබන අවුරුද්දෙ ඉදල , ගෙදර වැඩක් කරන්. ගත්ත සල්ලි ටික පොලි කරන් පඩුවේ ඉන්න . (අ)
සජීව පෙරේරා Tuesday, 09 December 2014 12:01 PM
අයියෝ සල්ලි! (නි)
මහි විජේරත්න Tuesday, 09 December 2014 12:01 PM
අනේ අපි දන්නවා හැමදේම! (නි)
රෝහණ Tuesday, 09 December 2014 12:02 PM
අවංකවම මෙහෙම ප්‍රකාශ කළා නම් අපිත් හදවතින්ම ඔබට ගරු කරනවා (නි)
ජොහාන් Wednesday, 10 December 2014 04:41 AM
මොනවා කරන්නද මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්නත් තියෙනවානේ. (බ)
ගාර්ඩ් Wednesday, 10 December 2014 05:07 AM
සල්ලි දෙන්න හැදුව කියලා ඔබ තුමානේ කියුවේ ඉතින් එහෙම සල්ලි වලට නෙමෙයි කියලා හිතන්න පුලුවන්ද (දී)
සුජිත් Tuesday, 09 December 2014 12:12 PM
තිස්ස පිළිවෙලකට අස්වෙලා ගිහිල්ලා තියෙන්නේ.නමුත් සමහරු? (නි)
ගුණරත්න Tuesday, 09 December 2014 12:18 PM
අතීතයේදී තිස්ස රජ කල මෙරටේ ඇතිකළ පිබිදීම මේ ශ්‍රී ලංකාවට නැවත ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. ජයවේවා තිස්ස මැතිඳුනි. (නි)
වීරරත්න Tuesday, 09 December 2014 12:20 PM
සල්ලි ගැන දන්නෙත් නැහැ නේද? අනේ දුකයි (නි)
මහී Tuesday, 09 December 2014 12:20 PM
සල්ලි ගැන දන්නෙත් නැහැ වගෙයි මෙතුමා (නි)
කාංචනා මාරසිංහ Tuesday, 09 December 2014 12:21 PM
නවතින්න තිස්ස මැතිඳුනි! එනමුත් අයියෝ සල්ලි! (නි)
සුනෙත් Tuesday, 09 December 2014 12:23 PM
ඔබතුමාට තිබුණේ 20ක් එක්කම මෙහෙට එන්න (නි)
අබිදුර් රහ්මාන් Tuesday, 09 December 2014 12:23 PM
අයියෝ! ඇයි ඔබතුමා ආවේ? (නි)
විමල් පතිරණ Tuesday, 09 December 2014 12:28 PM
ඔයා ගියා කියලා ජනතා තීන්දුවේ වෙනසක් නැහැ. 9 වෙනිදට බලාගන්න පුළුවන් (නි)
චාමර Tuesday, 09 December 2014 05:34 PM
මහින්ද : - තිස්ස, ඔබට බොහෝ පාක්ෂිකයෝ සිටිත් ද ? තිස්ස : - එසේය, ජනාධිපතිතුමනි. මහින්ද : - තිස්ස, ඔබට පාක්ෂික නොවන අය සිටිත් ද ? තිස්ස : - එසේය, ජනාධිපතිතුමනි. ඔවුහු පොදු අපේක්ෂකයාට සහාය දක්වන්නා වූ අය වෙත්. මහින්ද : - එසේ නම්, ඒ පාක්ෂිකයෝත්, අපාක්ෂිකයෝත් හැර තවත් පාක්ෂිකයෝ සිටිත් ද ? තිස්ස : - එසේය, ජනාධිපතිතුමනි. ඒ ඔබතුමාට සහාය පළකිරීමට පැමිණි මම වෙමි. මහින්ද : - තිස්සයෙණි, තෙපි පණ්ඩිතවන්නාහුය. (නධී)
පෙරේරා Tuesday, 09 December 2014 05:35 PM
කිසිම දේශපාලුවෙක් සල්ලි වලට යට වෙන්නේ නැහැ. රටටයි, ජනතාවටයි ආදරෙන් සේවයක් කරන්න නේ එහාට මෙහාට පනින්නේ නේද? (නදී)
ඉන්දික ගාලේවත්ත Tuesday, 09 December 2014 12:34 PM
එහෙනම් මොකටද ගියේ? පොඩි හරි පිළිගැනීමක් තිබුණා. ඒකත් විනාශ කරගත්තා (නි)
පතිරණ Tuesday, 09 December 2014 12:34 PM
මට නම් ඔහු පෙනෙන්නේ කිසිම ඡන්ද පදනමක් නැති පුද්ගලයෙක් ලෙසයි (නි)
සුදත් Tuesday, 09 December 2014 12:40 PM
ඔක්කොටම ඇත්ත තේරෙයි වැඩි ඈතක් නැතුව. (නි)