IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සල්ලි නැතත් සතුටින් පවුල් කයි

ජර්මනියේ රෆයල් ෆෙල්මර්  මුදල් නොමෑතිව ජිවත් වන පුද්ගලයෙකි.

උපතින්ම පොහොසත් පවුලකට  අයත් රෆයල් තම මිතුරෙකුගේ විවහා මංගල උත්සවයක් වෙනුවෙන් මෙක්සිකොවට ගිය විට ඇතිවූ අදහසක් අනුව මෙවනවිටත් මුදල් අත නොමෑතිව තම බිරිදත් කුඩා දියනියත් නඩත්තු කරමින් සතුටෙන් ජිවත් වෙයි.

‘මම ශ්‍රමය ලබාදීලා මුදල් ගන්නේ නැහැ. ඒ වෙනුවට ගෙදරට අවශය කලමනා තමයි ගන්නේ. මට වෑඩ කරන්න එක තැනක් කියලා නැහැ. පැයකට පාන් කඩෙක වැඩට ගියොත් ගෙදරට පාන් ගේනවා.ඒ වගේ අපිට අවශ්‍ය හැම දේම දවස ගානේ මම හොයා ගන්නවා. පවුලෙ අයගෙන් කිසිම උදවුවක් මම ගන්නෙ නෑහෑ. පදිංචි ගෙදරත් මට නොමිලේ  දීලා තියෙන්නේ. ගෙදර අයිතිකාරයාගේ අනික් ගෙවල් අලුත් වෑඩියා කරන්න ඔනෑ උනාම මම නොමිලේ සේවය ලබා දෙනවා. ජංගම දුරකතන වගෙ නවීන දෙවල් මට නහැ. මගේ බිරිදත් මේ ක්‍රමෙට ගොඩාක් කැමතියි.‘ රෆයල් මාධ්‍යයට එසේ කියයි.



අදහස් (0)

සල්ලි නැතත් සතුටින් පවුල් කයි

අංජන Thursday, 30 May 2013 06:22 PM

කොයිතරම් ඉන්නවාද ලංකාවේ මේ තරම් උදවිය (දී)

:       0       0

සමන්ති Friday, 31 May 2013 10:31 AM

කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ලෝකෙම තියන කරදර ඔළුවට දමා ගෙන සසර ගමන දිගු කරගන්නවාට වඩා. (ස)

:       0       0

චමිල Friday, 31 May 2013 10:47 AM

ජීවිතය සරල වෙන තරමටම පහසුයි. නමුත් මෙය අද කාලෙට තාලෙට අපේ අයට නම් ගැලපෙන්නේ නෑ. සල්ලිම සොයන් එන්නනේ කියන්නේ.(ස)

:       0       0

පද්මිණි Friday, 31 May 2013 10:46 AM

දරු පවුලක් ඉන්නවා නම් රජයෙන් මාසිකව දීමනාවක් ලැබෙනවා අනිවාර්යෙන්ම. මෙයාගේ දර්ශනය අනුව එයා මුදලට වැඩ කරන්නේ නැතිව ඇති. (ස)

:       0       0

ක්‍රිෂ් Friday, 31 May 2013 10:53 AM

පෙරළුනු අත හොඳයි කියන ජාතියේ වෙන්න ඇති‍. (ස)

:       0       0

සජිත් Friday, 31 May 2013 11:03 AM

හොඳ පවුලක්. (ස)

:       0       0

අසාද් Thursday, 30 May 2013 07:55 PM

හපොයි ලංකාවෙ ආන්ඩුව බලන්නෙ අපේ මස් ටිකත් කාල කටු ටිකත් සූප්පු කරන්නයි.(නදී)

:       0       0

චානක Friday, 31 May 2013 11:06 AM

හොඳ බිරිඳක්. අද කාලේ ඉන්නේ කිසිම දේකින් ‍සෑහීමට පත්වෙන අය නෙවේනේ. (ස)

:       0       0

නදී Thursday, 30 May 2013 08:10 PM

බොහොමයක් සුදු මිනිස්සු මාර මිනිස්සු ජාතියක් තමයි. සමහර අය රැකියා කරනවා , සමහර අය කරන්නේ නැහැ. ඒත් හැම අවුරුදදේම කොහේ හරි රටකට නිවාඩුවකට යනවා.හොද ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා.හොදට කනවා බොනවා , හොදට අදිනවා පළදිනවා. (නි)

:       0       0

සිතිර Friday, 31 May 2013 11:25 AM

පිස්සෙක්ද කොහෙද? සල්ලි නැතුව දැන් කලේ ජීවත් වෙන්නේ කොහොමද ? ගෙයක් එහෙම ගන්න ඕනෙනම් ගොඩනැගිලි කොන්තරාත් වැඩ කරන තැනක පැයක් වැඩ කරලා ගෙයක් ඉල්ලගන්න තමා වෙන්නේ!(ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 31 May 2013 11:28 AM

සමෘද්ධිය හම්බ වෙනව ඈති.(ස)

:       0       0

කිරි මාටින් Thursday, 30 May 2013 08:28 PM

අපරාදේ මෙයා කසාදයක් බැන්දේ. එහෙම නැති වුණා නම් රෆායල්ට නිදාගෙනම ඉන්න තිබුනා කිසිම වැඩක් නොකර. මෙයා බස්වල එහෙම යනවද දන්නේ නැහැ (නි)

:       0       0

ජයශ්‍රී Friday, 31 May 2013 11:45 AM

අසනීප උනොත් කොහොමද බෙහෙත් ගන්නෙ ඉස්පිරිතාලෙ කාණු හෝදනවද? (ස)

:       0       0

ප්‍රසාද් Saturday, 01 June 2013 04:21 AM

මෙයාට හොද ආණ්ඩුවේ පන්දමක් ඇති ලංකාවේ වගේ (නි)

:       0       0

මොහොමඩ් Sunday, 02 June 2013 08:23 AM

මේ ප්‍රතිචාර කියවනකොට තේරෙනවා ලංකාවේ කීදෙනෙක් තමාගේ බුද්දිය කොයි කොයි විදිහට කරකවනවද කියලා. ඇයි හත් වලාමේ ලංකාවේ සීයට සීයක් මේ දේශපාලකයෝ කරන්නෙම ඕකනේ. ගෙවල් රජයෙන්,ලයිට් බිල ජනතාවගෙන්. පාසල් සෞක්‍ය, වාහන, කෑම බීම. ඉන්දන,මෙකී නොකී සෑම දෙයක්ම ජනතාවගේ කරපිටින් ගිහිනුත් මෙයාලට ජීවත් වෙන්න මොනතරම් මහන්සියක් ගන්නවද?(නදී)

:       0       0

සදුනි Thursday, 30 May 2013 08:52 PM

අනේ මන්දා...ප්‍රාථමික සමාජ ක්‍රමයට නැවත යෑමක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

දුලාන් Thursday, 30 May 2013 09:24 PM

මෙයාගේ බැංකු ගිණුම් ටික පරික්ෂා කලානම් ඇත්ත දැනගන්න තිබුණා.(නදී)

:       0       0

ලසන්ත Friday, 31 May 2013 12:18 PM

නියම ක්‍රමයක්. (ස)

:       0       0

නයනි Tuesday, 04 June 2013 02:54 PM

ලෙඩක් වුනොත් එහෙම හොස්පිට්ල් එකේ වැඩ කරන්න වෙයි නේද ලෙඩේ නොබලා. බස් එකේ යන්න නම් මොකද කරන්නේ. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න වගේ දේවල් කොහොමද කරන්නේ. ලමයව මොන්ටිසෝරි යවන වගේ දේවල් බැලුවම මේක ප්‍රායෝගික නැහැ වගේ (නි)

:       0       0

රසික Wednesday, 05 June 2013 06:31 PM

පොඩි ළමයට ලෙඩ උනාම බෙහෙත් අරන් දෙන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයිනේ.(නදී)

:       0       0

දම්මික පෙරේරා Thursday, 30 May 2013 10:23 PM

ගොඩක් සතුටින් ඉන්නේ මුදල් නැති අය. මුදල් බොහෝ තිබෙන අය නිතරම බයෙන්, වංචාවෙන්, ද්විත්ව චරිත වලින් ඉන්නේ.මුදල් නොමැති අයගේ ජීවිතය සරල එකක් (නි)

:       0       0

දිලී Friday, 31 May 2013 12:53 PM

මේක පිස්සෙක්. ගල් යුගයට යන්න හදනවා , බස් එකේ යන්නේ කොහොමද? එක හෝදලා දීලද? බොරු විකාර.(ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 May 2013 11:09 PM

පුංචි පුතා ලොකු වෙනකොට ඔය ක්‍රමයට කැමති වෙන්නෙ නැහැ (නි)

:       0       0

ලහිරු Wednesday, 05 June 2013 02:42 PM

මේ මනුස්සය කියන්න හදන්නේ සල්ලි නෙමේ ජිවිතේ කියල.එත් මේකේ කමෙන්ට් කරන තියෙන සමහර අය හිතන්නේ සල්ලිම තමයි ජිවිතේ කියල අනිත් උන් වගේ මේ මිනිහ නිකන් ඉන්නේ නෑ. මොකක් හරි කරලා ගෑනිටයි, දරුවටයි කන්න දෙනවා. සහ මිනිහව තේරුම් ගත් නියම ගැහැනියක්. .. දම්මික-මනෝහරන්-අයේෂා-රංජනී-සමන්ති-සජිත්-චානක-ලසන්ත-මාදව --- ඔබේ අදහසට මන් ගරු කරනවා.(ස)

:       0       0

මනෝහරන් Thursday, 30 May 2013 11:28 PM

වෙනවා නම් හොදයි. කෙදිනක හෝ වියයුත්තේත් මෙයයි (නි)

:       0       0

මලික් Thursday, 30 May 2013 11:51 PM

හොද අදහසක්. ලොකු ලොකු මැති ඇමතිවරු මෙවැනි කතා වලින් ආදර්ශ ගත යුතුය. අපි නම් ඉතින් මාසේ පඩි ළං වෙනකොට විතරක් මේ වගේ. (නි)

:       0       0

අයේෂා Friday, 31 May 2013 12:33 AM

මුදල් නැතිව කෙනෙකුට ජීවත් වෙන්න පුලුවන් තමයි.අපේ රටෙත්, ආරණ්‍ය සේනාසන වල භික්‍ෂූන් වහන්සේලා මුදල් භාවිතයකින් තොරව ඉන්නවා (නි)

:       0       0

චන්දිම Sunday, 02 June 2013 11:52 AM

මොහොමඩ් ,ඔයාගේ අදහස නම් හරියටම හරි (නි)

:       0       0

මාටින් Friday, 31 May 2013 01:34 PM

එතකොට මෙයා ලයිට් බිල් ගෙවන්නේ කොහොමද? සල්ලි ඇල්ලුවේ නැති වුණාට ක්‍රෙඩිට් කාඩ් අල්ලනවා ඇති (නි)

:       0       0

සයිනා Friday, 31 May 2013 01:41 PM

මීන් පෙන්නුම් කරන්නේ ජීවත් වීමට එතරම් මුදල් අවැසි නැති බවත් ආදරය සහ විස්වාසය ප්‍රමාණවත් බව නොවේද .......(ස)

:       0       0

ලක්ෂිකා Friday, 31 May 2013 01:08 AM

ආදර්ශමත් පවුලක්

:       0       0

රංජනී Friday, 31 May 2013 01:12 AM

සුද්දෝ කියන්නේ සල්ලි මිටි බදින අය නොවෙයි.වියදම් කරන්න දුකත් නැහැ.වියදම් කරලා දුක්වෙන්නෙත් නැහැ. කාල බීලා ඇදලා ඉන්න තිබුනා නම් හොදටම ඇති සතුටුවෙන්න. ඒ හැම දෙයක්ම වැඩ කරාම ලැබෙනවා නම් මොකටද සල්ලි ? මුදල් ගත්තත් ඒ ටිකමනේ කරන්නේ.ලංකාවේ තියන කෙනාටයි, සල්ලි නැති කෙනාටයි දෙන්නටම දෙවියන්ගේම පිහිට තමා (නි)

:       0       0

උපාලි Friday, 31 May 2013 01:55 AM

අපි කරන්නේ මුදල් දීලා සේවාවන් ලබා ගන්න එක. මෙයා ඒක කෙලින්ම කරනවා. පොඩි වෙනසයි. (නි)

:       0       0

රකිත් Friday, 31 May 2013 04:31 AM

මටත් පදිංචි වෙන්න නොමිලේ ගෙයක් ලැබුණා නම් මේ අත්හදා බැලීම කරන්න බැරි කමක් නැහැ. නිවාස ණය, විදුලි බිල සහ අනිකුත් බිල් ගෙව්වට පස්සේ අප කන බොන හැටි ලිපා දනී. මොනවා වුනත් මොහු, හැම දෙයක්ම දෙමව්පියන්ගෙන් බලාපොරොත්තුවෙන අපේ රටේ දරුවන්ට හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 31 May 2013 06:04 AM

මමත් ජර්මනියේ ජිවත් වන නිසා දන්නවා මෙහෙ තරඟකාරීත්වය කොහොමද කියලා. සමහරවිට මේ අය පෝසත් පවුලක නිසා මොකක් හරි විශේසත්වයක් ඇති (නි)

:       0       0

ලසන්ත Thursday, 30 May 2013 05:08 PM

සුද්දෝ ඕවගේ වැඩ කරනවනේ. අනික උපතින්ම සල්ලි තියනවා නම් වයසට යද්දී අවුලක් වෙන්නේ නැහැ කියන විශ්වාසේ තියනවනේ... (නි)

:       0       0

තුසිත Thursday, 30 May 2013 05:14 PM

මේක අලුත් ක්‍රමයක් නොවෙයි.නැවතත් ඇතිකිරීම හොදයි වගේ. (නි)

:       0       0

නිල්මිණි Thursday, 30 May 2013 05:18 PM

හොරුන්ගෙන් බේරී සිටීමට හොද අදහසක් (නි)

:       0       0

මාදවී Wednesday, 05 June 2013 06:52 AM

මුළු ලෝකයම මුදල් බාවිතය නතර කරනම් මේ අවුල් ඉවර නැහැ. ඉවක් බවක් නැතුව මුදල් පස්සේ දුවන්න ගිහිල්ලා මොන තරම් මිනිස්සු මානසිකව දුක් විඳිනවද? භාණ්ඩ හා සේවා හුවමාරුව කොපමණ අගෙයිද? මිනිස්සු නිකන් ඉන්නේ නැතුව මොනවා හරි කරනවනේ.(නදී)

:       0       0

තාරක Friday, 31 May 2013 08:18 AM

අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

සරත් Friday, 31 May 2013 08:24 AM

ක්‍රමය නම් හොදයි. එත් සමහර සේවාවන් ලබාගන්න ගියාම ප්‍රශ්නයක්නේ.(ස)

:       0       0

ජීවන් Thursday, 30 May 2013 05:26 PM

මේ රටවල කෙනෙකුට මුදල් නැතිවුනාට , රජයෙන් මුදල් ලැබෙනවා. එහෙම නැතුව ජීවත් විය නොහැක. (නි)

:       0       0

අමිල, නුගේගොඩ. Friday, 31 May 2013 08:44 AM

ප්‍රයෝගික නැ නේද .බස් එකේ යන්න ඕන උනොත් කොන්දොස්තර වැඩේ ද මෙයා කරන්න ඕන.(ස)

:       0       0

සේරම් පැරිස් Friday, 31 May 2013 02:56 PM

බටහිර රටවල අසනීප වුනොත් මුදල් අවශ්‍ය නැහැ රෝහල් ගතවන්න යන්න. පළමුව සිදුවන්නේ රෝහල් ගත කරන කෙනාව නියමිත වෛද්‍යවරයාට යොමු කර , අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම.දෙවනුව ඔහුගේ අනන්‍යතාවය සොයා බලනවා. රෝහල් බිල ගෙවා ගන්න බේරී වුණා කියලා මැරෙන්න දෙන්නේ නැහැ. බටහිර රටවල හොරෙන් සිටින කෙනෙකු වුනත් අසනීප වුනොත් ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයනවා (නි)

:       0       0

වජිර Friday, 31 May 2013 09:20 AM

ඔය කිව්වට පව්ල ලග සල්ලි ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 669 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 918 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2014 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4294 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2246 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 840 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site