IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සල්ලි නැති මව වහළට නගී

කලවානේ මවුපියන් පිරිසක්   රුපියල් ලක්ෂ දහයක පමණ වියදමින් ඉදිකළ   ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලේ වහළ  මතට නැඟ විරෝධය පෑ මවක   සැකපිට අත්අඩංගුවට ගත් බව කලවාන පොලීසිය කියයි.

භූමිතෙල් පිරවූ ප්ලාස්ටික් ගැලුමක් ද රැගෙන ඇය වහළට නැග සිටින බව ද පොලිසිය සඳහන් කරයි.

 එම කාන්තාව පැවසුවේ අග හිඟතම් නිසා පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් දීමට තමාට නොහැකිවූ බවයි.  එම නිසා තම දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කරීමේ අරමුණින් වහලට ගොඩ වූ බව ද ඇය කියන්නීය.

මේ වසරේ පළමු ශ්‍රේණියට දරුවන් අතුළත් කරන මව්පියන් පිරිසක් කලවාන ජාතික පාසලේ ප්‍රාථමිකය ඉවත් කිරීමෙන් පසු ඊට යාබදව වූ ඉඩමක අඩි 40*25 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඉදිකළ බව ද, ඊට අධ්‍යාප දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බව ද, ඒ සඳහා විවිද අය මුදල්, ද්‍රව්‍ය හා ශ්‍රමයෙන් ආධාරක කළ බව ද, උපවාසයේ නිරත මව ඊට දායක නොවූ බව ද එම මව්පියෝ කීහ.

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛයට අනුව එක වසරට ළමයින් ඇතුළු කිරීමේදී මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර ලබා ගත නොහැකි බවත්,  අධ්‍යාපන ලේකම්ගේ 2008/41 චක්‍රලේඛයට අනුව ද විවිධ සංවිධාන වලින්යැයි කියමින් මුදල් එකතු කළ නොහැකි බවත් අධ්‍යාපන නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

සල්ලි නැති මව වහළට නගී

මනෝජ් Tuesday, 23 April 2013 12:12 AM

මට සල්ලි තිබුනානම් මගේ ළමයා රෝයල් කොල්ලේජ් .[රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබාඊ Tuesday, 23 April 2013 12:29 PM

මේ ලංකාවේ මිනිස්සුන්ට පුදුම රෝගයක්නේ හැදිලා තියෙන්නේ. හැම දෙයකටම වහලෙකට නැත්නම් ගහකට නගිනවා, අනේ මන්දා ලංකාව කවදා දියුණු වෙයිද කියලා. (නි)

:       0       0

අජිත් Tuesday, 23 April 2013 07:45 AM

මේ මවගේ ක්‍රියාව සාධාරණයි, ඇයට අනුකම්පා කරන්න. ඇගේ දරුවා ඔය පාසලට ඇතුලත් කර ගැනීමට තරම් කාරුණික වන්න.(නදී)

:       0       0

ගාමිණී Monday, 22 April 2013 10:42 PM

පාසලට 1 වසරට ළමයි ගන්නා විදුහල්පතිවරුන් මුදල් ඉල්ල එක ඇත්ත.මුදල් දෙන්න තත්ත්වයක් නැත්නම් වහල උඩට නගින්න එපා. ගිනි තියාගන්නත් එපා. මම මේ සත්‍ය සිද්ධියක් කියන්නේ. ඔය වගේ අපේ ගමේ කොලුවෙකුගෙන් ද මුදල් ඉල්ලලා. දුප්පත්කම කිවුවත් විදුහල්පති කන්දීලා නැහැ. පාසල පටන් ගත් දිනයේ ළමයට පාසැල් ඇන්දුම් අන්දවා 1 වසර පන්තියේ වැඩිකරලා තියලා. පන්ති භාර ගුරුතුමිය ළමයින් ඇතුලත් කර ගන්න නාම ලේඛනයේ කිසිවක් නොදැන මේ ළමයාගේ නමත් ඇතුළත් කරලා.ඉතින් ආයෙත් නම කපන්නයෑ.ඔය අගේට දැනටත් පාසැල් යන්නේ ඒ ළමයා. මෙය කැගල්ල නගරයේ පාසැලක සිදුවූ සත්‍ය සිද්දියක්.2013දී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 198 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 196 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 287 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 255 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 254 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 173 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site