IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සල්ලි නෑ..පර්මිට් නෑ

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක්  විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි  පාර්ලිමේන්තු  ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ  විශාල මුදලක් වැය කරමින් බවත් බොහෝ අය මෙම වියදම්වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන  වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.

වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.

ඡන්දෙට  කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත්  මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසූහ.

මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය.

රටේ ආර්ථික තත්වය හේතුවෙන්  මන්ත්‍රීවරුන්ට  වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යාංශය විසින් තාවකාලික අත්හිටුවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක්  මන්ත්‍රී සේවා අංශයට පැමිණ  වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මේ අතර අධික ඉන්ධන මිල  හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවට  සහ විවිධ උත්සව වලට සහභාගිවීමද  සීමා කර ඇතැයි වාර්තාවේ.

පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද  ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ගැටලු කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයි වාර්තාවේ.



අදහස් (23)

සල්ලි නෑ..පර්මිට් නෑ

NAMAL Saturday, 27 January 2024 12:56 PM

වහල් හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළ කළ දේ පල පල දේ...

:       9       126

NAMAL Saturday, 27 January 2024 12:56 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       10       106

සුනිමල් Saturday, 27 January 2024 02:00 PM

ඉතින් නාමල් ඔය කියන හැටියට ඔවුන් ඔක්කෝමලා වගේම පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ වාහන බලපත්‍ර විකුණා මුදල් ඉපැයීම් සඳහා කියලා පේනවා... එයිනුත් පේනවා මොවුන් කරන්නේ රජයේ මුදල් අවභාවිතා කිරීමක් කියලා වාහන බලපත්‍රය කියන්නේ ජනතා මුදල්. ඒකත් ඉතින් මහබැංකුව කැඩුවා වගේම තමයි...

:       3       89

ගාමිණී Saturday, 27 January 2024 01:11 PM

අනේ අපිට කන්න නැති වුනත් කමක් නෑ... රට වෙනුවෙන් දිවිදී වැඩ කරන ඒ උත්තමයින්ට ඒ වාහන බලපත්‍රය දෙන්න.

:       7       62

C.K.Lankaputhra Saturday, 27 January 2024 01:13 PM

අනේ හොදයි, අනේ හොදයි. ඒ ගොල්ලන්ට ඡන්දෙට ඉදිරිපත් වෙන්න අමාරුයි, අපට ජීවත් වෙන්න අමාරුයි. ඔය ඡන්දෙ නොතියා ඉන්න තුරුම්පුවක් ද දන්නෙත් නෑ. ඒවානං මේ සැරේ හරියන්නේ නෑ පුතාලා...

:       4       71

Ratne Saturday, 27 January 2024 01:34 PM

සල්ලි නැතිව හෝ කලකිරීම නිසා නොවේ... ඡන්දේ නොඉල්ලන්නේ, විශේෂයෙන් පොහොට්ටුවේ 90% ක්ම තමාට දිනන්න බැරිවෙන බව හින්දයි. මොනවා හරි කියලා මන්ත්‍රීකම නැතිවෙන්න ඉස්සෙල්ලා වාහන පර්මිට් එකක් (එකක් කෝටි2-3ක් වෙන) ගන්නයි දැන්ද ගලනවා ඇත්තේ... රටේ ජනතාවට කන්න නැතත්, ඒවට මුදල් නම් ජන්දෙට කලින් වෙන්කරවා ගනී කොහොමහරි.

:       3       71

Prabha Saturday, 27 January 2024 01:49 PM

හොරා කන්න බලන් අවට හොරාකන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ඔච්චර අමාරු නම් අර චමින්ද විජේසිරි වගේ මන්ත්‍රීකම විකුණගෙන කාපල්ලා...

:       4       44

ගමේ එකාලා මෙච්චර Saturday, 27 January 2024 02:59 PM

හොර පෙරකදෝරුවා නම් කියන්නේ පක්ෂය සක්තිමත් කරනවා, දසබල සේනා හදාගෙන ගමක් ගානේ යනවා කියලානේ..?

:       0       34

චින්තක Saturday, 27 January 2024 03:50 PM

ගමේ එක්කෝ එයා හදන්නේ දසබල සේනාවක් නොවෙයි, දසමාර සේනාවක් හදන්න... ඉන් පස්සෙ මාර සේනාව ගමේ මොනවා කරයිද කියලා හිතාගන්න බැහැ...!

:       0       32

PATTA hora Saturday, 27 January 2024 03:10 PM

විවෘතව ම හොරකම් කරන්න වරම ඉල්ලනවා. මොවුන්ට ඡන්දේ දෙන අයට හෙණ වදින්න ඕනෑ. මොවුන් දන්නවා මේ පාර හැඳි ගෑවිලා යනවා කියලා. ඒ නිසා පුලුවන් තරම් හොරකම් කරලා රටින්චුතවෙන්න හදන්නේ...!

:       0       37

Dharmatileke Saturday, 27 January 2024 03:55 PM

පාර්ලිමේන්තුවට එන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි, තමන්ට රජසැප විඳින්න එන්නේ...

:       0       33

sena Saturday, 27 January 2024 03:56 PM

මේක මේ තවත් දේශපාලන කැම්පේන් එකක් වගේ පේන්නේ... මම නම් විස්වාස කරන්නේ නැහැ.... පොහොට්ටුවන්ටද සල්ලි නැති කතාව...

:       0       29

සල්ලි Saturday, 27 January 2024 04:41 PM

හොඳ වැඩේ. සාදු සාදු. මගේ රට මේ වරප්‍රසාද තානාන්තර දේශපාලන සාපයෙන් මිදේවා. පාර්ලිමේන්තු අණ පණත් හදන්න ctb බස්වල ඇවිත් පුළුවන්...!

:       0       21

ranjith Saturday, 27 January 2024 05:15 PM

වැටුප්, වරප්‍රසාද නොමැතිව අතීතයේ මෙන්, ස්වේච්ඡාවෙන් රට දියුණු කරන්න උනන්දුවක් ඇති මහත්වරුන් පමණක් පාර්ලිමේන්තුවට එන්න.

:       0       28

Mo77 Saturday, 27 January 2024 05:16 PM

දේශපාලනඥයන්ගේ විතරක් නෙමෙයි, රජයේ සේවකයින්ටත් දෙන වාහන පර්මිට් නවත්වන්න ඕනෑ. රජයට පුළුවන් තරම් මුදලක වැටුපක් ගෙව්වාට කමක් නෑ. එම වැටුපට කැමැති පුද්ගලයෝ රජයේ රැකියාවට ඒවි. අනිත් අය වෙන රැකියා හෝ ව්‍යාපාර කරාවි. රජයක් එවැනි තීරණ වලට යා යුතුයි...!

:       3       33

BasthiyanSaturday, 27 January 2024 06:34 PM

Mo77 කියන්නේ හරිම දෙයක් තමයි.. රජයේ සේවයේ යෙදෙන දොස්තරලා සඳහා වාහන බලපත්‍ර දුන්නාට වරදක් නැහැ.. මොකද සමහර විට දොස්තරලා ඔන් කෝල් ඉන්න නිසා අවශ්‍ය වේලාවට සේවය සඳහා එන්න පහසුකම් තියෙන්න ඕනෑ අනෙක් සේවකයින් සඳහා බලපත්‍ර අවශ්‍ය නැහැ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වාහන බලපත්‍ර විකුණා නිලරථය පාවිච්චියට ගන්නවා... සුලුම සුළු මුදලක් ගෙවා මාසිකව පුද්ගලික පාවිච්චියට ගන්නත් පුළුවන් සමහර අයගේ කලත්‍රයා පවා රජයේ වාහනය ඔහුගේ පාවිච්චියට ගන්නවා.. තවත් සමහරක් නිලධාරි නිලරථය අලුත් වැඩියාව සඳහා යවා තියෙන කාලයේ පුද්ගලික වාහනය (බලපත්‍ර වාහනය) කුලී පදනමෙන් පාවිච්චියට අරගෙන කුලියක් ගන්නවා.. මේවා තහනම් කරන්න ඕනෑ එහෙම නැත්නම් සංචිත වාහනයක් වෙන කෙනෙකුගේ නමින් අරගෙන රාජකාරි ගමන් කරනවා. දේශපාලුවෝ පමණක් නොවෙයි ඉහළ නිළධාරින් වාහන අවභාවිතා කිරීම උපරිමයෙන් කරනවා. හැබැයි මේවා නම් විගණනයක් වෙනවාද කියලා සැකයි...

:       0       4

Bandula Saturday, 27 January 2024 05:48 PM

ඔය හැත්තට කවුද ඡන්දේ දෙන්නේ ඒකයි ඇත්ත තත්වය. ඔය හොරා කෑවේ...

:       0       22

shanthi Saturday, 27 January 2024 10:20 PM

සල්ලිත් නැහැ, පර්මිටුත් නැහැ, ඒ දෙකම තිබුණත් ඔබලා වගේ හොර, මිනීමරුවන්ට අපි ඡන්දෙ දෙන්නේ නැහැ !!!

:       0       3

Thakkadiya Sunday, 28 January 2024 12:23 AM

මේක මේ අනුකම්පාවෙන් ඡන්දෙ ගන්න ගහපු ගේමක්. අපි කොන්දේ බැඳපු චීන්නු නෙමෙයි...

:       0       3

චන්දන Sunday, 28 January 2024 06:04 AM

අවංකව සේවය කරන අයට සල්ලි ඕනෑ නැහැ. රිචඩ් පතිරණ ඇමැති ඉන්න කාලේ එයා කෝච්චියේ කොළඹ ගියේ. ආසනය පුරා ඇවිදලා තියෙන්නේ පරණ ජීප් එකකින් තනිවම... ඩලස් කිසිම පෝස්ටරයක් නොගහ මාතර එකට ආපු කෙනෙක්... මේ උදාහරණයක් විතරයි.. මෙයාලා ඉල්ලන්නේ නැත්තේ දිනන්න බැරි නිසා. සත්‍ය ඒකයි...

:       0       2

Perera Sunday, 28 January 2024 10:28 AM

ඔය අයගේ ආර්ථික අහේනිය දැක්ක අර අයගේ මලගෙදර ඇවිල්ලා තිබුණු දේශපාලකයින්ගේ අධිසුඛෝපභෝගි වාහන තොගය දැක්කාම...

:       0       4

Anuruddha Sunday, 28 January 2024 10:47 AM

රටේ තියෙන ප්‍රධාන දැවෙන ප්‍රශ්නය. රට කාලා නැත්තටම නැති කරලා තව වාහන ඉල්ලනවා.

:       0       5

fairoos Sunday, 28 January 2024 01:30 PM

ඉස්සෙල්ලාම මොවුන්ට ඡන්දෙ දෙන අයට මඩු වලිගයෙන් තලන්න ඕනෑ...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 47 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 808 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2601 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2079 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2626 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1337 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38949 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1033 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site