IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සාලාව උද්ඝෝෂණයයි පාරේ අවහිරයයි ඉවරයි

කොස්ගම සාලාව කඳවුර අවට පදිංචිකරුවන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් අද පෙරවරු 6.30 සිට පෙරවරු 8.30 පමණ වන තෙක් හයිලෙවල් මාර්ගය සාලාව ප්‍රදේශයෙන් අවහිර විය.

තමන්ගේ විනාශවී ගිය ගේ දොර වෙනුවෙන් ලබාදෙන රුපියල් 50000 දීමනාව හා සහන මෙතෙක් නොලැබුණු බව කියමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

 

0.02.01.0de4fd36afdaadfae6fa60ad60e44b4ea551a5aaabad5daa2261678607955052_full 0.02.01.4d207de9b9e7265ab0a51ea5649c1a18e0dc15bec96edb88dee744de69c2442b_full 0.02.01.7c44ce8d54e93a10932dfbe54bfc18761beb7c3b8477eb9b99f84a1f18f426fb_full 0.02.01.6733faa796bbd18ceebab92f4f4caec71d2c64f091425e843169ba2bd1813f3a_full 0.02.01.2905457e8a9ac03471df6051184d63d98e6bba6452d113fa579cbba8a150388a_full 0.02.01.cb78df3997ed6f2b6005a83b264a0cbc58d87f6a99504f9518c350e829df1989_full 0.02.01.edc7a0f80390743f0311a0d0447e02a509a9386924c5c95c6241f8f502aa160d_full

ඡායාරූප - ඉසුරු මුදියන්සේ

 

විඩියෝ - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

සාලාව උද්ඝෝෂණයයි පාරේ අවහිරයයි ඉවරයි

ෂෙල්ටන් Friday, 08 July 2016 06:52 AM

මේකටවත් විසදුමක් දෙන්න බැරි යහ පාලනය. (අ)

:       0       0

හේමන්ත Friday, 08 July 2016 07:34 AM

යුද්ධ කාලේ පවා ආරක්ෂා කරගෙන හිටියා මෙම අවි ගබඩාව විනාශ වී ගිය අයුරු දැක්කාම ඇත්තටම හිතට වදයක්. අඩුම තරමින් රටේ වග කිව යුත්තෙක් තවම මේ ගැන කනගාටුවක් ප්‍රකාශ කලේ නැහැනේ. (ම)

:       0       0

ආර්. වික්‍රම Saturday, 09 July 2016 01:33 AM

හිමාල්, මාත් ඔය පැත්තේ තමයි. තාමත් මිනිස්සු කූඩාරම් වල. බොරුකාරයෝ කියලා රටේ ප්‍රශ්නයක් තියන මිනිසුන්ට නිග්‍රහ කරන්න එපා (නි)

:       0       0

රවී Saturday, 09 July 2016 02:47 AM

මමත් කොස්ගම කෙනෙක්. මෙහෙ අයට ඕනෑවටත් වැඩියෙන් ආධාර ලැබුනා. ගෙවල් වලට ගෑස් ළිප් පවා ලැබුනා. පිටින් මිනිස්සු ගෙනල්ලා කරන නාඩගමක් මේක (නි)

:       0       0

ශාන් Friday, 08 July 2016 08:37 AM

මෙය සොයා බලා ඉක්මන් පියවරක් ගන්න 50.000 හිමිකම් නැති අයත් මෙතැන ඇති (ම)

:       0       0

කුෂාන් Friday, 08 July 2016 08:41 AM

හිමාල්. ඔබ සියසින් දුටු දෙයක්ද පවසන්නේ? (හේ)

:       0       0

නිමල් ඩී සිල්වා Saturday, 09 July 2016 04:12 AM

දේශපාලන අදහස් නැතුව සත්‍ය තත්වය කියනවානම් වැදගත්. (ර)

:       0       0

අරවින්ද Saturday, 09 July 2016 06:37 AM

මේක හැදෙන රටක් නෙවෙයි. මේ රටේ ඉන්න ආත්මාර්ථකාමී ජනතාවයි වැඩ බැරි දේශපාලකයෝ එකතුවෙලා රට නැතිම කරලා දානවා. (ර)

:       0       0

ජගත්‍ Friday, 08 July 2016 03:31 AM

මේ ගැටළුව අවසානයක් කරගන්න බැරිද හැබෑටම? (නි)

:       0       0

අමාලි Friday, 08 July 2016 10:14 AM

හිමාල්, කාවින්ද, සරත්, යහපාලනයට කඩේ ගියාට කමක් නැහැ, නමුත් ඇඳුම් නැතුව යන්න එපා. හමුදාවෙන් හදලා දුන්නේ ඉතාම සුළු ගෙවල් ප්‍රමාණයක් පමණයි. බොහෝවිට වහලය පමණයි. ඒවත් දැන් මුදල් නැහැ කියලා නැවතිලා තියෙන්නේ. මේ ලියන මම එම ගමේ කෙනෙක් (නි)

:       0       0

ධම්මික Friday, 08 July 2016 11:10 AM

හිමාල් කියනවා වගේ මේ උද්ඝෝෂණ බොරුවක්. ඔය පින්තූර වලින්ම පෙනෙනවා නේද ගෙවල් ටික ලස්සනට හදලා තියෙන හැටි. මේකට රජයක් හැටියට කරන්න ඕනෑ ප්‍රතිවිරුද්ධ උද්ඝෝෂණයක්. අර වැට් හොඳයි වැට් අපිට ඕනෑ කියලා උද්ඝෝෂණය කරනවා වගේ (නි)

:       0       0

අරවින්ද Friday, 08 July 2016 11:08 AM

අනේ මන්දා රටේ හැමතැනම ප්‍රශ්න (නි)

:       0       0

වියලගොඩ Friday, 08 July 2016 11:11 AM

හිමාල් කියන එක හරි. මගේ ගෙදර කලින් එක තට්ටුවයි තිබුනේ. දැන් ආමි එකෙන් තිබුනාටත් වඩා හොඳට තට්ටු දෙකක් ගහලා දුන්නා. (නි)

:       0       0

අනුර Friday, 08 July 2016 04:23 AM

ගැටළු අවසන් කිරීමට පුළුවන් පිරිසක් ආණ්ඩුව ඇතුළේ සිටියත් එසේ කළනොහැකි අය මුලිකත්වය ගෙන ඇත. (නි)

:       0       0

විපුල Friday, 08 July 2016 11:24 AM

දෙනවා කිව්ව 50000 දුන්නා නම් ඉවරනේ. අඩුම ගණනේ ඒකවත් මේ ආණ්ඩුවට කරගන්න බැහැ. ලැජ්ජයි (නි)

:       0       0

ලුම්බිණි Friday, 08 July 2016 04:25 AM

විරෝධතාවන් සඳහා මහාමාර්ග අවහිර කරන එක නීතිවිරෝධී කළයුතුයි. (නි)

:       0       0

අරවින්ද Saturday, 09 July 2016 07:00 AM

අපේ රටේ මිනිස්සු කොච්චර ආත්මර්තකාමිද කියල පේනවා මේකේ දාල තියෙන කොමෙන්ටු දැක්කම. මෙතන කව්රු හරි ඉන්නවද මාසෙට 50,000/= ට අඩු ආධයමක් ගන්න පව්ලක කෙනෙක්? තමුන්ට මෙහෙම දෙයක් උනානම් තේරෙයි කොච්චර අසරණ වෙනවද කියලා. (ර)

:       0       0

අරවින්ද Saturday, 09 July 2016 07:04 AM

මට නම් මේ පින්තුර දැක්කම පෙන්නේ තවම ගෙවල් හදලා ඉවර නෑ කියලා. කුහක කම වැඩි උනාම හදපු නැති ගෙවලුත් හදල ඉවරයි වගේ පේනවද මන්දා. (ර)

:       0       0

පුෂ්ප Friday, 08 July 2016 04:32 AM

හරිම අසාධාරණයි මේ මිනිසුන්ට කරලා තියෙන දෙය. කිසිම වැරැද්දක් නැතුව කොහෙවත් හිටිය මිනිසුන්ට කරපු පාඩුවට වන්දි ගෙවන්න. දේශපාලකයන්ට මෙහෙම දෙයක් වුණා නම් රට හරි විකුණාගෙන සල්ලි අරන්. (නි)

:       0       0

ගයන්ත Friday, 08 July 2016 11:58 AM

කුෂාන්, අපිත් කොස්ගම. හමුදාවෙන් ගෙවල් ටික හොඳටම හදනවා. (නි)

:       0       0

කාවින්ද Friday, 08 July 2016 04:37 AM

යහපාලන රජය අපහසුවට පත්කරලා දේශපාලන වාසි ගනි (ම)

:       0       0

සරත් Friday, 08 July 2016 04:48 AM

බලෙන් ඉල්ලන අයට සතයක්වත් නොදී කඳුළු ගෑස් ගහලා එළවන්න (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 08 July 2016 04:57 AM

මේ තරම් අසරණ වුණු මිනිසුන් රවටන රජයක්ද දැන් තියෙන්නේ. අඩු ගානේ පත්තරේකින් වත් මොවුන්ගේ දුක දැක්කේ නැද්ද හැබැටම...(බ)

:       0       0

ආර්නෝල්ඩ් Friday, 08 July 2016 05:06 AM

දෙයියෝ සාක්කි! මුලිනුත් 50,000 ක් දුන්නනේ. මේ මොකෝ අායි ඉල්ලන්නේ? (නි)

:       0       0

ලලිත් Friday, 08 July 2016 02:50 PM

අහම්බෙන් පුපුරලා වෙච්ච විනාශයට මෙහෙම කෑගහනවා නම් හිතාමතා කරපු විනාශයට උතුරේ අහිංසක මිනිස්සු කොහොම කෑ ගහන්න ඕනෑද? එ් මිනිස්සු අසරණ වුණේ මීට කලින්. ඒක නිසා අනුපිළිවෙලට උදවු කරමු. (නි)

:       0       0

දර්ශන Friday, 08 July 2016 05:35 AM

වෙනසක් ඇති කලේ මේකටනේ .(අ)

:       0       0

ලක්මාල් Friday, 08 July 2016 02:56 PM

ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව මේ මිනිසුන්ට තියන සාදාරන ගැටළු ගැන හිතන්න. (නි)

:       0       0

ශක්ති Friday, 08 July 2016 05:39 AM

මෙය දේශපාලන වාසි ගැනීමක්. රජයෙන් විතරක් නොව රටේ සාමාන්‍ය අයද මෙම මිනිසුන්ට උපකාර කරමින් ඇත. (ම)

:       0       0

හිමාල් Friday, 08 July 2016 06:08 AM

ඔය පැත්තේ ගොඩක් ගෙවල් හමුදාවෙන් හදනවා.සමහර ගෙවල් තිබ්බටත් වැඩිය හොඳට හදාගෙන. හදලා ඉවර නැති ගෙවල්වල අය අල්ලගෙන කට්ටියක් දේශපාලන න්‍යාය පත්‍රයක් දියත් කරලා.(ම)

:       0       0

නවරත්න Friday, 08 July 2016 06:16 AM

පොරොන්දු අනිවාර්යෙන්ම ඉක්මනින්ම ඉෂ්ඨ කළ යුතුයි .(ම)

:       0       0

වෙල්ගම Friday, 08 July 2016 06:35 AM

කාවින්ද ඔයාගෙත් ගෙවල් කැඩිලා උන් හිටි තැන් නැති වුනා නම් ඔයා ඔහොම කතා කරනවද? හරිම ලැජ්ජයි ඔයා වගේ මිනිස්සු ගැන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 997 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 665 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1823 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 351 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 593 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1562 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site