IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සාලාව කඳවුරේ ආයුධ වැඩි හරියක් ඉවත් කර තිබුණා‘

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව මේ වසර අවසන් වන විට එම ස්ථානයෙන් ඉවත්කිරීමට සැලසුම් කර තිබූ බවත්, බොහෝ ආයුධ ඉන් ඉවත්කර තිබූ බැවින් ගිනිගැනීම සිදු වූ අවස්ථාවේ එහි තිබුණේ සියයට 10ක පමණ ආයුධ ප‍්‍රමාණයක් බවත් බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

එහි ගබඩා කර තිබූ අවි පතරොම් සියල්ල විද්‍යනුකූලව නියමිත ප‍්‍රමිතියකට අනුව පොළව මතුපිට හා භූගතව ගබඩා කර තිබූ බවද පැවසීය.

මෙහි තිබූ ආයුධ ප‍්‍රමාණාත්මක වශයෙන් දන්නා නමුත් ඒවායේ වටිනාකම කාලයෙන් කාලයට වෙනස් වන නිසා විනාශ වූ ආයුධවල වටිනාකමද තවමත් ප‍්‍රකාශ කළ නොහැකි බව බටහිර ආඥාපතිවරයා කීවේය.

මෙම ගින්නෙන් හා පිපිරීම්වලින් කොස්ගම, ශාලාව යුද හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වුවත් එහි කිසිවකුත් මිය නොගිය බව කී මේජර් ජෙනරාල්වරයා ඒ අසල ඇති ආබාධිත රණවිරුවන් ජීවත්වන රණවිරු ගම්මාන දෙකෙහි කිසිවකුටත් හානියක් සිදුව නැතැයි ද කීය.

මිය ගිය  හමුදා සෙබළා ද තුවාල ලබා සිට රෝහල්ගත කර සිටියදී මිය ගිය බව මේජර් ජෙනරාල්වරයා කීවේය.



අදහස් (0)

‘සාලාව කඳවුරේ ආයුධ වැඩි හරියක් ඉවත් කර තිබුණා‘

චින්තක Monday, 06 June 2016 06:53 PM

දැන් ඉතින් කඳවුර ඉවත්කිරීමේ කටයුතු පහසුවෙන්ම කරන්න පුලුවන්නේ (නි)

:       0       0

විමලදාස Monday, 06 June 2016 06:53 PM

ආ... එහෙනම් ඉතින් අපි වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

රණවන Monday, 06 June 2016 07:06 PM

තිබුණු අවි ගණන, ඒවා ගබඩා කරන ආකාරය සියල්ල හමුදා රහස්. අපි පරීක්ෂණ වාර්තාව එනතුරු ඉඳිමු. (නි)

:       0       0

දිසා Monday, 06 June 2016 08:14 PM

ඔය තියෙන්නේ. එහෙනම් කමක් නැහැ මහත්තයෝ. පොඩි වෙඩි බෙහෙත් ටිකකුයි පතොරම් සීයක් විතරක් වගෙයි විනාශවෙලා ඇත්තේ (නි)

:       0       0

පෙරේරා Monday, 06 June 2016 09:52 PM

රෝහල්ගත කර සිටියදී මියගියා වුණත් මූලික හේතුව මේ ගින්නනේ! (නි)

:       0       0

අසංග Tuesday, 07 June 2016 06:39 AM

වෙන හානිය දැනගෙන වෙන්න ඇති අයින් කරන්න ඇත්තේ. අනේ ඕවා කියන්න කොන්ඩේ බැඳපු චීනුන්ට..(බ)

:       0       0

සරත් Tuesday, 07 June 2016 02:48 AM

මෙතන අදහස් දාන අයට ආරක්ෂක අමාත්‍යංශයේ තියෙන හැමදෙයක්ම දැනගන්න ඕනෑ වෙලානේ. යන්නකෝ ගිහින් හමුදාවට බැඳිලා, රටේ ආරක්ෂාවට වගකියන කෙනෙක් වෙන්න. (නි)

:       0       0

වෙල්ගම Tuesday, 07 June 2016 03:47 AM

සිත නිවෙන කතා (ම)

:       0       0

ඉන්දු Tuesday, 07 June 2016 08:20 AM

මේජර් මහත්තයත් ඒ පාර පෙත්තප්පු කෙනෙක් වෙලාද..(බ)

:       0       0

ඉන්දු Tuesday, 07 June 2016 08:18 AM

එහෙනම් කොයිතරම් හොඳද, අපි දැන ගෙන හිටියේ නැහැ මේක සැලසුම් කරලා කළ එකක් බව..(බ)

:       0       0

රොකී Monday, 06 June 2016 02:25 PM

තිබුන ප්‍රමාණයෙන් සියයට 10 කින් මෙච්චර හානියක් වුනා නම් අනිත් හරිය තිබුනා නම් කොහොම හිටීවිද? ඒවා ගබඩා කරලා තියෙන්නේ කොළඹද? පහු ගිය කාලේ මිලේනියම් සිටිඑකේ මෙහෙයුම් ස්ථානය ගැන ත් එහි අවදානම් බව ගැනත් කතාව ඇදුනම එක කට්ටියක් බොහොම දෝශාරෝපනය කෙරුව, ආරක්ෂක රහස් එලිකොරනව කියල! කන්ඩ ඕන වුනාම කබරගොයත් තලගොයා කර ගන්න පිරිසක් ඉන්නවා. (බ)

:       0       0

ජනහිත Monday, 06 June 2016 03:48 PM

ඒක නම් හොඳ වැඩක්. මොකද කල් ඇතුව දැනගත්තා වගෙයිනේ හරියට. ඔය විදිහට හැම දෙයක්ම කරන්න පුලුවන්නම් අපට හුඟක් ජීවිත හානි , අලාබහානි වලින් වළකින්න පුළුවන් (නි)

:       0       0

සෙනරත් Monday, 06 June 2016 04:09 PM

සමහරුන්ට අලුත් ආයුධ ගබඩාව තිබෙන තැන දැන ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා වගේ. (ර)

:       0       0

දහම් Monday, 06 June 2016 04:22 PM

අනේ රොනී, මිලේනියම් සිටි එකේ අවි ගබඩාවක් තිබුනද. එතන තිබුනේ බුද්ධි අංශේ රහස් නවාතැනක්. (ර)

:       0       0

සමන් - ඕමානය Monday, 06 June 2016 04:55 PM

රොනී, මිලේනියම් සිටි සිද්ධිය මෙයට හාත්පසින්ම වෙනස්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 289 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 928 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1776 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6328 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1850 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site