IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සාලාව කඳවුරේ ආරක්ෂාව බිඳ වැටීම ගැන මවිත වෙනවා‘

සාලාව යුද හමුදා කඳවුර වැනි ස්ථානයක මේ ආකාරයේ ආරක්ෂාව බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

යුද්ධය කාලයේ මෙවන් දෙයක් සිදුවුණා නම් යුද්ධය තාවකාලිකව නතර කිරීමට සිදුවනු ඇති බවත් හිටපු ජනපතිවරයා කියයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ.

‘කොස්ගම සාලාව කඳවුරේ පිහිටි යුද හමුදා මධ්‍යම අවි ගබඩාව පුපුරා විනාශ වී යාමෙන් මුළු රටම කම්පනයට පත් වී සිටි. මේ සිදුවීමෙන් මිය ගිය හමුදා සාමාජිකයා වෙනුවෙන් මගේ ශෝකය ප්‍රකාශ කරන අතර  තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මේ සිද්ධියෙන්  යුද හමුදාවේ මෙන්ම සිවිල් වැසියන්ගෙත් දේපල වලට සිදු වූ හානිය අති විශාලය. එවක ආණ්ඩුව  1990 ගණන් වල මෙම ස්ථානයේ මධ්‍යම  අවි ගබඩාව පිහිටවනු ලැබුවේ  ජනාකීර්ණ ප්‍රදේශයක පුපරණ ද්‍රව්‍ය විශාල තොග රැස්කිරීමට විරුද්ධව එම පළාත නියෝජනය කළ දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන් නැගූ විරෝධතාවයද නොතකාය. යුද්ධය පැවති සමයේ මේ අවි ගබඩාවේ  ආරක්‍ෂාව උපරිම මට්ටමෙන් තහවුරු කිරිමට අපි පියවර ගත් අතර 2009 න් පසු මෙම ස්ථානයේ අවි හා උණ්ඩ ක්‍රමානුකූලව  ඉවත් කර ගැනීම ආරම්භ විය. 

මට දැනගන්නට ඇති පරිදි එහි තිබූ බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් තාවකාලිකව වේයන්ගොඩටත්, පුහුණු කටයුතු වල භාවිතා කිරීමට දියලතාව හා මාඳුරුඔය වැනි කඳවුරු වලටත්  ගෙන ගොස් තිබුණි. ඉතිරි උණ්ඩ තොග ගෙන යාමට මගේ කාලයේ දී ඔයාමඩුව, රඹෑව වැනි ප්‍රදේශවල නිත්‍ය අවි ගබඩා තැනීමට සියල්ල සූදානම් කර තිබුණි. නමුත් අපේ පාලන කාලයෙන් පසු මේ ගැන කිසිදු පියවරක් ගෙන නැත.  මෙවැනි අවි ගබඩා වලට දිවා රෑ ආරක්‍ෂාව සපයා තිබෙනවා පමණක් නොව දවසට දෙවරක් වත් පරීක්‍ෂණයටත් ලක් කරනු ලැබේ. කල් ඉකුත් වූ උණ්ඩ වෙනත් ස්ථානයකට ගෙන ගොස් විනාශ කරනු ලැබේ. විදුලි කාන්දුවක් වැනි ආපදාවක් සිදු වුවත් එයින් වන හානිය අවම කිරීමට විධිවිධාන ඇත. මේ සියල්ල බිඳ වැටුනේ කෙසේදැයි බලධාරීන් විමසා බැලිය යුතුය. ගින්න ඇතිවූයේ කෙසේදැයි අපි තාම නිෂ්චිතව දන්නේ නැති වුණත්, ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණය හා ආත්ම ශක්තිය පිරිහී තිබෙන අවස්ථාවක අධීක්‍ෂණය, නායකත්වය, අවධානය හා සුපරික්‍ෂාකාරී බව පිරිහෙනවාය යන්න, පොදු ප්‍රකාශයක් හැටියට වලංගු වේ. මගේ පාලන සමයේ මුල් මාස කීපයේදී ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට යුද හමුදාපතිවරයෙකුට ඔහුගේම මූලස්ථානය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන්ට හැකි විය.

එවැනි ප්‍රහාරයක් කිරීමට ත්‍රස්තවාදීන්ට හැකිවීමට ආසන්න හේතුව ඒ අවස්ථාවේ යුද හමුදා මූලස්ථානයේ ආරක්‍ෂක විධිවිධාන වල තිබුණු අඩුපාඩු වුණත්, එම තත්වයට පාදක වූ මූලික හේතුව 2002-2006 සටන් විරාම ගිවිසුමෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයන් තුළ ඇතිකර තිබු පරාජිත, අසරණ වූ මානසිකත්වයයි. පසුගිය වසරේ ජනවාරියේ සිට  ඇති වූ සිද්ධීන් ගණනාවක්  නිසා, අද වනවිට 2002-2006 සටන් විරාම සමයේදී වත් අත් නොදුටු තරමට ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණයත්, ආත්ම ශක්තියත් පහල වැටී ඇති බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි‘

 



අදහස් (0)

‘සාලාව කඳවුරේ ආරක්ෂාව බිඳ වැටීම ගැන මවිත වෙනවා‘

අරුණ Tuesday, 07 June 2016 05:41 PM

සිතට විරුද්ධව සුදු හුණු ගෑමේ ප්‍රතිවිපාක තව ගෙවනවා (නි)

:       0       0

මලිත් Tuesday, 07 June 2016 06:35 PM

සමහරු මෙහි දාලා තිබෙන මෝඩ අදහස් දැක්කහම මට කණගාටුයි. මහින්ද මහත්තයා සුනාමි වලින් විනාස වුණ රට හැදුවා, යුද්ධය ඉවරකළා, රට සංවර්ධනය කළා. දැන් තරම් බදු/ බඩු මිල ඉහළගියේ නැහැනේ. දැන් වෙනස සැපද? මාසික පඩියෙන් ජීවිතය ගැටගහගන්න අමාරු තත්වයක් දැන් තියෙන්නේ. (නි)

:       0       0

රොහාන් Tuesday, 07 June 2016 10:45 AM

මේවට කියන්න දෙයක් නැහැ... දුක් විඳින්නේ දුප්පත් අසරණ ජනතාව. (ර)

:       0       0

බුද්ධි Tuesday, 07 June 2016 10:56 AM

අවුරුදු 10යක් තිස්සේ ආණ්ඩුව කල කාලයේ ඔය කදවුර අයින් නොකළේ ඇයි? (ර)

:       0       0

මොහාන් Tuesday, 07 June 2016 11:11 AM

සුපුරුදු පරිදි බොර දියේ මාළු බාමින් සිටිනවා.(හේ)

:       0       0

අනූෂා Tuesday, 07 June 2016 09:37 PM

හිස් මොළ තිබෙත්දිත් මේ වග නොතකන්නේ... ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ... රටට ඉතිහාසගත මෙහෙයක් කළ මේ වගේ උතුමන්ට අවමන් නොකරනු මැන! (නි)

:       0       0

ප්‍රේමා Tuesday, 07 June 2016 11:13 AM

මවිත වෙන ඒවා විතරක් නෙමේ මේ ආණ්ඩුව නීතිය හරියට වෙන්න ඉඩ දෙනවා නම් භය වෙන දේවලුත් අනාගතේ බලාගන්න පුලුවන් (හේ)

:       0       0

තාබෘෘ සිල්වා Tuesday, 07 June 2016 11:18 AM

පැරදුනේ මං නැති වුනේ මං උඹලට නම් මොකද ඉතින් (බ)

:       0       0

සාමා Tuesday, 07 June 2016 10:05 PM

ඔබගේ කාලේ හමුදා කඳවුරු 3ක් ඔය වගේම විනාශවුණා නේද? ඒවා අමතකද? එතකොට ඒ දේවල් වල වගකීම ඔබතුමා බාර ගත්තාද? බලය නැති වුණාම ඔය වගේ විකාර කියන්න එපා. අපි ඔබට ගරු කරන්නේ යුද්ධයට දේශපාලන නායකත්වය දුන් නිසා. ඒ දේවල් නැතිකරගන්න එපා. (නි)

:       0       0

තිලක් - නුවර Wednesday, 08 June 2016 07:57 AM

මෙතුමා කරපු දේවලින් දාහෙන් එකක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? (ර)

:       0       0

දර්ශන Tuesday, 07 June 2016 11:18 AM

මහින්ද මහත්තයෝ,දැන් මෙවන් ආඩපාලි කතාවලින් වැඩක් නෑ.ඔබ යුද්දේ අවසන්වූ පසුත් අවුරුදු පහක් බලයේ හිටියනේ. එතකොට කරන්න බැරිවුණ දේවල් දැන් කියලා වැඩක් නෑනේ.(බ)

:       0       0

විජේපාල Tuesday, 07 June 2016 11:21 AM

අනේ මහත්තයෝ මේ වෙච්ච දෙයින් දේශපාලන වාසි ගන්න හදන්න එපා. මේ රටේ යුද්ධය නැති කරපු ජනාධිපති වරයා හැටියට අපි ඔබ තුමාට කවදත් ගරු කරනවා. නමුත් ඔබතුමාගේ පාලනයේ දුර්වල කම නිසයි ඔබ තුමා පරාද වුනේ. මෛත්‍රී මහත්තයා හොද නැත්නම් ඊලග විකල්පය ආයෙත් ඔබතුමා නම් නෙවෙයි. වෙන කෙනකුට අවස්ථාව දීලා තමන්ගේ තත්වය ආරක්ෂා කරගෙන ඉන්න. (බ)

:       0       0

යසන්ත Tuesday, 07 June 2016 10:24 PM

මේ ගැන නම් කතාකරලත් ඵලක් නැහැ (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 07 June 2016 11:25 AM

මවිත වෙන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ශාන්ත Tuesday, 07 June 2016 11:35 PM

මෙතුමා මේක කියලා තියෙන්නේ හරියට මේකට කොටි ගහලා කියලා හිතාගෙන වගේනේ (නි)

:       0       0

චතුරි Tuesday, 07 June 2016 11:27 AM

මවිත වෙන්න. දෙයක් නැහැ. බලයේ. ඉන්නකොට කැලෑවල මාලිගා. හැදුව මිලියන ගණන් යට කරමින් මේ ආණ්ඩුව ඇවිත්. ටික. කාලයයි. මේ අවි ගබඩා මෙතනින් අයින් කරන්න තිබුනේ ඔබ තුමාගේ. කාලයේ කට්ටිය බයවෙලා වගේ මේදවස්වල ඉන්නේ මහජනතාව වෙනුවෙන් හිරේ යනවා. කිව්වට. ,ජනතාවට තමයි කඩේ ගියාට. හිරේ යන්න වෙලා තියෙන්නේ (හේ)

:       0       0

හර්ෂ Tuesday, 07 June 2016 11:28 AM

මහින්ද මහත්තයා ඔබතුමා මේ සිදුවිමෙන් දේශපාලන වාසි ගන්න එපා, ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණය හා ආත්ම ශක්තිය ගැන ඔවුන් සහ ජනතාව උසිගැන්වෙන ප්‍රකාශ කරන්න එපා.මෙය ආරක්ෂාව බිඳ වැටීමක් කියා නිගමනය කළ නොහැකියි. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 07 June 2016 11:34 AM

මේක ඔයාගේ කණ්ඩායමේ වැඩක්ද? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 07 June 2016 11:35 AM

විජේපාල, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනා.(බ)

:       0       0

විජය Tuesday, 07 June 2016 11:36 AM

මේ වගේ දේශපාලනඥයෝ සිටිනකම් ලංකාවට හරි යයි ද? බලන්නෙම අනිත් පැත්ත, දැන් ඔතන හමුදාවට අමතරව වෙන කවුරුහරි හිටියද දන්නේ නෑ, (බ)

:       0       0

දිමුත් Tuesday, 07 June 2016 11:33 AM

මෙන්න කතා අහනවනම් දැන් දුක හිතිලා ,ඒ කාලෙ කරන්න බැරි වුනේ මොකද දන්නේ නැහැ (බ)

:       0       0

නිමල් Tuesday, 07 June 2016 11:39 AM

අායෙත් එන්න. ඇවිත් මුල සිටම හදන්න. අපේ උත්තමාචාරය ඔබ වෙනුවෙන්. (හේ)

:       0       0

ප්‍රියාන් Tuesday, 07 June 2016 11:42 AM

මෙතුමාගේ කාලයේදී මේක අයින් කරන්න බැරි වුනේ ඇයි? (හේ)

:       0       0

සම්පත් කල්පගේ Tuesday, 07 June 2016 11:45 AM

ඔබ තුමාට අහන්න තියන්නේ " ඔබට දැන් සතුටිද දැන් කියලා ?" මට සමාවන්න ඔබතුමාට කතිරේ නොගහපු වරදට !(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 07 June 2016 11:59 AM

දේශපාලන කෝන්තර හිතේ තියාගන ඔබ තුමාට කවුරු මොන විදියට පහර ගැහුවත් බහුතරය ජනතාව ඔබ තුමාට ගරු කරනවා.ඔබ තුමා නොහිටියානම් අපි මරුන තැන් වල මහා රූස්ස ගස් පැලවෙලා. මිනිසුන් වෙනුවෙන් කළ යුතු මහා යුතුකම කළා. පොඩි හිදැස් වසා දමන්න නොහැකි වුවත්, ඔබ තුමාගෙන් වුන යහපත නිසා පරම් පරා ගානකට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.අපි සතුන් නොව,මිනිසුන් වශයෙන් ජීවත් වෙමු.(හේ)

:       0       0

අජිත් Wednesday, 08 June 2016 02:34 AM

සාලාව සිද්ධිය මෙතුමලා බලයේ සිටියත් වෙන්නේ නැද්ද? (නි)

:       0       0

ජයම්පති Tuesday, 07 June 2016 12:39 PM

පිපිරීමට හේතුව තවමත් හොයාගෙන නැහැ. ආරක්ෂාව බිඳ වැටුන එක ගැන කතා කරන්නේ කොහොමද?. අනික ආයුධ ගබඩා කොහෙද තියෙන්නේ කියන එක පවා කියලා තියෙනවා, ඒක රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඔය විදිහට ප්‍රකාශ නිකුත් කලාම.(හේ)

:       0       0

චන්දා Tuesday, 07 June 2016 12:43 PM

මහින්ද මහත්තයා කියන දේ ඇත්ත.(හේ)

:       0       0

උපාලි Tuesday, 07 June 2016 12:42 PM

විජේපාල, ඔබ සමහ මුළුමනින්ම එකඟයි. (හේ)

:       0       0

අකිල Wednesday, 08 June 2016 03:03 AM

දැන් ඕවා කියලා වැඩක් තිබෙනවද? (නි)

:       0       0

නන්ද Tuesday, 07 June 2016 01:00 PM

අනේ මහත්තයෝ, ඒ කලේ වෙච්ච දේවල් ගැනයි, කරපු දේවල් ගැනයි මිනිස්සු මවිත වෙනවා.ඒ නිසානේ අද ඔහොම වෙලා තියෙන්නේ. (හේ)

:       0       0

දුමින්ද Wednesday, 08 June 2016 03:03 AM

ජාතික ආරක්ෂාවට නිසි තැන දෙන්නේ කවදාද? (නි)

:       0       0

ජේමිස් Tuesday, 07 June 2016 01:16 PM

දේශපාලන වාසි වෙනුවෙන් ආරක්ෂක රහස් හෙළි කිරීම හොඳ දෙයක් නොවෙයි .(හේ)

:       0       0

අනුර Tuesday, 07 June 2016 01:16 PM

ඔබතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)

:       0       0

රොමේෂ් Tuesday, 07 June 2016 01:19 PM

මෙතුමා මවිත වෙනකොට අපේ මවිතය දෙගුණ තෙගුණ වෙනවා. අපි මවිත වුනේ මේ කඳවුරේ අවි ගබඩාව විනාශ වෙන්න තරම් තිබුන ආරක්ෂාවේ හිඩැස ගැන. නමුත් මේකතා අහද්දී මෙතුමා ගැන පුදුම හිතෙනවා. ඇත්තටම අනුකම්පාවක් දැනෙන්නේ. (හේ)

:       0       0

මහින්දපාල Tuesday, 07 June 2016 01:19 PM

එතකොට වවුනියා කදවුර දින 3 ක් ගිනිගත්තෙ ඔබගේ කාලයෙදී ඒ කාගේ වරදින්ද අසරණ මිනුසුන්ගේ වේදනාව,අසරණකම තම අරමුණු සඳහා නොයොදා ගන්න (බ)

:       0       0

සමන්ති Tuesday, 07 June 2016 01:23 PM

අර මත්තේගොඩ කඳවුරේ පිපුරුවේ කාගේ කාලේද ?අපේ හාමුදුරුවනේ දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන් නැගූ විරෝධතාවයද නොතකා සිටියේ කොයි කාලේද? (බ)

:       0       0

අනුෂ්කා Tuesday, 07 June 2016 02:29 PM

දැන් ඒ දේ අල්ලගෙන තමන්ට වාසි ගන්න හදනවා.(හේ)

:       0       0

සුසිල් Tuesday, 07 June 2016 02:33 PM

නිකම් බොරු බයිලා එපා මහත්තයෝ, ජනතාව ගැන හිතුවනම් ඔහේගේ කාලේ ඕක ඔතනින් අයින් කරන්න තිබුනනේ, දැන් කියනවා කරන්නලු හිටියේ, (හේ)

:       0       0

පසිදු Tuesday, 07 June 2016 03:17 PM

කතාවේ ඇත්තක් තියෙනවා. (හේ)

:       0       0

තිලක් Tuesday, 07 June 2016 03:17 PM

අනාගත දරු පරම්පරා 100 ක් ණය කාරයෝ කරලා. කොටි ප්‍රකෝටි ගණනක් වියදම් කරලා හදපු මත්තල ගුවන් තොටුපොල ගැන මවිත වෙන්නේ නැද්ද?(හේ)

:       0       0

තිලක් Tuesday, 07 June 2016 03:24 PM

දැන් ඉතින් කියන්න කතා ගොඩයි.(හේ)

:       0       0

අනුර Tuesday, 07 June 2016 03:26 PM

මේක මෙතන දමන්න ඉඩ දුන්නේ කවුද? හරියට කැකිල්ලේ නඩු තීන්දු වගේනේ. (හේ)

:       0       0

විසල් Tuesday, 07 June 2016 03:33 PM

ප්‍රේම නෝනේ, හැම ආණ්ඩුවේම ඉන්නෙ හොරු තමා. ඒ නිසා වෙන දේ ගැන හොයන්නේ නැහැ. ඒ වෙලාවේ තව හොරකමක් දෙකක් කර ගන්නවා (බ)

:       0       0

නාලක Tuesday, 07 June 2016 03:36 PM

නම බුද්ධි වුනාට මොලේ නම් පොඩ්ඩක් වෙනස් නේද? අවුරුදු 10 න් කියක් යුද්ද කළාද? මේ වගේ අවි ගබඩා අපේ ගෙදරක් අස් කරනවා වගේ සුළු දෙයක්ද? දැන් නැද්ද මේවා කරන විදිහ. මොනවා කරන්නද මේ අන්තර්ජාලය තියෙන එකේ පොඩ්ඩක් දැනුම වැඩි කර ගන්න කියවලා (බ)

:       0       0

අනුර Tuesday, 07 June 2016 03:38 PM

ණයකාරයෝ කෝකත් එකම තමා දැන් නම් ණය ගන්නේ රජයේ සේවකයන්ට වැඩි කළ පඩි ගෙවන්න පරම්පරා 200 කින් වත් ඕක පියවන්න බැහැ ඒ මදිවට මහින්දගේ ණය බරත් අපිටම ඔක්කොම ගන්න ණය ගෙවන්නේ ජනතාව බව නොදන්නා නිසාම අපි නැවත නැවත එම අයට ඡන්දය දෙනවා (බ)

:       0       0

සේරසිංහ Tuesday, 07 June 2016 03:43 PM

අපේ රටේ තවදුරටත් පක්ෂ දේශපාලනය කරන අය ඉන්න බව පෙනෙනවා ඔහොම යන් ඒ පාටට වඩා මේ පාට හොඳය මේ පාටට වඩා අර පාට හොඳය අර පාටට වඩා මේ පාර ඒ පාට හොඳය සිහලුන් මන් මුලා වී ඇත (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 07 June 2016 04:38 PM

ලංකාවේ සිටින ලෝකයේ සිටින දරුණුම කම්බා හොරු ටික ලෝකයේ විසිරි තිබෙන බැංකු වල රුපියල් කෝටි ප්‍රකෝටි වලින් පුරවලා කියලා මවිත වෙන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 126 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 341 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 232 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 548 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1650 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 75 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25439 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site