IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සාලාවේ 92කට මාසික නිවාස කුලිය

කොස්ගම සාලවේ ගිනි අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත්වූ නිවාස සඳහා නිවාස කුලිය ද ව්‍යාපාර ප්‍රතිපූර්ණයද වන මාසික රුපියල් 50,000 දීමනාව අනූ දෙදෙනෙක් සඳහා අද ප්‍රදානය කැරිණි.

සීතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාර මාපා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ දීමනාව ලබාදීම සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

 

DSCN5409[1] DSCN5410[1]

ජායාරූප - බුද්ධික කුමාරසිරි

58593def-0878-43af-b479-86ef422c3f8a 8f439b48-a9a3-48f1-ab48-e5f3b0936a9a

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 

 



අදහස් (0)

සාලාවේ 92කට මාසික නිවාස කුලිය

විපුල Tuesday, 14 June 2016 03:25 PM

ලලිත් වරායයි මෙතැනයි දෙකක් . සුජීවගේ කතාව ට ඇස් ඇරෙනවා (බ)

:       0       0

සුජීව Tuesday, 14 June 2016 03:25 PM

ලලිත්, අලුතෙන්ම වරායක් ආරම්භ කරනකොට උත්සව තැබීම වරදක් ලෙස මා නොදකිමි. නමුත් ඇමතියන්ට ලක්ෂ 11,800 ක කාර් ගන්න වාදයක් ඇති කාලයක ලක්ෂ 46ක් රජයෙන් සහ හමුදාවෙන් කරදර වූ පවුල් 92 කට දීම සඳහි උත්සව තැබීම දුක්ඛිත කරුණකි.(බ)

:       0       0

රන්ජි Tuesday, 14 June 2016 09:28 PM

කුලිය දුන්නට, කුලියට ගන්න ගෙවල් හොයාගන්නේ කොහෙන්ද? (නි)

:       0       0

තිවංක Friday, 17 June 2016 05:02 AM

සුජීව, ශාන මන් දකින්නේ මේ දේ ඔයාල දකින විදිහට නොවෙයි වැදගත් වෙන්නේ කොහොම හරි මිනිස්සුන්ට උදව් කරපු එක. මේ තැන මොන ආණ්ඩුව හිටියත් එයාලා මිට වැඩා ක්‍රමයක් අනුගමනය කරයි කියලා හිතන්න බෑ. (ර)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 15 June 2016 01:48 AM

ලලිත්ලා වගේ අය හින්ද තමයි රටට අද මේ ටික වුණේ. නැත්තන් වුණ හැටියට වුණා නම් රට අද හොඳ තැනක (නි)

:       0       0

සුජීව Wednesday, 15 June 2016 09:51 AM

තිවංක, ඔයා ආණ්ඩුවට කඩේ ගියාට, මම මේ පිළිබඳව පෞද්ගලිකව දන්නේ මගේ පවුල් වලට සාලාවේ සිද්ධියෙන් කරදර වූ හේතුවෙනි. අපේ නිවෙස් නැවතත් පිළිසකර කරගන්නවා මිස, රැස්වීම් උත්සව වලට සහභාගී වී පින්තූර පත්තර වල දාගන්න අවශ්‍යතාවක් අපට නැත. අපේ පවුල 92 කට ලක්ෂ 46 ක් දුන් බව සත්‍යයකි. එය ලංකාවේ බදුගෙවන්නන්ගේ මුදල්ය. ඔබ ආණ්ඩුවට කඩේ යනකම්, එය ඔබට තෙරන්නේ නැත. (නි)

:       0       0

තිවංක Wednesday, 15 June 2016 03:23 AM

සුජීව, විපුල,වික්‍රම, මේකේ කොහෙද දල තියෙන්නේ උත්සවයක් ගැන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස්සුන්ට සල්ලි බෙදලා දුන්නා කියලා මේකේ තියෙන්නේ ලලිත් වගේ අය නෙමෙයි තමුන්ලා වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (බ)

:       0       0

සුජීව Thursday, 16 June 2016 12:15 PM

තිවංක, ඔයාට ඇස් දෙකක් තියනවා නම් පින්තූර දෙස බලන්න. බදුගෙවන්නන්ගේ මුදල් බෙදාදීම මාධ්‍ය සංදර්ශනයක් නොවේද? (නි)

:       0       0

ශාන Thursday, 16 June 2016 12:20 PM

තිවංක, සුජීව කියන්නේ සත්‍යයක්. නැවතත් කියවන්න. (නි)

:       0       0

පද්මිණී Wednesday, 15 June 2016 04:44 AM

ජනතාව පීඩිතවෙලා ඉන්න අවස්ථාවක නිලධාරීන්ගේ උජාරුව නම් මමත් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

තිවංක Thursday, 16 June 2016 05:39 AM

සුජීව, මට ආණ්ඩුවට හෝ කා වෙනුවෙන්වත් කඩේ යන්න අවශ්‍යතායක් නැත. ඔබ කියපු දෙයට උතරයක් මම දුන්නේ. නමුත් දැන් ඔයා කතා කරන්නේ නිකන් කොහෙද යන්නේ මල්ලේ පොල් වගෙයි. මං කිවුවේ එතැන් උත්සවයක් තියනවා කියලා කොහෙද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔව් මිනිසුන්ගේ බදු මුදල් වලින් වෙන්න ඇති ඒ ලක්ෂ 92 වෙන්කළේ. එ්ක වෙන්න පුළුවන්. කිසිම ආණ්ඩුවක් සල්ලි ගස් හැදුවේ නැහැනේ. තමුන්ට දෙයක් වුණා නම් එ්ක කවුරුත් හිතා මතා කරපු දෙයක් නෙමෙයි වෙන්න ඇතිනේ. ලැබුන දේ සතුටින් බාරගත්තා නම් ඉවරනේ (නි)

:       0       0

සුජීව Tuesday, 14 June 2016 12:24 PM

රජය දෙන සල්ලි ජනතිපතිගේවත්, අගමැතිගේවත්, මහින්දගේවත්, කිසිදු දේශපාලකයෙගේවත් නොවේ. දුප්පත් ජනතාවට දීම සදහා බදු ගෙවන්නන් රජයට දුන් මුදල්ය. සාලාවේ අහිංසක ජනතාවට හමුදාවෙන් සහ රජයෙන් සිදුවූ කරදරයට රජය ඔවුන්ගේ නිවාස වලට ගොස් මේ ජනතාවගේ මුදල් දිය යුතුය. උත්සව තබා, එම අහිංසකයන් 92 කට රුපියල් ලක්ෂ 46ක් වන්දි ගෙවීම ත්‍යාග ප්‍රදානෝත්සවයක් බවට පත් කිරීම ලජ්ජා විය යුතුය. ඇමති වරුන්ට කාර් ගන්න රුපියල් ලක්ෂ 11,800 හෝ මිලියන 1,180ක් දීමට මෙවන් උත්සවයක් තබා ඇමතිවරුන් පිනවීමට උත්සව තබා ඔවුන් පිනවා මාධ්‍ය සංදර්ශන තැබීම වඩාත් යෝග්‍යය. (බ)

:       0       0

ලලිත් Tuesday, 14 June 2016 02:21 PM

මේ වැඩේ වැරදි නමුත් කලින් වරාය විවෘත කරන උත්සවයට කෝටි ගණන් වියදම් කරනකොට කව්රුත් කිසි දෙයක් කීවේ නැහැ (බ)

:       0       0

ඉෆ්හම් Wednesday, 15 June 2016 06:51 AM

එතකොට ගංවතුරෙන් අවතැන් වූ අප ගැන කවුද සළකන්නේ? මාසික කුලියත් නැහැ, සහනාධාරයකුත් නැහැ. අපහට ලබා දෙනවා යැයි කිව්ව සහනාධාර කෝ? අද වෙනතුරු සතයක්වත් අපට ලැබුනේ නැහැ. කවුරුත් ඔය සිද්ධිය ගැන කතා කරන්නෙත් නැහැ දැන්. ඔය සිද්ධිය සාලාව පිපිරීමෙන් යටට දාලා. අපි අසරණවෙලා ඉන්නේ. අපේ පැත්තත් පොඩ්ඩක් බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 465 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 867 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 205 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 746 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1432 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 565 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site