IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සොල්හයිම් දැන් ප්‍රභාකරන්ට බනියි

අවසන් යුද සමයේ මෙරට ජීවිත දහස් ගණනක් අහිමිවීමට වගකිව යුත්තා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් සදහන් කර ඇත.

ප්‍රභාකරන් සිය ස්වයංපාලන ප්‍රතිපත්තියෙන් මිදී සාම උත්සහයන් වලදී යෝජනා කළ ෆෙඩරල් පාලන ව්‍යූහයක් මෙරට තුළ ක්‍රියාත්මක කරන්නට උත්සහ කළේ නම් එය උතුරේ ජනතාවගේත් දකුණේ ජනතාවගේත් කැමැත්ත  මත ගෙන ඒමට හැකියාව තිබූ බවත්    සොල්හයිම් සදහන් කර තිබිණි.

මෙරට යුද්දය නිම කිරීම සදහා නෝර්වේ රාජ්‍ය මැදිහත් වී සිදුකළ සෑම උත්සහයක්ම ප්‍රභාකරන්ගේ මුරණ්ඩුකම මත ව්‍යර්ථ වු බවද සොල්හයිම් ප්‍රකාශ කර ඇත.

අවසන් යුද සමයේදී මෙරට ආරක්ෂක අංශ වෙත කොටි සාමාජිකයන් බාර කිරීමට නෝර්වේ රාජ්‍ය මැදිහත් වී ගෙන ගිය උත්සහය ද ව්‍යර්ථ කරමින් ප්‍රභාකරන් ඊට ඉඩ නොදීම නිසා   කොටි සාමාජිකයින්ගේ  මෙන්ම සාමන්‍ය සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වී ගිය බවද සොල්හයිම් සඳහන් කළේය.



අදහස් (0)

සොල්හයිම් දැන් ප්‍රභාකරන්ට බනියි

චන්දා Monday, 15 February 2016 09:20 AM

අමල් කියන අදහස සියට සියයක් ඇත්තයි. උඩරට අල, ලුණු ගොවියා එළවලු ගොවියා රටේම වී ගොවියා වැලේ වැල් නැතිව අද ගොවිතැන් කරන්නේ, නිවැරදි සමබර ආර්ථික හැසිරවීමක් කොයි ආණ්ඩුවකින් වත් නොකරන නිසා. උතුරේ එය බෙදුම් වාදයකින් එලිපැන්නා. (ර)

:       0       0

දුමින්ද Monday, 15 February 2016 04:40 AM

හිටපු ආරක්ෂක ලේකම් නිවැරදියි නේද? (නි)

:       0       0

ලංකා Monday, 15 February 2016 04:51 AM

කොහෙදිද දන්නෙ නැහැ මෙයා ඕක කියා තිබෙන්නේ? (නි)

:       0       0

කපුගේ Monday, 15 February 2016 09:48 AM

ලංකාවේ දේශපාලුවෝ කියන ප්‍රකාශ වගේ පුරුදුවෙලා (කෞ)

:       0       0

ගාමිණී Monday, 15 February 2016 04:50 AM

යහපාලනයට කඩේ යන අය දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

ටෙෂාන් Monday, 15 February 2016 05:11 AM

මේ මොනවද මේ වෙන්නේ?? (නි)

:       0       0

විජේ Monday, 15 February 2016 05:11 AM

සොල්හයිම්ට මොකක්හරි වැරදීමකින් මෙහෙම කියවිලාද? (නි)

:       0       0

සාගර Monday, 15 February 2016 05:13 AM

මේක කියවලා කට්ටිය උඩ පනින්න එපා. අන්තිම වැකිය කියවන්න හොඳට. "සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වී ගිය බවද"... දැන් තේරෙනවද මෙයා කියන්නේ මොකක්ද කියලා? හමුදාව සිවිල ජනතාව මැරුවා කියන එක නේද මේ කියනවා ඇත්තේ? (නි)

:       0       0

සම්පත් Monday, 15 February 2016 05:21 AM

සොල්හයිම්ට ඒ කාලේ අමු කැවිලා ඉඳල තියෙන්නේ. (බ)

:       0       0

ජගත් Monday, 15 February 2016 05:29 AM

ගාමිණී, මහින්දගෙ සහ ඔහුගේ ගොලයන්ගේ හොරකම් සහ බලය අයුතුලෙස යෙදවීමට එරෙහිව ඔහු පැරදූ එකෙහි වැරැද්දක් මේකෙන් කියවෙනවාද? ඔයු යුද්ධයේදි කළ කාර්යය නිසා තමයි මිනිස්සු ඔහුව 2010 ඡන්දයේදි දිනවන්නෙ. ඔහුගෙ හොරකම් නිසයි 2014 පරදවන්නෙ. (නි)

:       0       0

නාමල් Monday, 15 February 2016 05:35 AM

සාගර, සිවිල් මිනිසුන්ගේ ජීවිත නැතිවුණා තමා. හමුදාවට කොටි විතරක් හොයාගෙන ගිහින් ගහන්න පුළුවන් විශේෂ අවි තිබුණා කියලද හිතාගෙන ඉන්නේ. මැරුන අය කවුරු වුණත් ඔවුනුත් ශ්‍රී ලාංකිකයෝ (නි)

:       0       0

ගුණවර්ධන Monday, 15 February 2016 06:00 AM

බළලා මල්ලෙන් එළියට පැනල තියෙන්නේ ........දැන් යහපලානේ ගෙඩිය පිටින්ම දෙන්න පොරොන්දු වෙලා නිසා මෙයා මේ ටික දැන් කියන්නේ .....(බ)

:       0       0

නිල්මිණි Monday, 15 February 2016 05:56 AM

ඉතින් එය හොද දෙයක් නේ. රණ විරුවන්ට හොද නාමයක් ලැබෙන දෙයක් නේ සෝල්හයිම් කියල තිබෙන්නේ. යුද්ධයකදී හානි සිදු වෙන බව ඕනෙම කෙනෙක් දන්නවනේ. හානි සිදුවූ බවත් එම සිදුවූ හානි වලට ත්‍රස්තවාදීන් වගකිව යුතුයි කියලනේ මේ කියල තිබෙන්නේ. (බ)

:       0       0

චම්පික Monday, 15 February 2016 05:59 AM

මේ සොල්හෛම් ප්‍රකාශය කපටි එකක් වෙන්න පුළුවන්. ඒ පිලිබඳ සාගරගේ අදහස හුඟක් හරි වෙන්න පුළුවන්. නාමල්ට වලිගේ පෑගිලා වෙන්න පුළුවන්. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 15 February 2016 06:10 AM

ඔය එක, එක කාලෙට නොයෙක් දේවල් කියවනවා. ඕවා කව්ද ගණන් ගන්නේ. (ර)

:       0       0

ජයරත්න Monday, 15 February 2016 06:23 AM

මෙයා කියන කතාව හොදින් තේරුම් ගන්න. ප්‍රභාකරන් ෆෙඩරල් වලට අකමැති උනා. ඒ නිසා කොටි සාමාජිකයන්ගේ මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවගේද ජීවිත අහිමි උනා. ( කවුරු එල්ල කල ප්‍රහාර වලින්ද ). එසේම දැන් ප්‍රභාකරන් ජීවතුන් අතර නැහැ. ඒ නිසා අතීතයෙන් වත් පාඩම් ඉගෙනෙ ගෙන දැන්වත් ෆෙඩරල් වලට කැමති වෙන්න කියන එක නේද මේ නොකියා කියන්නෙ. (ර)

:       0       0

අසෝක Monday, 15 February 2016 06:42 AM

අතීතය ඉක්මනට අමතකවෙන රැලක් ඉන්න රටකනේ අපි ඉන්නේ. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 15 February 2016 06:55 AM

සත්ත්‍යය කවදා හෝ ජයගනී, අපේ හමුදාව අපට විශ්වාසයි ඔවුන් විනය ගරුක හමුදාවක්. (ම)

:       0       0

අමල් Monday, 15 February 2016 07:11 AM

උතුරේත් දකුණේත් තියෙන්නේ ජිවත් වීමේ ආර්ථික ප්‍රශ්නයක් මිසක් වෙන කිසිවක් නෙවෙයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 342 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2047 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1561 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 676 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 574 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 680 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site